ප්‍රවර්ගය:රසායන විද්‍යාවේ ඉතිහාසය
රසායන විද්‍යාවේ ඉතිහාසය
[සංස්කරණය]රසායන විද්‍යාවේ මූලාරම්භය දහන ක්‍රියාවලීන් ආශ්‍රිතව මුල්වරට නිරීක්ෂනය කල හැකි වූ ලෝපස්වලින් ලෝහ නිස්සාරණය කිරීමේ ක්‍රමවේදය හා බැදී පවතී. (උදා - අතීත ඉන්දීය ලෝහ කර්මාන්තකරුවන්) රත්‍රන් සදහා ලෝභීකම නිසා රත්‍රන් ලෝහය පිරිසිදු තත්ත්වයෙන් ලබාගැනීමේ ක්‍රමවේදයන් සොයාගැනීමට මිනිසා උත්සුක විය. එවැනි ක්‍රමවේදයන් සොයාගත්තකුද එම ක්‍රියාවලීන් පිළිබද තේරුමක් කිසිවෙකුට නොවීය. සිදුවන්නේ පරිණාමයක් මිස පිරිසිදු කිරීමක් නොවන බව පිළිගත් අදහසක් විය. එකල විසූ උගතුන්ගේ විශ්වාසයක් වූයේ වටිනාකම අඩු ලෝහ වර්ග රත්ත්‍රන් බවට පරිණාමනය කළ හැකි මගක් පවතින බවයි. මෙය ආදි රසායනයේ ආරම්භය වූ අතර ආදි රසානඥයින්ගේ ඉලක්කය වූයේ ලාභදායී ලෝහ රත්‍රන් බවට ස්පර්ශයෙන් පරිණාමනය කළ හැකි යැයි විශ්වාස කළ පරාස මාණික්‍යය ෙසායා ගැනීමයි.
ආදී මුස්ලිම් ලබ්ධිකයන් පැරණිම රසායනඥයින් වන බව ඇතැම් පුද්ගලයන්ගේ මතයයි. මුස්ලිම්වරු ක්ෂේත්‍රයට පාලිත පරීක්ෂණ ක්‍රමවේද, තීක්ෂණ හා නිවැරදි නිරීක්ෂණයක යන ගුණාංග එක් කළ අතර රසායනික ද්‍රව්‍යය කිහිපයක්ම සොයා ගන්නා ලදී. ප්‍රධානම මුස්ලිම් රසායනඥයින් අතරට ජිබර්, අල්- කින්ඩි, අල් -ර්සි හා අල්- බිරුනි අයත් වේ. මේ අතුරින් ජිබර්ගේ ක්‍රියාකාරකම් යුරෝපයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අතර ඊට හේතුව වූයේ 14 වැනි සියවසේ ස්පාඥ්ඥයේ විසූ ව්‍යාජ - ජිබර්ගේ සොයා ගැනීම් නැවත ලතින් බසට පරිවර්තනය කර ප්‍රකාශනයට පත් කිරීමයි. මෙම ස්පාඥ්ඤ රසායන විද්‍යාවේ පෙර ගමනට දැක්වූ දාකත්වය ද අතිමහත්ය.
යුරෝපයේ රසායන විද්‍යාත්මක පිබිදීමට ප්‍රධාන හේතුව ලෙස අදුරු යුගයේදී නැවත නැවතත් මහාමාරිය හා දිලීර අංගමාර රෝගයේ පැතිරයාම වේ. මෙම රෝගවලට පිළියම් කිරීමට ඖෂධ අවශ්‍ය වූ අතර පරාස මාණික්‍යය මෙන්ම සියලු රෝග සුවකළ හැකි අමෘතයක් පවතින බව එකල විශ්වාසය විය. නමුත් කිසිවෙකුට එම අමෘතය නිපදවිය නොහැකි විය. රසායනික මූලද්‍රව්‍යයන් සොයා ගැනීම හා වර්ග කිරීමට දිර්ඝ ඉතිහාසයක් තිබේ. අධිරසායනඥයින්ගෙන් ඇරඹි දිමිත්‍රි මෙන්ඩලීව් (1834-1907) ආවර්තිතා වගුව නිර්මාණයේ සිට වර්තමානයේ කෘත්‍රීමව නව මූලද්‍රව්‍ය නිර්මාණය දක්වා, එම ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ ගමන් මග දිවෙයි.
රසායන විද්‍යාවේ මූලාරම්භය දහන ක්‍රියාවලීන් ආශ්‍රිතව මුල්වරට නිරීක්ෂනය කල හැකි වූ ලෝපස්වලින් ලෝහ නිස්සාරණය කිරීමේ ක්‍රමවේදය හා බැදී පවතී. (උදා - අතීත ඉන්දීය ලෝහ කර්මාන්තකරුවන්) රත්‍රන් සදහා ලෝභීකම නිසා රත්‍රන් ලෝහය පිරිසිදු තත්වයෙන් ලබාගැනීමේ ක්‍රමවේදයන් සොයාගැනීමට මිනිසා උත්සුක විය. එවැනි ක්‍රමවේදයන් සොයාගත්තකුද එම ක්‍රියාවලීන් පිළිබද තේරුමක් කිසිවෙකුට නොවීය. සිදුවන්නේ පරිණාමයක් මිස පිරිසිදු කිරීමක් නොවන බව පිළිගත් අදහසක් විය. එකල විසූ උගතුන්ගේ විශ්වාසයක් වූයේ වටිනාකම අඩු ලෝහ වර්ග රත්තරන් බවට පරිණාමනය කළ හැකි මගක් පවතින බවයි. මෙය ආදි රසායනයේ ආරම්භය වූ අතර ආදි රසානඥයින්ගේ ඉලක්කය වූයේ ලාභදායී ලෝහ රත්‍රන් බවට ස්පර්ශයෙන් පරිණාමනය කළ හැකි යැයි විශ්වාස කළ පරාස මාණික්‍යය ෙසායා ගැනීමයි.
ආදී මුස්ලිම් ලබ්ධිකයන් පැරණිම රසායනඥයින් වන බව ඇතැම් පුද්ගලයන්ගේ මතයයි. මුස්ලිම්වරු ක්ෂේත්‍රයට පාලිත පරීක්ෂණ ක්‍රමවේද, තීක්ෂණ හා නිවැරදි නිරීක්ෂණයක යන ගුණාංග එක් කළ අතර රසායනික ද්‍රව්‍යය කිහිපයක්ම සොයා ගන්නා ලදී. ප්‍රධානම මුස්ලිම් රසායනඥයින් අතරට ජිබර්, අල්- කින්ඩි, අල් -ර්සි හා අල්- බිරුනි අයත් වේ. මේ අතුරින් ජිබර්ගේ ක්‍රියාකාරකම් යුරෝපයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අතර ඊට හේතුව වූයේ 14 වැනි සියවසේ ස්පාඥ්ඥයේ විසූ ව්‍යාජ - ජිබර්ගේ සොයා ගැනීම් නැවත ලතින් බසට පරිවර්තනය කිරීමත් ඔහුගේම ප්‍රකාශනයට පත් කිරීමයි. (මෙම ස්පාඥ්ඤ රසායන විද්‍යාවේ පෙර ගමනට දැක්වූ දාකත්වය ද අතිමහත්ය.)
යුරෝපයේ රසායන විද්‍යාත්මක පිබිදීමට ප්‍රධාන හේතුව ලෙස අඳුරු යුගයේදී නැවත නැවතත් මහාමාරිය හා දිලීර අංගමාර රෝගයේ පැතිරයාම වේ. මෙම රෝගවලට පිළියම් කිරීමට ඖෂධ අවශ්‍ය වූ අතර පරාස මාණික්‍යය මෙන්ම සියලු රෝග සුවකළ හැකි අමෘතයක් පවතින බව එකල විශ්වාසය විය. නමුත් කිසිවෙකුට එම අමෘතය නිපදවිය නොහැකි විය.
රසායනාගාරයක් අදිරසායනඥයින් සිය පරීක්ෂණ කටයුතු ඉතා බුද්ධිමත් අයුරින් මෙහෙය වීම තුළින් ක්‍රමයෙන් රසායනය පිළිබඳ යම් දැනුමක් ලබා ගැනීමට සමත් විය. පැරිසියේ (1493 – 1541) නම් අදිරසායනඥයා මුලික සංයෝග 4 හි න්‍යාය ප්‍රතික්ෂේප කළ අතර රසායන ද්‍රව්‍ය හා ඖෂධ පිළිබඳ දළ අදහසක් ඇතිව විද්‍යාව හා අදිරසායනය මුහුම් කරමින් “අයට්‍රොරසායනය” නම් ක්ෂේත්‍රයක් ඇති කළේය. පස්‍රකාලීනව විද්‍යාත්මක පරීක්ෂණ වල පක්ෂපාති භාවයක් ඉවත් කරමින් හා පරීක්ෂණාත්මක ක්‍රියාවලීන් හිදි ගණිතය යොදා ගැනීම දිරිමත් කරමින් ක්‍රියාකළ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් බ්‍රේකන් (1561 – 1626) හා රෙනේ ඩෙස්කාටෙස් වැනි දාර්ශනිකයන් නිසා විද්‍යාත්මක විප්ලවයට මග පෑදුනි. රසායන විද්‍යාවේදි මේ සඳහා වැඩි දායකත්වයක් දැරුවේ රෝබට් බොයිල්ය. ඔහු වායුන්ගේ හැසිරීම් සඳහා අදාල වන බොයිල් නියමය හා ඊට අදාල ගණිතමය ප්‍රකාශ ඉදිරිපත් කරන ලදී. ඇන්ටෝයින් ලැවෝෂියර් (1743 – 1794) විසින් 1783 දී ස්කන්ධ සංඝටිති නියමය ඉදිරිපත් කිරීමත් සමග රසායන විද්‍යාව වඩාත් පරිගණක විද්‍යා ක්ෂේත්‍රයක් බවට පතක් විය. මේ සඳහා 1800 වර්ෂයේ ජෝන් ඩෝල්ටන් විසින් ඉදිරිපත් කළ පරමානුක වාදය දැඩි සේ බලපෑවේය. ලැවෝසියර්ගේ සොයා ගැනීම් මත පදනම් වු දහනයේ ඔක්සිජන් සහභාගීත්ව නියමය හා ශක්ති සංස්ථිති නියමය රසායන විද්‍යාත්මක විප්ලවයේ පදනම විය. රසායන විද්‍යාවේ මූලික සංකල්ප වලට ලැවෝසියර්ගෙන් ප්‍රභල දායකත්වයක් ලැබීමට හේතු වුයේ සියළු පරීක්ෂණාත්මක දත්ත ඔස්සේ එක් නියමයක් ගොඩ නැගීමට ඔහු ගත් උත්සාහයයි. රසායනික කලාවේ භාවිතය ප්‍රචලිත කිරීම, ඔක්සිජන් හා බැඳුනු න්‍යාය මගින් ෆ්ලොජිස්ටන් වාදය බිඳහෙලීම , නව රසායනවිද්‍යා නාමකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ නවීන මෙට්‍රික් ඒකක ක්‍රමයට ආරම්භක දායකත්වයක් සැපයීම වැනි ක්‍රියාකාරකම් සියල්ල ලැංවෝෂියර් රසායනවිද්‍යාවේ පෙරගමනට දැක්වූ දායකත්වයන් වේ. තවද රසායන විද්‍යාඥයින් යොදාගත් ආදි සහ තාක්ෂණික වචනවලින් ගහන වු වචන මාලාව වඩාත් සරල සහ අඩු අධ්‍යන මට්ටමක් සහිත මහජනයාට තේරුම් ගත හැකි වචන මාලාවක් බවට පත්කිරීමට ලැවෝෂියරි ක්‍රියාකල අතර මේ හේතුවෙන් රසායන විද්‍යාව කෙරෙහි මහජන උනන්දුවක් ඇති විය. මෙම වෙනස්කම් සියල්ල් රසායන විද්‍යාත්මක විප්ලවයේ ආරම්භය වූ අතර වර්තමානයේ ලොව පුරා අධ්‍යාපනික ආයතන වල ඉගැන්වෙන නව රසායන විද්‍යාවේ උපතට හේතු විය. මේ නිසා ඇන්ටොයින් ලැවෝෂියර් නව රසායන විද්‍යාවේ පියා ලෙස නම් කෙරේ. රසායන විද්‍යාවේ පරිණතියට ෆ්‍රෙඩ්රික් වෙන්ලර් විසින් කාබනික සංයෝග ඇතුලු ස්වාභාවික සංයෝග බොහොමයක් රසායනාගාරයක් තුල සංස්ලේෂණය කල හැකි බවට කල සොයාගැනීමද වැදගත් දායකත්වයක් රසායනික මූලද්‍රව්‍යයන් සොයා ගැනීම හා වර්ග කිරීමට දිර්ඝ ඉතිහාසයක් තිබේ. අධිරසායනඥයින්ගෙන් ඇරඹි දිමිත්‍රි මෙන්ඩලීව් (1834-1907) ආවර්තිතා වගුව නිර්මාණයේ සිට වර්තමානයේ කෘත්‍රීමව නව මූලද්‍රව්‍ය නිර්මාණය දක්වා, එම ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ ගමන් මග දිවෙයි.
"රසායන විද්‍යාවේ ඉතිහාසය" ප්‍රවර්ගයට අයත් පිටු
මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.