පවුල හා විවාහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
US-hoosier-family.jpg

පවුල පිළිබද නිර්වචන[සංස්කරණය]

විවාහක ස්ත‍්‍රීය ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔවුන්ට දාව උපදින දරුවන්ගෙන් යුතු කුඩාම ඒකකය පවුල නම් වේ.

පවුල් වර්ග[සංස්කරණය]

ඵ් පිළිදබඳව වර්ගීකරණ කිහිපයක් පෙන්වා දිය හැකිය. විවාහය මත පදනම් වෙමින්(On the basis of Marriags) පවුල් වර්ග කිරීම.

  1. බහු ස්ත‍්‍රී පවුල / බහු භාර්යා පවුල
  2. බහු පුරුෂ පවුල / බහු සැමි පවුල
  3. ඒක බිරිද - එක සැමි පවුල / එක පන්ති ව‍්‍රත පවුල

පදිංචි ස්වභාවය පදනම් කර ගනිමින් පවුල වර්ග කිරිම.

  1. මාතෘ වාසික පදිංචි පවුල
  2. පිතෘ වාසික පදිංචි පවුල
  3. නව්‍ය වාසික පදිංචි පවුල

අවරෝහණ ක‍්‍රමය පදනම් කර ගනිමින් පවුල වර්ග කිරීම.

  1. මව් රේඛිය පවුල
  2. පිය රේඛිය පවුල

විවාහයේ ඵෙතිහාසික පසුබිම සැලකිල්ලට ගැනීමේ දී පැරණි සාම්ප‍්‍රදායික හා නූතන සංකීර්ණ සමාජවල විවාහයේ ස්වරූපය හා හැඩය වෙනස් බව පෙනී යයි. ඊට හේතුව විවාහය සමාජ, සංස්කෘතික හා ආගමික පදනමක් මත ක‍්‍රියාත්මක වන හෙයිනි. ඒ ඒ සමාජ සන්දර්භයට අනුව විවාහය ද හැඩ ගැසි අත. මේ හේතුවෙන් මානව වර්ධනයේ ප‍්‍රධාන අදියර තුනකට ගැලපෙන විවාහ ක‍්‍රම තුනක් ‘‘ෆෙඞ්රික් එංගල්ස්’’ (1820-1895) ‘‘පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි’’ නම් ග‍්‍රන්ථයේ පෙන්වා දී ඇත. වනචාරී මිනිසාට සමූහ විවාහයත්, වැදි මිනිසාට ලිහිල් විවාහයත්, ශිෂ්ට මිනිසාට ඒක පන්ති ව‍්‍රතයත් සහ අනියම් සහකාර සේවනය හා ගණිකා වෘත්තියන් යනුවෙනි. අඩු වැඩි වශයෙන් මේ විවාහ ක‍්‍රම තුන මිනිස් සංවර්ධනයේ ප‍්‍රධාන අදියර තුනට අනුරූප වේ. මානව පරිණාමයේ මිනිසා ඒක පන්ති ව‍්‍රතයට ඇබ්බැහි වන්නේ වනචාරී යුගයේ අවසාන භාගයේ දී ය. ඵෙතිහාසික ලෙසින් සලකා බලන කල ඒක පන්ති ව‍්‍රතය වනාහි අවුරුදු තුන්දහසක ඉතිහාසයට ලබාදුන් මිනිසා විසින් ඉදිරියට තබන ලද පියවරකි. එහි අවසාන ප‍්‍රතිඵලය ලෙස විවාහක කාලය තුළ ස්ත‍්‍රී කුසෙහි පිළිසිඳ ගත් දරුවාගේ පියා ඇගේ ‘‘සැමියා’’ යනුවෙන් හැඳින්වීම සිදු වේ.

