ප්‍රජා නාට්‍ය

විකිපීඩියා වෙතින්

හැදින්වීම[සංස්කරණය]

’ප‍්‍රජා නාට්‍ය’ යන්නෙහි අර්ථය එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදය තුළ භාවිත වන ආකාරය එකිනෙකට වෙනස්ය. එක්සත් රාජධානියේ එය 70 සහ 80 දශකවල දේශීය හෝ කලාපීය ප‍්‍රජාවන්ට නාට්‍ය පෙන්වන වෘත්තීය නාට්‍ය සමාගම් හැඳින්වීමට යොදා ගත්තේ ය. මේවා එම ප‍්‍රජාවට අදාළ කරුණු පිළිබඳ ව කතාබහ කළ අතර, ප‍්‍රජා මධ්‍යස්ථානවල පෙන්වනු ලැබීය. ඒවා ඉතා ප‍්‍රගතිශීලි අදහස්වලින් සමන්විත විය. ඉන් ප‍්‍රසිද්ධතම සමාගම වූයේ 7. 84 (7%ක් වූ ජනගහනය, ධනයෙන් 84%කට හිමිකම් කියයි.* නම් වූ කම්කරු පංතිය අතර සැරිසැරූ කණ්ඩායමයි. වර්තමානයේ ප‍්‍රජා වේදිකාව යන්න එක්සත් රාජධානිය තුළ භාවිත වන්නේ, ප‍්‍රදේශීයව ප‍්‍රජාවන් අතර ගැටළු සාකච්ඡුා කරන සංචාරක නාට්‍ය සඳහා ය.

ප‍්‍රජා නාට්‍ය එක්සත් රාජධානිය තුළ ‘ආධුනික නාට්‍ය’ සම්ප‍්‍රදායෙන් වෙන් වූ වෙනම ම නාට්‍ය සම්ප‍්‍රදායකි. එහෙත් මේවායේ රඟන සියළුම නළුවන් ගෙවීමක් නොලබන අතර, බොහෝ විට ආධුනිකයින් වෙති.

එක්සත් ජනපදයේ මේවා ඉතා ගතානුගතික වන නමුත්, එක්සත් රාජධානිය තුළ එසේ නොවේ. වෘත්තීයමය නොවන බොහෝ ස්ථානවල මෙම නාට්‍ය රඟ දක්වනු ලැබේ. එක්සත් ජනපදය වඩාත් ප‍්‍රචලිත සංගීතමය නාට්‍ය සහ ළමා නාට්‍ය නිෂ්පාදනය කිරීමට ය. වැටුප් නොලබන සාමාජිකයින්ගෙන් සමන්විත බොහෝ සමාගම් තමා ‘ප‍්‍රජා නාට්‍යකරුවන්’ ලෙස හඳුන්වා නොදෙති. ප‍්‍රමිතිගත නාට්‍ය හා ප‍්‍රජා නාට්‍ය අතර වෙනස සාමාන්‍යයෙන් තීරණය කරනු ලබන්නේ සමාගම විසිනි. වෙනත් රැුකියාවල යෙදෙන විවිධ වෘත්තිකයන්ට නාට්‍ය නිර්මාණය කිරීම තුළින් ක‍්‍රියාකාරී හා කලාත්මක ප‍්‍රජා කටයුතුවල යෙදීමේ අවස්ථාව ප‍්‍රජා නාට්‍ය තුළින් සැලසේ. බොහෝ විට ඒ පිළිබඳ ව අත්දැකීම් අඩු හෝ නොමැති, එහෙත් තම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට කැමති පුද්ගලයින් මේවාට සම්බන්ධ වේ.

එක්සත් ජනපදයේ ප‍්‍රජා නාට්‍ය සහ එක්සත් රාජධානියේ හා ඕස්ටේ‍්‍රලියාවේ ආධුනික නාට්‍ය සම්ප‍්‍රදායන්, වෘත්තිමය නාට්‍යවලට වඩා අඩු ප‍්‍රමිතියකින් යුතු යැයි සැලකෙති. ප‍්‍රජා නාට්‍යවල වටිනාකම පිළිබඳව වෘත්තිකයන්, ආධුනිකයන්, ශාස්ත‍්‍රඥයින් හා විවේචකයින් අතර වර්තමානයේ බොහෝ විවාදයන් පවතී. මන්ද, ඔවුන්ට විධිමත් පුහුණුවක් නොලැබෙන හෙයින්, අවශ්‍ය නිපුණතා ඔපමට්ටම් කරගෙන නොමැති පුද්ගලයින් ලෙස සැලකෙන බැවිනි. එහෙත්, සමහර ප‍්‍රජා නාට්‍යකරුවන්, එකී ප‍්‍රජාව තුළ ගෞරවයෙන් යුතුව සැලකුම් ලබති.

ජනප‍්‍රිය සංගීත සංදර්ශන හා නාට්‍ය මෙන් නොව, නාට්‍යමය රචනා, ක‍්‍රියාකාරකම් හා නිෂ්පාදය සඳහා වර්තමානයේ බොහෝ ප‍්‍රජා නාට්‍ය සමාගම් දායකත්වය සපයයි. මේ තුළ බොහෝ විට තම ප‍්‍රජාව පිළිබඳ මනා වැටහීමක් සහිත නාට්‍ය රචකයෝ නාට්‍ය රචනා කරන අතර, ප‍්‍රජා මට්ටමේ පේ‍්‍රක්‍ෂකයින්ට ඒවා ආකර්ෂණීය වේ. ඒවා වෘත්තීය ප‍්‍රජා නාට්‍ය සමාගම්වල රචනාවලට සමාන ය.

මෙම නාට්‍ය කණ්ඩායම් ප‍්‍රමාණයෙන් විවිධ වන අතර, එය ඉල්ලා ගත් තැනක රඟ දක්වන තනි පුද්ගලයකුගේ මූලිකත්වයෙන් පවත්නා කුඩා කණ්ඩායම්වල සිට, තමාගේම ආම්පන්න ඇති නාට්‍යාගාර සහිත විශාල කණ්ඩායම් දක්වා දිවේ. බොහෝ ප‍්‍රජා නාට්‍ය ක‍්‍රියාකාරී සාමාජිකයන් සහිත සාර්ථක, ලාභ නොලබන ව්‍යාපාර වන අතර, සමහර අවස්ථාවලදී පූර්ණ කාලීන වෘත්තිකයන් ද සේවය කරති. බොහෝ විට මෙහි නළුවන් වෙනත් වෘත්තීන්හි ද සේවය කරති. බොහෝ විට මෙහි නළුවන් වෙනත් වෘත්තීන්හිද යෙදෙන්නන් බැවින්, වෘත්තීමය කලාවන්ට ඇල්ම නොදක්වන අයගේ පවා ආකර්ෂණය දිනා ගැනීමට ඒවාට හැකියාව ලැබේ. ඇමරිකාවේ හා ඕස්ටේ‍්‍රලියාවේ මේවාට ඉතා විශාල සහභාගීත්වයක් දක්නට ලැබේ.

ප‍්‍රජා නාට්‍ය තුළින් සහභාගිවන්නන්ගේ දක්ෂතා, ප‍්‍රජා හැඟීම හා කලාත්මක සංවේදනයන් වැඩි දියුණු කරන හෙයින් එය සමාජයක ප‍්‍රාග්ධනය ලෙස සැලකේ. එය සමාජයක යහ පැවැත්ම සඳහා අවශ්‍ය වන සංවාද, ස්වයං ප‍්‍රකාශන හා අන්තර් ක‍්‍රියාකාරීත්වය ඉහළ නංවයි. නිදසුනක් ලෙස, මේවාට ළමුන් සහභාගී වන විට, ඒවා ළමුන්ගේ වැරදි ක‍්‍රියා අවම කරන අතර, අදහස් සහිත තරුණයින්ට ඒවා ප‍්‍රකාශ කිරීමට ඉඩ සලසා දෙයි.

සටහන්[සංස්කරණය]

|Community theatre |}

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජා_නාට්‍ය&oldid=469625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි