Jump to content

පිරිවැය

විකිපීඩියා වෙතින්

ආර්ථික විද්‍යාවේ ව්‍යාපාරවල දී සහ ගිණුම්කරණයේ දී යමක් නිෂ්පාදනය කිරීම සඳහා දරන ලද මුදල්මය වටිනාකම පිරිවැය වශයෙන් හැඳින්වේ. එම නිසා මෙය තවදුරටත් භාවිතා කළ හැකි දෙයක් නොවේ. ව්‍යාපාරවල දී පිරිවැය අත්පත්කරගැනීමක් වශයෙන් හැඳින්විය හැකි අතර ඕනෑම අවස්ථාවක දී යමක් අත්පත්කර ගැනී‍ම සඳහා වියදම් කරන ලද මුදල් ප්‍රමාණය පිරිවැය ලෙස ගණනය කරයි. මෙහි දී ‍යමක් අත්පත් කරගැනීම සඳහා යෙදවුම් වශයෙන් භාවිතා කරන්නේ මුදල් ය. සමහර අවස්ථාවල දී අත්පත් කරගැනීම් පිරිවැය, නිෂ්පාදකයා විසින් දරන නිෂ්පාදන පිරිවැයේ සහ ගැනුම් නිලධාරියා විසින් අනෙකුත් ගනුදෙනු සඳහා දරන පිරිවැයේ එකතුවට අවසානයේ දී මේ සියලු පිරිවැයන් ඇතුලත් මිල නිෂ්පාදකයාට ලැබෙන අතර මිල තුළ නිෂ්පාදන පිරිවැයට අමතරව ලාභ කොටසක් ද සාමාන්‍යයෙන් අන්තර්ගත වේ.

පිරිවැය තවදුරටත් එහි කාලය හා අදාළ බව පදනම් කරගෙන විස්තර කළ හැකි යි.


ගිණුම්කරණය සහ ආවස්ථික පිරිවැය

[සංස්කරණය]

ගිණුම්කරණයේ දී පිරිවැය යන්නෙන් අදහස් වන්නේ ව්‍යාපාරයක් හෝ වෙනත් ගිණුම්කරණ ඒකකයක් විසින් සැපයුම්, සේවා ශ්‍රමය, නිෂ්පාදිත සහ අනෙකුත් උපකරණ මිලදී ගැනීමට දරන ලද වියදම්වල මුදල්මය වටිනාකම යි. එය මිල වශයෙන් ඉන්වොයිස්වල දක්වා ඇති ප්‍රමාණය වන අතර පොත් තැබීමේ දී වියදම් වශයෙන් හෝ වත්කම්වල මුල් පිරිවැය ලෙස වාර්තා කැරෙයි.

ආවස්ථික පිරිවැය ආර්ථික පිරිවැය වශයෙන් ද හඳුන්වන අතර යම් විකල්පයක් තෝරා ගැනීසම්දී ඒ වෙනුවෙන් කැප කරන ලද හොඳම විකල්ප අවස්ථාව මින් නිරූපණය වේ. මෙය සෑම විටම අත් හරින ලද අවස්ථාවන් නිරූපණය කරයි.

සෛද්ධාන්තික ආර්ථික විද්‍යාවේ දී සුදුසුකම් නොමැති පිරිවැය යනු ආවස්තික පිරිවැයයි.


පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය, සමාජ පිරිවැය හා මානසික පිරිවැය සැසඳීම (Psychic Cost)

ගනුදෙනුවක් සිදුවූ විටක දී නියම වශයෙන් ඒ තුළ පෞද්ගලික හා බාහිර පිරිවැය අන්තර්ගත වේ.

පෞද්ගලික පිරිවැය යන්නෙන් අදහස් වන්නේ යමකු භාණ්ඩයක් හෝ සේවාවක් හෝ මිලදී ගැනීමේ දී ඒ සඳහා වෙළෙන්දාට ගෙවන මුදල යි.

බාහිර පිරිවැය යන්නෙන් අදහස් වන්නේ අදාළ ගනුදෙනුව නිසා මිලදී ගන්නා පුද්ගලයාට හැර අනෙකුත් පාර්ශවයන්ට දැරීමට සිදුවන පිරිවැය යි. බාහිර පිරිවැය සුවිශේෂී පුද්ගලයකුට හෝ සමස්ත සමාජයටම හෝ දැරීමට සිදුවිය හැක. මෙය මුදල්මය වටිනාකමකින් ප්‍රකාශ කිරීම අපහසු බැවින් මුදල්මය වටිනාකම් සමඟ සංසන්දනයේ දී ගැණීම් මත විය හැකිය. මේ සඳහා දූෂණය, සමාජය විසින් ගෙවීමක් ලැබීමට අපේක්ෂා කරන ලද දැක්විය හැකි අතර ගනුදෙනුවල මිලට මෙම පිරිවැය අන්තර්ගත නොවේ.

සමාජ පිරිවැය යන්නෙන් අදහස් වන්නේ පෞද්ගලික පිරිවැය හා බාහිර පිරිවැය යන දෙකේ එකතුවයි.

නිදසුන් වශයෙන් කාරයක් නිෂ්පාදනය කිරීමේ දී දැරීමට සිදුවන අමුද්‍රව්‍ය පිරිවැය, බදු පිරිවැය, ශ්‍රම පිරිවැය, කුලී පිරිවැය ආදිය පෞද්ගලික පිරිවැය ලෙස හැඳින්වෙන අතර මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඇතිවන වායු දූෂණය,ජල දූෂණය ආදී දෑ බාහිර පිරිවැය ලෙස හැඳින්වේ. මෙම පිරිවැය දෙවර්ගයේම එකතුවෙන් සමාජ පිරිවැය ගොඩනැගේ. නිෂ්පාදකයන් විසින් මෙම බාහිර පිරිවැය කාරයේ මිලට ඇතුලත් නොකරයි. මේ ආකාරයටම කාරය මිලදී ගන්නා පුද්ගලයන් එය භාවිතා කිරීමේදී ද බාහිර පිරිවැයක් ඇතිවේ. එයට හේතුව එය භාවිත කිරීමේදී සිදුවන පරිසර දූෂණය යි. නමුත් රියදුරු විසින් පරිසර දූෂණය වෙනුවෙන් වන්දි නොගෙවනු ලබයි.

මානසික පිරිවැය (Psychic Cost) සමාජ පිරිවැයේ උපකුලකයක් වශයෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ආතතිය, ජීවන තත්ත්වයේ සිදුවන පහළවැටීම් වැනි සමාජ පිරිවැය මානසික පිරිවැය යටතට ගැනේ.

පිරිවැය තක්සේරු කිරීම හා පිරිවැය අධිතක්සේරුවීම

[සංස්කරණය]

(Cost Overrun)

නව ව්‍යාපාරයක් සඳහා හෝ නිෂ්පාදිතයක් සඳහා හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් ව්‍යාපාර සැලැස්ම සංවර්ධනය කිරීමේදී සැලසුම් කරුවන් නියම වශයෙන් පිරිවැය තක්සේරු කරනු ලබන්නේ ආදායම හෝ ප්‍රතිලාභ මඟින් පිරිවැය ආවරණය කරගත හැකිද යන්න සොයා ගැනීමටයි. (පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය) මෙය රජය හා ව්‍යාපාර යන අංශ දෙකම සිදු කරයි. පිරිවැය නිරන්තරයෙන් ඌන තක්සේරු වන්නේ ක්‍රියාත්මක කිරීමේදී පිරිවැය අධි තක්සේරු වන බැවිනි. පිරිවැය ඌන තක්සේරු වීමට හා අධි තක්සේරු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශුභවාදී නැඹුරුව හා වැරදි උපාය මාර්ග නියෝජනය කිරීමයි. නිර්දේශ පන්ති පුරෝකථනය (References Class Forecasting) සංවර්ධනය වූයේ ශුභවාදී නැඹුරුව හා වැරදි උපාය මාර්ග නියෝජනය පාලනය කරමින් වඩාත් නිවැරදි පිරිවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙනි.



Reference: http://en.wikipedia.org/wiki/Cost

"https://si.wikipedia.org/w/index.php?title=පිරිවැය&oldid=778905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි