පළාත් පාළනය

විකිපීඩියා වෙතින්

මෙම පදය බොහෝවිට කළාපීය මට්ටමෙන්ද භාවිතා කරණු ලබයි. (උදාහරණ: “අප අපගේ නගරයේ ආර්ථික සංවර්ධනය ඉහල නැංවිය යුතුයි” යනුවෙන් නගරාධිපතිවරයෙක් විසින් කීමට පිළිවන.) මේ අයුරින්, ආර්ථික සංවර්ධනය යම් ප්‍රදේශයක ව්‍යාපාර මෙහෙයුම් ඇතිකිරීමට හෝ ව්‍යාපාර මෙහෙයුම් පුලුල් කිරීමට, හෝ ප්‍රදේශය තුල පවත්නා ව්‍යාපාර මෙහෙයුම් සුරක්ෂිත කිරීමට සහාය වීම, හෝ ප්‍රදේශය තුල නව ව්‍යාපාර පිහිටුවීමට සහාය වීම, කෙරෙහි අවධානය යොමු කරණු ලබයි. (පහත සඳහන් ප්‍රාදේශීය ප්‍රථිපත්ති බලන්න.)

ආර්ථික ආකෘති වලට අමතරව, ඡන්දදායකයන්ගේ අවශ්‍යතාවයන් මගින්, ආර්ථික සංවර්ධකයන්ගේ ක්‍රියාවන් මෙහෙයවනු ලබයි. උදාහරණයක් ලෙස, නගරාධිපතිවරයාගේ කාර්‍ලයේ සේවය කරන ආර්ථික සංවර්ධකයකු විසින්, වැඩි ශ්‍රම ධාරිතාවක් අවශ්‍ය වන ව්‍යාපාර ආකර්ශනය කරගැනීම තුලින් සේවා වියුක්තිය අඩු කිරිම උදෙසා ක්‍රියාකල හැකිය. බැංකු, තත්‍ය දේපල නියෝජිතයන් හා උපයෝගීතා මගින් පාළනය කර ඇති වාණිජ මණ්ඩලයට සේවය කරණු ලබන ආර්ථීක සංවර්ධකයකු විසින්, විශාල ප්‍රාග්ධන ආයෝජන සහිත නිෂ්පාදකයන් (යකඩ හා රසායන දව්‍ය කර්මාතශාලා) ආකර්ශනය කරගනු ඇත. විශ්ව විද්‍යාලයකට සේවය කරනු ලබන ආර්ථික සංවර්ධකයකු, විශේෂයෙන්ම විශ්වද්‍යාලය විසින් සංවර්ධනයකල, බුද්ධිමය දේපල මත පදනම් වූ, ව්‍යාපාර ආරම්භ කිරීම පිළිඹඳව සලකනු ඇත.

ආර්ථික සංවර්ධනය, එහි පුළුල් අර්ථයෙන් ප්‍රධාන අංශ 3 ක් ආවරණය කරයි.

1. මිල ස්ථායීතාවය, ඉහල සේවා නියුක්තිය, පුළුල් බදු පදනම හා තිරසාර සංවර්ධනය වැනි පුළුල් ආර්ථික අරමුණූ කරා යාමට, රජය අනුගමනය කරණ බදු ප්‍රථිපත්ති. එවැනි උත්සාහයන්ට, මූල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්ති, මූල්‍ය ආයතන රෙගුලාසි, වෙළඳාම් හා බදු ප්‍රථිපත්ති ඇතුලත් වේ.

2. අධිවේගී මාර්ග, උද්‍යාන, අඩුමිල නිවාස, අපරාධ මැඩලීම හා K-12 අධ්‍යාපන වැනි, පාදක ව්‍යුහමය පහසුකම් හා සේවා සැපයීම සඳහා ප්‍රථිපත්ති සහ වැඩසටහන්.

3. ව්‍යාපාර මුල්‍ය, අලෙවි, සුළු ව්‍යාපාර සංවර්ධනය, ව්‍යාපාර පවත්වා ගැනීම හා පුළුල් කිරීම, තාක්ෂණය හුවමාරුව හා තත්‍ය දේපල සංවර්ධනයෙහි විශේෂ උත්සාහයන්, තුලින් රැකියා නිර්මාණය හා පවත්වාගනයාමේ ප්‍රථිපත්ති හා වැඩසටහන්.

"https://si.wikipedia.org/w/index.php?title=පළාත්_පාළනය&oldid=463842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි