පූජ්‍ය මාතර කස්සප ස්වාමීන් වහන්සේ

විකිපීඩියා වෙතින්

1978 වර්ශයේ B.M. කොඩිතුවක්කු පියාණන්ට සහ G. ගමගේ මෑණියන්ට දාව මාතර මහ රෝහලේදී උපත ලද උන් වහන්සේ දරුවන් හතර දෙනකුගෙන් යුත් එම පවුලේ වැඩිමහල් දරුවාය. මාතර රාහුල විද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකරන ලද උන්වහන්සේ 1997 වර්ශයේ උසස් පෙල හදාරා තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් උසස් අධ්‍යාපනය හැදැරූ උන් වහන්සේ තොරතුරු තාක්ෂණ දේශකවරයකු සහ ජාවා මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය අරබන ලද අතර පසු කාලීනව උසස්පෙල ගුරුවරයකු ලෙස ගාල්ල මාතර තංගල්ල නගරයන්හී ප්‍රසිද්ධියට පත් විය.

සිය පියාගේ අභාවයෙන් පියා සහ මව විසින් පෙන්වාදුන් ආගමික ජීවිතය වැඩි දියුණු කරගැනීම පිණිස මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වන වාස නිකායේ පැවිදි උපසම්පදාව ලබන ලදි.

පැවිදි වීමෙන් මාස 2ක පමණ කාලයක් වැල්ලවාය විහාරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කල උන්වහන්සේ සිරිපා අඩවියෙහි සිරිපා ගම ඇසුරු කරගනිමින් පින්ඩපාතිකව හැසුරුණි. පසුකලක මාතර, දීයගහ රිදීහේන ආරණ්‍ය සේනාසනය මාතර කස්සප ස්වාමීන් වහන්සේ සිය පැවිදි සහෝදර බණ්ඩාරවෙල සිරිධම්ම හිමි සමග අරබන ලදි. අපවත් වී වදාල කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපදෙස් සහ අනුශාසනා සහිතව සිය ආගමික ජීවිතය ගත කරන ලද උන්වහන්සේ සෑම ප්‍රදේශයකම වනවාසීව වාසය කරන ලදි.