පළමුවන මුගලන් රජ

විකිපීඩියා වෙතින්

සීගිරි කාශ්‍යප රජු රාජ්‍යත්වයට පැමිණ වසර 18 ගෙවී යද්දී ඉන්දියාවේ සිටි මුගලන් කුමරු එරටින් බළසේනා ගෙන මෙරටට පැමිණියේය.ඒ තම දෙටු සොහොයුරු සමග සටන් වැද රාජ්‍යත්වය තන් වෙත ලබා ගැනීමේ අරමුණෙනි.මෙම සටනේදී සීගිරි කසුප් රජ මුගලන් කුමරු සමග සටන් කොට පැරද යුධ බිමේහිම තම සියතින්ම ගෙළ සිදගෙන මළේය.අනතුරුව මුගලන් කුමරු රාජප්‍රාප්ත විය.මෙතුමා සීගිරි බළකොටුවේ විහාරයක් කරවා තම මයිළණු මහානාම මහ තෙරුන්ට පූජා කළේය.මෙහෙණවරක් කරවා භික්ෂුණීන්ට පිදීය.වංසකතවල දැක්වෙන අකාරයට මෙතුමා සමග ඉන්දියාවේ දිවිගෙවූ ශිලාකාල කුමරු විසින් ඉන්දියාවෙන් මෙරටට බුදුරජාණන්වහන්සේගේ කේශ්ධාතුව වැඩමවූ බවත් මුගලන් රජ විසින් ධාතූන් වහන්සේ ගෞරවයෙන් පිළිගෙන අරක්ෂා කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_මුගලන්_රජ&oldid=555238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි