ප්‍රහාරක ගුවන් යානා- තෙවන පරම්පරාව (1960-1970)

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ප්‍රහාරක ගුවන් යානා- තෙවන පරම්පරාව (1960-1970)

ප්‍රහාරක ගුවන්යානා පළමු පරම්පරාව තුලදි හදුනා දුන් නවතම ක්‍රමවේදයන් කාලය හා දියුණු විමත් සමගම තෙවන පරම්පරාව ඇරඹිනි. ගුවන් යානා තැනිම හා පැදවිම පිලිබද විද්‍යාවෙහි දියුණුවත් සමගම නවිකරණය වු මිසයිල, රේඩාර් හා අනෙකුත් ගුවන් යානා හා සම්බන්ධ ඉලෙක්ට්‍රොනික උපාංග හා එහි තාක්ෂණයන් මගින් පුහාරක හැකියාවන් තවදුරටත් වර්ධනය විය. මියලිය මගින් පාලනය වු ප්‍රහාරක අත්දැකිම් වල ප්‍රතිපලයක් ලෙස, ඉතා ආසන්න ගුවන් ගත ප්‍රහාරකයන්හි පහත වැටිමක් සදහා නිර්මාණකරැවන් ඉඩප්‍රස්ථාව සලසා දුනි. තම ස්වයංක්‍රිය ගිනි අවි, කාලතුවක්කු තාක්ෂණය ලබා ගැනිම සදහා විද්‍යුත් එන්ජින් භාවිතා කල ප්‍රාථමික දම්වැල් ගිනි අවි, තනි මල්ටි බැරල් (20mm Vulcan) අවි සදහා ඉඩලබා දුන් අතර මෙමගින් ප්‍රහාරය දැඩි හා නිරවද්‍ය ලෙස එල්ල කල හැකි විය. Delta- winged ප්‍රහාරක යානා සදහා කිසිදු අයුරකින් උපකාර නොවුව ද මනාව සැලසුම් කරන ලද මෙහෙයුම් සදහා නවතම අවධාරණ‍යන් ඉදිරිපත් කරන ලදි.

මෙම නව හදුන්වාදිම් ප්‍රහාරක යානාවන්හි ශක්‍යතාවයන් වර්ධනය කළ අතරම මිල වර්ධනයක් ද පෙන්නුම් කරන ලදි. (දෙවන ලෝක යුද සමයේ භාවිතා වු 0.24 Liberoter ප්‍රහාරකයට වඩා F-4 ශක්තිමත් විය) සන්නද්ධ හමුදාවන් රාත්‍රි ප්‍රහාරක, බරැති ප්‍රහාරක (Heavy fighter) සහ වේගවත් ප්‍රහාරක (strike fignter) ආදි නිශ්චිත කාර්යයක් ඉටු කිරිම සදහා විහේෂිත වු ප්‍රහාරක යානා දැරිය. මෙය ප්‍රහාරක යානා සදහා වැය වන්නා වු මුල්‍යමය ප්‍රාග්ධනයට එරෙහි වු අතර එමගින් මෙහෙයුම් වඩා සාර්ථක හා ස්ථාවර ක්‍රියාදාමයන් බවට පත් කරවිය. Medonnell F-4 phonton II එක්සත් ජනපද නාවික හමුදාවවෙහි අවශ්‍යතාවයන් උදෙසා නිර්මාණය වුව ද බහු කාර්යය ගුවන් යානයක් ලෙස ගුවන් හමුදාව, නාවික හා හමුදා සේනාංක සහ අනෙකුත් ජාතින් ද ඉතා සාර්ථක අන්දමින් මෙම යානය භාවිතයට ගන්නා ලදි. නාවික හමුදාව, ගුවන් හමුදාව හා සමුද්‍ර සේනාංක මගින් එකවර ගුවන්ගත කරන්නා වු එකම ප්‍රහාරක යානය ද මෙය වේ.