පසුපෙළ මන්ත්‍රීවරයා

විකිපීඩියා වෙතින්

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායයෙහි, පසුපෙළ මන්ත්‍රීවරයෙක් යනු රජයෙහි නිලයක් නොදරන අතරම විරුද්ධ පක්ෂයෙහි ඉදිරි පෙළ නියෝජිතයෙක්ද නොවමින්, එය වෙනුවට පාර්ලිමේන්තුවෙහි සාමාන්‍ය සාමාජිකයෙක් වන්නාවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් (පාම) හෝ ව්‍යවස්ථා සම්පාදකයෙකි. මෙම පදය 1855 වසරෙහි සිට යෙදෙන්නකි.[1] මෙම පදය ව්‍යුත්පන්න වී ඇත්තේ බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය තුල ඔවුන් භෞතික වශයෙන් ඉදිරි පෙළට පසු පසින් අසුන් ගන්නා හෙයිනි.[2] උසස් නිලයක් එතෙක් ලැබී නොමැති නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වුවද රජයෙන් පහත හෙලනු ලැබීම, කිසියම් හේතුවක් නිසා අමාත්‍ය මණ්ඩලයෙහි හෝ විපක්ෂ ඡායා අමාත්‍ය මණ්ඩලයෙහි හෝ අසුන් ගැනීමට තෝරා නොගැනීම හෝ, අවධානයට ලක් නොවෙමින් පසුබිමෙහි සිට බලපෑම් කිරීමට රිසි වීම යනු හේතුන් විසින් යමෙකු පසු පෙළ මන්ත්‍රීවරයෙක් වීම සිදු විය හැකිය.

  1. "Backbench", Merriam-Webster Dictionary; accessed 2013.09.30.
  2. "බීබීසී නිවුස් | යූකේ| යූකේ පොලිටික්ස් | බැක්බෙන්චර්". news.bbc.co.uk (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-11-26.
"https://si.wikipedia.org/w/index.php?title=පසුපෙළ_මන්ත්‍රීවරයා&oldid=439597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි