පාරිසරික නීතිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ජලය, වාතය සහ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන අතුරු එල දේශපාලනික සීමා සඳහා වගකියනු නොලැබේ

පාරිසරික නීතිය විවිධ මානුෂ්‍යය ක්‍රියාකාරකම් නිසා ස්වාභාවික පරිසරයට සිදුවන බලපෑම්, උපද්‍රවයන් වලින් ආරක්ෂා කිරීමට සම්මත කරගන්නා ලද සංකීර්ණ වූත් බද්ධ වූත් ව්‍යවස්ථාවන්, පොදු නීතිය, ගිවිසුම්, සම්මේලන, රෙගුලාසි සහ ප්‍රතිපත්තීන් වලින් සමන්්විත නීති පද්ඳතිය පරිසර නීතිය යි. සමහර පරිසර නීති මඟින් මනුෂ්‍යය ක්‍රියාකාරකම් වල ස්වාභාවය සහ එහි බලපෑම් වල ප්‍රමාණාත්ක ව පාලනය කරනු ලබයි. උදා අවසර ලබා දිය හැකි මට්ටමේ අපවිත්‍ර කිරීමේ හෝ හානි දායක ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දීම් නියම කිරීම. අනෙකුත් පරිසර නීති ඒවායේ ස්වභාවයෙන් ම මානව ක්‍රියාකාරකම් සිදු වීමට පෙර විය හැකි බලපෑම් අවබෝධ කරගෙන ඒවා වැලැක්වීම අරමුණු කර ගෙන ඇත. විශාල කාර්මික ආර්ථිකයන් හිමි රටවල පාරිසරික නීතිය 1960 ගණන් වල දී වෙන ම නීතියක් ලෙස කරලියට පැමිණුනි. එතැන් පටන් ලොව පුරා බොහෝ රටවල් පරිසර නීති ගණනාක් ම සම්මත කරන ලද මුත් ඒවා ක්‍රියාත්මක කරවීම එතරම් සතුටු දායක නැත. පරිසර නීතිය මෑත කාලීනව ධරණීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ තීරණාත්මක නියමයක් බවට පත්විය. ආරක්ෂක මූලධර්ම, මහජන සහාභාගිත්වය, පාරිසරික යුක්තිය, විනාශ කරන්නා ගෙවිිය යුතු මූලධර්මය වැනි ප්‍රතිපත්ති සංකල්ප පාරිසරික නීති සංශෝධනය කෙරෙහි බලපා ඇත. පාරම්පරික අණ කිරීම මඟින් පාලනය කිරීමෙන් ඔබ්බට ගිය කාර්්‍යයක්ෂම පාලන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමින් පරීක්ෂණයන් සිදු කරගෙන යයි. පාරිසරික බදු, කර්මාන්ත වලින් සිදු වන විමෝචන අවසර ලබාදීම, අයි. එස්. ඕ 14000 සහතිකය සහ හුවමාරු කරගැනීමේ එකඟතා මේ ආකාරයට ගන්නා ලද පියවර කිහිපයකි. පාරිසරික නීති අයි.යූ.සී.එන් ඇකඩමිය ලොව පුරා නීති විද්‍යාල 60 කගේ එකතුවෙන් පාරිසරික නීතිය සම්බන්ධ පරීක්ෂණ කිරීම සහ ඉගැන්වීම සඳහා විශේෂයෙන් තනන ලද ජාලයකි.

"https://si.wikipedia.org/w/index.php?title=පාරිසරික_නීතිය&oldid=454711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි