Jump to content

ගස්ලබු

විකිපීඩියා වෙතින්
(පැපොල් වෙතින් යළි-යොමු කරන ලදි)
ගස්ලබු
Papaya tree and fruit, from Koehler's Medicinal-Plants (1887)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiosperms
(ශ්‍රේණිගත නොකළ): Eudicots
(ශ්‍රේණිගත නොකළ): Rosids
ගෝත්‍රය: Brassicales
කුලය: Caricaceae
ගණය: 'Carica'
විශේෂය: ''C. papaya''
ද්වීපද නාමය
Carica papaya

ඇමරිකාවේ නිවර්තන ප‍්‍රදේශයන් නිජබිම කොටගෙන වැඩුණු පැපොල් “කැරිකේසේ” කුලයට අයත් වේ. රසය, ගුණය මෙන්ම පෝෂණයද අධික පලතුරක් ලෙස හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යා නාමය”Carica papaya” නම් වේ. පෝෂණ ගුණයෙන් පමණක් නොව ඖෂධීය ගුණයෙන්ද සපිරි මෙම ගස්ලබු විවිධ උෂ්ණත්වයන් යටතේ වගාකළ හැකි අතර ඕනෑම ප‍්‍රදේශයක ද පහසුවෙන් වගා කළ හැකිය. එපමණක් නොව පොල් අන්නාසි වැනි භෝගයක් සමඟ අතුරු භෝගයක් ලෙසින්ද වැවිය හැකි ඵලදායි ආර්ථික භෝගයක් ලෙසින්ද හැඳින්වේ.

හ්ක්බ්බ්බුහොඉඋඉබ්ක්ක්ක්කිබ්බ්බ්7බ්ක්ු

[සංස්කරණය]

උබ්ඛ්ක්ඛීහ්හ්හිහුඉබුබ්කුබ්බ්කුබ්කුබීබ්බ්බීබීබ්බ්බී7බීබ්බ්බිබි7බී7ඉබ්බ්බ්බ්බ්බ්බිහිබීඊඊඊබීඉබ්බිය්‍ය්‍යිව්විය්‍ය්ව්ව්ව්හිව්බ්බ්බ්බ්බ්බ්බ්බ්ජ්බ්බ්බ්ක්ක්ක්ව්ජ්ජ්ජ්ජ්ජ්බ්බ්ව්ව්ව්ව්ව්හ්666ඊඊඊඉහීඊඉ7777ඉ777වෝඔ7හ්හ්හ්ව්බෝඔහෝහ්හ්හ්හ්හ්හ්හ්ක්ක්ක්

පැපොල් ප‍්‍රභේද වර්ග කිහිපයකි. රත් රෙඩ්, ලෙඩ්, සෝලෝ හවායි, රත්න පැපොල් ආදී වර්ග කිහිපයක් ඒ අතර වේ.

ඵල හට නොගන්නා පැපොල් ගස්ද ඇති අතර මල් ගස්ලබු, රෑන ගස්ලබු යන නම් වලින් ඒවා හැඳින්වේ.9

පෝෂණ ගුණය

[සංස්කරණය]

විටමින් සී බහුල පලතුරක් වූ පැපොල් වල සුක්රෝස්, ඩෙක්රෝස්, මැලික් අම්ලය, සිට්රේට්, පෙක්ටින් ආදියද අන්තර්ගතය. ඊට අමතරව විටමින් ඒ, බී, බී 2 සහ යකඩ, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත්ය.

ඖෂධීය ගුණය

[සංස්කරණය]

ගස්ලබු කුසගිනි වඩවන පලතුරක් ලෙසින්ද හඳුන්වයි. ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සඳහා ගස්ලබු ඖෂධයක් ලෙසින් භාවිතා කරන අතර මළ බද්ධයට ඉක්මන් සහනයක් ලබාදේ. එපමණක් නොව ගස්ලබු ගසෙහි මුල් සර්ප දෂ්ඨනයේදී ඖෂධ ලෙසින්ද භාවිතා කරන අතර කොළ, මුල්, ගෙඩි, කිරි ආදි සියල්ලම ඖෂධ ලෙසින් පාවිච්චියට ගැනේ.

ආහාරයක් ලෙස

[සංස්කරණය]

පලතුරක් ලෙස

[සංස්කරණය]

පලතුරු සලාද සඳහා නැතිවම බැරි ඉදුණු ගස්ලබු ජෑම් සෑදීමටද කදිමය. පලතුරු සලාද සඳහා ගස්ලබු මිලදී ගන්නා විට හොඳින් ඉදුණු ඒවා නොව බාගෙට ඉදුණු ඒවා තෝරා ගැනීමට උනන්දු වන්න. මන්ද බාගෙට ඉදුණු ගස්ලබු කෑලි කැපීමට හැකි වුවද හොඳින් ඉදුණු ඒවා කෑලි කැපීමට අපහසුය. සලාදයක රස හොඳින් දැනෙනුයේ එය කෑලි වශයෙන් හැපෙන විටදීය. ගස්ලබු වලින් මෙම සලාද, ජෑම්, බීම වර්ග සෑදීමේදී සීනි අඩුවෙන් භාවිතා කිරීමට වගබලා ගන්න.

එළවළුවක් ලෙස

[සංස්කරණය]

ඉදුණු ගස්ලබු මෙන්ම අමු ගස්ලබු ද ආහාරය පිණිස ගැනේ. සාමාන්‍යයෙන් අමු ගස්ලබු ආහාර දිරවීම පහසු කරන අතර තද ගතියෙන් යුතු ආහාර මෘදු කර ගැනීමට ද භාවිතා කෙරේ. එපමණක් නොව අමු ගස්ලබු දේශීය අච්චාරුවට නැතිවම බැරි දෙයකි. සිහින්ව කපා බාගෙට තැම්බූ ගස්ලබු විනාකිරෙන් පැසුණු කළ මුවඟට එක්කරනුයේ අපූර්ව රසයකි. එපමණක් නොව එහි සුවඳින් කෑමට රුචියද වඩවාලයි. මැල්ලුමක් ලෙසින්ද ව්‍යාංජනයක් ලෙසින්ද වඩා රසවත් මෙය නිතර දෙවේලේ කටට හුරු රසය වෙනුවට ඔබට නැවුම් රසයක් ලබාදේ.

අද වෙළෙඳ පොළේ විවිධ ප‍්‍රමාණයන්ගෙන් විවිධ මිල ගණන් යටතේ පැපොල් විකිණීමට ඇති නමුදු ගසෙහිම ස්වභාවිකව ඉදුණු ගෙඩියක් තෝරා ගැනීම අපහසු වී ඇත. මන්ද එත්රල්, කාබයිඩ් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගීත්වයෙන් ඉඳවා ගත් ගෙඩිද ඒ අතර ඇති බැවිනි. සාමාන්‍යයෙන් එතිලින් වායුව පලතුරු ඉදවීමට උදව් වන වායුවකි. මෙම එතිලින් වායුවෙන් නිපදවෙන එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය නියමිත පරිමාවකි ශරීරයට ද අහිතකර නොවේ. නමුත් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොව තම ලාභ ප‍්‍රයෝජනය ගැන සිතන වෙළෙඳුන් බොහොමයක් මෙම එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය ගස්ලබු වලට එන්නත් කරනු ලබයි. එවිට නොපැසුණු ගෙඩි වුවද දිනයකින් පමණ ඉදවා ගත හැකි අතර ඒ තුළින් විෂ ශරීරගත විම වැළැක්විය නොහැකිය. එබැවින් ඔබ ගස්ලබු මිලදි ගැනීමේදී පිට පොත්තේ සිදුරු තිබේදැයි විමසිලිමත් වීම ඉතා වැදගත්. එපමණක් නොව තැලුණු, පිට පොත්තේ කළු ලප, දුඹුරු ලප ඇතිවුණු ගස්ලබුද මිලදී නොගන්න.ස ෑම විටම අලුත් පෙනුමැති, ස්වභාවික සුවඳින් යුතු ගස්ලබු තෝරා ගැනීමට වගබලාගත යුතු අතර අව්වේ තබා කැකෑරුණු, කුණු, දූවිලි ගැවසුණු ගෙඩි මිලදී නොගන්න. ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදුණු ගෙඩියක් නම් එය ස්වභාවිකව ඉදුණු ගෙඩියක් වන අතර සම්පූර්ණයෙන්ම එකම වර්ණයක් ගන්නා ගස්ලබු රසායනික ද්‍රව්‍ය යෙදූ ඒවා විය හැකිය. එබැවින් මේ තත්ත්වය හොඳින් අවබෝධ කොට පිරිසුදු ගස්ලබු ගෙඩියක රස විඳින්න සෑම විටම උත්සාහ ගත යුතු වේ. මේ දිනවල වෙළෙඳ පොළේ තරමක් විශාල ප‍්‍රමාණයේ ගස්ලබු වර්ගයක් අලෙවි වන අතර ඒවා රතු පැහැති වර්ණයක් ගනියි.

"https://si.wikipedia.org/w/index.php?title=ගස්ලබු&oldid=698677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි