ප්‍රවෘත්ති කණ්ඩායම්

විකිපීඩියා වෙතින්

ප්‍රවෘත්ති කණ්ඩායම් News Groups

ප්‍රවෘත්ති කණ්ඩායම් යනු අන්තර්ජාලය හරහා යම් විෂයක් හෝ දෙයක් කෙරෙහි කැමැත්තක් ඇති අයට ඒ පිළිබදව නව අදහස් හුවමාරු කරගත හැකි විශ්වීය සම්මන්ත්‍රණ පහසුකම් ලෙස කෙටියෙන් හැදින්විය හැකිය. ප්‍රවෘත්ති කණ්ඩායම් ( Chat ) කථා පහසුකම් නොවේ. Chat යනු තත්කාලීන පහසුකමකි. ප්‍රවෘත්ති කණ්ඩායම්වලදී කණ්ඩායමක සාමාජිකයින් වන අයට එම කණ්ඩායම අතර පණිවිඩ මගින් අදහස් හුවමාරු කරගත හැකිය. එසේම වෙනත් පහසුකම් එනම් , වෙබ් අඩවි වල තොරතුරු , වීඩියෝ යනාදිය ද හුවමාරු කරගැනීමට මෙම පහසුකම අවශ්‍ය මග පෙන්වීම සිදුකරනු ලබයි. මෙහිදී සාමාජිකයින්ට තම අදහස් ප්‍රකාශ කළ හැකි අතර ඒවා පොදුවේ සෑම සාමාජිකයකුටම දර්ශනය වේ. එවිට එම සාමාජිකයින්ට යමක් කියවා එම පණිවිඩවලට පිළිතුරු ලිවිය හැකි අතර, ඒ පිළිතුරු ද අනෙක් අයටද දැකිය හැකිය. මෙම පහසුකම පොදු දේවල් සාකච්ඡා කරන සම්මන්ත්‍රණයක් ලෙසද දැකිය හැකිය. ප්‍රවෘත්ති කණ්ඩායම් උසස් වෙබ් පිටු සහ තැපැල් ලැයිස්තු(Mailing List)වලට වඩා උසස් පහසුකමකි. මෙම පහසුකම ව්‍යාපාරවලට නව පාරිභෝගිකයින් සමග සම්බන්ධවීමට ඉතා වැදගත් පහසුකමකි. එසේම ව්‍යාපෘති කණ්ඩායම් සහ සාමාණ්‍ය පොදු ජනතාවටද අන්තර්ජාලය හරහා මේ අදහස් පොදුවේ ප්‍රකශ කිරිමට මෙම පහසුකමද නොමිලේ ලබාගත හැකිය. මෙහිදි එක් කණ්ඩායමක අඩු තරමින් එක් පරිපාලන සාමාජිකයෙකු ( Administrator) සිටිය යුතුය. ඔහුට නව ප්‍රවෘත්ති කණ්ඩායමට සාමාජිකයින් බදවා ගැනීම,නැවැත්වීම පණිවිඩ දර්ශණය කිරිමේ අවසර ලබා දීම නොදීම, පණිවිඩ වසාදැමීම යනාදිය කළමනාකරණය කරයි

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රවෘත්ති_කණ්ඩායම්&oldid=469640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි