ප්‍රාදේශීය භූ විද්‍යාව

විකිපීඩියා වෙතින්
භූ විද්‍යාව
භු විද්‍යාවේ ඉතිහාසය

ස්වභාවික හා මානවීය මූලද්‍රව්‍ය සහිත නිෂ්චිත ප්‍රදේශයක අනන්‍ය ලක්ෂණ නිර්වචනය කිරීම සඳහා හෝ තේරුම්ගැනීම සඳහා හෝ ලොව වටා ප්‍රදේශ අධ්‍යයනය කිරීම ප්‍රාදේශීය භූ විද්‍යාවයි. එහිදී අවකාශ නිරීක්ෂණයේ තාක්ෂණ විධි යොදමින් ආවරණය කෙරෙන ප්‍රාදේශීයකරණයට ද අවධානය යොමු කෙරේ.

භූගෝලීය විද්‍යාවේ අධ්‍යයනය සඳහා කෙරෙන සුවිශේෂී එළඹුමක් ලෙස ප්‍රාදේශීය භූ විද්‍යාව හැඳින්වේ. (විවේචනාත්මක භූගෝලීය විද්‍යා සමූහයට හෝ ප්‍රමාණාත්මක භූ විද්‍යාවට අනුරූප වේ.) මෙම අධ්‍යයනය කරා එළඹුම 19 වැනි ශත වර්ෂයේ අග භාගයේ මෙන්ම 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී ද පැවතිණි. මෙම කාලය පවතින ප්‍රාදේශීය භූ විද්‍යාවේ පූර්වාදර්ශීය සමයක් ලෙස ද සැළකෙන අතර එකල්හි ප්‍රාදේශීය භූ විද්‍යාව සකල භූ විද්‍යාවේ කේන්ද්‍රස්ථානය ලෙස පැවතුණි. එය පසු කලෙක සවිස්තරාත්මක බව හා න්‍යායික හිඟ කම පිළිබඳව විවේචනය කෙරිණි. (ඒ ප්‍රාදේශීය භූ විද්‍යාව, භූ විද්‍යාවන් අතර පරීක්ෂණාත්මක එළඹුමක් වන බැවිනි) ප්‍රමාණාත්මක විප්ලවය 50 ගණන්වල සිදුවන විට මේ කෙරේ සුවිශාල විවේචන එල්ල විය. ප්‍රධාන විවේචකයන් වූයේ ක්‍රිම්බ්ල් හා ස්කැෆර්ය.

ප්‍රාදේශීය භූ විද්‍යාවේ පූර්වාදර්ශය වෙනත් භූ විද්‍යා කෙරෙහි බලපෑම් එල්ල කරන්නට විය. ආසියාව, උතුරු හා ලතින් ඇමරිකාව, යුරෝපය ආදී ලෝකයේ ප්‍රධාන ප්‍රදේශ හා ඒවායේ රටවල් පිළිබඳ අධ්‍යයනයක් ලෙස අදටත් ප්‍රාදේශීය භූ විද්‍යාව සරසවිවල ඉගැන්වේ.

මීට අමතරව, පීටර් ස්ටෝපර් වැන්නන්ගෙන් විවේචන එල්ල වුව ද සස්කියා සසේන් වැන්නන්ගේ ක්‍රියාවන්ගෙන් පසු 90 දශකයේ මැද භාගයේ භූ විද්‍යාවට නාගරික ප්‍රාදේශීය භූ විද්‍යාවේ එළඹුම යම් ප්‍රතිලාභයක් අත් කර ගන්නා ලදී.

කැපී පෙනෙන ප්‍රාදේශීය භූ විද්‍යාඥයින් වන්නේ,

  1. අල්ෆඩ්හෙට්නර් - ජර්මනිය - භූ ව්‍යාප්ති විද්‍යා සංකල්පය
  2. විචාල් ඩිලා බ්ලැවේ - ප්‍රංශය- ශක්යත වාදී සංකල්ප (මෙය පාරිසරික නිර්ණයේ සුමට සංකල්පයකි)
  3. රිචඩ් හාට්ෂෝන් - එක්සත් ජනපදය - ප්‍රභේදන සංකල්ප

1980 දශකයේ මෙන් ප්‍රාදේශීයතාවයේ යම් ප්‍රමාණයක් යළි හඳුන්වා දීමට ඇතැම් භූ විද්‍යාඥයින් ප්‍රයත්න දරන ලදී. එය ප්‍රදේශය පිළිබඳ සංකීර්ණ නිර්වචනයක් හා වෙනත් පරිමාණ සමඟ එහි අන්තර්ක්‍රියා පිළිබඳව ඇතුළත් වේ.