පැරණි රෝමානු ආගම

විකිපීඩියා වෙතින්

පැරණි රෝමානු ආගම දෙවියන් හා මනුෂ්‍යයන් අතර ඇති සංකීර්ණ සබදතාවක් මත ගොඩනැගුනකි. ග්‍රීක පුරාවෘතියන්හි දෙවියන් මනුෂ්‍යයන් කොට වන්දා කරන අතර රෝමානු ඇදහිලි වලට අනුව දෙවියන් ශුද්ධ ආත්මයක් ඇතිවුන් (Numiana) ලෙස හැදින්වේ. රෝමානුවන් විශ්වාස කරන අකාරයට සැම මනුෂ්‍යයෙකුට, ස්ථානයන්ට හා වස්තුවන්ට එයටම අධිපති වු දෙවියෙක්හා ආත්මයක් පවතී. රෝමානු සාමුහාණ්ඩුව පවතිනකල්හි රෝමානු ආගම ඉතා දැඩි පද්ධිතියක් යටතේ උත්තරිතර මන්ත්‍රී මණ්ඩලයක් විසින් හෛබවනු ලැබිය. ධුරතාවලියෙන් ඉහළම නිළය පාප්වහන්සේ විසින් දරයි ෆ්ලැමෙන්ස් (Flamens) යන පුජකතුමන් විසින් දේව ඇදහිලි පවත්වාගෙන යාම සිදු කළ අතර බර්ගර් (Augur) පුජක කොට්ටාඨය විසින් දෙවියන්ගේ කැමැත්ත පිලිබදව අනාවැකි පැවසිම සිදු කරයි. රෝම අධිරාජ්‍යයවරුන් දෙවියන් ලෙස එරට වැඩියෙන් පුද පුජා සිදු කරන ලදි.

ග්‍රිසීයක් සමගපැවැත් වු සබදතා හේතුවෙන් ග්‍රිසියේ දේවයින් හා රෝම දෙවියන් එක සමාන ලෙස සැළකුවේයේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රීසියේ Zeus දෙවියන් Jupiter දෙවියන් ලෙසත් Ares Mars දෙවියන් ලෙසත් Poseidon දෙවියන් Neptune දෙවියන් ලෙසත් ඔවුන් විසින් පිළිගත්හ. මෙලෙස ක්‍රි.පු. 1 වන සියවස වන විට එතෙක් පැවති ආ රෝම ආගමික සිරිත් බොහෝ සෙයින් වෙනස් විය. මෙම නිසා සමහර රෝම අධිරාජ්‍යයන් මරණින් පසුව දෙවියන් ලෙස වැදුම් පිදුම් ලැබුහ.

රාජ්‍යනායකයන් අනුගමනය කරමින් රෝමානු වැසියන්ද විවිධ විදේශිත දෙවියන් අදහිම ආරම්භ කරන ලදී. උදාහරණයක් වශයෙන් ඊජිප්තුවේ දෙවි Isis සහ පර්සියානු දෙවි Mithras ඇදහිමිට රෝමානු වැසියන් පෙළඹුනහ. ක්‍රි.ව. 2 වන සියවසේ දි ක්‍රිස්තියානි ආගමට රෝමය වැළදගත්හ. ප්‍රථහයෙන් Nero අධිරාජ්‍යා ක්‍රිස්තුයානුවෙකු බවට පත් වුවද එම කාලවකවානුවේදී ක්‍රිස්තියානුවෙකු විම මරණ දණ්ඩණය හිමි විය හැකි වරදකි. නමුත් පසුව Diocletian අධිකාරයාගේ සමයේ ක්‍රිස්තියානින් අගාම රෝමය ස්ථානයක වැජබිම ආරම්භ කරන ලදි. ඉන්පසු Constantine I අධිරාජ්‍යයාගේ කාලයේදී ක්‍රිස්තියානි ආගම රාජ්‍යයේ නිළ ආගම බවට පත් කෙරෙණි. ක්‍රිස්තියානි ආගම රාජ්‍යයේ නිළ ආගම බවට පත් කෙරිණි. ක්‍රිස්තියානි ආගම රෝමයේ ස්ථිර ආගම බවට පත් වු අතර ක්‍රි.ව 391 දී The odosius I අධිරාජ්‍ය වරයා ක්‍රිස්තියානි ආගම හැරෙන්නට අනෙකුත් සියලුම ආගම් රෝමයේ තහනම් කරන ලදි.

සටහන්[සංස්කරණය]

| Ancient Rome - Religion |}

"https://si.wikipedia.org/w/index.php?title=පැරණි_රෝමානු_ආගම&oldid=495889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි