ප්‍රහාරක ගුවන්යානා සිව්වන පරම්පරාව (1970-1990)

විකිපීඩියා වෙතින්

ප්‍රහාරක යානවන්හි අඛණ්ඩව ඉහළ නගින මිල හා F-4 Phantom II යානවන්හි සර්ථකත්වය මත පදනම්ව මෙම අවධිය තුළදී බහුකාර්යය ප්‍රහාරක බොහෝ සෙයින් ප්‍රචලිත වූ අතරම විශේෂිත කාර්යයන් සඳහා නිර්මාණය වූ ගුවන්යානාවන්ටද බහුකාර්යය හැකියාවක් පැවතිණි. (උදා: F-4). MiG-23 සහ Panavia Tornado යන ප්‍රහාරක විවිධ කාර්යයන් සඳහා විශේෂිත වූ ආකාර දැරූ අතර F/A-18 Hornet හා Dassault Mirage 2000 යන යානා සැබෑ බහුකාර්යය යුධයානා විය. මෙය ගොඩබිම් හා ගුවන් ආකාර අතර සිදුකල හැකි සියුම් හුවමාරු වීම මත වර්ධනය වීම සිදුවිය. සංවර්ධනය සඳහා වූ මිල ඉහළ යාමත් සමඟම බහුකාර්යය ගුවන්යානා සංවර්ධනය සඳහා අර්ථිකය යොමු විය.

පෙර යුග වලදී මෙන් නොව, නවීනතම සුපිරි ගුවන්යානා කාර්යශූර ප්‍රහාරක ලෙස නිර්මාණය වූ අතර MiG-23 සහ Panavia Tornado යානවන් සාමාන්‍ය තත්වයෙන් විකරණය වූ ඒවා විය. Fly-by-wire controls සහ relaxed stability යන ආකාර නවීනතම ප්‍රහාරක අතර සුලබ විය. මෙම ගුවන්යාන බොහොමයක් "සිව්වන පරම්පරාවෙ"හි ජෙට් ප්‍රහාරක යානා විය. අනෙක් විශේෂිත වූ විප්ලවය සිදුවූයේ උපාංග ප්‍රමිතිකරණය සහ නඩත්තුකිරීම සඳහා වූ විශ්වසනීයත්වය මතය. ඇතම් මුල් යුගයේ ජෙට් ප්‍රහාරක ගුවන්යානා ගුවන්ගත පැයක කාලයක් සඳහා බිම් සේවකයින්ගේ මිනිස් පැය 50ක කාර්යයක් අවශ්‍ය වූ අතර පසු කාලීන යානා වේගවත් පියාසර කාලයන් හා එක් දිනක එල්ල කරන්නාවූ ප්‍රහාරක සංඛ්‍යාව වැඩි කරලීම සඳහා භාවිතා කලාවූ මිනිස් පැය ගණන අවම කරවීය. ඇතම් නූතන යුධ ගුවන්යානා පැයක ගුවන්ගත කාලයක් සඳහා අවශ්‍ය කරනුයේ මිනිස් පැය 10ක් පමණක් වන අතරම ඇතැම්වා මීටත් වඩා බොහෝසෙයින් කාරයක්ෂම විය.

සැලකිය‍යුතු ගුවන්යානා:

· France

o Dassault Mirage 2000/2000N/2000D

·  India

o HAL Tejas

·  People's Republic of China

o Shenyang J-11 'Flanker'

· Republic of China (Taiwan)

o AIDC F-CK-1 Ching-kuo

·  Soviet Union

o Mikoyan MiG-29 'Fulcrum'

o Mikoyan MiG-31 'Foxhound'

o Sukhoi Su-27/33 'Flanker'

·  United Kingdom /  Germany /  Italy

o Panavia Tornado

·  United States

o Grumman F-14 Tomcat

o McDonnell Douglas F-15 Eagle

o General Dynamics / Lockheed Martin F-16 Fighting Falcon

o McDonnell Douglas F/A-18 Hornet

o Northrop F-20 Tigershark