ප්‍රක්ෂේපණ විකිරණ ශිල්පය

විකිපීඩියා වෙතින්

ප්‍රක්ෂේපණ විකිරණ ශිල්පය එක්ස්රේ කිරණ භාවිතා කරමින් ද්විමාණ ප්‍රතිබිම්භ ලබාගත හැකි ක්‍රමෝපායකි. සාමාන්‍යයෙන් එක්ස් කිරණවලට භාජනය කරනු ලබන සිරුරේ බෙහෝ කොටස්වල ප්‍රක්ෂේපණයන් දෙකක් පමණක් ලබාගන්නා අතර එමගින් එකිනෙකට සෘජු කෝණීව එක්ස් කිරණ ගමන් කරනු ලබයි. මෙය සිදු කරනුයේ හේතු දෙකක් නිසාවෙනි. පළමු හේතුව වන්නේ බොහොමයක් වූ අස්ථි බිදීම් දෘෂ්‍යමාන වන්නේ එක් තලයකින් පමණක් වන අතර නිරවද්‍ය තලය ප්‍රතිබිම්භය ලබාගන්නා තෙක් විකිරණ වේදියාට පැහැදිලි නොවන බැවිණි. දෙවැන්න වනුයේ අස්ථි බිදීම්වල පිහිටීම සහ සිරුරට ඇතුළු වූ ආගන්තුක ද්‍රව්‍යයවල පිහිටීම පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහාය. මෙලෙස හැකි තරම් තොරතුරු යම්කිසි රෝගයක් පිළිබදව රැස් කර ගැනීම වැදගත් වනුයේ එමගින් අස්ථි බිදිමට ලක් වූ රෝගියාට ප්ලාස්ටර් ඔෆ් පැරිස් මගින් ආධාරකයන් සැපයීම හෝ ශල්‍ය කර්මයක් සිදු කරන්නේ ද යන්න පිළිබදව නිර්ණය කළ හැකි බැවිණි. මැමෝගැෆි සහ දන්ත වෛද්‍ය විද්‍යාවේදී ද ප්‍රක්ෂේපණ විකිරණ ශිල්පය භාවිතා කෙරුණ ද මෙම ලිපියේ සදහන් කිරීමට එම මාතෘකාවන් ඉතා සංකිර්ණය.