පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය

විකිපීඩියා වෙතින්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 24 ඒ වගන්තිය යටතේ 1985 දෙසැම්බර් 18 දිනැති නියෝගය අනුව 1986 ජනවාරි 1 වන දින කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් හැටියට පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවන ලදී. එය පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාව හා සම්බන්ධ විෂයයන් පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ කරනු ලබන ප්‍රධාන ආයතනයක් වශයෙන් සැළකේ. කොළඹ 7 හි බෞද්ධෝකා මාවත අංක 407 හි පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටා ඇත.