පුරාණ ඉතිහාසය

විකිපීඩියා වෙතින්
පීරමීඩ

ඉතිහාසය අධ්‍යයනය[සංස්කරණය]

අතීත ඉතිහාසය හැදෑරීමේ මූලික ගැටළුව වී ඇත්තේ එහි කොටසක් ලේඛනගත වීම හා එම වාර්තාගත ඉතිහාස වර්තමානය තෙක් මඳ වශයෙන් ශේෂ ව පැවතීම හේතුවෙනි. මෙම වාර්තාවන් හි සඳහන් තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව ද ගැටළු පවතියි. අතීත ඉතිහාසය අගභාගය වනතුරු කිසිදු සංස්කෘතියක සාක්ෂරතාවය ව්‍යාප්තව නොපැවතුණ හෙයින් ඉතිහාසය රචනා කිරීමට සමත් වූ පුද්ගලයන් සිටියේ මඳ වශයෙනි. එම වාර්තාගත ඉතිහාසය වුව ද බහුලව ව්‍යාප්ත නොවූයේ අතීත වැසියන් සතුව මුද්‍රණ පහසුකම් නොපැවතීම හේතුවෙන් ග්‍රන්ථ පිටපත් අතින් සැකසීමට සිදු වීමෙනි.

ඓතිහාසික ලෝකයේ අතිශයින් සාක්ෂරතාව සතු සංස්කෘතියක් ලෙස රෝමානු අධිරාජ්‍යය සැලකුණ ද එහි ඉතිහාසඥයන් විසින් රචිත කෘති බොහොමයක් දක්නට නොලැබේ. උදාහරණයක් ලෙස ක්‍රිපූ. පළමුවන සියවසේ දිවි ගෙවූ ලිවී(Livy) නමැති රෝම ඉතිහාසඥයා ්ඉ ඹරඉැ ක්‍දබාසඑැ :,ත්‍රදප එයැ ත්‍දමබාසබට දෙ එයැ ක්‍සඑහ,* නමින් රෝම ඉතිහාසය සම්බන්ධ වෙළුම් 142 යුත් ග‍්‍රන්ථාවලියක් රචනා කළ ද ඉන් වෙළුම් 35 ක් පමණක් දැනට ශේෂව පවතින අතර අනෙකුත් වෙළුම් හි සාරාංශ පමණක් දක්නට ලැබේ. ඡුදපචැසමි ඔරදටමි වැනි අනෙකුත් රෝම ඉතිහාසඥයන් ගේ කෘති සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත.

ඉතිහාසඥයන් අතීත ලෝකය වඩාත් හඳුනාගැනීම සඳහා පුරාවිද්‍යාව හා ප්‍රාථමික මූලාශ්‍ර යන ප්‍රධාන අංශ ද්විත්වය ම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.


පුරාවිද්‍යාව[සංස්කරණය]

කෆ්‍රෙස් පිරමීඩ(4 වැනි රාජ වංශය)

පුරාවිද්‍යාව යනු අතීත මානව චර්යා ප්‍රතිනිර්මාණය හා අර්තකථනය සඳහා කැණීම් හා පුරාකෘති අධ්‍යයනය මඟින් ගනු ලබන වෑයමයි. අතීත ඉතිහාසය අධ්‍යයනයේ දී පුරාවිද්‍යාඥයන් ඓතිහාසික නගරවල නටබුන් කැණීමට ලක් කරනුයේ අදාල කාලවකවානුව තුළ පුද්ගලයන් දිවි ගෙවූ ආකාරය පිළිබඳ හෝඩුවාවන් සපයා ගැනීමටය. අතීත ඉතිහාස අධ්‍යයනයේ දී පුරාවිද්‍යාඥයන් ගේ වැදගත් සොයා ගැනීම. ලෙස : ඊජිප්තු පිරමීඩ : ක්‍රිපූ 2600 කාලයේ ඓතිහාසික ඊජිප්තු වැසියන් විසින් රාජකීයයන් ගේ අවසාන ගමන සඳහා ඉදි කළ යෝධ සුසාන දකුණු ආසියාවේ හරප්පා මොහෙන්දජාරෝ හා ලෝතාල් වැනි ඓතිහාසික නගර පිළිබඳ අධ්‍යයනය පොම්පෙයි නගරය: ක්‍රිව 79 දී ගිනි කඳු පුපුරා යාමකින් ශේෂ වූ ඓතිහාසික රෝමානු නගරයකි. එම ශේෂ වීම තුළින් එය රෝමානු සංස්කෘතිය සඳහා අගනා කවුළුවක් වූ අතර එටෘස්කන් හා සැමිනිටි (Etruscans and the Saminites) සංස්කෘති සඳහා නියමුවක් විය. ටෙරාකොටා හමුදාව: ඓතිහාසික වීනයේ පළමු ක්වින් අධිරාජ්‍යයා ගේ සොහොන් කොත විය.

ද්වීතියික මූලාශ‍්‍ර[සංස්කරණය]

ඉතිහාසඥයන් ගේ ස්වකීය පුරාතන වාර්තා මඟින් ඓතිහාසික ලෝකය පිළිබඳ තොරතුරු ලැබේ. මෙහිදී එක් එක් අතීත කතුවරයා ගේ පක්ෂපාතීත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔවුන් ගේ වාර්තා අතීත ඉතිහාසය අවබෝධ කර ගැනීමට අප සතු මූලික පදනම බව සිහි තබා ගත යුතුය. වාල්මිකී” වාත්ස්‍යයන” ව්‍යාස” කාලිදාස” චානක්‍ය” සුන් ත්සු” හෙරඩෝටස්” ජොසෆස්” ලිවී” පොලිබියුස්” සුටොනියස්” ටැසිටස්” තුසිඩිඩස් හා සිමා කියන් ආදීන් ඓතිහාසික කතුවරුන් අතරින් වඩාත් කැපී පෙනේ.


කාලවකවානු[සංස්කරණය]

ලෝකඩ යුගය සහ මුල් කාලීන යකඩ යුගය[සංස්කරණය]

  • ක්‍රි.පූ 3000 ඉරානයේ ජිරෝසොෆ්ට් ශිෂ්ටාචාරය ආරම්භ වීම
  • ක්‍රි.පූ 3000 නයිල් නදී ශිෂ්ටාචාරය නැගී සිටීම
  • ක්‍රි.පූ 3000 ඊජිප්තු ජාතිකයන් මගින් මුල්වරට පැපිරස් භාවිතා කළ බවට සාධක
  • ක්‍රි.පූ 2200 ජපානයේ යයෝයි ශිෂ්ටාචාරය මගින් ගොවිතැන සහ පිත්තල භාවිතය හඳුන්වා දීම
  • ක්‍රි.පූ 2800 ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කොට් ඩිජි අවධිය ආරම්භ වීම
  • ක්‍රි.පූ 2800 චීනයේ ස්වාධීන රාජ්‍යය ත්‍රිත්වය සහ අධිරාජ්‍යය යුගයන් 5 හේ අවධිය
  • ක්‍රි.පූ 2700 මිනෝවා ශිෂ්ටාචාරයට අයත් පුරාණ මාලිගා නගරයක් වූ නෝසස් හි ජනගහනය 80000 ක් වෙත ළඟා වීමයි
  • ක්‍රි.පූ 2700 ඉරානයේ එලාම් නැගී සිටීම
  • ක්‍රි.පූ 2600 ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු හරප්පානු යුගය (වර්තමානය පකිස්ථානය හා ඉන්දියාව ආශ්‍රීතව ) ආරම්භ වීම
  • ක්‍රි.පූ 26 වැනි ශතවර්ෂ ගීසාහි යෝධ පිරමීඩයේ වැඩ අවසන් වීම
  • ක්‍රි.පූ 2070 ශේෂ්ඨ යූ විසින් චීනයේ ශියා රාජ පරම්පරාව පිහිටු වීම
  • ක්‍රි.පූ 2000 අශ්වයින් ගෘහස්තකරණය
  • ක්‍රි.පූ 1700 ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අවසානයට පත්වන නමුත් Cemetery H ශිෂ්ටාචාරය මගින් අදාල ශිෂ්ටාචාරය තව දුරටත් පැවතීම සිදු වේ. මේ අතර උතුරු ඇමරිකාවේ Poverty Point ශිෂ්ටාචාරය ආරම්භ වේ.
  • ක්‍රි.පූ 1600 මයිසීනියානු ග්‍රීසිය
  • ක්‍රි.පූ 1600 චීනයේ ෂැන්ග් රාජ පරම්පරාව ආරම්භ වීම, සම්පූර්ණයෙන් වැඩි දියුණු වූ චීන ලේඛන කලාවක් සම්බන්ධ සාක්ෂි හමු වීම
  • ක්‍රි.පූ 1600 නැගෙනහිර මධ්‍යදරණී ප්‍රදේශයෙන් හිටයිට් පාලනය ආරම්භ විය.
  • ක්‍රි.පූ 1500 ඍග් වේදය රචනා කොට අවසන් වීම
  • ක්‍රි.පූ 1200 හෝල්ස්ටැට් ශිෂ්ටාචාරය
  • ක්‍රි.පූ 1200 ශතවර්ෂය ට්‍රෝජන් යුද්ධය මේ සමයේත් සිදුවීයැයි උපකල්පනය කෙරේ.
  • ක්‍රි.පූ 1180 හිටයිට් අධිරාජ්‍යය බිඳ වැටීම
  • ක්‍රි.පූ 1046 චීනයේ ෂැන්ග් රාජ වංශයට අයත් අවසාන රජු ෂු හමුදාවන් මගින් බලයෙන් පහ කිරීම මේත් සමගම චීනයේ ෂු රාජ වංශය ආරම්භ වේ. මෙම ආක්‍රමණය ෂූ හි වු රජු විසින් මෙහෙයවන ලද්දකි.
  • ක්‍රි.පූ 1000 මනියන් රාජධානිය ආරම්භ වීම
  • ක්‍රි.පූ 800 ග්‍රීක නාගරික රාජ්‍යයන් හි නැගී සිටීම
  • ක්‍රි.පූ 676 පළමු වරට ඔලිම්පික් උළෙලක් පිළිබඳව හමුවන වාර්තා මෙම යුගයට අයත් වේ. කෙසේ නමුත් ඔලිම්පික් තරඟාවලියේ ඉතිහාසය ක්‍රි.පූ 13 වැනි ශතවර්ෂය තරම් ඈතට දිවෙන බව විශ්වාස කෙරේ. එනමුත් ඒ හා සම්බන්ද ලිඛිත සාක්ෂි හමු නොවේ.

ලෝකඩ යුගය හා මුල් යකඩ යුගය[සංස්කරණය]

ක්‍රි.පූ 200දී නැගෙනහිර අර්ධ ගෝලය.


ක්‍රි.පූ 100 දී නැගෙනහිර අර්ධ ගෝලය.
ක්‍රි.ව 01 හිදී ලෝකය


ලෝකඩ යුගය හා මුල් යකඩ යුගය අයත් වනුයේ ත්‍රිවිධ යුග ක්‍රමය තුළ සාකච්ඡාවන එක් කොටසකටය.ලෝකඩ යුගය නියොලිතික යුගයෙන් පසුව ලෝකයේ සමහරක් ප්‍රදේශයන්හි ස්ථාපිත විය. ක්‍රිස්තු පූර්ව 24 වන ශතවර්ෂයේදී අත්කාඩියානු අධිරාජ්‍යයා මෙම නියෝලික යුගය පිහි‍ටුවන ලද බව සැළකෙන අතර ඔහුගේ මෙසපොතේමියනු ආශ්‍රිත ශිෂ්ටාචරය ඊට සාක්ෂි දරයි. ඊජිප්තුවේ ප්‍රථම අන්තර් මාධ්‍යයික යුගය (ක්‍රි.පු 22 ශත වර්ෂය) න් පසුව ක්‍රිස්තු පූර්ව 21 සහ 17 ශත වර්ෂයන් අතර ඊජිප්තියනු මධ්‍ය අධිරාජ්‍යයික පැවතිණි. ක්‍රි.පූ 18 වන ශත වර්ෂය ආශ්‍රිතව ඊජිප්තියනු දෙවන අන්තර් මාධ්‍යයික යුගය උදාවිය. ක්‍රි.පූ 1600 දී පමණ චීනය තුල ශිෂ්ටාචාරගත දියුණු වර්ධනයක් සිදුවූ අතර චීන ලේඛණ කලාව ද මෙහිදී ආරම්භ විය. මුල් යකඩ යුගය ත්‍රිවිධ යුග වර්ගීකරණ ක්‍රමය අනුව අවසාන ප්‍රධාන යුගයයි.මෙය ලෝකඩ යුගයෙන් පසුව ලෝක ශිෂ්ටාචාරයන් තුළ බිහිවිය. නමුත් මෙය අයත් වන කාලය රට සහ භූගෝලීය පිහිටීම අනුව වෙනස්වීම සැළකිය යුතුය. මේ යටතේ ඊජිප්තුවේදී ක්‍රි.පූ 13 හා 12 සියවස් වල රෙමෙසිඩ් යුගය අතිවිය. ක්‍රි.පූ 1200 ආශ්‍රිතව ට්‍රෝජන් යුද්ධය ඇති වූයේය. ක්‍රි.පූ 1046 දී චීන අධිරජ්‍යයේද සැළකිය යුතු බල තුලනයන් ඇතිවිය. ක්‍රි.පූ 10 හා 7 වන ශත වර්ෂ අශ්‍රිතව නියෝ ඇසිරියන් අධිරජ්‍යයා විසින් මෙසපොතේමියනු ශිෂ්ටාචාරය ආරම්භ කරන ලදී. ක්‍රි.පූ 776 දී ප්‍රථම වාර්තා වලට එක්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පත්වන ලදී.

සටහන්[සංස්කරණය]

|Ancient history |-

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_ඉතිහාසය&oldid=472569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි