ප්‍රජානනය (ප්‍රජානනය පිළිබඳ හැඳින් වීමක් )
ප්‍රජානනය (ඥානය) යන්න ලිහිල්ව තොරතුරු සැකසුම, දැනුම යොදා ගැනීම, කැමැත්තක් වෙනස් කිරීම වැනි මිනිස් හැකියාවන් සඳහා යොදා ගනී. ප්‍රජානනය හෝ ප්‍රජානන ක්‍රියාවලීන් ස්වභාවික/ කෘත්‍රීම ලෙස විඥානක හෝ විඥානක බවින් තොරව විය හැක. එම නිසා නිර්වින්දන විද්‍යාව, ස්නායු විද්‍යාව , මනෝවිද්‍යාව , දර්ශනවාදය, පරිගණක විද්‍යාව යන ක්ෂේත්‍රවල විවිධ අයුරින් අන්තර්ගත වෙයි. දැනුම යන සංකල්පය සිත, හේතු දැක්වීමට , අවබෝධය , බුද්ධිය, ඉගෙනීම වැනි බොහෝ මිනිස් සිතේ ක්‍රියාකාරකම්වලදී ද කෘත්‍රීම හෝ නිපද වූ බුද්ධිමතුන්ගේ ද සම්බන්ධ කළ හැක.ප්‍රජානනය යනු දියුණු ජීවී වර්ගයාගේ වස්තුවක් වෙයි. එමනිසා එය මොළයේ හෝ පරිගනකයේ සංකේතාත්මක වස්තුවක් ලෙස අධ්‍යයනය කළ හැක.
මනෝ විද්‍යාවේ දී කෘත්‍රීම බුද්ධියේ දී දැනුම යන්න මානසික ක්‍රියාකාරිත්වයන් , මානසික කාර්යයන් ,බුද්ධිමය වස්තුවක තත්වය යන්න සඳහා ව්‍යවහාර කෙරේ. විශේෂයෙන්ම මෙහි දී අවබෝධය, අනුමාණ කිරීම, තීරණ ගැනීම, සැකසුම, ඉගෙනීම වැනි මානසික ක්‍රියාවලින් අධ්‍යයනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. මෑත කාලයේ දියුණු පර්යේෂකයන් විසින් සාරාංශගත කිරීම , සාමාන්‍යගත කිරීම, විශේෂායනය කිරීම සහ නිගමනයන් කිරීම (මතයන් දැනුම, අභිප්‍රායන් වැනි සංකල්ප ද, බුද්ධිමත් පුද්ගලයින්/ පද්ධතීන්ගේ කැමැත්තන් සහ බලාපොරොත්තු ද ඇතුළත්ය)
ප්‍රජානනය යන්න වඩා පුළුල් ලෙස දැනුම ලබා ගැනීම ලෙස කිව හැක. එනම් සාමාජීය හා සංස්කෘතික පරිසරයන් තුළ මතුවන දැනුම සහ සංකල්ප තුළින් එම කණ්ඩායම තුළ සිතුවිලි සහ ක්‍රියාකාරකම් ලෙස අපට පැහැදිලි කළ හැක.