විවාහය අර්ථ දැක්වීම[සංස්කරණය]

විවාහය පිළිදබඳ සෑහීමට පත්විය හැකි අර්ථකථනයක් දීමේ දුෂ්කරතාව පිළිබඳව සමාජ හා මානව විද්‍යාඥයින් අවධාරණය කර ඇත. ඊට හේතුව ඒ ඒ සමාජවල විවාහය සඳහා කලින් කලට විවිධ ක‍්‍රම අනුගමනය කිරීමත් එකම කාල පරිච්ඡේදයක් තූළ වුවත් සමාජ දෙකක විවාහ ක‍්‍රමය සමාන නොවන අවස්ථා ඇති බැවිනි. පිරිමියෙකු හා ගැහැණියෙක අතර සිදුවන පිළිගත් නීත්‍යානුකූල ලිංගික සබඳතාව විවාහය ලෙස සරලම අර්ථයෙන් සැලකිය හැකිය. එය ලිංගික සබඳතාවයට අවශ්‍ය වන පිළිගත් නීත්‍යානුකූල බව නීතියෙන් හෝ අදාළ සමාජයේ සදාචාරය හා සංස්කෘතිය තුළින් ලැබිය හැකිය. එය නූතන දියුණු සමාජයේ විවාහය නිසි පරිදි ලියාපදිංචි කර ගිවිස ගැනීමෙන් කතෝලික දේවස්ථානයක, හින්දු කෝවිලක නිශ්චත කටයුතු කිරිමෙන් ඇති වේ.මින් අදහස් වන්නේ නූතන සමාජය තුළ දෙපාර්ශ්වය ඇතුලත් වී ඇති ‘‘නෛතික ගිවිසුමක්’’ විවාහය යනුවෙන් අදහස් කර ඇති බවයි.

විවාහය පිළිදබඳව සමාජ හා මානව විද්‍යාඥයන් දක්වන ලද නිර්වචන[සංස්කරණය]

බි‍්‍රතාන්‍ය මානව විද්‍යා සංගමයේ ප‍්‍රකාශනයක් වන"Notes and Quarriws(1951)" හි විවාහය පහත පරිදි අර්ථ දක්වයි.

‘‘විවාහය යනු එක් මිනිසෙකු හා එක් ගැහැණියෙක අතර ඇති වන සම්බන්ධතාවයේ ප‍්‍රතිඵලය ලෙස ගැහැණියබිහි කරන දරුවන් නීත්‍යානුකූල යැයි සමාජය පිළිගැනීම හා ඒ දරුවන් දෙමාපිය දෙදෙනාගේම යැයි සමාජය පිළිගැනීමයි’’. 'Gough Eathlee-1993'

මෙම නිර්වචනය තුළ අවධාරණය වන ප‍්‍රධාන කරුණු දෙකකි.

  1. විවාහය එක් මිනිසෙකු හා එක් ගැහැණියෙක අතර ඇතිවන සම්බන්ධතාවයකි.
  2. ඒ සම්බන්ධතාවයෙන් බිහිවන දරුවන් දෙමාපිය දෙදෙනාගේම යැයි සමාජය පිළිගැනීම.

මෙම නිර්වචනය මගින් ඒක විවාහ (Monogamy) පමණක් සැලකිල්ලට ලක් කර ඇත. විවාහය පිළිදබඳ ඉදිරිපත් වූ මෙබදු නිර්වචන හා ඒවයේ ගැටලූ සලකා බැලූ ‘‘කැත්ලීන් හොග්’’ නම් මානව විද්‍යාඥවරිය ‘විවාහය’ පහත අයුරින් නැවත අර්ථ දක්වා ඇත. ‘‘එක් ස්ත‍්‍රියක් හෝ එක් පුරුෂයකු හෝ පුරුෂයන් කිහිපදෙනෙකු හෝ සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් සමාජය පිළිගත් දරුවන් ලබා ගැනීමයි.’’ 'Gough Eathlee-1993'

මෙහිදී ස්ත‍්‍රිය සම්බන්ධතා පවත්වන පුරුෂයා හෝ පුරුෂයන් අදාළ සමාජයේ ඥාති මූලධර්ම විසින් විවාහයට සුදුසු යැයි අනුමත කොට තිබිය යුතු වේ. මෙම නිර්වචනය මගින් බහු පුරුෂ විවාහය අවධාරණය කර ඇත. නමුත් මේ නිර්වචනයෙන් බහු භාර්යා සේවනය පිළිදබඳ කතා කර නැත.

  1. ‘ඒ.ආර්.රැඩ්ක් ලීෆ් බ‍්‍රවුන්’ නම් මානව විද්‍යාඥයා විවාහය පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරමින්,

‘‘විවාහය සමාජ ව්‍යුහය නැවත සකස්කිරීමේ මාධ්‍යයකි’’යැයි දක්වයි. 'Radclifee brown-1950'

මේ නිර්වචනයට ද සෑම සමාජයකම සිදුවන විවාහ යටත් කළ නොහැකි ය.

  1. විවාහයට නිර්වචනයක් ඉදිරිපත් කිරීමේ ප‍්‍රායෝගික ගැටලූ සලකා බැලූ ‘එඞ්මන්ඞ් ලීඞ්' "Potyandry: Inheritance and the Definition of Marriage" විසින් නම් ලිපිය මගින් විවාහය තුළ අඩංගු

ලක්‍ෂණ දහයක් පෙන්වා දී ඇත. ඒවා නම්,

  • ගැහැණියගේ දැරුවන්ට නීත්‍යානුකූල පියෙක් ලැබීම.
  • පුරුෂයාගේ දරුවන්ට නීත්‍යානුකූල මවක් ලැබීම.
  • ස්ත‍්‍රියගේ ලිංගික ඒකාධිකාරය පුරුෂයාට ලැබීම.
  • පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරය ස්ත‍්‍රියට ලැබීම.
  • ස්ත‍්‍රියගේ ගෘහස්ථ හෝ අනෙකුත් ශ‍්‍රම සේවාවන්හි පූර්ණ / ඒකාධිකාරි අයිතියක් පුරුෂයාට ලැබීම.
  • පුරුෂයාගේ ගෘහස්ථ හෝ අනෙකුත් ශ‍්‍රම සේවාවන්හි පූර්ණ / ඒකාධිකාරි අයිතියක් ස්ත‍්‍රියට ලැබීම.
  • ස්ත‍්‍රියට දැනට අයත් දේපළ හෝ ඉදිරියේ දී තමන්ට ලැබීමට ඇති දේපළ පිළිදබඳ අයිතිය පුරුෂයාට දීම.
  • පුරුෂයා සතුව දැනට ඇති දේපළ හෝ ඉදිරියේ දී තමන්ට ලැබීමට ඇති දේපළ පිළිදබඳ අයිතිය ස්ත‍්‍රයට දීම.
  • විවාහයෙන් උපත ලබන දරුවාගේ යහපත වෙනුවෙන් හවුල්කාර/සාමූහික දේපළක් ගොඩනැංවීම.
  • පුරුෂයාගේ හා ස්ත‍්‍රියගේ සහෝදරයන් අතර සාමාජීය වශයෙන් සැලකිල්ලට ගන්නා ඥාතීන්ව සාම්‍යයක් ගොඩනැංවීම.

E.R.Leach-(1995)'

  1. .ඊ.ඒ. වෙස්ටර් (1862-1939) විසින්"Histoty of Human Marriage(1901) නම් කෘතියේ පුරුෂයන් එක්

අයෙකු හෝ වැඩි ගණනක් සමඟ සමාජය අනුමත කරන ආකාරයේ සම්බන්ධතා පවත්වා නීත්‍යානුකූලව පිළිගත් දරුවන් බිහි කිරීම විවාහය ලෙස අර්ථ දක්වයි. Westermarch E.A.-(1901)

  1. .මේ සියලූ නිර්වචන වලට අමතරව ‘‘සෙරේනා නන්දා’’ විවාහය මෙසේ අර්ථ දක්වයි.

‘‘විවාහය යනු සමාජයක සිරිත් විරිත් නීති රීති වලින් නිර්මිත ඊට අනුව ගොඩනංවන ලද සුවිශේෂී සම්බන්ධතාවයක් වන අතර එහිදී වැඩිහිටි පුරුෂයා හා ස්ත‍්‍රීය අඹු සැමියන් ලෙස ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දරුවන් ලබති. විවාහය ස්වාමිපුරුෂයා-භාර්යාව හා ඔවුනොවුන්ගේ දරුවන්ගෙන් සුසැදි ඥාතීත්ව සංවිධානයකි.’’ Nanda s.-(1980)

විවාහයේ ආර්ථික කෘත්‍යයන්[සංස්කරණය]

දියුණු නොදියුණු ඕනෑම සමාජයක දී විවාහය තුළ දෙපාර්ශ්වය අතර සිදුවන ආර්ථිකමය හුවමාරු ක‍්‍රියාවලියක් දැකිය හැකිය.පොදුවේ සැලකීමේ දී විවාහයේ එවැනි ප‍්‍රධාන කෘත්‍යයන් තුනක් හඳුනාගත හැකිය.

  • අඹු මිල
  • අඹු කමුව
  • දෑවැද්ද
  • අඹු මිල

කිසියම් සමූහයක පිරිමියකු වෙත සමූහයකින් කාන්තාවක් විවාහ කර ගැනීමේ දී පිරිමියා විසින් කාන්තාවගේ සමූහයට කරනු ලබන ගෙවීම අඹු මිල නමින් සංකල්ප කර ඇත. අඹු මිල ගෙවීම බොහෝ විට දක්නට ලැබෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය තේරීමට සමූහයේ සෙසු පුද්ගලයන්ගේ ද අනුමැතිය, කැමැත්ත, සහයෝගය ඇති සමාජවලයි. මෙම අඹු මිල ගෙවීම නිසා විවාහය පුද්ගලයන් දෙදෙනෙකු අතරේ සිදුවන ‘‘පෞද්ගලික ගිවිසුමක් නොව සමූහ දෙකක් අතරේ සිදුවන සාමූහික ගිවිසුමක් බවට පත් වේ. එබැවින් අඹු මිල මගින් විවාහයට කල් පවත්නා පදනමක් වැටේ.

  • අඹු කමුව

පුරුෂයකු තමා විවාහ කර ගැනීමට අපේක්‍ෂිත තරුණියගේ පවුල් සමූහයේ යම් කාලයක් රැුදෙමින් මනාලියගේ දෙමාපියන්ට සේවය කර, ඇය ලබා ගැනීම, ‘අඹු කමුව’ නම් වේ. අඹු මිල ගෙවිය නොහැකි පිරිමින් සඳහා බිරිඳක් ලබා ගැනීමේ වෛකල්පිත ක‍්‍රමයක් ලෙස ද මෙය හැඳින්වේ.

  • දෑවැද්ද

විවාහයත් සමඟ යම් පුරුෂයෙකුට තම බිරිඳගෙන් හෝ එම පවුලෙන් ලැබෙන නිශ්චල චංචල දේපළ දෑවැද්ද ලෙස සරලව අර්ථ දැක්විය හැක.ආසියානු කලාපයේ රටවල් අතරින් ද දකුණු ආසියාතික කලාපය තුළ දායාද ක‍්‍රමය ප‍්‍රබල සමාජ ප‍්‍රශ්නයක්ව පවතී.

සිංහල විවාහ වර්ග[සංස්කරණය]

  • දීග විවාහය

ස්ත‍්‍රියක් සිය පියාගේ නිවසින් තම ස්වාමිපුරුෂයාගේ හා ඔහුගේ නෑදෑයින් සමඟ පදිංචි වීමට යාම දීග විවාහය යි. තරුණියක් විවාහ කර ගැනීමේ සාමාන්‍ය ක‍්‍රමය වූයේ මේ විවාහ ක‍්‍රමය යි.

  • බින්න විවාහය

පුරුෂයා සිය විවාහක කාන්තාවගේ නෑදැයන් සමඟ පදිංචි වීමට යාම බින්න විවාහය යි. මේ විවාහ ක‍්‍රමය සිදුවූයේ ඉතාමත් සුළු වශයෙනි.

  • නෑනා-මස්සිනා විවාහය

නෑනා-මස්සිනා විවාහය ඉන්දියා ආභාෂයෙන් අපට ලැබුණක් සේ සැලකේ. නෑකමින් නෑනැ-මස්සිනා වැන්නවුන් අතර විවාහය ඇවැස්ස විවාහය නම් වේ.

  • බහු භාර්යා විවාහය

බහු භාර්යා සේවනයේ දී පුරුෂයන් සංඛ්‍යාව එකක් වන අතර ස්ත‍්‍රීන් ගණන එකකට වැඩි ඕනෑම ප‍්‍රමාණයක් වේ.සිංහල සමාජයේ දක්නට වූ බහු භාර්යා විවාහයේ දී බහු බිරියන් සෑම විටම එකම පවුලේ සහෝදරියන් ය.

සබැදි පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පවුල_හා_විවාහය&oldid=283923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි