පුනර්ජන්මය

විකිපීඩියා වෙතින්

පුනර්ජන්මය හෙවත් නැවත ඉපදීම පිළිබදව සාක්ෂි කිහිපයක් ශ්‍රී ලංකාවෙහි ප්‍ර‍දේශ කිහිපයකින් වාර්තා විය. ළමයින් කිහිප දෙනෙකු විසින් තම පෙර ආත්ම භවයන්හී දී තොරතුරු ආනාවරණය කිරීමක් සිදු කොට ඇත. එවායින් සමහරක් පිළිබදව පර්යේෂණ පැවැත් වීමෙන් පසුව සත්‍ය තොරතුරු බව හෙළි වූ අතර අනෙක් ඒවා පිළිබදව පර්යේෂණ පැවැත් වෙමින් පවතී. එසේ වාර්තා වූ පුවත් පහත ප්‍රදේශ වලින් හමු විය.

  1. තලව කැලේ
  2. ගල් ඔය
  3. බලන්ගොඩ
  4. කළුබෝවිල
  5. ගෝනගල
  6. බදුල්ල

තලව කැලේ[සංස්කරණය]

නම: ඤාණතිලකා. උපන් දිනය:1956-පෙබරවාරි-14. මූලාශ්‍රය: වන සංරක්ෂණ දෙපාර්ත‍මෙන්තුවේ නිලධාරී අමරසිරි වීරරත්න මහතා සකසන ලද ලිපියකිනි.

  • ප්‍රකාශය

අවුරුදු දෙකක් ගත වූ පසු ඇයගේ පෙර ආත්ම භාවයේ මව,පියා,සහෝදර සහෝදරියන් පිළිබදවත් අවුරුදු හතරේදී පෙර ආත්ම භාවයේ ගම් හා නිවෙස් පිහිටි ස්ථාන පිළිබදවත් ප්‍රකාශ කළාය .එසේම ගුරුවරුන්,පාසල, හා පිටස්තර පුද්ගලයන් කිහිප දෙනෙකුද හදුනා ගැනීමටඇයට හැකි විය. ඇගේ ප්‍රකාශයන් පිළිබදව සත්‍යාසත්‍යතාව සොයා බැලීය. එම තොරතුරු වලට අනුව ඇය කී ලෙස එම නම් ගමි සහිත පවුලක් සිටියේය. එම පවුලේ දොළොස් වයසැති තිලකරත්න නම් දරුවෙකු 1954 නොවැම්බර් මස 19 වැනි දින මිය ගොස් ඇත. මෙම ප්‍රවෘත්තිය පිළිබදව ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය "ඉවන් ස්ටීවන්සන්" මහතා විධිමත් පර්යේෂණයකින් අනතුරුව ඇය විසින් ප්‍රකාශ කළ කරුණු දෙතිසක් සත්‍ය ඒවා ලෙස පිළිගෙන ඇත. ඉන් කිහිපයක් පහත දැක්වා ඇත.

  1. ඇයට තලවකැලේ මවක,පියෙකු,සහෝදරයන් දෙදෙනෙකු සහ සොහොයුරියන් කිහිප දෙනෙකු සිටි බව.
  2. ඇගේ පියා තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදන්නේකු බව.
  3. ඇය තලවකැලේ දුම්රිය පොළ අසලට ගොස් එලිසබත් මහරැජිනගේ ගමන දුටු බව හා එය බැලීමට විශාල පිරිසක් එහි රැස්ව සිටි බව.
  4. තලවකැලේ දී දුම්රියෙන් පාසල් යන විට දී බිම් ගෙයක් පසු කල බව.
  5. තලවකැලේ මව තරබාරු තැනැත්තියක් බව.
  6. සොහොයුරාගේ නම ධර්මදාස බව.
  7. පෙර නිවස තලවකැලේ බස් නැවතුම් පළටත් තැපැල් කාර්යයාලයටත් අතර පිහිටා තිබූ බව.

ගල්ඔය[සංස්කරණය]

නම: ගල්ඔය 30 ජනපදයේ 36 දරණ නිවසේ පදිංචි සීලවතී. මූලාශ්‍රය: "කුරුණෑගලදී මැරී ගල්ඔය ඉපදී" 1968 අගෝස්තු 08 රිවිරැස පත්‍රය -අම්පාරේ දයාද සිල්වා.

  • ප්‍රකාශය

ගල්ඔය 36 වන ජනපදයේ අංක 73 දරණ නිවසෙහි පදිංචි 82 වයසැති සිංහලගේ මැණිකා මහතා තමාගේ පුතු බව. මැණිකා මහතා ගල්ඔය ප්‍රදේශයේ දක්ෂ වෛද්‍යවරයෙකු විය. ඔහු කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ හැගව නැමති ගමෙහි පෙර පදිංචිය ඇත්තේකි. පවුලේ අමනාපකම් නිසා ඔහු ගල්ඔයට පැමිණියේ මීට අවුරුදු 15ට පමණ පෙරය. දිනක් සීලවතීගේ පියාට බෙහෙත් කිරීමට මැණිකා මහතා පැමිණ සිටියේය. ඒ අවස්ථාවෙහි සීලවතී පාසල් ඇරී ගෙදර ආවේය. ඇය මැණිකා මහතා දැක "පුතා උඹ මොකද මෙහෙ කරන්නේ? ඇයි උඹ මෙහෙම දුක් විදින්නේ? යනුවෙන් කතා කළාය. තවද "පුතා ඇයි උඹ ටිකිරි අත් හැරියේ? ටිකිරි කොචිචර හොද ගැහැණියෙක්ද? මා පිත්තල කලයක මුදල් ගෙදර වළලා තිබුණා ඒවා ගත්තද? ආදී ලෙස ප්‍රශ්න අසා ඇත. මෙම ප්‍රකාශයන්ගෙන් මැණිකා මහතාත්, සීලවතීගේ දෙමාපියන්ද මහත් විමතියට පත් වූ අතර ඇයගේ ප්‍රකාශයන් සත්‍ය ඒවා ලෙස පිළිගත් මැණිකා මහතා ඇය තමාගේ පෙර ආත්මයේ මව ලෙස පිළිගෙන ඇත.

කළුබෝවිල[සංස්කරණය]

නම: සුනේත්‍රා රුද්‍රිගු. මූලාශ්‍රය: "කළුබෝවිල දැරියක් පෙර ආත්ම භාවය දකියි" 1968 අගෝස්තු 15 ශ්‍රී ලංකා පත්‍රය.

  • ප්‍රකාශය

වයස අවුරුදු හතරේ සිට පෙර ආත්ම භවයෙහි සිදුවීම් කීමට පටන් ගත්තාය. ඇය කළුබෝවිල තම කුඩා නිවස දෙස බලා එය ඇගේ නිවස නොවන බවත් එයට වඩා විශාල ගෙයක් හා හැම කාමරයකටම කාපට් දමා තිබුණු බවත් කීවාය. තවද "අම්මයි,තාත්තයි,අක්කයි,අපි ඔක්කම සුදුයි" යනුවෙන් ප්‍රකාශ කළාය. දිනක් අයත් ඇගේ මවත් කිරුළපන පාලම පසු කර යන විට "අපේ ගෙදරට ගියේ මීට වැඩිය ලස්සන පාලමක් පසු කරලා"යැයි කීවාය.තවත් වරක් තානාපති රියක් ගාලු පාරේ නවතා තිබෙනු දුටු ඇය "මෙන්න මෙ වගේ කාර් එකක් අපේ තාත්තට තිබුණා" යැයි කීවාය. ඇග් විස්තර වලට අනුව පර්යේෂණ පැවැත්වූවෝ ඇය පෙර ආත්මයේ විදේශ රටක ජීවත් වූ බව ප්‍රකාශ කරයි.


බදුල්ල[සංස්කරණය]

නම: අවුරුදු 6ක් වයසැති දැරියකි. උපත:1962 නොවැම්බර් 30. මූලාශ්‍රය: "බදුලු දැරිය" 1968 සැත්තැම්බර් 04 ලංකාදීප.

  • ප්‍රකාශය

මෙම දැරිය බදුල්ලේ ඉපිද අළුත්ගම පිළිබද විස්තර කියන්නට විය. ඇය එම ආත්ම භවයේදී ගගක් හෝ මුහුදක් අද්දර පදිංචිව සිටියාය. ආහාර පිසමින් සිටියදී විදුලි සැර වැදී රෝහලට ඇතුළත් වූ පසු මිය ගොස් ඇත. ඒ වන විට ඇගේ වයස අවුරුදු 14ක් වන අතර ඇගේ මවගේ නම හාමිනේ වූ අතර පියාගේ නම සීටින් සින්ඤෝය.පියසීලී නමින් සහෝදරියක ද සිටි බව ප්‍රකාශ කළාය. තම සහෝදරියද පාලමකින් වැටී ඡලයේ ගිලීම නිසා මිය ගොස් ඇත. බදුල්ලේ උපන් මෙම දැරිය ඇගේ පෙර ආත්මයේ එනම් අළුත්ගම ගෙදර පිළිබදව විස්තර හා ඇයට තිබූ කාරයක් හා ගෙදර බල්ලා පිළිබදව ද විස්තර ප්‍රකාශ කළාය.

ගෝනගල[සංස්කරණය]

නම: ඔලිව් ශාමිලිනි ප්‍රේමා. උපත: 1962 ඔක්තෝම්බර් 16. මූලාශ්‍රය: "ගිය ආත්‍මයේ ගසින් මෙ ආත්මයේ ගෙඩි" 1969 ඡනවාරි 07 ජනතා පත්‍රය, තිස්ස ජයවර්ධන මහතා.

  • ප්‍රකාශය

ශ්‍රීයා අබෙවර්ධන මහත්මිය සහ සුනිල් ප්‍රේම මහතා යුවල විවාහ දිවියට පත්ව තම කුළුදුල් දියණිය ලෙස ශාමිලිනී ප්‍රේමා ලැබූවෝය. ඇය ප්‍රථම වතාවට ගිය ආත්මය පිළිබදව කරුණු ඉදිරිපත් කරන්නට වූයේ ඇගේ මල්ලීට අම්මා කිරි දෙන ආකාරය බලා සිටය. ඇය "අපේ ගල්තුඩුවෙ අම්මත් මල්ලීට කිරි දෙන්නේ ඔහොමයැයි" කීවාය. ඇගේ මෙම ආත්මයේ මව " ඉතින් දුව මෙහි ආවෙ කොහොමදැයි" ඇසූවාය. එයට පිළිතුරු ලෙස ඇය ප්‍රකාශ කළේ "අනේ අම්මෙ එදා කෙහෙල්කැනක් ඉදිලා තිබුණ නිසා මම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන පාන් ගෙන්න කඩෙට ගියා.හරියටම වෙල්ල උඩදී බස් එකක් ආවා. වෙල්ල දෙපැත්තේ වතුර පිරිලා තිබුණා. මම අයිනට වෙන කොට කකුල ලිස්සලා ගිහින් වතුරට වැටුණා. මම අම්මෙ අම්මෙ කියලා කෑ ගැහුව්වා. ඒත් කවුරුවත් ආවෙ නැහැ. මට නින්ද ගියා" ආදී ලෙස දීර්ඝ ප්‍රකාශයක් කළාය. තවද ඇය ගල්තුඩුව නිවසෙහි පෙට්ටියක ඇති ඇගේ අළුත් ගවඅම් කිහිපයක් හා පබළු වැල් කිහිපයක් පිළිබදවත් මිතුරියන් කිහිප දෙනෙකු පිළිබදවත් ප්‍රකාශ කළාය. අනතුරුව ඇය විසින් ප්‍රකාශ කරන ලද මාර්ග ඔස්සේ ගල්තුඩුවෙ එම නිවසට රැගෙන යන ලදි. එහිදී ඇය කිසිම පැකිලීමකින් තොරව එම නිවසෙහි හැසිරීමට පටන් ගත්තාය. එසේම ඇය කියූ කරුණු වල සත්‍යතාවයත් පෙනී ගියේය. මෙ පිළිබදව පර්යේෂණ පැවැත් වූ ඇමරිකාවෙ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මානසික විශේෂඥ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා එම තොරතුරු හා ඇගේ ප්‍රකාශයන් සත්‍ය බව පිළිගෙන ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පුනර්ජන්මය&oldid=469004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි