පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

පුරාතන ඊජිප්තියානුවන්ට විස්තීරණ අවමංගල්‍යමය සිරිත් ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි. මෙම පූජාවිධි සහ චාරිත්‍රවිධි අතර සිරුරට බෙහෙත් කවා මමිකරණය, මායා මන්ත්‍ර ජප කිරීම, සහ විශේෂිත සොහොන් භාණ්ඩ හා සමගින් මිහිදන්කෙරුම වූයේ ඊජිප්තියානු ඊළඟ උපත සඳහා අවශ්‍ය බව සිතන ලද නිසාය. [1] [2]

කාලය ගතවත්ම, පුරාතන ඊජිප්තියානුවන් විසින් භාවිතා කෙරුණු මිහිදන් කිරීමේ ක්‍රියාවලිය පරිණාමයට ලක්වූ අතර, පැරණි චාරිත්‍ර බැහැරවෙමින් නව චාරිත්‍ර යොදාගත් මුත්, වැදගත් කරුණු කිහිපයක් දිගටම පැවතිණි. විශේෂිත සවිස්තර සැලසුම් කාලය සමග වෙනස් වුවද, දේහය සූදානම් කිරීම, අදාල වූ මායා මන්ත්‍ර ජපකිරීමේ චාරිත්‍ර සහ, යොදා ගැනුණු සොහොන් භාණ්ඩ යන දේවල් යථා යෝග්‍ය ඊජිප්තියානු අවමංගල්‍යයක ආවශ්‍යික කොටස් විය.


ඉතිහාසය[සංස්කරණය]

ශෝකවීමෙහි ව්‍යක්ත අභිනයක් පෙන්නුම් කරන වෘත්තීමය ශෝකවන්නෝ.

පුර්ව-රාජවංශික ඊජිප්තුවෙහි සිට පැවතෙන ලිඛිත සාක්ෂි නොමැති වුවද, ප්‍රාඥයන් විශ්වාස කරනුයේ භෞතික දේහයෙහි සහ එහි සංරක්ෂණයෙහි වැදගත් කම පිළිබඳ සංකල්පයන් එම කාලසීමාවෙහිදී ඇරඹුනු බවය. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා ආදාහනය කිරීමේ පසිඳු චාරිත්‍රය භාවිතා නොකොට එය වෙනුවට මළවුන් මිහිදන් කල හේතුව මෙය විසින් පැහැදිලි කරයි. මරණයෙන් පසුව දේහයන්ට සුදුසු සැලකීම් නොදැක්වුවහොත් එම දේහයන් යළි මළවුන්ගෙන් නැගිටින බවට භීතියක් ඔවුන් තුල පැවති බවද සමහරුන් විශ්වාස කරති. [3]

ආදි කාලසීමාවෙහිදී දේහයන් මිහිදන් කරන ලද්දේ සරල, නොගැඹුරු අණ්ඩාකාර වළවල් තුල වන අතර, මිහිදන් භාණ්ඩ කිහිපයක් පමණක් භාවිතා කෙරිණි. සමහරවිට, එකම සෙහොනෙහි පුද්ගලයින් සහ සතුන් එකෙකුට වැඩි ගණනක් බහා ලන ලදි. කාලය ගතවත්ම, සෙහොන් වඩාත් සංකීර්ණවූ අතර, දේහයන් බහාලීමට වේවැල් පැසක් භාවිතා කරන ලද අතර, පසුව දේහය බහාලීමට ලී වලින් හෝ ටෙරකෝටා වලින් තැනූ මිනීපෙට්ටි භාවිතා කෙරිණි. ඊජිප්තියානුවන් අවසනට සැදූ සොහොන් ගෙවල්, ගලින් තැනූ දෙණ විය. මෙම සොහොන් තුල, ස්වර්ණාභරණ, ආහාර, ක්‍රීඩා භාණ්ඩ සහ උල් කල පතුරු වැනි මිහිදන් භාණ්ඩ තැන්පත් කෙරිණි.[4]

මෙයින් විදහා දැක්වෙන්නේ, සාමාන්‍ය පුද්ගලයෙකු හට එවන් තත්ත්වයකට පැමිණීම උගහට බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තුලින් දැක්වෙතත්, පුරාතන යුගයෙහිදී මරණින් මතු ජීවිතය පිළිබඳව කිසියම් ආකාරයක හැඟීමක් පැවති බවයි. එය මෙසේ වන්නේ මරණයට පත් තැනැත්තේ විසින් එම ලොව කිසියම් කාර්යයක් කිරීමට හැකියාව තිබීම තුලින් පමණක් මරණින් මතු ලොවට ඇතුළත් වීමට සුදුසුකම් ලබන බැවිනි. පාරාවෝවරුන් සඳහා මෙම වරප්‍රසාදය ලැබුනේ ජීවිතයෙහි ඔහුගේ භූමිකාව නිසා වන අතර, අනෙකුන් සඳහාද මරණින් මතු ලොව එවන් භූමිකාවක් තිබිය යුතු විය.

මුල් කාලීන රාජකීය සොහොන් ගෙවල් වල දක්නට ලැබුණු මිනිස් බිලිපූජාවන් වෙතින් මෙම මතය සනාථ වෙයි. බොහෝවිට මෙම පුද්ගලයන්ගේ භූමිකාව ලෙසින් අදහස් කෙරෙන්නට ඇත්තේ පාරාවෝවරයාගේ සදාකාලික ජීවිතයෙහිදී ඔහුට සේවය කිරීමය. අත්‍යන්තයෙහිදී, මිනිස් බිලි වෙනුවට කුඩාප්‍රතිමා සහ බිතු සිතුවම් ආදේශ කිරීම ඇරඹුණි. [5] මෙම කුඩා ප්‍රතිමාවන්ගෙන් සමහරක් තනන ලද්දේ කිසියම් පුද්ගලයන්ගේ රුව හා සමාන වන පරිදී විය හැකි අතර, එබැවින් ඔවුන්ගේ ජීවිත කෙළවර වූ විට පාරාවෝවරයා අනුගමනය කිරීමට ඔවුන්ට හැකි වන බවක් සිතන්නට ඇත.

පහළ පංතීන් වල ජනයා පමණක් නොව, වංශවත් පංති වල ජනයා පවා පාරෝවෝවරයාගේ සිත දිනා ගනිමින් කටයුතු කල යුතුව සිටි බව සටහන් කර ගත යුතුයි. ඔවුන් විශ්වාස කලේ, පාරෝවෝවරයා මිය ගිය විට, ඔහු කිසියම් වර්ගයක දෙවි කෙනෙක් වී, කිසියම් පුද්ගලයන් වෙත මරණින් මතු ජීවිතය ලැබීමේ හැකියාව දානය කරන බවය. මෙම විශ්වාසය පූර්ව-රාජවංශික යුගයෙහි සිට පැරණි රාජධානිය කාලසීමාව දක්වාම පැවතිණි.

කලින් භාවිතා කල පාඨ ජප කිරීමද සිදු කෙරුණද, නව මිනිපෙට්ටිය සඳහා භාවිතා කල පාඨ වලට නව ජපකිරීම් ඇතුලත් කෙරුණු අතර, වංශවතාට වඩාත් සබැඳෙන අයුරින් මෙම නව අවමංගල්‍යමය පෙළට සුළු වෙනස් කම් සිදු කෙරිණි.[6] කෙසේවෙතත් පළමුවන අතරමැදි යුගයෙහිදී පාරාවෝවරයාගේ වැදගත්කම පහත වැටුනේය. පෙරදී රාජකීයන්ගේ භාවිතයට පමණක් සීමාවී තිබුණු අවමංගල්‍යමය පෙළ, වඩාත් පුළුල් භාවිතයට ගැනීමට හැකිව තිබුණි. මෙලොවදී ඔහුගේ භූමිකාව නිසා මරණින් මතු ජීවිතය ඔහුට පමණක් හිමිවූ දෙවි-රජකෙනෙකු ලෙසින් පාරාවෝවරයා තවදුරටත් නොසැලකුණු අතර, දැන් ඔහු සැලකුණේ ඔහුගේ මරණින් පසුව මැරෙනසුළු මනුෂ්‍යයෙකු ලෙසින් පමණක් සැලකුණු ජනගහණයෙහි පාලකයා ලෙසින් පමණක් විය.[7]

ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම්[සංස්කරණය]

උතුරෙහි ඔමාරි සහ මහායඩී යන ගම්මාන වල ඊජිප්තුවෙහි පළමු ගොවියෝ ජීවත්ව සිට ඇත. මෙම ගම්මාන වල වැසියෝ ඔවුන්ගේ මළවුන් වැලලුයේ සරල, වටකුරු සොහොන් තුල වන අතර එක් මුට්ටියක් එය තුල තැබූහ. පසුකාලීනව ඓතිහාසික කාලසීමාවෙහිදී සිදු කල අයුරින් දේහය පිළියම් කිරීම හෝ ක්‍රමානුකූල අයුරින් සැකසීම හෝ සිදු නොකෙරිණි. ලිඛිත සාක්ෂි නොමැති තන්හී, සොහොනෙහි නිත්‍ය ලෙසින් මුට්ටියක් බහා ලීම හැරුණු විට, ඊළඟ උපත පිළිබඳ සමකාලීන ඇදහිලි පැවති බවට දැක්වෙන තොරතුරු සුළු ප්‍රමාණයක් පවතියි. පසුකාලීන චාරිත්‍ර හා සීහීමට තැත් දැරීමේදී, මෙලෙස මුටටියක් බහා ලීම මියගිය තැනැත්තාට අවශ්‍ය යැයි සැලකුණු ආහාර තැන්පත් කිරීමට භාවිතා කල බවක් සිතිය හැකිය. [8]

ප්‍රාග්-රාජවංශික යුගය, චාරිත්‍රවල ප්‍රවර්ධනය[සංස්කරණය]

කාන්තා රූපය, ක්‍රිපූයු 3500-3400 පමණ, බෲක්ලීන් කෞතුකාගාරය

ප්‍රාග්ඓතිහාසික යුගයන්හී පැවැති අවමංගල්‍යමය සිරිත් වෙතින් ඇරඹී ඒවා කිසියම් ප්‍රවර්ධනයකට ප්‍රාග්-රාජවංශික යුගයෙහිදී ලක්වූ බවක් පෙනෙයි. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා පළමුව ඔමාරි සහ මහායඩී සම්ප්‍රදායයන් දිගටම අනුගමනය කරමින් වටකුරු සොහොන් සාරමින් එක් මුට්ටියක් පමණක් භාවිතා කල බවක් බඩාරියානු යුගය (ක්‍රිපූයු 4400-3800) තුලින් පෙනී යයි. ප්‍රාග්-රාජවංශික යුගය නිමාවත්ම, චතුරස්‍රාකාර සොහොනක් තුල තැන්පත් කෙරුණු වස්තූන් සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර, දෙවන නාක්වාඩා යුගය (ක්‍රිපූයු 3650-3300) තුලදී ඊජිප්තියානුවන් විසින් අවමංගල්‍යමය සිරිත්විරිත් ව්‍යවහාර කෙරුණු බවට වඩ වඩාත් සාක්ෂි පෙන්නුම් කෙරිණි. මෙම කාලසීමාව වන විට, දේහයන් බොහෝවිට සකස් කරන ලද්දේ වකුටුවී සිටින හෝ ගැබෙහි දරුවන් සිටින ඉරියව්ව පරිදී හෝ වූ අතර මුහුණ හරවා තිබුණේ හිරු නගින නැගෙනහිර දිශාවට හෝ (මෙම ඓතිහාසික කාලයෙහිදී මළවුන්ගේ දේශය ලෙසින් සැලකුණු) බටහිර දිශාවට හෝ විය. අවමංගල්‍යමය පෙරහැර සහ සමහරවිට චාරිත්‍රානුකූල නැටුම් දක්වන චිත්‍ර සිත්තරුවන් විසින් බරණි මත සිත්තම් කෙරිණි. කුරුල්ලන්ගේ වැනි මුහුණු සහිත සහ දෙපා සායකින් වැසුණු උඩුකය නිරුවත් කාන්තා රූප සමහරක් සොහොන් තුල දක්නට ලැබුණි. තැන්පත් කර තිබූ භාණ්ඩ සැලකූ විට සමහරක් සොහොන් ගෙවල් අනෙක්වාට වඩා සරු බවක් පෙන්වීමෙන් දැක්වුණේ සමාජමය ස්තරකරණයේ ඇරඹුමය. මිහිදන් කිරීමේදී ස්ත්‍රී-පුරුෂ බව අනුව වෙනස්කම් ඉස්මතුවීම පෙන්නුම්කරනුයේ පුරුෂයන්ගේ සොහොන් වල ආයුධද ස්ත්‍රීන්ගේ සොහොන්වල විලවුන් ඵලකද තැන්පත් කල බවට ලැබ ඇති සාධක තුලිනි.

මුල් රාජවංශික යුගය, සොහොන් ගෙවල් සහ මිනීපෙට්ටි[සංස්කරණය]

පළමුවන රාජවංශය පැමිණෙත්ම, වැල්ලෙහි සාරන ලද සරල සොහොන් තුල ඔවුන්ගේ දේහයන් තැන්පත් කෙරෙනු වෙනුවට සොහොන් ගෙවල් තැනීමට තරම් සමහරක් ඊජිප්තියානුවෝ ධනවත් වූහ.

පැරණි රාජධානිය, පිරමිඩ සහ මමීකරණය[සංස්කරණය]

පැරණි රාජධානිය තුලදී, රජවරුන් විසින් ඔවුන්ගේ සොහොන් ගෙවල් සඳහා පළමුවවෙන් පිරමිඩ තැනවූ අතර, ඔවුන්ගේ උසස් නිලධාරින් සඳහා ගලින් නිමැවුනු මාස්ටාබා සොහොන් ගෙවල් එය වටා පිහිටුවනු ලදි. බොහෝ උසස් නිලධාරින් වූයේ රාජකීය ඥාතීන්ම වීම, එවන් පිහිටුවීමකට තවද අභිප්‍රායනයක් විය: මෙවැනි සංකීර්ණයන් පවුල් සුසානයන් බවටද පත්වී තිබුණි.

පළමුවන අතරමැදි යුගය, ප්‍රාදේශීය ප්‍රභේදනය[සංස්කරණය]

බලාධිකාරී කේන්ද්‍රයන් බොහෝ ගණනක් සහිතව පළමුවන අතරමැදි යුගයෙහි පැවැති දේශපාලනමය තත්ත්වය, කලාවන් සහ මිහිදන් කිරීම අරභයා එකල පැවැති බොහෝ ප්‍රාදේශීය ශෛලීයන් වෙතින් මොනවට විදහා දැක්වෙයි.

මධ්‍ය රාජධානිය, නව සොහොන්ගැබ් අන්තර්ගත[සංස්කරණය]

මීනිපෙට්ටියක වෙස්මුහුණක්. කාටොනේජ්, 37.1387E, බෲක්ලින් කෞතුකාගාරය

මධ්‍ය රාජධානියෙහි මිහිදන් කිරීමේ චාරිත්‍ර වෙතින් මෙම යුගයෙහි දේශපාලන නැඹුරුතාවයන් සමහරක් පෙන්නුම් කරයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩිජිටල් ඊජිප්ට්, බරියල් කස්ටම්ස්
  2. ඒන්ෂන්ට් ඊජිප්ෂියන් මමීස්: අ වෙබ් ක්වෙස්ට් ෆො 4ත්-6ත් ග්‍රේඩ් (සෝෂල් ස්ටඩීස්), ලී ඈන් බ්‍රාන්ට්. 2013 මැයි 8 දිනදී වේබෑක් යන්ත්‍රය අන්තර්ජාල අධිලේඛනය වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි.
  3. ෆ්‍රන්සුවේස් ඩූනන්ඩ් සහ රොජර් ලිච්ටෙන්බෙයාර්ග්, මමීස් ඇන්ඩ් ඩෙත් ඉන් ඊජිප්ට්, (ලන්ඩනය: කෝනෙල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2006), පි. 9
  4. ෆ්‍රන්සුවේස් ඩූනන්ඩ් සහ රොජර් ලිච්ටෙන්බෙයාර්ග්, මමීස් ඇන්ඩ් ඩෙත් ඉන් ඊජිප්ට්, (ලන්ඩනය: කෝනෙල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2006), පි. 7
  5. සර්ජෝ ඩොනඩෝනි, දි ඊජිප්ෂියන්ස්, (චිකාගෝ: චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1997) පි. 262
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Erik Hornung නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. ජෝන් ඒ. විල්සන්, ද කල්චර් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, (චිකාගෝ: චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1965), පි. 116.
  8. බ්ලෙයිඩ්බර්ග්, එඩ්වඩ් (2008). ටු ලිව් ෆොඑවර්: ඊජිප්ෂියන් ට්‍රෙෂර් ෆ්‍රොම් ද බෲක්ලීන් මියුසියම්. බෲක්ලීන්. නිව්යෝර්ක්: බෲක්ලීන් කෞතුකාගාරය. පිටුව. 71. 
  • ඇලන්, ජේම්ස් පී. (2000). මිඩ්ල් ඉජිප්ෂියන්: ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු ද ලැන්වේජ් ඇන්ඩ් කල්චර් ඔෆ් හයිරග්ලිප්ස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටු. 315. ISBN 0521774837.
  • ඩේවිඩ්, රොසලී (2002). රිලිජන් ඇන්ඩ් මැජික් ඉව් ඒන්ෂන්ට් ඊජිප්ට්. පෙන්ගුයින්. පි. 93. ISBN 0140262520.