Jump to content

පිළිතුරු දීමට නොහැකි ප්‍රශ්න දාහතරක්

විකිපීඩියා වෙතින්

“පිළිතුරු දීමට නොහැකි ප්‍රශ්න” යනුවෙන් හැඳින්වෙන්නේ බුදුන් වහන්සේ උත්තර දීම ප්‍රතික්ෂේප කළ පොදු ප්‍රශ්න 14 කි.

එම ප්‍රශ්න දාහතර :

ලෝකය හා සම්බන්ධ ප්‍රශ්න/ලෝකයේ පැවැත්ම ගැන

  • ලෝකය නිත්‍යයද?
  • එසේ නොම වේද?
  • ඒ දෙයාකාරයමද?
  • ඒ දෙයාකාරයෙන්ම නොවේද?


ලෝකය හා සම්බන්ධ ප්‍රශ්න:- විශ්වය තුළ ලෝකයේ පැවැත්ම

ê ලෝකය අපරිමිතද ඉමක් කොනක් තිබේද?
ê නැත්ද?
ê ඒ දෙකමද?
ê ඒ දෙකම නොවේද?

භවයෙන් එහා පවතින්නේ කුමක්ද යන ප්‍රශ්න

ê මරණයෙන් පසු තථාගතයන් පවතීද?
ê නැද්ද?
ê ඒ දෙකමද?
ê දෙකම නොවේද?

පුද්ගල අත්දැකීම් සම්බන්ධ ප්‍රශ්න

ê ආත්මය ශරීරය හා එක්ව පවතීද?
ê නැතහොත් ශරීර හා ආත්මය යනු දෙකක්ද?

ප්‍රශ්න වලට බුදුන් වහන්සේගේ පිළිතුරු[සංස්කරණය]

මෙම ප්‍රශ්න දාහතර පිළිබඳ විමසූ විට බුදුන් වහන්සේ නිශ්ශබ්දව සිටියහ. බුදුන් වහන්සේ මෙම ප්‍රශ්න අවුල් වශයෙන් ද ඒවා තවත් අවුල් වලට එක් විය යුතු නැතැයිද ප්‍රකාශ කළහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ සියලු මතවාදයන් සහ බැඳීම් වලින් නිදහස්ව විමුක්තිය ලබා සිටි හෙයිනි.

පටලැවීම

මෙම ප්‍රශ්න දාහතර ලෝකයේ පවතින ප්‍රධාන ආකල්ප දෙකක් අදහස් කරයි. මහා කාශ්යප තෙරුන් සමග බුදුන් වහන්සේ පැවැත්ම සහ නොපැවැත්ම යන මෙම ආකල්ප දෙක ගැන සාකච්ඡා කර ඇත. ඒ පරිද්දෙන් සිතීමට මනුෂ්යයන් පුරුදු වී සිටින බවත් මෙම අාකල්ප ගැන සිත සිතා ඒවායේ ඇලි ගැලී පැටලී සිටින තාක් කල් ඔවුනට විමුක්තිය නොලැබෙන බව බුදුහු දේශනා කළහ. ලෝකය නිත්යයි, සදා කල් පවතී, තථාගතයන් මරණින් පසු පවතින්නේය, ශරීරයෙන් වෙන්ව ආත්මය පවතින්නේය යනාදි අදහස් වලින් කියැවෙන්නේ පැවතීම පිළිබඳ දර්ශනයයි. ලෝකය අනිත්යයි, සදාකල් නොපවති, තථාගතයන් මරණින් පසු නැත, ආත්මය ශරීරය සමග එකට පවතින්නේය යන සංකල්ප වලින් කියැවෙන්නේ නොපැවතීම පිළිබඳ දැක්මයි. මෙම දර්ශනයන් දෙකම බුදුන් වහන්සේගේ කාලයේ සිටි අනෙකුත් ශාස්තෲ වරුන් විසින් දේශනා කර ඇත. පැවතීම පිළිබඳ දර්ශනය සාමාන්ය වශයෙන් බ්රාහ්මණයන්ගේ දර්ශනයයි. නොපැවතීම පිළිබඳ දර්ශනය සාමාන්ය භෞතික වාදීන්ගේ සහ ලෞකික සුඛ විහරනවාදින්ගේ දර්ශනයයි.

(භවයේ) පැවැත්ම සහ නොපැවතීම පිළිබඳ මතවාදයන් බැහැර කළ බුදුන් වහන්සේට වෙනත් කරුණු දෙකක් පිළිබඳ සිතන්නට තිබුනේය. ඒවා නම් මෙම මත වාදයන් දෙකේ යහපත් ප්‍රථිපල සහ නියත පැවැත්මේ සහ නොපැවතීමේ මතවාදයන් පවතින දේවල් සමග අනුරුප නොවේය යන කරුණුයි. ශාස්වත දෘෂ්ඨිකයින් ආත්මය යන්න දුටුවේ එය ස්ථිර හා නොවෙනස්ව පවතින දෙයක් ලෙසිනි. ශරීරය මිය ගිය විට මෙම ආත්මය ඒ සමග මිය නොයයි. මක්නිසාද ආත්මය ස්වභාවයෙන්ම නොවෙනස්ව පවතින්නකි. ඒසේ නම් එය ශරීරය කරන දේවල් වලට බල නොපාන්නේය. ශරීරය කරන යම් කාර්යයක් ආත්මයට බලපාන්නේ නැත. මෙම තත්වය සදාචාරයේ කාර්යභාරය හා පරස්පර විරෝධි වේ. මක්නිසාද, ආත්මය සදාකාලික නම් හෝ නොනැසී පවතින්නේ නම් යහපත් කටයුතු කිරීම හෝ අයහපත් ලෙස කටයුතු කිරීම එයට බලපාන්නේ නැත. ඒ සමානවම ආත්මය හා ශරීරය එකක් නම් ශරීරය මිය යන විට ආත්මයද මිය යයි. එසේ නම් ශරීරය කරන දේ සමග ආත්මය වග කීමක්ද නැත. ඔබ මරණය සමග (භවයේ) පැවැත්ම අවසානයයි සිතන්නේනම් කරන කටයුතු වලට බාධා ඇති නොවේ. එහෙත් හේතු ඵල වාදය අනුව කිසියම් දෙයක් පවතින වාතාවරණය නියත පැවැත්ම හෝ නොපැවතීමේ සංකල්පයක් ඇති විය නොහැක.

උත්තර දිය නොහැකි ප්‍රශ්න දාහතරෙන් මතු වන තවත් උදාහරණයකින්, පවතින සෑබෑ තත්වය සමග මතවාදයක් අනුරූප නොවන බවද පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස ලෝකය දෙස බලන්න. බුද්ධාගමේ ඉගැන්වීම් වලට අනුව ලෝකයේ පැවැත්ම අස්ථිරය. ලෝකය රඳා පවතින්නේ මෝහය තෘෂ්ණාව සහ ආශාව මතයි. මේවා ඇති කල්හි ලෝකය පවතී. ඒවා නැති වූ විට ලෝකයේ පැවැත්ම නතර වේ. එබැවින් ලෝකයේ පැවැත්ම ස්ථිරද නැත්ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැක.