පුනරුත්ථාපන උපදේශනය

විකිපීඩියා වෙතින්

උපදේශන ක්‍රියාවලිය මගින් ආබාධිත අයෙකුගේ පුද්ගලික, වෘත්තීමය සහ ජීවිතයේ ඇති බලාපොරොත්තු ඉටුකර ගැනීමට උපකාරීවීම පුනරුත්ථාපන උපදේශක සේවයේ ඇති ප්‍රධාන පරමාර්ථයයි. පුනරුත්ථාපන උපදේශනය, පෞද්ගලික ස්ථානය, පුනරුත්ථාපන සේවා ස්ථාන, විශ්ව විද්‍යාලයේ, පාසලේ රජයේ ආයතන, රක්ෂණ සමාගමක, ආබාධිත පුද්ගලයින්ට උපකාරීවන සංවිධාන යන විවිධාකාර ස්ථානවල දැකිය හැක.


ඉතිහාසය - ඇමරිකා එක්සත් ජනපදය[සංස්කරණය]

ආරම්භයේදී පුනරුත්ථාපන උපදේශකයන් මහජන සෞඛ්‍ය සාත්තු සේවය, සමාජ සේවා, පාසැල් උපදේශනය වැනි මිනිස් සේවා අංශවලින් බඳවා ගනිති. උපදේශන අධ්‍යාපන වැඩසටහන් 1940 දී ආරම්භ වුවද පුනරුත්ථාපන උපදේශනය සංස්ථාපිත වූයේ 1954 දී පමණ අභ්‍යන්තර අරමුදල්වල මෙම කටයුතු සඳහා යෙදවීම ආරම්භ වූ පසුය.

ඉතිහාසයේ පුනරුත්ථාපන උපදේශනය මූලිකව කටයුතු කළේ අබාධිත තත්වයට පත් වූ මැදි වයසේ වැඩිහිටියන්ට (රැකියාව අහිමි වූ) නමුදු වර්තමානයේ පුනරුත්ථාපන උප‍ෙද්ශනය සියලුම වයස් කාණ්ඩවල ආබාධිතයන්ට අවශ්‍ය බව පෙනී ගොස් ඇත. මීට අමතරව මොහු මූලික සහ විශේෂ උපදේශන සේවාවන් මහජනසේවා වැඩසටහන්වලදී හා පෞද්ගලික අංශයේදී ආබාධිත අයට ලබාදේ.


අධ්‍යාපනය, පුහුණුව සහ සහතික කිරීම[සංස්කරණය]

පුනරුත්ථාපන උපදේශකය, එම අංශයෙන් ලද අධ්‍යාපන පුහුණුව සහතික කිරීමට ඔහු ඒ සදහා‍ උපාධියක් ලබාගත යුතුය. පුනරුත්ථාපන උපදේශන සභාව ඒ සදහා අදාල ආයතනවලට බලය ලබාදී ඇත.

  • අධ්‍යාපන කාලය - පුනරුත්ථාපන උපදේශන පුහුණු වැඩමුළු සාමාන්‍යයෙන් මාස 18 සිට 24 දක්වා වන අධ්‍යාපනික සහ ක්ෂේත්‍ර පුහුණුවීම් අන්තර්ගතය සායනික පුහුණුවට ප්‍රායෝගික සහ අවම වශයෙන් පැය 600 ක අධීක්ෂණය යටතේ ලද අත්දැකීම් ඇතුළත් කර ඇත. සායනික ක්ෂේත්‍ර අත්දැකීම් ලබාගැනීම මොහු කුඩා සමාජ, ග්‍රාමයන් , පෞද්ගලික පුනරුත්ථාපන වැඩමුළු ආදියට එක්වීම මගින් ලබාගනී.
  • පෙර අවශ්‍යතා - පුනරුත්ථාපන වැඩමුළු සාමාන්‍යයෙන් මාස 18 සිට 24 දක්වා වන අධ්‍යාපනික සහ ක්ෂේත්‍ර පුහුණු වීම් අන්තර්ගතය යටතේ ලද අත්දැකීම් ඇතුළත් කර ඇත. සායනික ක්ෂේත්‍ර අත්දැකීම් ලබාගැනීම මොහු කුඩා සමාජ, ග්‍රාමයන්, පෞද්ගලික පුනරුත්ථාපන වැඩමුළු ආදියට එක්වීම මගින් ලබාගනී.
  • පෙර අවශ්‍යතා - මේ සඳහා විශේෂ සුදුසුකම් අවශ්‍ය නොමැති වුවද බොහෝ පුනරුත්ථාපන උපදේශන උපාධිදරයින්ට උපාධි අපේක්ෂක කාලයේ ලද පුනරුත්ථාපන සේවා / මනෝවිද්‍යා/ සමාජ සේවා / වෙනත් මිනිසාට බැදුණු විෂය ක්ෂේත්‍රයේ ලද අතිරේක උපාධි ඇත.
  • විෂය පථය - පුනරුත්ථාපන උපදේශනය පහත ක්ෂේත්‍ර හි පුහුණුව ලබා ඇත.
    • පුනරුත්ථාපන සිද්ධාන්ත, හැකියාවන් සහ ක්‍රම
    • පුද්ගල, කණ්ඩායම් සහ පාරිසරික ඇගයීම.
    • මිනිස් වර්ධනය හා විකාශනය ඇතුළු ආබාධිත තත්වයේ මානසික හා වෛද්‍යමය බලපෑම.
    • මනෝවිද්‍යාවේ පුනරුත්ථාපන මූලධර්ම
    • පුනරුත්ථාපන සැලැස්ම හා පුද්ගල පාලනය
    • පුනරුත්ථාපන සේවය නැගෙන ප්‍රශ්න සහ ආචාර ධර්ම
    • තාක්ෂණික හැඩගැසීම
    • වෘත්තීය වටිනාකම නිර්ණායක සහ කාර්යයන්ට හැඩ ගැසීම
    • වෘත්තීය පිළිබඳ මාර්ගෝපදේනය
    • වෘත්තීය හැඩ ගැස්වීම


සහතික කිරීම[සංස්කරණය]

පුනරුත්ථාපන උපදේශන සහතික නිකුත් කිරීමේ නියෝජිත මණ්ඩලය මගින් ඒ සඳහා අධ්‍යාපන සහ සුදුසු විභාග සමත්ව ඇති පුද්ගලයින්ට උපදේශනය සඳහා සුදුසු සහ දක්ෂතාවය ඇති බවට සහතික කරන ලේඛනය ලබාදීමේ වගකීම දරයි. එමනිසා උපදේශකයින් අදාල විභාගය සමත්වීම අනිවාර්ය අංගයකි. ඔවුන් රාජ්‍ය හෝ වෘත්තීය උපදේශන වැඩමුළුවල රැකියාව ලබා ගැනීම සඳහා නම් නියමිත දිනට පෙර අදාල සුදුසුකම් ලබා තිබීම එම රැකියාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පුනරුත්ථාපන_උපදේශනය&oldid=624645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි