පරිසර දුෂණය - පරිසර දුෂණය පාලනය

විකිපීඩියා වෙතින්

පරිසර කළමණාකාරිත්වයේදී යෙදෙන පදයකි දුෂණය පාලනය. ඉන් අර්ථ දැක්වෙන්නේ ජලයට, වාතයට සහ පසට විමෝචනය වීම හා අපවහනය වීම මගින් එකතුවන දේ පාලනය කිරීමයි. පරිසර දුෂණය පාලනයෙන් තොර වූ විට මිනිස් පරිභෝජනයෙන් කර්මාන්තවල නිෂ්පාදනයෙන්, කෘෂිකාර්මික ක්‍රියාවලීන්ගෙන් පතල් කැණීමෙන්, ගමනා ගමනයෙන් සහ අනෙකුත් විවිධ ක්‍රියාවලීන්ගෙන් පරිසරයට අහිතකර වූ අයෝග්‍ය සහ අප්‍රසන්න වූ දේ පරිසරයට එකතු වේ. මේවා පරිසරය තුල එක්රැස් වීම හා පරිසරය තුල පැතිරියාම නිසා ස්වාභාවික පරිසරයේ තත්වය පහල යා හැක. පද්ධති පාලනයේදී දුෂණය වැළැක්වීමේ සහ අපද්‍රව්‍යය අඩුකර ගැනීම දුෂණය පාලනය කිරීමට වඩා යෝග්‍ය වේ.