ප්‍රහාරක ගුවන් යානා පරම්පරාව 4.5 (1990- 2000)

විකිපීඩියා වෙතින්

ප්‍රහාරක ගුවන් යානා පරම්පරාව 4.5 (1990- 2000)




මෙම අර්ධ පරම්පරාව ප්‍රබන්ධ කොට ඇත්තේ තෙවන හා හතරවන පරම්පරාවල් වල දියුණුව හා සැසඳීමේ දී වායු ගතිකමය තාක්ෂණයන්හි සාපේක්ෂ ඇණ හිටීමකට ලක් වූ අන්තර් කාල පරාසය විස්තර කිරීමටයි. එහෙත් ගුවන් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ හා වෙනත් අදාල තාක්ෂණයන්හි විශිෂ්ට සොයා ගැනීම් මෙකල සිදු විය. එයට ප්‍රධාන හේතුව 80 හා 90 දශකවල ක්ෂුද්‍ර චිපයන්ගේ හා අර්ධ සන්නායක තාක්ෂණයේ දියුණුවයි. මෙම සංයෝජනය සම්පාදකයන්ට නවීකරණය කළ හතරවන පරම්පරාවේ සැලසුම් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුනි. එහි දී පවතින ගුවන් රාමු මත හෝ අතීත ගුවන් රාමුවල යළි සකස් කිරීම මත පාදකව එහෙත් ගුවන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ හා රේඩාර් තාක්ෂණයේ දියුණුව සහිතව එමෙන්ම සිව්වන පරම්පරාවේ රහස් සැලසුම් මඟින් උගත් පාඩම් ද යොදා ගෙන පස් වන පරම්පරාවේ ප්‍රහාරකයන් සඳහා පසුව නුවණින් සලකා බැලිය හැකි පරිදි නිර්මාණය කෙරේ. ප්‍රධාන උදාහරණයක් නම් F/A-18E/F Super Hornet, හා 70 දශකය මත පාදකව සැලසුම් කළ F/A-18 Hornet බාහිර ස්වරූපය පෙර පරිදිම පවතිද්දී super hornet හි ලක්ෂණවල ගුවන් යානා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ වැඩි දියුණු කිරීම් සිදු වූ අතර වීදුරු නියමු කුටියක් (ප්‍රබවයට 90%ක් සමාන වේ.) ඝන තත්වයේ AESA ස්ථාවර රේඩාර් ඇන්ටනාව, නව එංජින් බර අඩු කිරීම සඳහා සංඝටක මූලද්‍රව්‍යයන්හි ව්‍යුහමය භාවිතය, රේඩාර් සලකුණ අවම කිරීමට මද වශයෙන් නවීකරණය කළ හැඩය ඒ අතර වේ. තවත් එකක් නම් F-15E Strike Eagle, සීතල යුධ සමයේ භූමි ප්‍රහාරකයක් වූ සවි ගැන්වු ගුවන් රාමුවක්, වැඩි දියුණු කළ එංජින්, නියමු වීදුරු කුටි හා නූතන භෞම අනුගාමී යාත්‍රා හා ඉලක්ක පද්ධති අඩංගු වූ F-15 Eagle ද ගත හැක. 4.5 පරම්පරාවේ Super Hornet, Strike Eagle, Rafale පමණක් යුධ කටයුතු සඳහා යොදා ගනු දක්නට ලැබේ. හඳුනන ගුවන් යානාවන් ·  ප්‍රංශය o Dassault Rafale · ඉන්දියාව o HAL Tejas · ජපානය/ එක්සත් ජනපදය o Mitsubishi F-2 ·  මහජන චීන සමූහාණ්ඩුව o Chengdu J-10 o Shenyang J-11B 'Flanker' ·  මහජන චීන සමූහාණ්ඩුව / පකිස්ථානය o JF-17 Thunder ·  රුසියාව o Mikoyan MiG-33/35 'Fulcrum' o Sukhoi Su-30/35/37 'Flanker' o Sukhoi Su-32/34 'Fullback' ·  රුසියාව/ ඉන්දියාව o Su-30MKI 'Flanker' ·  රුසියාව/ මහජන චීන සමූහාණ්ඩුව o Su-30MKK 'Flanker' ·  ස්වීඩනය o Saab JAS 39 Gripen ·  එක්සත් රාජධානිය/ ජර්මනිය/ඉතාලිය/ ස්පාඤ්ඤය o Eurofighter Typhoon ·  එක්සත් ජනපදය o Boeing F-15E Strike Eagle සහ සියළු පසුකාලීන ව්‍යුත්පන්නයන් o General Dynamics / Lockheed Martin F-16C/D Block 50/52 සහ සියළු පසුකාලීන ව්‍යුත්පන්නයන් o Boeing F/A-18E/F Super Hornet

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Fighter_aircraft#Generation_4.5_.281990-2000.29