පිළි-පොළ(ඉලෙක්ට්‍රොනික් විද්‍යාව)

විකිපීඩියා වෙතින්

පිළි පොළ යනු තාර්කික ද්වාර භාවිතයෙන් නිර්මාණය කර ඇති පරිපථ වර්ගයකි. මෙම උපාංගය භාවිතා කර තාවකාලික මතකයක් නිර්මාණය කල හැක. සසම්භාවී ප්‍රවේශ මතකයෙහි සරලම අවස්ථාව පිළි පොළ ලෙස සැලකිය හැක. මෙම පරිපථයට යමක් ආදානය කල විට එය මතක තබා ගැනීමේ හැකියාවක් ඇත. පිළි පොළ වර්ග ගණනාවක්ම පවතින අතර, එම වර්ග අතරින් එක් පිළි පොළ වර්ගයක් පරිගණකයේ බල ස්විචය මෙන් ක්‍රියා කරයි. ආදානය 1ක වන විට පිළි පොළ විසින් ප්‍රතිදානය ලෙස 1 ලබා දෙන අතර දෙවන වරත් ආදානය 1ක් ඇතුලත් කලහොත් පිළි පොළ විසින් ප්‍රතිදානය 0ව කරයි. නැවතත් ආදානය 1ක ලෙස ලැබුණ විට, පිළි පොළ විසින් ප්‍රතිදානයේ වර්තමාන අගය විරුද්ධ අගයකට පරිවර්තනය කරයි. බලය ලබාදීම සඳහා භාවිතා කරන බොත්තම් ස්විචය මෙන්ම පිළි පොළ විසින් අඛණ්ඩව ලබා දෙන ආදානවලට ප්‍රතිචාර නොදක්වයි.

Latch Flip-flop/ අගුළු පිළි පොළ

R-S (Reset Set) පිළි පොළ තේරුම් ගැනීමට පහසුම පිළි පොළ වේ. මූලික වශයෙන් එහි ආදාන දෙකක් සහ ප්‍රතිදාන දෙකක් ඇත.ප්‍රතිදාන දෙකෙන් එකක් නිතරම අනෙක් ප්‍රතිදානයේ ප්‍රතිලෝමය නිරූපනය කරයි. ආදාන අග්‍ර දෙකෙන් එකක් මඟින් වරකට ආදාන අගයක් ලබා ගන්නා අතර එම අගයට අනුව ප්‍රතිදාන අග්‍ර දෙක විසින් ප්‍රතිදාන අගයන් ලබා දේ. මෙලෙස අනිත් ආදාන අග්‍රයට කලින් ආදාන අග්‍රයටම ලබා දුන් අගය ලබා දෙන තෙක් ප්‍රතිදාන අගයන් එලෙසම පවතී. මෙම ප්‍රතිදාන ද්විත්වය Set and Reset input (sometimes called the preset and clear inputs) ලෙස හඳුන්වයි.