පැසින්

විකිපීඩියා වෙතින්
Jules Pascin

ජුලියස් මොඩෙකායි පින්කාස් (1885 මාර්තු 31 – 1930 ජුනි 05) බෙල්ජින් ජාතික චිත්‍ර ශිල්පියෙකු වන අතර ඔහු පැසින්, ජුල්ස් පැසින් සහ මොන්ට්පැනාස් කුමාරු යන අන්වර්ථ නාම වලින් හැදින්වෙයි.

අන්තර්ගතය

· 1 - මුල්කාලීන ජීවිතය

· 2 - ඇමරිකාව

· 3 - වෘත්තිය

· 4 - මරණය

· 5 - සටහන්

· 6 - යොමුව

· 7 - බාහිර සම්බන්ධයන්

මුල්කාලීන ජීවිතය

පැසින් උපත ලද්දේ බල්ගේරියාවේ විඩින් ප්‍රදේශයේදී වන අතර ඔහුගේ පියා ස්පාඤ්ඤ - සෙෆාඩික යුදෙව් ජාතිකයෙකු විය. ඔහුගේ මව සර්බියානු - ඉතාලි ජාතික කාන්තාවක් විය. ඔහු සිය මුල්කාලීන පුහුණුව වියනා සහ මියුනිච් ප්‍රදේශයන් හිදි ලබාගන්නා ලදී. ඔහු තම අනුවර්තනාමය වු පැසින් යන්න (මෙය පින්කාස් යන්නෙහි සුළු විකරණයක් වෙයි.) යන්න 1905 වසරේ මුල්භාගයේ පටන් භාවිත කිරීම ආරම්භ කරන ලදී. මෙම කාලය තුළදීම ඔහු මියුනිච්හි ප්‍රකාශයට පත් වු හාස්‍ය ජනක සගරාවක් වු සිම්ප්ලිසිසිමස් නම් සඟරාව සදහා චිත්‍ර නිර්මාණ සිදු කිරීම ආරම්භ කළේය. 1905 වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු පැරිස් නගරය වෙත පැමිණියේය. ඒත් සමගම 20 වන සියවසේ අරම්භයේ දී පැරිසිය වෙත ගලා ආ කාලාත්මක නිර්මාණ කරුවන් පිරිසෙන් අයෙකු බවට ඔහු පත් විය. 1907 වසරේ දී පැසින්ට තවත් සිත්තරියක වු හර්මයින් ලියෝනට් කාටන් ඩේවිඩ් නම් කාන්තාව මුන ගැසුණු අතර ඔවුන් ආදර වන්තයන් බවට පත් විය. අනතුරුව 1914 ඔක්තෝබර් මස 03 වැනි දින පැසින් ඇමරිකාව බලා පිටත් වන තෙක්ම ඔවුහු එක්ව දිවි ගෙවුහ. පැසින් ඇමරිකාව බලා යාමෙන් අනතුරුව හර්මයින් ඩේවිඩ් තවදුරටත් සිය මව සමග පැරීසියේ ජීවත් වු අතර කෙසේ නමුත් 1914 ඔක්තෝබර් මස 31 වැනි දින පැසින්ගේ ඉල්ලීමට අනුව ඇයද ඇමරිකාව බලා පිටත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=පැසින්&oldid=249676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි