ප්‍රාග් ඓතිහාසික සංගීත යුග

විකිපීඩියා වෙතින්

ප්‍රාග් ඓතිහාසික පෞරාණික (ක්‍රි.ව. 500 ට පෙර)

Cycladic statues of a double flute player (foreground) and a harpist (background)

පුරාණයේ (1500-1760) පුරාණය සහ නුතන අතර (1600-1900) නුතන සහ සමකාලීන (1900- වර්තමානයතෙක්

සංගීත ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික සංගීතය නිපදවී ඇත්තේ සාක්ෂර සංස්කෘතින් මුල්කරගෙනය. එහි මුල්කාලය භූගෝල ඉතිහාසයේ අග කාලය වේ. ප්‍රාග් හෙතිහාසික සංගීතය අනුගත කරගෙන ඇත්තේ යුරෝපයේ පෞරාණික සංගීතය සහ යුරෝපය බල පවත්නා ප්‍රදේශවල පසු සංගීතයන් ගෙනි. එනමුත් තවම හුදකලා ප්‍රාදේශ වල මෙය දක්නට ලැබේ.

රීත්‍යානුකූලව ප්‍රාග් ඓතිහාසික සංගීතයෙහි වර්තමාන සංගීතයට පෙර සියලුම රටවල තිබු සංගීත අඩංගු වේ.නිදසුන් වශයෙන් කිවහොත් සාක්ෂරතාවයට පෙර තිබු විවිධ ග්‍රොත්‍ර නයන්ගේ සංගීතය සහ ඔස්ට්‍රේලියානු ආදී වාසින්ගේ සංගීතය මෙහි ඇතුළත් වේ. කෙසේ වෙතත් මෙම සංගීතය යුරෝපා ප්‍රාග් ඓතිහාසික සංගීතය යනුවෙන් හැඳින්විමට යෝග්‍ය වන්නේ එය තවමත් ගැමි සම්ප්‍රදායික සංගීතය වශයෙන් පවතින හෙයිනි.

පැරණි බටනලා[සංස්කරණය]

ගොනුව:Images12342.jpg


1995 දී ස්ලෝනියානු ගුහාවකදි හමුවුනු "නියැන්ඩතාල් බටනලාව" ලෝකයේ පැරණිතම බටනලාව ලෙස සැලකේ. මෙය සොයා ගනු ලැබුවේ " අයිවන් ටර් " විසිනි. මෙම බටනලාව වර්ශ 43000 ක් පමණ පැරණියැයි ඇස්ත‍මේන්තු ගත කෙරෙනි. එනමුත් එය සත්‍යය වශයෙන් සංගීත භාණ්ඩයක් ද නැතහොත් සතුන් විසින් අනුභව කොට ඉතිරි කරන ලද අස්ථි කැබැල්ලක්ද යන වග තවමත් හරිහැටි අවබෝධ කොට ගෙන නැත. මෙම භාණ්ඩ නිර්මාණය කරන ලද්දේයැයි සැලකෙන කාලයේ මානවයා භාවිතා කරන ලද තාක්ෂණය හා සමග මෙම නිර්මාණ කරන ලද තාක්ෂණය නොගැලීම මෙයට හේතු විය හැකිය.

මීට අමතරව ජර්මිනියේ දී වර්ශ 36000 ක් පැරණි සංගීතමය පයිප්පයක් සොයාගෙන ඇති අතර වර්ෂ 2004 දී අයර්ලන්තයේ තවත් එවැනි පැරණි දැවමය බටනලාවක් සොයා ගන්නා ලදි. මෙම දැවමය සංගීත භාණ්ඩ බටනලා හයකින් යුක්ත වු අතර ඇගිලි හැසිරවීම සදහා සිදුරු නිර්මාණය කොට නොතිබුනි. "යූ" නම් ශාඛ දැවයෙන් නිපදවු මෙම භාණ්ඩය සෙන්ටිමීටර් 30 -50 ත් දිගකින් යුක්ත වුයේය.

සටහන්[සංස්කරණය]

| [1] |}