ප්‍රවර්ගය:ජෝර්ජ් වොෂිංටන්

විකිපීඩියා වෙතින්
1st President of the United States
තනතුර දරමින්
April 30, 1789 – March 4, 1797
උප ජනාධිපතිවරයාජෝන් ඇඩම්ස්
පූර්වප්‍රාප්තිකයාඅලුතින් පිහිටුවන තනතුරකි
අනුප්‍රාප්තිකයාජෝන් ඇඩම්ස්
Senior Officer of the Army
තනතුර දරමින්
July 13, 1798 – December 14, 1799
Appointed byජෝන් ඇඩම්ස්
පූර්වප්‍රාප්තිකයාජේම්ස් විල්කින්සන්
අනුප්‍රාප්තිකයාඇලෙක්සැන්ඩර් හැමිල්ටන්
කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා
තනතුර දරමින්
June 15, 1775 – December 23, 1783
Appointed byකොන්ටිනෙන්ටල් කොංග්‍රසය
පූර්වප්‍රාප්තිකයාඅලුතින් පිහිටුවන තනතුරකි
අනුප්‍රාප්තිකයාHenry Knox (Senior Officer of the Army)
Delegate to the Second Continental Congress
from Virginia
තනතුර දරමින්
May 10, 1775 – June 15, 1775
පූර්වප්‍රාප්තිකයාPosition established
අනුප්‍රාප්තිකයාතෝමස් ජෙෆර්සන්
Delegate to the First Continental Congress
from Virginia
තනතුර දරමින්
September 5, 1774 – October 26, 1774
පූර්වප්‍රාප්තිකයාPosition established
අනුප්‍රාප්තිකයාPosition abolished
පුද්ගලික තොරතුරු
උපතපෙබරවාරි 22, 1732(1732-02-22)
Westmoreland, Virginia, British America
විපතDecember 14, 1799(1799-12-14) (වයස 67)
Mount Vernon, Virginia, U.S.
දේශපාලන පක්ෂයIndependent
කලත්‍රයාMartha Dandridge Custis
වෘත්තියPlanter
Officer
AwardsCongressional Gold Medal
Thanks of Congress
අත්සනCursive signature in ink
හමුදා සේවය
Allegianceසැකිල්ල:Country data Kingdom of Great Britain Great Britain
එක්සත් ජනපද United States
ඛණ්ඩය/සේවයVirginia provincial militia
Continental Army
United States Army
සේවා කාල සීමාවMilitia: 1752–1758
Continental Army: 1775–1783
Army: 1798–1799
නිලය Lieutenant general
General of the Armies (posthumous: 1976)
CommandsVirginia Colony's regiment
Continental Army
United States Army
සටන්/යුද්ධFrench and Indian War
 • Battle of Jumonville Glen
 • Battle of Fort Necessity
 • Braddock Expedition
 • Battle of the Monongahela
 • Forbes Expedition
American Revolutionary War
 • Boston campaign
 • New York and New Jersey campaign
 • Philadelphia campaign
 • Yorktown campaign
^ March 4 is the official start of the first presidential term. April 6 is when Congress counted the votes of the Electoral College and certified a president. April 30 is when Washington was sworn in.

ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපතිවරයා විය. වතු වැවිලි කරුවෙක් හා මිනින්දෝරුවෙක් වූ ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදය, ජනරජයක් ලෙසින් පිහිටුවීමේ දී එහි මූලිකත්වය ගත් ආදී පීතෘවරුන් අතරින් අයෙක් ලෙසින් ද සැලකේ. ඔහු ඇමෙරිකන් නිදහස් අරගලයේ දී යුද වැදුණු කොන්ටිනෙන්ටල් හමුදාවේ ප්‍රධානියා ද විය. එසේම ඇමෙරිකන් ව්‍යවස්ථාව නිර්මාණයේ දී ඒ සාකච්ඡා සියල්ලේ ම සභාපතිවරයෙක් ලෙසින් ද කටයුතු කළේය. ඒකමතික තෝරා ගැනීමෙන් ඔහු නව ජනරජයේ මුල් ම ජනාධිපතිවරයා බවට පත්විය. ඔහු වාර දෙකක් ජනාධිපති ධූරය දැරීය. ආර්ථිකයෙන් ශක්තිමත් භාණ්ඩාගාරයක් ද, යුරෝපයේ වූ යුද කැළඹීම් වලට සහභාගී නොවී සිටීමෙන් ද, කැරැල්ලක් මැඬ පවත්වා ගත හැකිවීමෙන් ද යහපත් පාලනයක් ගෙන ගිය ඔහු ජනතාව අතර ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට ලක් වූ ජනාධිපතිවරයෙක් විය. ඔහුට තවත් බලයේ ඉන්නට යැයි ඉල්ලා සිටිය දී ඔහු තෙවැනි වාරයක් ප්‍රතික්ෂේප කර, ගොවිතැන් කටයුතු සඳහා කාලය යොදවන්නට අවශ්‍ය්‍ය යැයි කියා විශ්‍රාම ගියේය.

ළමා කාලය[සංස්කරණය]

ජෝර්ජ් වොෂිංටන් ගේ පියා ඔගස්ටීන් වොෂිංටන් දුම්කොළ වගාවේ නියුතු වතු වැවිලිකරුවෙකි. ඔහුට ජේන් බට්ලර් නැමති පළමු විවාහයේ බිරිඳ ගෙන් ලැබි දරුවන් හතර දෙනෙක් සිටියහ. ලෝරන්ස් හා ඔගස්ටීන් යන පුතුන් දෙදෙනා හැරෙන්නට අනිත් දරුවන් දෙදෙනා ළමා කාලයේ දී මිය ගියහ. ජේන් ද උණක් වැළඳී මිය ගියාය. ඔග්ස්ටීන්ගේ දෙවැනි විවාහය මේරි බෝල් නැමැත්තිය සමඟ සිද්ධ වුණි. ඇය රෑමත් බව කියැවේ. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුතුනුවන් වනුයේ ජෝර්ජ් වොෂිංටන් ය. ජෝර්ජ් වොෂිංටන්ට සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ද වූහ.

නොයෙක් පළාත් වල ජීවත්වෙමින් කාලය ගෙවන පවුල අනතුරුව වර්ජිනියාවේ ෆෙඩරික්ස්බර්ග් ගමේ රැෆහැනෙක් ගඟ අසල අක්කර 260 ක වත්තක පදිංචියට යති. ජෝර්ජ්ගේ පියාගේ වැඩිමහල් පුතුනුවන් වූ ලෝරන්ස් හා ඔගස්ටීන් දෙදෙනා එංගලන්තයේ අධ්‍යාපනය ලැබූහ. ඔගස්ටීන්ගේ පළමු දරුවා වූ ලෝරන්ස් පවුලේ වස්තුව සඳහා සම්ප්‍රදායික උරුමක්කාරයා ද විය. ජෝර්ජ් වොෂිංටන් අධ්‍යාපනය ලැබුවේ ගමේ එක් පංති කාමරයක් තිබි පාසැලක ය. එහි ගුරුවරුයා වූයේ හොබී නැමැත්තෙකි. ගුරුවරයාගේ දැනුම එතරම් ප්‍රමාණවත් නැතැයි ජෝර්ජ් මැසිවිලි කී බව සටහන් වෙයි. එසේම දුර බැහැර ගොස් ඉගෙනීමක් ලබා ගැනීමට මිල මුදල් නොමැති වූවා යැයි ඔහු කළකිරුණු ළමා කාලයක් ද ගෙවි බව සටහන් වෙයි.

දේහ ශක්තියෙන් හා ජවයෙන් පිරි කඩවසම් හැඩිදැඩි තරුණයෙක් වූ ජෝර්ජ් ක්‍රීඩාවන්ට හපනෙක් විය. එසේම නොදත් දෑ පොත පතින් තනිවම උගත්තේ ය. අශ්වයන් පිටේ යෑමට මෙන් ම ඔවුන් පුහුණුවට ද ඔහු දස්කම් දැක්විය.

ඔහු කුඩා කාලයේ දී වත්තේ වූ චෙරි ගස කපා දැමුවා යැයි දෝෂාරෝපණයකට ලක් වූ විට "මට බොරු කියන්න බැහැ, මම ඒක කළේ මගේ කුඩා කැත්තෙන්" යැයි කියා වැරැද්දේ වගකීම ගත්තා යන්න සුප්‍රසිද්ධ කට කතාවක් මිසක සත්‍ය්‍ය සිදුවීමක් නොවේ.[1]

සටහන්[සංස්කරණය]

  • en.wikipedia.org/wiki/Parson_Weems#The_cherry-tree_anecdote

ආශ්‍රිත සබැඳි හා ග්‍රන්ථ[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/George_Washington
ජෝර්ජ් වොෂිංටන් (2006), නයනි මැලගොඩ, කර්තෘ ප්‍රකාශනයකි

  1. en.wikipedia.org/wiki/Parson_Weems#The_cherry-tree_anecdote

දැනට මෙම ප්‍රවර්ගය පිටු හෝ මාධ්‍ය හෝ නොදරයි.