පාරම්පරික සිංහල සැරසිලි මෝස්තර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සිංහල මෝස්තර කලාවේ මූලිකාංග[සංස්කරණය]

පාරම්පරික ශිල්පියා නිර්මාණ කිරීමේදී ස්වාභාවික පරිසරයේ තම දුටු දේ ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීමට වඩා නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමට පෙළඹී ඇත. තම නිර්මාණය පාරම්පරික වශයෙන් හෝ ඒවායේ තිබුණු නිර්මාණාත්මක බව නිසා සාම්ප්‍රදායික සැරසිලි වශයෙන් මේ දක්වා අඛණ්ඩව පැවත ආ බව පැහැදිලි කරුණකි. 18 වන සියවසට අයිත උඩරට සිංහල මොස්තර කලාවේ මූලාංග පිළිබදව පැහැදිලි විවරණයක් කල ආනන්ද කේ. කුමාරස්වාමි මහතාගේ මධ්‍යකාලින සිංහල කලා යන ග්‍රන්ථය ඇසුරින් පහත කරුණු ඉදිරිපත් කෙරේ. මේ අනුව එතුමා එම මූලාංග ප්‍රධාන කොටස් 4 කට බෙදා දක්වා ඇත

  1. දිව්‍ය ගනය
  2. සත්ව ගනය
  3. උද්භිද ගනය
  4. නිර්ජීවී ගනය

දිව්‍ය ගනය[සංස්කරණය]

ඉර
හඳ
  • දිව්‍ය ගණයට අයත් වන්නේ ඉර සහ සඳයි.
  • මෙයින් සදාකාලික බව, ස්ථීරබව, සංකේතවත් කෙරේ.
  • බොහෝ විට සරල මණ්ඩලයක මිනිස් මුහුණක හැඩයත්, මණ්ඩලය වටා ගිනි දැල් විහිදෙන ආකාරයත්, "ඉර්" සංකේතයෙන් දිස්වේ.
  • සරල මණ්ඩලයක "සස" (සාවකුගේ) රූපය සටහන් කර සඳ සංකේතවත් කර ඇත.

සත්ව ගනය[සංස්කරණය]

  • සත්ව ලෝකයේ විවිධ සතුන්ගේ හැඩ උපයෝගී කර ගනිමින් සත්ව ගණයට අයත් සම්ප්‍රදායික මෝස්තර නිර්මාණය කර ඇත.
  • සත්ව - මිථ්‍යා (නිරූඨ), අර්ධ මිථ්‍යා (අර්ධ නිරූඨ), ස්වාභාවික යනුවෙන් කොටස් තුනකි.
  • මිථ්‍යා හෙවත් නිරූඨ කොටසට අයත් වන්නේ කල්පිතය රූපයන්‍ ය.

මිථ්‍යා සත්ව[සංස්කරණය]

  • උදා:- මකරා, සෙරපෙන්ඩියා, භේරුණ්ඩ පක්ෂියා ඉන් කිහිපයකි

මකරා[සංස්කරණය]

මකරා

"ගජේන්ද්‍ර හස්තං ධෘත සිංහ පාදං
කරාල දන්තංහනුමද්විනේත්‍රම්ව
රාහ කර්ණං හෘදි මත්ශ්‍යදේහං
විචිත්‍ර පත්‍රං මකරස්වහාවම්"

ඇත් සොඬ සිහ පා යුග කන් ඌරා
දත් පෙළ කිඹුලුය යුග නෙත් වඳුරා
වෙත් මසු ඇඟ ගුරුළුගෙ පිය පතරා
යුක්තය මේ හැම ගෙන් රුව මකරා

  • ඇතෙකුගෙ සොඬවැල ද, සිංහයකුගේ පාද ද, ඌරෙකුගේ කන් දෙකක් ද කිඹුලෙකුගේ දත් ද, වඳුරෙකුගේ ඇස ද,මත්සයෙකුගේ කඳ ද, ගුරුලකුගේ පියාපතක් ද විචිත්‍ර පත්‍ර හෙවත් ශාක පත්‍ර වලින් සමන්විත වූ වලිගය යන අංග වලින් පරිපූර්ණ වූයේ මකර රෑපය යි.
  • මකරා නිර්මාණය කිරීමට යොදාගත් රේඛා හැඩතල මනාව සම්පිණ්ඩනය කර ඇති දස්කම් මැනවින් දැකිය හැකි ය. ලී කැටයම්, පිත්තල, කැටයම් මෙන් ම මකර තොරණේ ප්‍රධාන සැරසිල්ල ලෙස ද මෙම මෝස්තරය යොදා ගෙන ඇත.

සෙරපෙන්ඩියා[සංස්කරණය]

  • සෙරපෙන්ඩියා, සැරපෙන්ඩියා යන නම් වලින් මෙම සැරසිලි මෝස්තරය හඳුන්වයි.
  • ගුරුඵ පක්ෂියා නමින්ද හදුන්වනු ඇත
  • හංසාකාර පක්ෂි ශරීරයට සිංහාකාර හිසක් සම්බන්ධ වු රූපය සෙරපෙන්ඩියා යි.
  • මෙම සත්ව රූප දෙක ඉතාමත් නිර්මාණශීලී ව ඒකාබද්ධ කොට කරන ලද මෙම මෝස්තර කලාත්මක ය.
  • ඇත් දත් හා ලෝහ වැඩ ආදිය සඳහා ද මෙම සැරසිල්ල යොදා ගැනේ.
  • හැඳි මිට, අසිපත් මිට්, අැත් දත් ආදියට සෙරපෙන්ඩියා මෝස්තරය බහුලව භාවිතයට ගෙන ඇත.

භේරුණ්ඩ පක්ෂියා[සංස්කරණය]

  • තුන්කොරළයේ කොඩියේ ලාංඡනයයි
  • භේරුණ්ඩ පක්ෂියා ඔළු දෙකකින් යුත් රාජාලියකුගේ ස්වරූපය ගත් කල්පිතය රූපයකි.(රාජාලියකු දෙපළු කල ආකාරය)
  • ශ්‍රී ලංකාවේ තුන් කෝරළ කොඩියේ ලාංඡනය ලෙස ද මෙය යොදා ගෙන ඇත.
  • මෙම නිර්මාණශීලී සැරසිලි මෝස්තර පිත්තල වැඩ, ලී කැටයම්, සඳහා ගෙන ඇත.
  • පුරාණ කාන්තාවන් පැළදු ගෙල මාල පදක්කම් සඳහා භාවිතා කළ ජනප්‍රිය මෝස්තරයකි. ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් අතර කලාත්මක භේරුණ්ඩ පක්ෂී මෝස්තරයක් දැකිය හැකිය.

අර්ධ මිථ්‍යා (අර්ධ නිරූඨ) සත්ව[සංස්කරණය]

  • ජීවත්වන සතුන්ගේ ස්වභාවික ලක්ෂණ ද භාවිතයට ගනිමින් නිර්මාණය කරනු ලබන රූප අර්ධ මිථ්‍යා හෙවත් අර්ධ නිරූඨ ලෙස සැලකේ.
  • උදාහරණ :- සිංහයා, හංසයා, නාගයා
හංස රුව

සිංහ රූපය[සංස්කරණය]

  • ශ්‍රී ලාංකික ශිල්පීන් සිංහ රුවට විශේෂ ලැදියාවක් තිබුණු බව පෙනේ.
  • සිංහ රූපය තුළින් ගෞරවාන්විත බව, තේජස, උත්කෘෂ්ඨ භාවය ජනිත කරවයි.
  • ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සඳහා ඈත අතීතයේ සිට සිංහ රුව යොදා ගනු ලැබ ඇත.
  • මෙම රුව විවිධ කාලවල දී වෙනස්කම් වලට භාජනය වූ බව පෙනේ.
  • සීනි මල් රිකිල්ලක් මත සිටින සිංහයාගේ රූපය විහාර දේවාල දොරටුව දෙපස සැරසීම සඳහා යොදා ගෙන ඇත.

හංස රුව[සංස්කරණය]

  • හින්දු ආගමේ ශුද්ධ ලකුණු හා ස්වර්ග පක්ෂියා හංසයා ය.
  • හංසයා සුභ ලකුණක් ලෙස ද ඉසුරු ගෙන දෙන වස්තුවක් ලෙස ද සැලකේ.
  • අනුරාධපුර සමයේ සඳකඩපහණ සඳහා නෙළුම් මලක් මුවින් ගත් හංසාවලියක් යොදා ගෙන ඇත.
  • ඈත අතීතයේ සිට ම විවිධ කැටයම් සඳහා ද ගොඩනැගිලිවල පාදම අලංකාරය සඳහා ද හංස රූපය යොදා ගෙන ඇත.

ඇත්කද ලිහිණියා[සංස්කරණය]

  • පාදවලින් ඇතෙකු ඔසවාගෙන පියාසර කරන්නට තරම් විශාල වූ ද, ශක්තිමත් වූද මෙම සත්වයා කල්පිත පක්ෂියෙකි.
  • උගේ හිස ඇතෙකු මෙන්ද, ශරීරය ලිහිණියෙකු මෙන්ද හො රාජාලියෙකුගේ මෙන් ද යුක්තව අැත.

හංස පූට්ටුව[සංස්කරණය]

  • හංස රූපය අර්ධ ලෙස වෙනස්කරමින් නිරූපණය කර අැත. පැරැණි කැටයම් බිතුසිතුවම්වලින් හමු වේ.
  • මෙම නිර්මාණ අතර කලාත්මක නිර්මාණයකි හංස පූට්ටුව.
  • මෙම සැරසිල්ල පැරැණි ශිල්පීන් ලී කැටයම්, කඩදාසි කැටයම් හා පිත්තල කැටයම් මෙන් ම ඇත් දත් කැටයම් සඳහා ද යොදා ගෙන ඇත.
  • රේඛාවේ රිද්මය, ලාලිත්‍ය, හංසයාගේ ඇති සියුමැලි බව ඉස්මතු කරලීමට නිර්මාණ ශිල්පියා දක්ෂ වී ඇත.
  • හංස හිස - බෙල්ල සහ කද කොරපොතු අාකාරයෙන්ද, පෙදය විචිත්‍ර පත්‍රයෙන්ද, සරසමින් හංසරූව නිර්මාණය කර අැත.
  • හංසයින් දෙදෙනෙක් බෙල්ලෙන් වෙලී විට ඒය හංස පූට්ටුව නම් වේ.

සිවු හංස පූට්ටුව[සංස්කරණය]

  • සිවු හංස පූට්ටුව ඉතාමත් කලාත්මක නිර්මාණයකි.
  • හංසයින් හතරදෙනෙකු එකතු කොට වෘත්තයක් තුළ ගළපා මෙම සැරසිල්ල නිර්මාණය වී ඇත.
  • ලංකාතිලක විහාරයේ සීලිම සැරසීම සඳහාත්, මහනුවර දළදා මාළිගයේ බිතුසිතුවම් අතර මෙම සැරසිල්ල දැකිය හැකිය.

පඤචනාරී ඝටය[සංස්කරණය]

  • කාන්තා රූප 5 ක් ගළපා කළගෙඩියක ආකාරය නිරූපණය වන සේ නිර්මාණය කර ඇත.
  • මෙම සැරසිලි යොදාගත් ඇත් දත් කැටයමක් කුරුණෑගල රිදී විහාරයෙන් හමු වේ.

සුවිශේෂ නිර්මාණ[සංස්කරණය]

පාරම්පරික බිතුසිතුවම් අතර ඇති සුවිශේෂ නිර්මාණ බොහොමයක් කාන්තා රූප සම්පිණ්ඩනයෙන් නිර්මාණය කර ඇත.

උදාහරණ : පඤචනාරී ඝටය, නවනාරී කුඤ්ජරය, සප්තනාරී රථය, චතුර්නාරී පල්ලැක්කිය, සප්තනාරී පල්ලැක්කිය.

මෙම නිර්මාණ වලට අමතරව ගවයකුගේ සහ ඇතෙකුගේ රූප එකතු කර නිර්මාණය කරණ ලද වෘෂභ කුඤ්ජරය ද සුවිශේෂී නිර්මාණයකි.

ස්වාභාවික සත්ත්ව[සංස්කරණය]
  • පැරැණි ශිල්පියා ස්වාභාවික ලක්ෂණ ඒ අයුරින් ම ප්‍රකාශ වන සත්ත්ව රූප නිර්මාණය කර ඇති බව දැකිය හැක.
  • අනුරාධපුර යුගයේ මහසෙන් මාලිගය ආසන්නයේ ඇති පංචායතන ගොඩනැගිල්ල හා බිසෝමාලිගාව ඉදිරිපිට ඇති සඳකඩපහණ සිංහ, ඇත්, ගව, අශ්ව යන රූ ස්වාභාවික ගති ලක්ෂණ මතුවන පරිදි නිර්මාණය කර ඇති සත්ව රූපයන් ය.
  • එම සතුන්ගේ ජවය, ක්‍රියාශීලී බව, ස්වාභාවික ගති ලක්ෂණ මනාව මතුකොට ඇත.
  • උදා :- මාලුවා, ගිරවා, කුකුළා, මොනරා, සැලළිහිණියා, මුවා, හාවා, දඩුලේනා, ගවයා, ඇතා, අශ්වයා, බල්ලා, කපුටා, මිනිසා

උද්භිද ගනය[සංස්කරණය]

  • පුෂ්ප, පත්‍ර, ඵල උපයෝගී කර ගනිමින් නිර්මාණශීලී ව ගොඩනගන ලද මෝස්තර ඒකක උද්භිද ගණයට අයත් වේ.
  • උද්භිද ගණයට අයත් සැරසිලි මෝස්තර මිථ්‍යා (නිරූඨ) අර්ධ මිථ්‍යා (අර්ධ නිරූඨ) යනුවෙන් කොටස් දෙකකට අයත් වේ.
  • මිථ්‍යා හෙවත් නිරූඨ ගණයට අයත් වන්නේ කල්පිත රූපයන් ය.

අර්ධ මිත්‍යා[සංස්කරණය]

  • නාරලතා, කඩුපුල්, පරසතු, පළොල්, දොඹ, ඉඹුල්, කප්රුක, මහරි

නාරිලතා මල[සංස්කරණය]

  • පැරැණි සිංහල සැරසිලිවල දී නාරි රූපවලට ප්‍රධාන තැනක් හිමි වේ.
  • මෙය ස්ත්‍රි රූපයක් අාශ්‍රයෙන් නිර්මාණය කරන ලද ලතා කර්මයකි.
  • ස්ත්‍රියකගේ උඩුකය පිබිදුන මලක් සේ සහ යටිකය ලියවැල් අාශයෙන් කරන ලද නිර්මාණයකි.
  • එසේ නාරි රූප යොදා ගෙන කරනු ලැබූ නිර්මාණයකි, නාරි ලතා රුව.
  • විශේෂයෙන් ඇත් දත් කැටයම් සඳහා ද මංජුසා සැරසිලි කිරීමට ද නාරිලතා සැරසිල්ල යොදා ගෙන ඇත.
  • විහාර බිතුසිතුවම් සඳහා ද මෙම සැරසිල්ල යොදා ගනී.
  • භාරතීය කාලවට අනුව හිමාල අඩවියේ අැතැයි සැලකෙන ලතා විශේෂයකි.
  • ධාන්‍යලාභි තවුසන් පවා වශීකර ගැනීමට මේම පුෂ්පය සමත් වෙතැයි සැලකේ.

කප්රුක[සංස්කරණය]

  • මෙම නිර්මාණය කල්ප වෘක්ෂය සහ ලතා යන නමින්ද හැදින්වේ‍.
  • සිතු පැතූදේ ලබාදෙන දිව්‍ය වෘක්ෂයකි.
  • වාහල්කඩ (අයකය) දෙපස උසැති ගල්කණු මතු පිට මෙම මොස්තරය යොදා ඇත. (මිහින්තලේ කණ්ඨක චෙෙත්‍යයේ වාහල්කඩ දෙපස ගල්කණුවල ද යොදා ඇත.)

පරසතු මල[සංස්කරණය]

  • මෙය දෙව්ලොවට අයත් පුෂ්පයකි. විහාර බිතු සිතුවම්වල යොදා අැත.
    නාරිලතා මල

හනිසංකල[සංස්කරණය]

  • මෙය පෙර අපර දිග කලාවන්ගේ යොදාගෙන ඇත. දේශිය සිතුවම් අතරද දක්නට ලැබේ.

සම්මත[සංස්කරණය]

  • කතුරු මල, පිච්ච මල, සීන මල, නෙලුම් මල, පලාපෙති, සපු මල, වැටකෙයියා මල, ලියවැල, ලියපත, බෝ කොළ, අන්නාසි මල, වැල්පට, කැකුළ, හා මල, කේතුව, මණි පත්‍ර

කේතුව[සංස්කරණය]

  • අඹ මොස්තරය නමින් ද හදුන්වනු ලබන කේතු මොස්තරය උතරු ඉන්දියාව, දකුණු ඉන්දියාව යන ප්‍රදේශවලින් විත් ශ්‍රී ලංකාවේ මඩකලපුව යාපනය යන ප්‍රදේශවල ජනතාවගේ රෙදිපිළිවල යෙදු මොස්තරයකී.
පැරණි සිංහල මෝස්තර
සපු මල
වැටකේ මල
කඩුපුල් මල
අන්නාසි මල
අන්නාසි මල
සිංහල කලා මොස්තර
සිංහල කලා මොස්තර

නිර්ජීවී[සංස්කරණය]

  • මෙම මෝස්තර අයත් වන්නේ ජ්‍යාමිතික උපකරණ ආධාරයෙන් නිර්මාණ කරගනු මෝස්තර කාණ්ඩයට යි.
  • බොහෝ විට සමාන්තර රේඛා දෙකක් අතර මෙම මෝස්තර නිර්මාණය කර ඇත.
  • වාටි සැරසීම සඳහා මෙම මෝස්තර යොදා ගනී.
  • ලාක්ෂා කර්මාන්තය, ලී කැටයම්, පිත්තල කැටයම් සඳහා ද මෙම සැරසිලි මෝස්තර බහුලව යොදා ගෙන ඇත.
  • අනුරාධපුර, පොළොන්නරුව ආදී යුගවල සඳකඩපහණ සඳහා මෙම නිර්ජීවී මෝස්තර යොදාගත් බව පෙනේ.
  • ජ්‍යාමිතික - බින්දුව, ඉරි, වක, වෘත්තය, සංගසූරිය, ත්‍රිකෝණ, දියරැලි, තොරණ, කතිරය, ස්වස්තිකය, දියමන්ති අල්ල, තුන්දන්වැඩ, කලස් දගය, කුන්කදිරක්කන්, සතරැස් අල්ලි, ලණු ගැට, වාටි, ගල්බින්දුව, අරිම්බුව, පනාව, හවඩිය සහ සැරසිලි රටා.

වෙනත්[සංස්කරණය]

  • පහත මෝස්තර සටහන් ද පාරම්පරික සැරසිලි මෝස්තර උද්භිද ගණයට අයත් සැරසිලි අතර කිහිපයකි. බොහෝ විට මෙම සැරසිලි භාවිතා කරනු ලබන්නේ සිතුවම්වල හිස් තැන් පිරවීම සඳහා ය.
  • ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් සඳහා ද භාවිතා කර ඇත.
  • විහාර බිතු සිතුවම් සඳහා ද සැරසිලි ඒකක වශයෙන් යොදා ගෙන ඇත. ශ්‍රී දළදා මාලිගය, ගංගාරාම විහාරය, දෙගල්දොරු විහාරය ආදී පූජනීය ස්ථානවල මෙම නිර්මාණ දැකගන්නට ලැබේ.

ආශ්‍රිත සබැඳි[සංස්කරණය]

ගල් බිංදුව
පනාව
පලාපෙති
කුන්දිරික්කන්
බෝපත්
පතුරු