ප්ලාස්ටික් සැත්කම්වල ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ප්ලාස්ටික් සැත්කම් බුද්ධ වර්ෂ 700 තරම් දිගු ඉතිහාසයකට දිවෙයි. අතීත ඉන්දියාවෙහි බුද්ධ වර්ෂ 8 වන සියවසේ මුල් යුගයේ විසූ සුශ්‍රැත නම් වෛද්‍යවරයා හට හම බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම‍ට හැකියාව කිබූ බවට වාර්තා ඇත. සුශ්‍රැත සම්හිතයෙහි ඔහු විසින් සිදු කරන ලද නාසයෙහි සහ කනෙහි සැත්කම් පිළිබදව විග්‍රහ කෙරේ. 18 වන ශත වර්ෂයේ අග භාගය වන තෙක්ම ඉන්දියාවෙහි පැවති ප්ලාස්ටික් සැත්කම් පිළිබදව වූ දැනුම ගැන Gentleman’s Magazine නම් කෘතියෙහි සදහන් වේ.

බුද්ධ වර්ෂ පළවන සියවසෙහි මුල භාගයෙහි විසු රෝමාණුවන් හට විනාශ වූ කණක් බද්ධ කිරීම වැනි සරළ ක්‍රමෝපායන් සිදු කිරීමට හැකියාව තිබූ බවට සාක්ෂි ඇත. 1465 දී රචිත ග්‍රන්ථ වලට අනුව අධෝව්‍යපනිය පිළිබදව (Hypospadias) වර්ගීකරණයක් විස්තරාත්මකව සදහන් කර ඇත. මෙහිදී බාහිර මුත්‍ර විවරය පිහිටීම පිළිබදව විස්තරාත්මක විග්‍රහයක් ලබාදී ඇත. තවද උභයාර්ථ ලිගේන්ද්‍රිය පිළිබදව වර්ගීකරණය හා විස්තර කිරීමක් කර ඇත. පහලොස් වන ශතවර්ෂයේ මැද භාගයේ දී යුරෝපයෙහි Heinrich Von Pfolspeundt විසින් සුනඛයන් විසින් කා දමා විනාශ කරනු ලැබූ නාසයක් නැවත පුනරුත්ථාපනය කිරීම පිළිබදව විග්‍රහ කර ඇත. මෙය සිදු කිරීම අතෙහි පිටුපසෙහි ඇති සම කොටසක් ඉවත් කර එය අදාල ස්ථානයට බද්ධ කිරීම මගින් කෙරේ. නමුත් හිසෙහි හෝ මුහුණෙහි සිදු කරන සැත්කම් සදහා ඇති අවධානම හේතු කොට ගෙන 19 වන සහ 20 වන ශත වර්ෂයන් වන තෙක්ම ඒවා බහුලව සිදු නොවුනි.

නිර්වින්දන ක්‍රම පිළිබදව සොයාගැනීම් ඇති වීමට ප්‍රථම සිදු කරන ලද සියලුම සැත්කම්වල දී රෝගියාට අතිශය වේදනාකාරී තත්වයන්ට මුහුණ දීමට සිදු වුණි. සැත්කම් නිසා ඇතිවන බැක්ටීරියා ආසාදන ප්‍රමාණය විෂබීජහරණ ක්‍රම හා ජීවානුහරණ ක්‍රම හදුන්වාදීමත් සමගම කැපී පෙනෙන ලෙස පහත වැටුණි. තවද පෙනිසිලින් සහ සල්ෆර් අන්තර්ගත ප්‍රතිජීවක ඖෂධ හදුන්වාදීමත් සමගම ඉහතකී ආසාදනයන් වළක්වා ගැනීමට හැකියාවන් ලැබුණි.

