පරිසර විද්‍යාවේ විෂය පථය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පරිසර විද්‍යාව සාමාන්‍යයෙන් ජීවීන් පිළිබඳව හදාරන ජීව විද්‍යාවෙහි ශාඛාවක් ලෙසට සැලකේ. ජීවි විශේෂ විවිධ මට්ටම් වලින් හැදැරීය හැකිය. එනම් ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාවේදී ප්‍රෝටීන් සහ න්‍යෂ්ඨික අම්ල පිළිබඳවද, සෛල ජීව විද්‍යාවේදී සෛලීය මට්ටමින්ද, උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාවේදී එක් එක් ජීවි මට්ටමින්ද අවසානයේදී ජනගහනය, ප්‍රජාවන්, පරිසර පද්ධති සහ සමස්ථයක් වශයෙන් ගත් කල ජෛව ගෝලය වශයෙන් ද මෙලෙස ජීවින් පිලිබදව අධ්‍යයනය කල හැකිය. පරිසර විද්‍යාව බහුවිධ විද්‍යාවකි. එසේ වන්නේ එය පෘථිවිය මත ඇති ජීවයෙහි සංවිධානය පිළිබඳව ඉහළ මට්ටමින් අවධානය යොමු කරන බැවින් සහ ජීවීන් සහ ඔවුන්ගේ පරිසරය අතර අන්තර් සම්බන්ධතාවය පිළිබඳව හදාරන බැවිනි. පරිසර විද්‍යාවේදී භූ ගෝලීය විද්‍යාව, භූ ගර්භ විද්‍යාව, කාලගුණ විද්‍යාව, පාංශු විද්‍යාව, ජාන විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ බැරුරුම් ලෙස අවදානය යොමු කරනු ලබයි. මේ හේතුවෙන් පරිසර විද්‍යාව සාකල්‍ය විද්‍යාවක් ලෙසට ඇතමුන් විසින් හදුන්වනු ලැබේ. මෙලෙස ජීව විද්‍යාව පරිසර විද්‍යාව පිළිබඳව අවබෝධය ලබාදෙන උපක්ෂේත්‍රයක් බවට පත් ව ඇත. Robert Ulanowicz විසින් සඳහන් කල අන්දමට පරිසර පද්ධති වල හැසිරීම පිළිබඳව දැනට ගොඩනැගි ඇති සංකල්පය අනෙකුත් විද්‍යාවන් මත පදනම්ව බහිර්නිවේෂණය පිළිබඳව වු ලෝක ප්‍රජාවගේ අදහස් සමග සමාන නොවේ.

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය වනාන්තර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ නාගරික සංවර්ධනය යනු ක්‍රේබ්ස් (1972: 4) ගේ පරිසර විද්‍යාව පිළිබඳ විග්‍රහ කිරීමට අනුව එයට අදාල වන මානව ක්‍රියාකාරකම්ය. ඔහුගේ නිර්වචනයට අනුව ජීවින් හදුනාගත් ස්ථාන වල එම ජීවින් කොපමණ ප්‍රමාණයක් සිටීද සහ ඔවුන් එහි ඇති වුයේ මන්ද යන්න පිළිබඳව විග්‍රහ කරයි.

ජෛව විවිධත්වය ප්‍රමාණාත්මක කිරීම සහ ජනගහන ගතිකය යන පරිසර විද්‍යාත්මක දැනුම මගින් පරිසර විද්‍යාව සහ එහි ප්‍රතිපත්ති හා ඉලක්ක විග්‍රහ කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් සපයයි. මීට අමතරව ස්වභාව ධර්මය පිළිබඳව වු සාකල්ය්‍ය දෘෂ්ඨියක් මගින් පරිසර විද්‍යාව සහ ඒ පිළිබඳව අධ්‍යයනය ගැන විග්‍රහ කර ඇත.

මී මැස්සන්ගේ ජිවන චක්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පරිසර විද්‍යාඥයන්ගේ ප්‍රවේශයන් පහතින් දැක්වේ.

  • යම්කිසි ජීවි විශේෂයක එකිනෙකා අතර හැසිරීමේදී ඇති වන අන්තර් සම්බන්ධතාවයන් චර්යාත්මක පරිසර විදයාව නම් වේ. - උදාහරණයක් ලෙස මෙහිදි රජමී මැස්සිය වැඩකාර මී මැස්සන් හා පිරිමි මී මැස්සන් සමග දක්වන සම්බන්ධතාවයන් පිළිබඳව හදාරයි.
  • යම්කිසි ජීවි විශේෂය සංවිධානාත්මක ක්‍රියාකාරකම් ප්‍රජා පරිසර විද්‍යාව නම් වේ. - උදාහරණයක් ලෙස මී මැස්සන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මල් ඇති වන ශාක වල පරාගනය සිදුවේ. මී වද මගින් වෙනත් ජීවි විශේෂ වන වලසුන් වැනි ජීවින්ට ආහාර සපයයි.
  • යම්කිසි ජීවි විශේෂයක් සහ බාහිර පරිසරය අතර ඇති සම්බන්ධතාවය පරිස්ථිතික පරිසර විද්‍යාව නම් වේ. - උදාහරණයක් ලෙස මී මැස්සන්ගේ ක්‍රියාකාරකම් සඳහා පරිසරයෙන් ඇති වන බලපෑම. පරිසරයෙහි ඇතිවන වෙනස්කම් නිසා මී මැස්සන්ගේ මරණය සිදු විය හැකිය. බාහිර පරිසරය මෙලෙස මීමැස්සන්ගේ මරණය සඳහා වගකිව යුතු අතර එය ඔවුන්ගේ පැවැත්ම සඳහාද උපකාරීවේ.