ප්‍රවෘත්ති සැලසුම් නිර්මාණය

විකිපීඩියා වෙතින්

ප්‍රවෘත්ති සැලසුම් නිර්මාණය යනු කතෘමණ්ඩලය සහ ග්‍රැෆික් අරමුණු,මාර්ග සුචක අනුව පුවත් පත් පිටුවක්,අමුද්‍රව්‍ය සහ සකස් කිරීමේ ක්‍රියාවලියයි. කතෘමණ්ඩලයේ අරමුණ පුවත්වල වැදගත් හා ප්‍රධාන අරමුණයි. කියවීමේ පහසුව, තුලනය සහ කරදරකාරී නොවන අයුරින් වෙළෙද දැන්වීම් ඇතුලු කිරීම ග්‍රැෆික් අරමුණයි.


මේ සදහා ග්‍රැෆික් නිර්මාණයේ මූල ධර්ම පාදක වෙයි. පත්‍රකලාවේදී පුහුණුවේ කොටසක් වශයෙන් එම විද්‍යාලවල ඒවා ඉගැන්වේ. පිටු සැකසීම, පිටු අංකනය ආදිය ද ඊට ඇතුළත් වේ.


19 සියවසේ මැද භාගයේ දී නූතන පුවත් පත් යුගය ඇරඹි අතර කාර්මික විප්ලවයත් සමගම මුද්‍රණය හා ව්‍යාප්ති හැකියාවන්ද දියුණු විය. කාලයත් සමග මුද්‍රණ තාක්ෂණයේ දියුණුව ,ග්‍රැෆික් නිර්මාණ සහ කතෘමණ්ඩලයේ සම්මතයන් සදහා පුවත්පත්වල පෙනුම සහ කියවීමේ හැකියාව දියුණු වී ඇත. 19 වන සියවසේ පුවත් පත් සිරස්තල අතර සකස් වු අකුරු පමණක් ඇති ලිපිවලින් පිරී තිබිණි. එක් ලිපියකට සිරස්තල ගණනාවක් විය. මෙම ගැටළු 20 වන සියවසේ ඩිජිටල් යතුරු ලියන සහ පිටු අංකනය හරහා මග හැරිණි.


නිර්මාණ වෙනස් කිරීමේ දී ටුඩේ පුවත්පත මුල් තැන ගත් අතර වර්ණ සහ ග්‍රැෆික් නිර්මාණ පුවත්පත් කලාවට හදුන්වා දීමට විශාල කාර්යයක් ඉටු විණි. ඒවායෙන් පාඨකයාට වැදගත් දේ දැනගැනීමට මගපෑදිනි.


වෙනස් කම්[සංස්කරණය]

  • පිටුවක ලිපි ප්‍රමාණය අඩු කිරීම.
  • විශාල සිරස්තල අඩු ගණනක් යෙදීම.
  • පුවත් කොටු කිරීම. ( එල් හැඩය මග හරියි).
  • සම්මත තීරු යෙදීම .
  • සම්මත අකුරු රටා.
  • වැඩි චිත්‍ර
  • අකුරු නොවන කොටස්, විශේෂයෙන් ඡායාරූප.
  • වැඩි සුදු හිඩැස්.
  • වර්ණ.


පිටු සැකසුම් ක්‍රියාවලිය[සංස්කරණය]

පිටුවක විවිධ කොටස් සැලසුම්කරණය සදහා ‘ ඩෙස්ටොප් ‘ මෘදුකාංග යොදා ගැනේ. ඩිජිටල් ක්‍රමය හදුන්වා දීමට පෙර එක් එක් පිටුව සදහා “ සැලසුම් ඩමියක් ” සෑදීමට සිදුවිය. එසේම අකුරු අමුණන්නෙකු යොදා ගනිමින් තීරූ පළලට අනුව සම්පූර්ණ “සැලසුම් ඩමියක් ” සෑදීමට සිදුවූ අතර දෙන ලද පළලක් සඳහා තීරුවක දිග ගණනය කිරීමට ද සිදුවිය.


මුල් කාලයේ පුවත්පත්වල බොහෝ ගැටළු ඇති වූයේ අකුරු අමුණන්නන් විසින් අවසාන මොහොතේ නිවැරදි කිරීම් සිදු කරන ලද බැවිනි. ඡායාරූප මුද්‍රණකරණයත් සමග අකුරු ඇමිනීම වෙනුවට “ ඇලවීමක් ” සිදු කෙරිණි. එහිදී දළ සේයා පට මත අකුරු මුද්‍රණය කළපසු අවසාන මුද්‍රණයේදී ඒවා ඇලවීම සිදුකරයි.


ඇලවීම ක්‍රමය නිසා දුෂ්කර අකුරු ඇමිනීමට අවශ්‍ය නොවූවත් ඒ සදහාද සැලසුම් සහගත පිටු නිර්මාණය සහ සම්මත තීරූ අවශ්‍ය විය. වර්ෂ 1900 දී මෙම ක්‍රමය වෙනුවට කෙළින්ම මුද්‍රණය කළ හැකි ක්‍රමයක් හදුන්වා දුණි. මෙහි දී පරිගණකයේ අංකනය කල පිටු සෘඡුවම ඡායාරූප තලයකට සම්ප්‍රේෂණය කෙරිණි. මේ හරහා ක්‍රියාවලියේ අවස්ථා කිහිපයක් එක් අවස්ථාවකට එකතුකෙරුණු අතර වැඩි නම්‍යශීලිත්වයක් සහ නිවැරදි බවක්ද ඇතිවිය.


නිර්මාණ විකල්ප[සංස්කරණය]

නිර්මාණකරුවන් ඡායාරූපයේ හා සිරස්තලයේ ප්‍රමාණය තීරණය කරයි. කුමන ලිපිය කුමන පිටුවට ඇතුළත්වේද යන්න ද තනිවම හෝ කතෘ සමග සාකච්ඡා කොට තීරණය කරයි. සාමාන්‍යයෙන් පුවත්පතකට ආවේණික නිර්මාණ ශෛලියක් තිබුණද ඔවුන්ට අක්ෂර මුහුණත පවා වෙනස් කල හැක.


සටහන්[සංස්කරණය]

News_design