ප්‍රවෘත්ති ප්‍රචාරණය

විකිපීඩියා වෙතින්

ප්‍රවෘති ප්‍රචාරණය යනු රූපවාහිනිය ගුවන් විදුලිය හරහා විවිධ ප්‍රවෘති සහ වෙනත් තොරතුරු ප්‍රචාරණයයි. මේවා ප්‍රවෘති අංශය මගින් හෝ ප්‍රචාරණ ජාලයක් මගින් නිෂ්පාදිත තොරතුරු විය හැකිය. ක්‍රීඩා,කාලගුණය,වාහන තද බදය වැනි ප්‍රේක්ෂකයාට හෝ ශ්‍රාවකයාට අදාල වන්නේ යැයි හැගෙන විශේෂ කරුණුද ඊට ඇතුළත් විය හැකිය.

ප්‍රවෘති විකාශනයේ සමාජ බලපෑම්[සංස්කරණය]

ජනමාධ්‍යවේදනයේ සහ විකාශනයේ දියුණුවත් සමග කාලය සහ අවකාශනය එකිනෙකට වෙන්ව ඇත. අවකාශයේ දුරස්වීමට භෞතික දුර අදාළ නොවේ. කිසිදු ප්‍රමාණයකින් තොරව දිගුකරමින් තොරතුරු හුවමාරු කළ හැක.

විශේෂයෙන්ප්‍රවෘති විකාශනය අප බොහෝ පුද්ගලයින් අදහස්,රැකියාවෙන් ගැන දැරූ අදහස් වෙන් කර ඇත. එක් කාලයකදී දේශපාලන නම්‍යතාවය සහ බලය මගින් ජනතාව විශ්මිතයට පත් වුවද අද ඔවුන්ගේ ක්‍රියා සහ තීරණ වාර්තාගතව විකාශනය වන නිසා මහජනයා ඔවුන්ගේ වැරදි හදුනාගෙන ඔවුන්ද සාමාන්‍ය පුද්ගලයන් ලෙස දකී. රූපවාහිනිය අද අප විශ්මය අඩු කරන අතර දේශපාලඥන්ගේ ආත්ම සම්මානනයද අඩු කරයි. කථාවක් පවත්වන විට ඔවුන්ගේ උද්වේගය සහ හවුල් බව අපට දැක ගත හැක.

රූපවාහිනී ප්‍රවෘති විකාශනය[සංස්කරණය]

රූපවාහිනී ප්‍රවෘති යනු රූපවාහිනිය හරහා වර්තමාන සිද්ධි වාර්තා කිරීමය. එය තත්පර ගණනක් හෝ පැය ගණනක් තරම් දිගු විය හැකි අතර ලෝක, ජාතික, ප්‍රාදේශීය පුවත් තොරතුරු ගෙන ඒම රූප මත පදනම්ව ඇත. සිද්ධි පිළිබදව වීඩියෝද පෙන්වයි. හදිසි හෝ ඉතා වැදගත් ප්‍රවෘතියක් ඇතිවිට වැඩසටහන් පෙළ ගැස්වීමට බාධා කර එය විකාශනය කෙරේ. සාමාන්‍යයෙන් ප්‍රවෘති වැඩ සටහන් පෙළ ගැස්සවීමට ඇතුළත් කර ඇත.


කේබල් ප්‍රවෘති[සංස්කරණය]

කේබල් ප්‍රවෘති යනු වර්තමාන සිදුවීම් සඳහා දවසේ පැය 24 ම කැප කර ඇති රූපවාහිනී නාලිකාය මෙහි ආරම්භකයා CNN වේ. ඔවුන්ගේ නව සොයාගැනීම් අනුව එය කේබල් නිවුස් නෙට්වර්ක් ලෙස නම් කර ඇත. චන්ද්‍රිකා හා වෙනත් තාක්ෂණික දියුණුවත් සමග කේබල් යන වදන එතරම් සුදුසු නොවූවත් තවම භාවිතා වේ. අල් ජසිරා ,ෆ්‍රාන්ස් 24, BBC නිවුස්,ස්ටාර් නිවුස්,ෆොක්ස් නිවුස් වැනි නාලිකා බොහොමයක් දැනට බිහිවී ඇත. සමහර නාලිකා විශේෂීකරණය කර තවදුරටත් ගෙනයයි. උදා ESPN ( ක්‍රීඩා ) , CNBC ,බ්ලුම්බර්ග් ටෙලිවිෂන් සහ ෆොක්ස් බිස්නස් නෙට්වර්ක් (මූල්‍ය‍)


කේබල් පුවත්වලින් සාම්ප්‍රදායික පුවත් විකාශනය වන අතර හදුනා ගැනිම සදහා ‘ජාල පුවත්’ යන වදන යෙදේ. උද- M5NBC සහ එහි NBC නිවුස් ජාලය


රූපවාහිනී ප්‍රවෘති නාලිකා[සංස්කරණය]

රූපවාහිනී ප්‍රවෘති නාලිකා යනු ප්‍රවෘති විකාශනයට පමණක් විශේෂ වූ රූපවාහිනී නාලිකයාය. ලොව ප්‍රථම රූපවාහිනි ප්‍රවෘති නාලිකාව CNN ය.

ගුවන් විදුලි ප්‍රවෘති විකාශනය[සංස්කරණය]

ගුවන් විදුලි ප්‍රවෘති රූපවාහනී ප්‍රවෘත්ති වලට සමානය. එකම වෙනස එය ගුවන් විදුලියකින් ප්‍රචාරණය වීමය. එය දෘශ්‍ය අංශයට වඩා ශ්‍රව්‍ය අංශය පිළිබදව සැලකිල්ලක් යොමු කෙරේ . වාර්තාකරුවන් ශබ්ද පටිගත කරන අතර ඒවා ගුවන් විදුලය හරහා ප්‍රචාරය කරයි. රූපවාහිනියට වඩා සීඝ්‍රයෙන් ගුවන් විදුලියේ පුවත් අලුත් වේ. සාමාන්‍යයෙන් පැයකට වරක් හෝ දෙවරක් වශයෙනි.


බොහෝ ගුවන් විදුලි විකාශනවල ප්‍රවෘති විකාශනය මිනිත්තු 0-06 දක්වා දිවෙයි. සමහර විකාශන මුළු මිනිත්තු හයම තමන් නිපදවා ගන්නා අතර සමහරුන් ජාලාත්මක විකාශයන් හරහා මිනිත්තු දෙකක හෝ තුනක දේශීය ප්‍රවෘති ප්‍රකාශයක් සිදු කරයි. බොහෝ විට වෙළෙඳ දැන්වීම් සහ කාලගුණය සඳහාද යම් කාලයක් භාවිතා වේ. විශාල නගරවල නම් වාහන තද බදය පිළිබඳව වාර්තාද ඇතුළත්ව ඇත. සමහර විකාශනයන් කාර්ය බහුල පැය වලදී පමණක් වාහන තදබදය වාර්තා කරන අතර තවත් සමහරු දවස පුරා වාර්තා කරති .

ප්‍රවෘති විකාශනය[සංස්කරණය]

සාමාන්‍යයෙන් රූපවාහිනී නාලිකාවල දිනකට තුන් - හතර වරක් ප්‍රවෘති විකාශනය වේ. උදෑසන 5-6 මධ්‍යහන,සවස 5-6 සහ රාත්‍රී 10- 11 ලෙසය. බොහෝ ආයතන සිය ප්‍රවෘති විකාශනය සඳහා ආකර්ශණීය නම් යොදා ගනී. (උදාහරණ ගුඩ්මෝනින්...... ,ලයිව් ඇට් එයිට්)එහි අරමුණ වන්නේ එක් ආයතනයක් තවත් ආයතනයකින් වෙන් කර හඳුනා ගැනීමටය. විශේෂයෙන් ප්‍රේක්ෂක සංඛ්‍යාව මැනීමේ සමීක්ෂණ වලද දී ප්‍රේක්ෂකයාට නාලිකාවේ නම අමතක වුවද ප්‍රවෘති විකාශනයේ නම ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදේ.


ගුවන් විදුලි නාලිකා සෑම පැයකට වරක් මිනිත්තුවක පමණ ප්‍රවෘති විකාශනය කරයි.

පුරා ප්‍රවෘති විකාශය කරයි. එක්සත් ජනපදනයේ CNN හෝ එක්සත් රාජධානියේ BBC වැනි නාලිකා ප්‍රවෘති විකාශනය කරයි. අන්තර්ජාල පුවත් වාර්තාද දවස පුරා අලුත් වේ.


ප්‍රවෘති ඉදිරිපත් කරන්නෝ ප්‍රවෘති විකාශනයේ විවිධ කොටස් දක්වා සිටිති. ඔවුන් සම්මුඛ සාකච්ඡාද පවත්වයි.


ප්‍රවෘති ඉදිරිපත් කරන්නන්ගේ බොහෝ පුවත් “ පාර්සල් ස්වරූපයක් ගනී’. ඒවා මිනත්තු 1 - 5 අතර බොහෝ කාලයක් සදහා කලින් පටිගත කර ඇත. සම්මුඛ සාකච්ඡා,ඡායාරූප සහ වෙනත් කොටස් එක්කර සංස්කරණය කර ඇත. එම කොටස්වල සම්බන්ධයන් පැහැදිලි කිරීම සදහා කටහඩ යොදාගනී.


සමහර සිද්ධීන් සජීවීව වාර්තා කෙරේ. අදාල ස්ථානයේ සිටින වාර්තාකරුවෙකු හෝ ප්‍රවෘති ඉදිරිපත් කරන්නා සිදු කරනු ලබන සම්මුඛ සාකච්ඡාවක් හා සජීවී රූප රාමුවක් වශයෙන් මෙය ඉදිරිපත් කළ හැක. ශබ්ද සහ රූප රූපවාහිනී ආයතනයට කේබල් හරහා එවනු ලැබේ. මේවනවිට සජීවී මාධ්‍යකරණය වර්ධනය වී ඇති අතර එම නිසා සිය ලිවීමේ හෝ වාර්තාකරණයේ හැකියාව මෙන්ම කැමරාවට මුහුණදීමේ හැකියාවද මාධ්‍යවේදීන්ට වැදගත්වේ.


රූපවාහිනී පුවත් වැඩ සටහන් නිෂ්පාදනයකරුවන් විසින් සකස් කරනු ලබයි. කුමක් ඇතුලු කර යුතුද,නැතිද කුමන කාලයක් සදහාද යන්න මෙන්ම,සිද්ධි ඉදිරිපත් කළ යුතු අනුපිළිවෙළද ඔවුන් තීරණය කරයි.


සිද්ධීන් රැස් කිරීම සඳහාම වෙනස් පුවත් සංස්කරණවරයෙකු පත් කෙරේ.

කාර්මික අධ්‍යක්ෂක සහ පසුතල අධ්‍යක්ෂකගේ මෙන්ම කාර්යය මණ්ඩලයේ සහය ඇතිව අධ්‍යක්ෂකවරයා ප්‍රවෘති වැඩසටහන් අධ්‍යයනය කරයි. බොහෝ වැඩසටහන සජීවීය.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රවෘත්ති_ප්‍රචාරණය&oldid=472187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි