පුර්ව ඉතිහාසය පුරාණ පාෂාණ යුගයට අයත් දේ.

විකිපීඩියා වෙතින්

පුර්ව ඉතිහාසය

පුරාණ පාෂාණ යුගයට අයත් දේ.

වසර මිලියන ගණ්නයකට පෙර දැන් චීනය ලෙස හැදින්වෙන ප්ර දේශයේ හෝමෝ ඉලෙක්ටර්ස්වරු වාසය කර ඇත. මෑතකදී කරන ලද සොයාගැනීම් වලින් පෙන්වන්නේ ක්සියාඔචැන්ලිඈන්ග් වලින් සොයා ගන්නා ලද ගල් ආයුධ වලට අවුරුදු මිලියන 1.36 ක තරම් පැරණි අතීතයක් හිමි බවයි. හැංහයි පළාතේ ෂිහොවුඩු හි පුරා විදයාත්මක භූමිය, මීට අවුරුදු මිලියන 1.27 කට ඉහත දී හෝමෝ ඉලෙක්ටර්ස් වරු ගින්දර භාවිතය පිළිබද මුල්ම වාර්තාව පිහිට වු බවට සාක්ෂි දරයි. යු අන් මොවු සහ පසුව ලැන්ටියන් අසලදී කළ කැණීම් වලින් මුල් ජනාවාස පෙන්නුම් කරයි. යම් විට චීනයෙන් සොයා ගත් හෝමෝ ඉරෙක්ටස් ආකෘතිය, 1923 දී සොයාගත් පිකිං මිනිසා විය හැක. ලියුසොවුහි ලියුසුයි ගුහාවෙන් හා ගුවන්ෂි පළාතෙන් ගොඩගත් මැටි කැබලි ද්විත්වයේ උත්පත්ති ක්රිී.පු. 16500 සහ ක්රි .පු. 19000 දක්වා දිව යයි.

නව ශාලා යුගය

චීනයේ ශිලා ලේඛන යුගය ක්රිය.පු. 10000 ලෙස සැලකිය හැක. ප්රාමග් චීන යුගයේ මෙනේරි කෘෂිකර්මාන්තය සදහා කාබන් වල නීර්ණය කර ඇත්තේ ක්රිර.පු. 7000 ටය. ෂින්හෙන් රටේ පිලිගැන්ග් සංස්කෘතිය, හෙනත් 1977 දී කණින ලදී. කෘෂිකර්මාන්තයත් සමග ජනගහණ වැඩිවීම, අස්වැන්න ගබඩා කිරීම හා යලි ප්රවයෝජනයට ගැනීම සහ විශේෂඥ කම්කරුවන් සහ පරිපාලකයන් ඇති විය. ශිලා ලේඛන යුග‍යේ අග බාගය වන විට‍ කහ ග‍ඟේ මිටියාවත සංස්කෘතික කේන්ද්රයයක් කොට ගෙන එහි ජනාවාස වු අතර මුලින්ම ගම්වැසියන් සොයා ගන්නා ලද්දේ එහිදීය. පුරාවිද්යා ත්මකව සැලකිය යුතු බොහෝමයක් දේ බන්පෝ හා ෂියෑන් වලදී සොයා ගන්නා ලදී. කහ ගඟට එම නම ලැබී ඇත්තේ ඉවුරේ සෑදුණු තුනී වැලි ලෝයෙස ජලය සමග එක්ව කහ පැහැයට ජල ගලන නිසාය.

චීනයේ මුල් ඉතිහාසය පැටලිලි සහගතය. ඊට හේතුව, ශත වර්ෂ ගණනාවකට ඉහත සිදු වු සිදුවීම් විස්තර කිරීමට පසු කාල වලදී ගත් උත්සාහයන් නිසා ලේඛන භාෂාවේ අඩු ලුහුඩුකම් පැවතීමයි. ක්රිස.පු. 7000 වන විට චීන ජනතාව මෙනේරි වගා කරමින් ජියාහු සංස්කෘතිය නැංවූහ. නින්ෂියාහි දමයිදි හිදී ක්රිි.පු. 3172 ක් සොයා ගන්නා ලද අතර එහි එකිනෙකට වෙනස් තනි ලංජන 8453 ක් තිබී ඇත ; ඊට සුර්යයා, චන්ද්ර යා, තාරකා, දෙවිවරු සහ දඩයමේ යාමේ හෝ තණ කැවීමේ දර්ශන ඇතුළත්ය. මෙම අක්ෂර චීන අකුරු වලට සමානකම් දක්වන බව දැනට පිළිගත් මතයයි. පසුව ලොන්ශාන් සංස්කෘතිය ක්රිු.පු . 2500 දී පමණ යැංෂාන් සංස්කෘතිය යටපත් කොට දැමීය.

ලෝකඩ යු‍ගය

සැන්ෂින්ඩුයි, වුචෙන් සහ ඉර්ලිටෝවු ආදි පුරා විද්යා ත්මක කැණීම් ස්ථාන, චීනයේ ලෝකඩ යුගයක ශිෂ්ඨාචාරයක් තිබු බවට සාක්ෂි දරයි. ක්රිප.පු. 3000 ට අයත් පැරණිතම ලෝකඩ පිහිය ගැන්සු හි මජියායෝ සහ ක්වීන්හායි පළාතෙන් සොයා ගන්නා ලදී.

කහ අධිරාජ්යායා පිළිබද ඓතිහාසික විග්රෙහය

පුරාණතම විස්තර සහිත චීනයේ ඉතිහාසය, ක්රි‍.පු. 2 වන සියවසේදි චීන ඉතිහාස ලේඛක සිමා ක්වෑන් අතින් ලියවුණු “මහා ඉතිහාසඥයාගේ වාර්තා” සහ “බම්බු ඇනල්ස්” යන කෘති ක්රිා.පු. 2800 පමණ සිට චීන ඉතිහාසය ගැන අංශු මාත්රා වශයෙන් කියා පායි. තවද ඊට “වසර 3 ක හා අධිරාජ්යපයන් 5” යන්න ද ඇතුළත්ය. මෙම පාලකයන් අර්ධ වශයෙන් මිත්යා මත ධාරීන් ඥාන වන්ත මත ධාරීන් සහ චරිතවත් ආදර්ශමත් අය වූහ. හැන් චීන ප්රමජාවේ මුතුන්මිත්තා ලෙස කහ අධිරාජ්යධයා සැලකේ.

සීමා ක්වෑන් කියා සිටින පරිදි ප්රදවේනි පාලන ක්ර්මය පිහිට‍ුවා තිබෙන්නේ ෂියා රාජ්යර වංශ අතර තුර කාලයේ වන අතර මෙම ක්රේමය ෂැන් සහ සෝචු රාජ වංශ වල කාලයන් හිදි චිරස්ථායි වී ඇත. එය සිදු වුයේ ඓතිහාසික චීනයේ මතුවී තිබෙන රාජ්යා වංශ 3 නේ රාජ්යඑ කාලය අතර තුරදීය. (ඒවා නම් පින්යින්, සැන්ඩයි වේ).


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/History_of_China#Prehistory