1791 දී Chopart විසින් බෙල්ලෙන් ලබා ගන්නා ලද පටක කොටසක් භාවිතා කර තොලෙහි සැත්කමක් සිදු කරන ලදී. 1814 දී Joseph Carpue විසින් රසදිය මගින් සිදු කරන ලද ප්‍රතිකාර ක්‍රමයක් හේතුවෙන් සිය නාසය අහිමි වූ බ්‍රිතාන්‍ය හමුදා සේවකයෙකු හට සැත්කමක් සාර්ථක ලෙස සිදුකරන ලදී. කාල්ෆර්ඩිනන්ඩ් නම් ජර්මානු ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් 1818 දී ඔහු විසින් නාසයෙහි සිදු කරනු ලැබූ සැත්කම් පිළිබදව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු විසින් මුල් යුගවල දී සිදු කරන ලද සැත්කම් ක්‍රමයට වඩා නිදහස් සම බද්ධ කිරීමේ ක්‍රමයක් උපයෝගී කර ගනිමින් නව ඉතාලි ක්‍රමයක් භාවිතා කරන ලදී. 1845 දී Johann Friedrich Dieffenbach විසින් නාසයේ සිදු කරන සැත්කම් පිළිබදව විස්තරාත්මක විග්‍රහයක් රචනා කරන ලදී. මෙය Operative Chirurgie ලෙස නම් කරන ලද අතර පුනුරුත්ථාපනයට පත් කරන ලද නාසයක් නැවත සැත්කමකට භාජනය කිරීම මගින් එහි පෙනුම වැඩි දියුණු කර ගත හැකි අන්දම විස්තර කරන ලදී. ඇමරිකානු උගුර ,කන , නාසය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ජෝන් රෝ විසින් තරුණ කාන්තාවකගේ නාසයෙහි වූ ගැටිත්තක් සැත්කමක් මගින් ඉවත් කර යථා තත්වයට පත් කරන ලදී. 1892 දී Robert Weir විසින් ගිලුණු නාසයක සිදු කරන ලද බද්ධ කිරීමේ සැත්කමක් අසාර්ථක වුණි. 1896 දී ජර්මානු ජාතික මුත්‍රා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වූ James Israel හා 1889 දී ඇමරිකානු ජාතික George Monks විසින් නාසයෙහි වූ ආබාධයක් සදහා සාර්ථකව අස්ථි බද්ධ කිරීමක් මගින් සැත්කමක් සිදුකරන ලදී. 1898 දී ජර්මානු ජාතික විකලාංග ‍ශල්‍ය වෛද්‍යවරයකු වන Jacques Joseph විසින් ප්ලාස්ටික් සැත්කම් පිළිබදව මුල්ම සදහන් කිරරීමක් සිදුකරන ලදී. 1928 දී ඔහු විසින් Nasenplastik und Sonstige Gesichtsplastik ප්‍රකාශයට පත් කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදයේ මුල්ම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා වූයේ වෛද්‍ය John Peter Mettauer ය. 1827 දී විදලිත තල්ල (Cleft Palate) සහිත රෝගියකු හට ඔහු විසින් නිර්මාණය කරගන්නා ලද උපකරණ භාවිතා කරමින් මුල්වරට සැත්කමක් සිදු කරන ලදී. නවසීලන්ත ජාතික උගුර ,කන , නාසය පිළබද විශේෂඥවරයකු වූ සර් හැරල්ඩ් ගිලීස් විසින් පළමු වන ලෝක යුද්ධයේ දී මුහුණෙහි තුවාල නිසා විකෘතිතා ඇතිවූ රෝගීන්හට නුතන ප්ලාස්ටික් සැත්කම් ක්‍රම සිදු කරන ලදී. ඔහු විසින් කරන ලද වැඩ කටයුතු ඔහුගේ ආදි ශිෂ්‍යයකු වූ Archibald McIndoe විසින් දෙවන ලෝක යුධ සමයේ දී වඩා ව්‍යාප්ත කරන ලදී. ඔහු RAF ගුවන් සේවකයන් දරුණු ලෙස පිලිස්සුම් තුවාල ඇති අවස්ථාවන්හි දී ප්‍රතිකාර ක්‍රම ලබාදුන් පුද්ගලයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. Archibald McIndoe විසින් සිදු කරන ලද පර්යේෂණාත්මක ප්‍රතිකාර ක්‍රම පසුකාලීනව Guinea Pig Club ඇති වීම සදහා හේතු වුණි. 20 වන ශතවර්ෂයේ දී ප්ලාස්ටික් සැත්කම් ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉමහත් වූ විශේෂ ඥාණයක් ලබා ගති. වෛද්‍ය Vilray Blair යනු මෙම ක්ෂේත්‍රයෙහි එක් නිර්මාතෘවරයකු වන අතර ඔහු සෙන්ලුවිස් මිසූරි හි වොෂින්ටන් සරසවියෙහි ප්ලාස්ටික් සහ ප්‍රතිසංස්කරණ සැත්කම් පිළිබදව ප්‍රධානියා විය. ඔහු විසින් පළමුවන ලෝක යුද්ධයේ දී සංකීර්ණ වශයෙන් මුඛය හා හණු ප්‍රදේශයෙහි තුවාල ඇතිවූ සෙබලුන්හට ප්‍රතිකාර කරන ලද අතර ඔහු විසින් රචිත ‘ මුහුණ ප්‍රතිසංස්කරණය කිරීමේ ශල්‍ය විද්‍යාව’ ප්‍රකාශනය මගින් එම ‍ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම ලබාගත හැකිය. ඔහු දන්ත වෛද්‍ය විද්‍යාව පිළබදව දැණුමක් නොමැතිව ඇමරිකානු මුඛ සහ ප්ලාස්ටික් සැත්කම් සංගමයට තේරී පත් වූ මුල්ම ශල්‍ය වෛද්‍යවරයා වන අතර ඔහු විසින් පසු කාලීනව ප්ලාස්ටික් සැත්කම් ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයන් වූ ශල්‍ය වෛද්‍යවරුන් සදහා දැනුම ලබා දී ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Plastic_surgery#History