පාරි‍භෝගික ආරක්‍ෂණය

විකිපීඩියා වෙතින්

හැදින්විම[සංස්කරණය]

ගනුදෙනුකරු නිරන්තරයෙන්ම නිවැරදිය යන්න වෙළදාමේ මුලික ප්‍රතිපත්තියකි.කෙ‍සේ වෙතත් බොහෝ ව්‍යාපාර හිමිකරුවන් මෙම මුලධර්මය පිළිබද නොදැන හෝ සරලව ඵයට ඵකග නොවේ ඵ් වෙනුවට ඔවුන් බාල තත්වයේ අමුද්‍රව්‍ය භාවිත කරම්න් හා ඵම තත්වයන්ට අනුගත නොවෙම්න් වියදම අවම කරගෙන කෙට්කාලිනව ඉහළ තත්වයක් ලබා ගැනිම අරමුණු කරයි.මේ හේතුවෙන් ලංකාව තුළ පාරිභෝගික අයිතින් සුරකිනු වස් 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබද අධ්කාරිය පනත 1980 අංක 26 දරන ආහාර පනත 1986 අංක 11 දරන භාණ්ඩ හා වෙළදාම් ආඥා පනත යන අණ පනත් හදුන්වා දි ඇත.

පාරිභෝගිකයා ,නිෂ්පාදකයා, වෙළෙන්දා,

පාරිභෝගිකයා යනු?[සංස්කරණය]

පාරිභෝගික ආරක්‍ෂණ පනතට අනුව වෙළෙන්දෙකු හෝ සාදන්නෙකු විසින් ප්‍රතිෂ්ඨාවක් සදහා ලබා ගැනිමට සලස්වන යම් භාණ්ඩයක් හෝ සේවා නියම වශයෙන් භාව්තා කරන්නෙකු හෝ භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වියහැකි තැනැත්තෙකු අදහස් වේ.ඇත්ත වශයෙන්ම යම් භාණ්ඩයක් හෝ සේවාවක් ම්ලට ගන්නා ඕනෑම අයෙකි

වෙළෙන්දා යනු?[සංස්කරණය]

තොග වශයෙන් වෙනත් තැනැත්තන්ට භාණ්ඩ ව්කුණන හෝ සපයන සිල්ලර මිළට පාරිභෝගිකයන්ට භාණ්ඩ විකුණන හෝ සපයන විකිණිම හෝ සැපයිම සදහා භාණ්ඩ ආනයනය කරන ප්‍රතිෂ්ඨාවක් සදහා සේවා සපයන තැනැත්තෙකි.

සාදන්නා යනු?[සංස්කරණය]

යමි ද්‍රව්‍යයක් හෝ යමි භාණ්ඩයක් සාදන රසායනික ක්‍රියාවලියක් හෝ වෙනත් ආකාරයකින් යම් ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් සාදන හෝ එකලස් කරන හෝ යම් භාණ්ඩයක් විකිණිම සදහා සකස් කරන යම් තැනැත්තෙකු අදහස් වේ.

පාරිභෝගික අයිතින්[සංස්කරණය]

පාරිභෝගිකයා යනු වෙළෙන්දකු හෝ සාදන්නකු විසින් ප්‍රතිෂ්ඨාවක් සදහා ලබා ලබාගැනිමට සලස්වනු ලබන යමි භාණ්ඩ හා සේවා නියම වශයෙන් භාවිතා කරන්නෙකු හෝ භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකි.ලංකාවේ සිටින සියලු වෙළෙන්දන් ,සැපයුම්කරැවන් සහ නිෂ්පාදකයන් පාරිභෝගික ආරක්‍ෂණයට අදාල නිති තත්වයන් හා ක්‍රියාමාර්ගවලට අනුගත විය යුතුය.එකග වුණු තත්වයන්ට වඩා පහළ මට්ටමේ භාණ්ඩ හා සේවා මිල දි ගැනිමේදි මුහුණදෙන ප්‍රශ්න විසදා ගැනිමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පිඩාවට පත් පාර්ශවයන්ට උදව් වේ.පාරිභෝගිකයෙකුගේ අයිතිවාසිකමක් කඩ වි ඇති විටෙක පාරිභෝගිකයාට නිති පියවර ගත හැක.වෙළෙන්දෙකු හෝ නිෂ්පාදකයෙකු ඔවුන්ගේ රාජකාරිය කඩකොට ඇතැයි පෙනිගිය අවස්ථාවක දඩයකින් හෝ සිරදඩුවමින් දඩුවමට ලක් වේ.පාරිභෝගික ආරක්‍ෂණ රෙගුලාසි මගින් පාරිබෝගිකයාගේ අයිතිවාසිකම් හා නිෂ්පාදකයාගේ හා වෙළෙන්දාගේ යුතුකම් හා වගකිම් දක්වා තිබේ.වෙළද වානිජ්‍ය පාරිභෝගික කටයුතු සහ වෙළද සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් පාරිභෝගික ආරක්‍ෂණ රෙගුලාසි පාලනය වේ.නිෂ්පාදනය ,සැදිම ,සැපයුම,ගබඩාකිරිම ,ප්‍රවාහනය හෝ පාරිභෝගික ආරක්‍ෂණ රෙගුලාසි මගින් තිරණය කර ඇති නියම තත්වයන්ට නොගැලපෙන භාණ්ඩ හා සේවා සැපයිම සම්බන්ධ පාරිභෝගික පැමිණිලි විභාග කිරිමට අධිකාරියට බලය ඇත.එහි මුලිකම අරමුණ වන්නේ එකල වු තත්වයන්ට වඩා පහළ මට්ටමේ භාණ්ඩ හා සේවා මිලට ගැනිමේදි ගැටලුවලට මැදිහත්වන පිඩාවට පත් පාරිභෝගිකයාට සහයවිමයි.

වෙළෙන්දන් සහ සාදන්නන් පාරිභෝගික ආරක්‍ෂාව සම්බන්ධව සැලකිලිමත් වියයුත්තේ මන්ද?[සංස්කරණය]

සාර්තක ව්‍යාපාරයක මග වන්නේ පාරිභෝගිකයා තෘප්තිමත් ලෙස තැබිමයි. ඔබ සපයනු ලබන භාණ්ඩ හෝ සේවා සම්බන්ධව පාරිභෝගිකයා කලකිරි ඇත්නම් ඔවුන් ඒ සම්බන්ධ ඍණාත්මක අදහස් දරන හෙයින් ඔබගේ ව්‍යාපාරයට නරක නාමයක් සහ වෙළදාමට ඍණාත්මකව බලපායි.එසේම වඩාත් වැදගත් වන්නේ ඔබ පාරිභෝගික ආරක්‍ෂණ රෙගුලාසි වලට පටහැනි වන්නේ නම් ඔබ වරදකට වරදකරු වනු ඇත.වරදකට වරදකරු වන්නේ නම්


සැලකිය යුතු මුල්‍ය දඩයක් ගෙවිමට පිඩාවට පත් පාර්ශවයට වන්දි ගෙවිමට භාණ්ඩ ප්‍රතිපුර්ණය කිරිමට හෝ භාණ්ඩ හා සේවා සදහා ගෙවන මුදල් ආපසු දිමට /සිර දඩුවම්/ව්‍යාපාර වසා දැමිම ඇතුලුව මහෙස්ත්‍රාත් විසින් නියම කරන ඕනෑම දෙයකට යටත් වියයුතුය


වෙළෙන්දාගේ හෝ සාදන්නාගේ කාර්යභාරය

  • පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත ලංකාවේ වෙළෙන්දාගේ හෝ සාදන්නාගේ කාර්යභාරය පැහැදිලි කරයි.පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ නිෂ්පාදනය කරන්නා හෝ සාදන්නා:භාණ්ඩ මිල ලකුණු කිරිම ලේබල් කිරිම සහ ඇසිරිම සම්බන්ධයෙන් ලබා දෙන විධානවලට අනුගත නොවිම,සැදිම ආනයනය වෙළදාම කොටස්කිරිම විකිණිම සහ භාණ්ඩ ගබඩා කිරිමට අදාල නියෝග කඩ කිරිම
  • භාණ්ඩයේ යම් ලේබලයක් විකෘති කිරිම,හෝ මිල ලකුණු කිරිම වෙනස් කිරිමක් කටු ගෑමක්,කපා හැරිම,හෝ විකෘති කිරිම හෝ ලේබලය විස්තර හෝ මල ලකුණු කිරිම ඉවත් කිරිම වෙනස්කර කපා හැර මකා හෝ විකෘතිකර ඇති එවැනි යම් භාණ්ඩයක් විකුණන හෝ විකිණිම පිණිස ඉදිරිපත් කිරිම
  • නිෂ්පාදනය කරන ලද ප්‍රමිති සහ පිරිවිතර වලට අනුගත නොවන භාණ්ඩ නිෂ්පාදන‍ය හෝ විකිණිම

මිට අමතරව,

  • වෙ‍ළෙන්දෙකු භාණ්ඩයේ ලකුණු කොට ඇති මිලට වඩා ඉහළ මිලකට භාණ්ඩ විකිණිම
  • ලංකාව ඇතුලත වෙළදාම් කිරිමේ කාර්ය සදහා තමා සන්තකයෙහි භාරයෙහි හෝ තම පාලනය යටතේ හෝ යම් භාණ්ඩ ඇති කිසිම වෙළෙන්දෙකු විසින් එම භාණ්ඩ විකිණිම ප්‍රතික්‍ෂෙප කි‍රිම
  • කොන්දේසියකට යටත්ව විකිණිම වරදකි(ගැනුමිකරු එම භාණ්ඩයේ ලකුණු කොට ඇති මිල ගෙවිමට හැර වෙනත් කොන්දේසියකට භාණ්ඩ හා සේවා මිල‍ට ගැනිම)
  • වෙළදාමේ දි හෝ ව්‍යාපාර ක්‍රියාවලියේදි පාරිභෝගිකයා හෝ වෙනත් වෙළෙන්දෙකු නොමග යවන හෝ රැවටිමේ අදහසින් වන හැසිරිම.

මෙයට අදාළ වන්නේ,

  • භාණ්ඩ හෝ සේවා යම් විශේෂිත ප්‍රමිතියක තත්වයට හෝ ශ්‍රේණියක ඒවා බව හෝ භාණ්ඩ නිශ්චිත ශෛල්‍යයක මෝස්තරයක ඒවා බව අසත්‍ය ලෙස නිරූපනය
  • භාණ්ඩ අලුත් බවට වැරදි ලෙස නිරූපනය කරන භාණ්ඩ හා සේවා වලට නොමැති අනුග්‍රාහකත්වයක් අනුමතයක් කාර්ය සාධනයක් ස්වභාවයක් උපකාරයක ප්‍රයෝජනයක් හෝ ප්‍රතිලාභයක් ඇතැයි කියා සිටින තමාට නොමැති අනුග්‍රහකත්වයක් අනුමතයක් හෝ සම්බන්ධතාවයක් ඇතැයි කියා සිටින

මිල අඩුකිරිම හෝ මිල වැඩි කිරිම පැවතිම සම්බන්ධව හෝ ඒවායේ ප්‍රමාණය පිළිබදව හෝ අසත්‍ය නොමගයවන ප්‍රකාශ කරන

  • භාණ්ඩ හා සේවා ප්‍රතියෝජනය කිරිමහෝ අලුත්වැඩියා කිරිම සදහා වු අවශ්‍යතා පිළිබදව අසත්‍ය වු හෝ නොමගයවන ප්‍රකාශකිරිම
  • ප්‍රතිඥාභාරයක හෝ සහතිකවිමක පැවතිම හෝ එහි බලපැම පිළිබදව අසත්‍ය වු නොමග යවන ප්‍රකාශ කරන
  • භාණ්ඩ /සේවා යම් වි‍ශේෂිත ප්‍රමිතියක තත්වයක/ශ්‍රේණියක ඒවා බව හෝ නිශ්චිත ශෛලියක හෝ මෝස්තරයක ඒවා බව හෝ යම් භාණ්ඩ /සේවා නොමැති අනුග්‍රාහ‍කත්වයක් අනුමැතියක් කාර්ය සාධනයක් ස්වභාවයක් උපකාරයක් ප්‍රයෝජනයක් හෝ ප්‍රතිලාභයක් ඇතැයි කියා සිටින
  • භාණ්ඩ හා සේවා සැපයිමේදි යම් ප්‍රතිඥා භාරයක හෝ සහතික විමක පැවතිම ව්‍යංගයෙන් හෝ වෙනත් ආකාරයෙන් කඩ කිරිම නිසි සැලකිල්ල හා නිපුනතාව ඇතිව එම සේවා සපයනු ලැබිමට අසමත් විම
  • එම සේවාවන් සැපයිමට අදාළව සපයනු ලබන සේවා යම් ද්‍රව්‍ය ඒවා සපයනු ලබන්නේ යම් කාර්යයක් සදහා ද එම කාර්යයට සාධාරණව සුදුසු වන බව‍ටද

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වරින් වර නිකුත් කරනු ලබන දැන්විම් නියෝග/අවවාද ප්‍රදර්ශනය කිරිම සදහා ව්‍යාපාරයේ හොදින් පෙනෙන ස්ථානයක දැන්විම් පුවරුවක් තැබිමට අසමත්විම යනාදියයි.


පාරිභෝගික අධිකාරියට,


  • භාණ්ඩ /සේවාවල මිල රෙගුලාසි නියම කිරිම සදහා වන රෙගුලාසි.


  • ලේබල්කිරිම මිල ලකුණු කිරිම ඕනෑම භාණ්ඩයක් විකිණිම හෝ සෑදිම පිළිබද පොදු විධිවිධාන නිශ්චිත විකිණුම් ස්ථානය සෑදිම ආනයනය වෙළදාම ගබඩාකිරිම විකිණිම සහ තොග කිරිම සම්බන්ධයෙන් කොන්දේසිවලට අදාල විශේෂ නියෝග නිකුත් කළ හැක.
  • සියලුම නියෝග ,විධිවිධාන සිංහල දෙමළ ඉංග්‍රිසි පුවත්පත්වල සහ ගැසටි පත්‍රයේ ප්‍රසිද්ධ කරනු ලැබේ.එවැනි නියෝගවලට අනුගත නොවන ඕනෑම කෙනෙක් පාරිභෝගික කටයුතු පිළිබද පනතට අනුව වරදකරුවෙකි.

පැමිණිල්ලක් කරන්නේ කෙසේද?[සංස්කරණය]

පාරිභෝගිකයාට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙහි CAA හි ජෙනරාල්වරයාට පැමිනිලි කළ හැක.පැමිණිල්ල ලිඛිතව විය යුතුය.අදාළ ලේඛන සහ සාක්ෂි (ඡයාරූප/ලේබල්)අමුණා මිලදි ගැනිමෙන් මාස 03 ක් ඇතුලත ඉදිරිපත් කළයුතුය.

250px 
250px 

(පාරිෙභා්ගික අාරක්ෂණය නම් ග්‍රන්ථෙන් උපුටා ගත්තකි.) ෙම් අඩවියත් බලන්න

පාරිභෝගික ආරක්ෂණය

අඩවිෙයන් බැහැර පිටු

පාරිෙභා්ගික අධිකාරිය

"https://si.wikipedia.org/w/index.php?title=පාරි‍භෝගික_ආරක්‍ෂණය&oldid=568537" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි