පලිපාන චන්ද්‍රානන්ද මහනායක හිමි

විකිපීඩියා වෙතින්

ක්‍රිස්තු වර්ෂ 1914 අප්‍රේල් 24 දා මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ පලිපාන ගම්මානයේ උපත ලැබූ මුන්වහන්සේගේ මව්පියන් වූයේ කිරලගම ධනපාල මුදියන්සේලාගේ කළුබණ්ඩා මහතා හා පිංචි අම්මා මැණිකේ මහත්මියයි. ඇහැලගස්හින්න රජයේ පාසලින් ගිහිකාලේ අධ්‍යාපනය ලැබූ මුන්වහන්සේ 1927 වසරේ ජූනි 19 දා මුල්ලේගම ගුණරතන මහානාහිමියන්ගේ ශිෂ්‍ය හිමියන් ලෙස පැවිදිබිමට පත්වූ අතර , 1929 දී මහනුවර සංඝරාජ පිරිවෙනට ඇතුලත්ව මාබෝපිටියේ මේධංකර හිමියන් යටතේ අධ්‍යාපනය ලැබ 1933 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත්වී 1934 වසරේ ජූනි 4 දා ඉහත කී මුල්ලේගම ගුණරතන මහානාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් වැල්ලව අත්ථදස්සි හා යටවත්තේ ධම්මරතන (පසුකලෙක මහානාහිමි ) යන හිමිවරුන්ගේ කර්මාචාර්‍යත්වයෙන් අස්ගිරි මහාවිහාරයේ උපසම්පදාව ලැබිය.

1938 වසරේ මාර්තු 4 දා කාරක සභික ධුරයට පත්වූ චන්දානන්ද හිමියන් 1940 වසරේදී මහියංගනයේ භාරකාර හිමියන් ලෙසත් , 1946 දී මහියංගනය සිද්ධස්ථාන වර්ධන සමිතිය ආරම්භ කලේය. 1966 වසරේ පෙබරවාරි 2 දා බදුල්ල මුතියංගනයේ විහාරාධිපති ධුරයටද පත්වූ උන්වහන්සේ 1970 ජූලි 15 දා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයටද පත්වූහ .

1971 ජූනි 14 දා මහියංගනයේ විහාරාධිපති හිමියන් වූ උන්වහන්සේ ගොඩමුන්නේ නාගසේන මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමි පදවියට 1975 වසරේදී පත්වූ අතර , 1998 වසරේ දළඳා මාලිගාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දළඳා වහන්සේ ආරක්ෂා කරගැනීමට කල්තියා ආරක්ෂිතව පිටමං කිරීම මුන්වහන්සේ සිදුකල වැදගත්ම කාර්‍යයි. 1999 නොවැම්බර් 8 දා උන්වහන්සේ අපවත්වූහ.