පිරිවැය

විකිපීඩියා වෙතින්

ආර්ථික විද්‍යාවේ ව්‍යාපාරවලදී සහ ගිණුම්කරනයේදී යමක් නිෂ්පාදනය කිරීම සඳහා දරන ලද මුදල්මය වටිනාකම පිරිවැය වශයෙන් හැඳින්වේ. එම නිසා මෙය තවදුරටත් බාවිතා කළ හැකි දෙයක් නොවේ.ව්‍යාපාරවලදී පිරිවැය අත්පත්කරගැනීමක් වශයෙන් හැඳින්විය හැකි අතර ඕනෑම අවස්ථාවකදී යමක් අත්පත්කර ගැනී‍ම සඳහා වියදම් කරන ලද මුදල් ප්‍රමාණය පිරිවැය ලෙස ගණනය කරයි. මෙහිදී ‍යමක් අත්පත් කරගැනීම සඳහා යෙදවුම් වශයෙන් භාවිතා කරන්නේ මුදල්ය. සමහර අවස්ථාවලදී අත්පත් කරගැනීම් පිරිවැය, නිෂ්පාදකයා විසින් දරන නිෂ්පාදන පිරිවැයේ සහ ගැණුම් නිළධාරියා විසින් අනෙකුත් ගණුදෙණු සඳහා දරණ පිරිවැයේ එකතුවට අවසානයේදී මේ සියළු පිරිවැයන් ඇතුලත් මිල නිෂ්පාදකයාට ලැබෙන අතර මිල තුල නිෂ්පාදන පිරිවැයට අමතරව ලාභ කොටසක්ද සාමාන්‍යයෙන් අන්තර්ගත වේ.

පිරිවැය තවදුරටත් එහි කාලය හා අදාළ බව පදනම් කරගෙන විස්තර කළ හැක.


ගිණුම්කරණය සහ ආවස්ථික පිරිවැය[සංස්කරණය]

ගිණුම්කරණයේදී පිරිවැය යන්නෙන් අදහස් වන්නේ ව්‍යාපාරයක් හෝ වෙනත් ගිණුම්කරණ ඒකකයක් විසින් සැපයුම්, සේවා ශ්‍රමය, නිෂ්පාදිත සහ අනෙකුත් උපකරන මිලදී ගැනීමට දරන ලද වියදම්වල මුදල්මය වටිනාකමයි. එය මිල වශයෙන් ඉන්වොයිස්වල දක්වා ඇති ප්‍රමාණය වන අතර පොත් තැබීමේදී වියදම් වශයෙන් හෝ වත්කම්වල මුල් පිරිවැය ලෙස වාර්තා කරයි.

ආවස්ථික පිරිවැය ආර්ථික පිරිවැය වශයෙන්ද හඳුන්වන අතර යම් විකල්පයක් තෝරා ගැනීසම්දී ඒ වෙනුවෙන් කැප කරන ලද හොඳම විකල්ප අවස්ථාව මින් නිරූපනය වෙි. මෙය සෑම විටම අත් හරින ලද අවස්ථාවන් නිරූපණය කරයි.

සෛද්ධාන්තික ආර්ථික විද්‍යාවේදී සුදුසුකම් නොමැති පිරිවැය යනු ආවස්තිකපිරිවැයයි.


පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය, සමාජ පිරිවැය හා මානසික පිරිවැය සැසඳීම(Psychic Cost)

ගණුදෙණුවක් සිදුවූ විටකදී නියම වශයෙන් ඒ තුල පෞද්ගලික හා බාහිර පිරිවැය අන්තර්ගත වේ.

පෞද්ගලික පිරිවැය යන්නෙන් අදහස් වන්නේ යමෙකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී ඒ සඳහා වෙළෙන්ඳාට ගෙවන මුදලයි.

බාහිර පිරිවැය යන්නෙන් අදහස් වන්නේ අදාළ ගණුදෙණුව නිසා මිළදී ගන්නා පුද්ගලයාට හැර අනෙකුත් පාර්ශවයන්ට දැරීමට සිදුවන පිරිවැයයි. බාහිර පිරිවැය සුවිශේෂී පුද්ගලයෙකුට හෝ සමස්ත සමාජයටම දැරීමට සිදුවිය හැක. මෙය මුදල්මය වටිනාකමකින් ප්‍රකාශ කිරීම අපහසු බැවින් මුදල්මය වටිනාකම් සමඟ සංසන්දනයේදී ගැණීම් මත විය හැකිය. මේ සඳහා දූෂණය, සමාජය විසින් ගෙවීමක් ලැබීමට අපේක්ෂා කරන ලද දැක්විය හැකි අතර ගණුදෙණුවල මිලට මෙම පිරිවැය අන්තර්ගත නොවේ.

සමාජ පිරිවැය යන්නෙන් අදහස් වන්නේ පෞද්ගලික පිරිවැය හා බාහිර පිරිවැය යන දෙකේ එකතුවයි.

නිදසුන් වශ‍ෙයන් කාරයක් නිෂ්පාදනය කිරීමේදී දැරීමට සිදුවන අමුද්‍රව්‍ය පිරිවැය, බදු පිරිවැය, ශ්‍රම පිරිවැය, කුලී පිරිවැය ආදිය පෞද්ගලික පිරිවැය ලෙස හැඳින්වෙන අතර මෙම නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇතිවන වායු දූෂණය,ජල දූෂණය ආදී දෑ බාහිර පිරිවැය ලෙස හැඳින්වේ. මෙම පිරිවැය දෙවර්ගයේම එකතුවෙන් සමාජ පිරිවැය ගොඩනැගේ. නිෂ්පාදකයින් විසින් මෙම බාහිර පිරිවැය කාරයේ මිලට ඇතුලත් නොකරයි. මේ ආකාරයටම කාරය මිලදී ගන්නා පුද්ගලයින් එය භාවිතා කිරීමේදීද බාහිර පිරිවැයක් ඇතිවේ. එයට හේතුව එය භාවිත කිරීමේදී සිදුවන පරිසර දූෂණයයි. නමුත් රියදුරු විසින් පරිසර දූෂණය වෙනුවෙන් වන්දි නොගෙවනු ලබයි.

මානසික පිරිවැය (Psychic Cost) සමාජ පිරිවැයේ උපකුලකයක් වශයෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ආතතිය, ජීවන තත්ත්වයේ සිදුවන පහළවැටීම් වැනි සමාජ පිරිවැය මානසික පිරිවැය යටතට ගැනේ.


පිරිවැය තක්සේරු කිරීම හා පිරිවැය අධිතක්සේරුවීම[සංස්කරණය]

(Cost Overrun)

නව ව්‍යාපාරයක් සඳහා හෝ නිෂ්පාදිතයක් සඳහා හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් ව්‍යාපාර සැලැස්ම සංවර්ධනය කිරීමේදී සැලසුම් කරුවන් නියම වශයෙන් පිරිවැය තක්සේරු කරනු ලබන්නේ ආදායම හෝ ප්‍රතිලාභ මඟින් පිරිවැය ආවරණය කරගත හැකිද යන්න සොයා ගැනීමටයි. (පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය) මෙය රජය හා ව්‍යාපාර යන අංශ දෙකම සිදු කරයි. පිරිවැය නිරන්තරයෙන් ඌන තක්සේරු වන්නේ ක්‍රියාත්මක කිරීමේදී පිරිවැය අධි තක්සේරු වන බැවිනි. පිරිවැය ඌන තක්සේරු වීමට හා අධි තක්සේරු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශුභවාදී නැඹුරුව හා වැරදි උපාය මාර්ග නියෝජනය කිරීමයි. නිර්දේශ පන්ති පුරෝකථනය (References Class Forecasting) සංවර්ධනය වූයේ ශුභවාදී නැඹුරුව හා වැරදි උපාය මාර්ග නියෝජනය පාලනය කරමින් වඩාත් නිවැරදි පිරිවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙනි.



Reference: http://en.wikipedia.org/wiki/Cost

"https://si.wikipedia.org/w/index.php?title=පිරිවැය&oldid=471752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි