පරිසරවේදය - උප ප්‍රභේද

විකිපීඩියා වෙතින්

පාරිසරික විද්‍යාවේ - උප ප්‍රභේද


රූපය -පාරිසරික විද්‍යාඥයෙක් ජල නියැදි ලබා ගැනීම

වායුගෝලීය විද්‍යාවන්:- පෘථිවියේ පිටත වායුමය ස්ථරය හා වෙනත් පද්ධති අතර ඈති අන්තර් සම්බන්ධතාව අවධාරණය කරන නව සංසිද්ධි විද්‍යාව අධ‍යනය කිරීමයි. වායුගෝලීය විද්‍යාවන්ට කාළගුණ විද්‍යාත්මක අධ‍යයනයන්, හරිතාගාරවායු සංසිද්ධිය, වායු දූෂකවල වායුගෝලීය සංසරණය ආදර්ශනය, ශබ්ද දූෂණයට අදාළ හඩ ප්‍රචාරණ සංසිද්ධි සහ ආලොක දූෂණය පවා ඈතුළත්වේ.

උදාහරනයක් ලෙස ගෝලීය උණුසුම්වීමේ සංසිද්ධිය ගතහොත් භෞතික විද්‍යාඥයින් විසින් වායුගෝලීය සංසරණය හා අධොඅරක්ත කිරණ සම්ප්‍රේෂණය සඳහා පරිගණක අදර්ශණ නිර්මාණය කරයි,රසායන විද්‍යාඥයින් වයුගොඅලයේ ඈති රසායන ද්‍රව‍්‍ය වට්ටෝරු හා ඒවායේ ප්‍රතික්‍රියා පිළිබඳ අධ‍්‍යයනය කරයි. ජීව විද්‍යාඥයින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහයට සතුන්ගෙ හා ශාකවල දායකත්වය පරීක්ෂා කරයි. කළගුණ විද්‍යාඥයින් වායුගෝලීය ගති විද්‍යාව තේරුම් ගැනීමේදී අමතර පෘථුල බවක් එක්කරයි.

පරිසර විද්‍යාව :- එකිනෙකට සබෑඳි ගහන අතර හෝ ගහනයක් තුල ගති විද්‍යාව දර්ශීය ලෙස විශ්ලේෂණය කිරීමයි.මෙම අධ‍්‍යයනය, අවධානමට ලක්වූ විශේෂ, විලෝපික/ගොදුරු අන්තර් ක්‍රියා, වාසභූමි, පරිසර දූෂක වලින් ගහණවලට සිදුවෙන බලපෑම් හෝ යෝජිත ඉඩම් සංවර්ධණ ක්‍රියවලියක් නිසා විශේෂ වල ජීව්‍යතාවයට සිදුවෙන බලපෑම් විශ්ලෙෂණය ආදියට යොමුවේ.

බලපෑම් එකක් හෝ වැඩිගණනක් මගින් පීඩාවට පත් පරිසර පද්ධතියක් අන්තර්ක්ෂේත්‍රියව අධ‍්‍යයනය කිරීමෙදී එයට එකිනෙකට සම්බන්ධ පරිසර විද්‍යා යොජිත අංශ කිහිපයක් ඇතුලත් විය හැකිය.උදාහරණයක් ලෙස කර්මාන්ත සංවර්ධණ ක්‍රියාවලියක් පිහිටුවන මෝයක් අවට සිදුකරන අධ‍්‍යයනයකදී එක්තර විශේෂයකට ජල හා වායු දූෂණය මඟින් බලපෑම් එල්ලවිය හැකිබව පරීක්ෂාකෙරේ.මෙම අධ්‍යයනයට ජීව විද්‍යාඥයින් සත්ව ශාක පිළිබඳ විස්තර කරනුලබයි.රසායන විද්‍යාඥයින් ජලය දූෂක වගුරට පරිවහනය කිරීම පිළිබඳව අධ‍යයනය කරනු ලබයි.හෞතික විද්‍යාඥයින් වායු දූෂක විමෝචනය පිළිබඳව අධ‍යයනය කරනු ලබයි.භූ විද්‍යාඥයින් විසින් වගුරෙහි ඇති පස් පිළිබඳව හා බොක්ක ආශ්‍රිතව ඇති මඩ පිළිබඳව තේරුම් ගැනීමට අධාර කරණු ලබයි.

පාරිසරික රසායන විද්‍යාව:- යනු පරිසරයේ පවතින රසායන වෙනස්කම් පිළිබඳ අධ‍්‍යයනයයි.අධ‍්‍යයනය කරන ප්‍රධාන ක්ෂේත්‍ර වලට පස දූෂණය හා ජල දූෂණයද අයත්ය.අධ‍්‍යයනය කරන මාතෘකා අතරට පරිසරයේ රසායනික හායනය, රසායනික ද්‍රව‍ය වල බහු-අවධි පරිවහනය.(උදාහරණයක් ලෙස විලක ඇති ද්‍රාවකයක් වායුගොඅලයට ඇතුල්වූ විට වායු දූෂකයක් ලෙස ක්‍රියා කිරීමා සහ ජීවීන් හත රසායනික ද්‍රව‍ය වලින් සිදුවෙන බලපෑම් අයත්වේ.

උදාහරණයක් ලෙස අධ‍්‍යයනයක් ගත් විට කාන්දු වෙන ද්‍රාවක ටැංකියක ද්‍රාවක, පසට එක්වී වඳවීයාමේ තර්ජනයට ලක්වූ උභය ජීවීන්ගේ වාසස්ථානයකට ඇතුළුවේ.

භෞතික විද්‍යාඥයින් පස දූෂණය වන ප්‍රමාණය මතුපිටින් ප්‍රවාහය වන ද්‍රාවක ප්‍රමාණය, අවබෝධ කරගැනීමට පරිගණක ආදර්ශ තැනිය යුතුය.රසායන විද්‍යාඥයින් එක් එක් පස් වර්ග සමග ද්‍රාවකය ඇති කරගන්නා අණුක බන්ධන පිළිබඳව විශ්ලෙෂණය කළ යුතුය. ජීව විද්‍යාඥයින් වඳවීමේ තර්ජනයට ලක්වූ උභයජීවියාගේ ආහාර වන ජලාශයේ වසය කරන copepods‚ ශාකවර්ග හා පසෙහි ජීවත්වන සන්ධිපාදකයින් මත ඇතිවන බලපැඇම පිළිබඳව අධ‍යයනය කළයුතුය.

References[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පරිසරවේදය_-_උප_ප්‍රභේද&oldid=465192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි