පිඟන් භාණ්ඩ කලාව

විකිපීඩියා වෙතින්
අලංකාර ලෙස නිමවා ඇති බදුනක්

1906 දී අප්‍රකට කලාකරුවෙකු විසින් Madonna Moderna නිර්මාණය කර ඇත. පිඟන් භාණ්ඩ කලාව හුදෙක් නිර්මාණය වන්නේ අත්කම් භාණ්ඩ ලෙසිනි. බොහෝවිට මෙයින් ප්‍රයෝජනයක් නොමැතිමුත් සිත් ඇදගන්නා සුළු සහ විචිත්‍රවත් පෙනුමකින් යුක්තය.

මෙම කලාවේ නව සිද්ධාන්ත අනුව සාමාන්‍යයෙන් මෙහි ප්‍රයෝජනවත් බවට වඩා ප්‍රමුඛතාවයක් හිමිවන්නේ එහි සෞන්දර්යාත්මක ගුණාංගයන්ටය. එමෙන්ම ආචාරධර්මවලට ඇතුලත්ව අඩුම වශයෙන් 1940 සිට මෙම පිඟන් භාණ්ඩ කලාවේ මතධාරීන් විසින් මෝස්තර සහ අනෙකුත් සුදුසුකම් මේ සඳහා ඇතුලත් කර ඇත. මෙම සියුම් කලාවේ සංකල්පය ඇරඹීමට හා එහි ව්‍යාප්තියට මූලික වූයේ විලියම් ස්ටේට් මුරේ වුවද පසුව ලුසී රී සහ හෑන්ස් කොපර් විසින් මෙහි උන්නතිය සඳහා කටයුතු කරනු ලැබීය. මීට අමතරව මෙම කලාවේ ශිල්පයන් හා ආචාරධර්ම ගවේෂණාත්මකව සෙවීමට බර්නාර්ඩ් ලීච් සහ ඔහුගේ අනුගාමිකයින් උනන්දු විය.

එමෙන්ම මෙම කලාවේ ගලායෑම ස්වභාවධර්මයේ පරීක්ෂණාත්මක සිද්ධින් හා එළඹ සිටී. එමෙන්ම මෙම සියුම් කලාව සහ ඊට අදාල නොයෙක් මෝස්තර නිර්මාණ ශිල්පීන් වැඩි වශයෙන් නැඹුරුතාවක් දක්වන්නට වූයේ කලාව කාර්මීකරණය වීම සහ නොයෙකුත් ක්‍රමවේදයන්ගෙන් යුත් නිෂ්පාදන බිහිවීමත් සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=පිඟන්_භාණ්ඩ_කලාව&oldid=472286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි