පරිශීලක සාකච්ඡාව:Wayidyarathna Bandara
== *විශේෂ බලකා. ==(Y.W.B).
- ශ්‍රිලංකා ත්‍රිවිධ හමුදා විශේෂ බළකායන්-(පළමු අදියර)-(Y.W.B).
======================================
[සංස්කරණය]- 1.ශ්‍රිලංකා යුද හමුදා විශේෂ බළකායන්-(Y.W.B).
==============================
[සංස්කරණය]- 1.ශ්‍රිලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව-ක.රෙ-Commando Regiment-CR.
===============================================
[සංස්කරණය]- කමාන්ඩෝ රෙජිමේන්තුව යනු කුමක්ද...?.
=====================
[සංස්කරණය]- ශ්‍රි ලංකා යුද හමුදාව සතු විශේෂ ක්‍රියාන‍්විත ඒකක දෙකෙන‍් එකකි. යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව අනෙක‍් එකකයයි. කමාන්ඩෝ රෙජිමේන්තුව නිර‍්මානය කොට ඇත‍්තෙ එක්සත් රාජධානියේ විශේෂ ක්‍රියාන‍්විත ඒකකයක‍් වන "ස‍්පෙෂල‍් එයාර‍් සර‍්විස‍් (SAS) රෙජිමේන්තුවට" බෙහෙවින් සමානවය. කමාන්ඩෝ රෙජිමේන්තුවෙ පරිපාලන ව්යුහය හා මෙහෙයුමි සිදුකරන ආකාරය "ස‍්පෙෂල‍් එයාර‍් සර‍්විස‍් (SAS)" රෙජිමේන්තුවට බෙහෙවින් සමානවේ.
- මෙම ඒකකය 1980 දී නිර්මානය කරන ලද අතර ගනේමුල්ල ප්රදේශයේ ස්ථාපිත කොට ඇත.
- යමි අවස‍්ථාවකදි ඇතිවන දේශිය හො විදේශිය ත්රස්ත ක්‍රියාවකදි ප්‍රතිචාර දැක‍්විමට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත‍්මකවන ප්‍රධානතම එකකය වන‍්නෙ කමාන්ඩෝ රෙජිමේන්තුව සතු ගුවන‍්යානා ප්‍රති පැහැරගැනිමි හා ප්‍රාණ ඇපකරැවන‍් ගලවා ගැනිමෙ එකකයයි. මෙම කුඩා එ‍්කකය පැය විසිහතර පුරාවට සුදානමිව සිටින අතර කටුනායක ජාත්‍යන‍්තර ගුවන‍්තොටුපලෙහි ස‍්තානගතකොට සිටී.
- කමාන්ඩෝ රෙජිමේන්තුව සෙබලුන‍් 4 සහ8 දෙනා බැගින‍් වන කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුමි සිදුකරයි.ඔවුන් ඇමරිකාව, එක්සත් රාජධානිය ,ඉශ්රායෙලය,ඉන්දියාව හා පාකිස්තානය යන රටවල‍් වලින‍් පුහුණුව ලබා ඇත.
- ආසන්න වශයෙන් රෙජිමේන්තුවෙ සියයට අනු පහක‍් පැරෂුටි මගින‍් යුධ බිමට ලගාවිමෙ සුදුසුකම්(AIRBORNE) ලබා ඇත.
- මෙම පුහුනුව පකිස්ථානයේ , ඉන්දියාවේ හෝ ගනේමුල්ල කමාන්ඩෝ පැරෂුට් පුහුණු පාසලේ දී ලබාදේ.
- තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහ තුන්වන විශේෂ බලකා රෙජිමේන්තුව එ‍්කාබද‍්ධව ස්වාධීන විශේෂ විමර‍්ශන බලසේනාව(දිගු දුර විහිදුමි බලකාය)පිහිටුවා ඇත.
- කමාන්ඩෝ රෙජිමේන්තුවට නිත්‍ය ඒකක හතරක‍් ඇත.
- කමාන්ඩෝ රෙජිමේන්තුවෙ කර්තව්යයන් සහ කාර්යභාරයන‍්.
• දිවයිනෙ ප්‍රධානතම ප්‍රභුවරැන‍්ගෙ ආරක්ෂාව සැපයිම හා දැඩි ආරක්ෂක තර‍්ජන එල‍්ලවි ඇති ප්‍රභුවරැන‍්ට ආරක්ෂාව සැපයිම.
• විශේෂ විමර්ශන ක්‍රියාන්විත සිදු කරිම.
• ප්‍රති ත්‍රස්ත ක්‍රියාන්විත සිදු කරිම.
• ප්‍රණ ඇපකරුවන් බේරා ගැනීමේ ක්‍රියාන්විත සිදු කරිම.
• නාගරික යුධ මෙහෙයුමි සිදු කරිම.
•සෘජු ප්‍රහාරක මෙහෙයුම් සිදු කරිම.
• රහසිගත යුධ මෙහෙයුමි සිදු කරිම.
•ගුවන් මගින‍් ගොස‍් සිදු කරනු ලබන (AIRBORNE)ප්‍රති ත්‍රස්ත මෙහෙයුම් සිදු කරිම.
• ජලය ආශ්‍රිත (WATERBORNE) ප්‍රති ත්‍රස්ත මෙහෙයුම් සිදු කරිම.
- පරම වීර විභූෂණය-(PWV).
===========
[සංස්කරණය]- 1.(8).*N/61736
මේජර් ජී.එස්.ජයනාත් දෙවන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව පෞද්ගලික තොරතුරු
- සම්පුර්ණ නම :
ජී.එස්.ජයනාත්
- හමුදා ඒකකය :
දෙවන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව
- මියගිය ස්ථානය :
මාන්කුලම්
- උපන් දිනය :
1971 ජනවාරි 21
- මියගිය දිනය :
1997 දෙසැම්බර් 04
- වයස :
27
- පදක්කම ලැබුණු දිනය :
2001 අප්‍රේල් 24
- විවාහක /අවිවාහක බව :
අවිවාහක
- මව :
මහවත්තගේ කුසුමා පෙරේරා
- පියා :
ගිනිමැලගේ එඩ්වින්
- බිරිඳ :
අවිවාහක
- ලබා ගෙන ඇති පදක්කම් :
පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම, පුර්ණ භුමි පදක්කම, දේශපුත්‍ර සම්මානය
- මේජර් ජයනාත් ගිනිමැලගේ PWV.ශ්‍රීලංකා යුද්ධ හමුදාව,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකාය.
- යාපනය අර්ධද්වීපය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සදහා දියත්වූ ජයසිකුරු මෙහෙයුමට 53 සේනාංකයේ ,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකායේ,චාලි බලඝනයෙහි අනදෙන නිලධාරී ලෙස කපිතාන් (එවකට)ජයනාත් ගිනිමැලගේ එක්වී සිටියේය.
- 1997 දෙසැම්බර් වනවිට හමුදාව මාන්කුලම් දක්වා පැමින සිටියහ.1997 දෙසැම්බර් මස 4වනදා මේජර් ගිනිමැලගේගේ නායකත්වයෙන් චාලි බලඝනයේ සෙබලු කන්ඩායමක් ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු මධ්‍යස්ථානයකට පහරදීමට සැලසුම්කලහ.නමුත් ඉලක්කය ත්‍රස්තවාදීන්ගේ උගුලක් වූ අතර සෙබල කන්ඩායමවෙත දරුනු ප්‍රහාරයක් එල්ලවිය.මේජර් ගිනිමැලගේ වහාම කුඩා කන්ඩායමක් සමග ඉදිරියට ගොස් ප්‍රතිප්‍රහාර එල්ල කලේය.ඒ අතරතුර තම සෙබලුන්ට වහාම පසුබසිනලෙස නියෝග කලේය.නමුත් ත්‍රස්තවාදී කාලතුවක්කු ප්‍රහාරවලින් සෙබලු විශාල පිරිසක් තුවාල ලැබූහ,නැතහොත් මියගියහ.ආධාරක කන්ඩායමක් එවනලෙස මේජර් ගිනිමැලගේ විසින් ඉහල නිලධාරීට දන්වනලදමුත් කිසිම ලෙසකින්වත් ඔවුන්වෙත ලන්වීමට ආධාරක කන්ඩායම්වලට නොහැකිවිය.අවසානයේ මියගිය හා තුවාලලද සෙබලුන් අතහැර වහාම පසුබසිනලෙස මේජර් ගිනිමැලගේට දන්වන ලදී.
- ස්වකීය සහෝදර සෙබලුන් සමග අවසන් හුස්මපොද දක්වා සටන් කිරීමට අදිටන් කරගත් මෙම අභීත නිලදාරියා ඉහලින්ලද අණ බැහැරකලේය.එකම සෙබලෙකුහෝ පනපිටින් සිටිනතාක් තමන් කිසිලෙසකින්වත් පසුනොබසින බව ඉහල නිලධාරීන්ට දැන්වූ ඔහු ත්‍රස්තවාදීන්ට එරෙහිව බිහිසුණු සටනක නිරතවිය.නමුත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එන්න එන්නම දරුනුවිය.කාලතුවක්කු ප්‍රහාරවලින් සෙබලුන්ට දැඩිහානි සිදුවිය.ඉහල නිලධාරීන්ගෙන් ලැබුනු අණ නොතකා,ස්වකීය සහෝදර සෙබලුන් අත්නොහැර,ඔවුන් සමග සටන්කල මෙම අති විශිෂ්ට කමාන්ඩෝ නිලධාරියා හිසට වැදුනු වෙඩි පහරකින් මියගියේය.මෙහෙයුම ඛේදාන්තයකින් අවසන්විය.ඊට සහභාගිවූ සෙබලු 180 ක් පමණ මියගියහ.ස්වකීය ජීවිතාරක්ශාව පසෙකලා සහෝදර සෙබලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්,ඔවුන් අතනොහැර,නායකත්වය දෙමින්, මියයනතෙක් ප්‍රදර්ශනයකල අසමසම රණ පෙලහර වෙනුවෙන්,ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් සන්ග්‍රාමික වීරත්වය උදෙසා පිරිනමන ඉහලම සම්මානයවන පරම වීර විභූශනයෙන් මේජර් ජයනාත් ගිනිමැලගේ පුදනු ලැබීය.එම සම්මානයෙන් පුදනු ලැබූ පලමු කමාන්ඩෝ සෙබලා මේජර් ජයනාත් ගිනිමැලගේය.
- සතුරන් අබියස දණින් නොවැටී,අවසන් හුස්ම දක්වා අසමසම රණකෙහෙලි නැන්වූ මේජර් ජයනාත් ගිනිමැලගේ...!
- 2.(17).*S/553286
කෝප්‍රල් එච්.ඒ.නිලන්ත කුමාර තුන්වන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව පෞද්ගලික තොරතුරු
- සම්පුර්ණ නම :
එච්.ඒ.නිලන්ත කුමාර
- හමුදා ඒකකය :
තුන්වන බළඇණිය, කොමාන්ඩෝ රෙජිමේන්තුව
- මියගිය ස්ථානය :
නිලාවේලි
- උපන් දිනය :
1980 නොවැම්බර් 26
- මියගිය දිනය :
2009 ජනවාරි 29
- වයස :
29
- පදක්කම ලැබුණු දිනය :
2013 මැයි 18
- විවාහක /අවිවාහක බව :
විවාහක
- මව :
ඩබ්ලිව්.ඒ.කරුණා
- පියා :
එච්.ඒ.අනිල් කුමාර
- බිරිඳ :
ඩබ්ලිව් ඒ.මල්කාන්ති
- ලබා ගෙන ඇති පදක්කම් :
පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම
- 3.(21).*S/552511
සැරයන් කේ.පී.ඩි.ටී. ගුණසේකර පළමුවන බළඇණිය කමාන්ඩෝ බලකාය පෞද්ගලික තොරතුරු
- සම්පුර්ණ නම :
කේ.පී.ඩි.ටී. ගුණසේකර
- හමුදා ඒකකය :
පළමුවන බළඇණිය, කමාන්ඩෝ බලකාය
- මියගිය ස්ථානය :
පුදුකුඩුඉරිප්පු
- උපන් දිනය :
1976 සැප්තැම්බර් 26
- මියගිය දිනය :
2009 පෙබරවාරි 16
- වයස :
33
- පදක්කම ලැබුණු දිනය :
2013 මැයි 18
- විවාහක /අවිවාහක බව :
විවාහක
- මව :
ඊ.පී.ඩි. නන්දාවතී
- පියා :
කේ.පී.ඩි.ගුණසේකර
- බිරිඳ :
කුමාරි තිලකරත්න
- ලබා ගෙන ඇති පදක්කම් :
පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම
- 4.(26).*S/554572
කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් පළමුවන බලඇණිය, කොමාන්ඩෝ බලකාය පෞද්ගලික තොරතුරු
- සම්පුර්ණ නම :
එස්.වී.ඒ.එම්.පුෂ්පමාල්
- හමුදා ඒකකය :
පළමුවන බළඇණිය, කොමාන්ඩෝ බලකාය
- මියගිය ස්ථානය :
පුදුමාතලන්
- උපන් දිනය :
1987 අප්‍රේල් 25
- මියගිය දිනය :
2009 අප්‍රේල් 21 වයස : 22
- පදක්කම ලැබුණු දිනය :
2013 මැයි 18
- විවාහක /අවිවාහක බව :
අවිවාහක
- මව :
කේ.වී.අමරාවතී මැණිකේ
- පියා :
එස්.වී.ජී.විජේරත්න
- බිරිඳ :
අවිවාහක
- ලබා ගෙන ඇති පදක්කම් :
පරම වීර විභූෂණය
- "සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් - කමාන්ඩෝ රෙජිමේන්තුව (මියගිය)
පුදුමාතලන් යුදමුක්ත කලාපයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් රදවාගෙනන සිටි සිවිල් වැසියන් වර්ෂ 2009 ක් වු අප්‍රේල් මස 21 වන දින මුදවා ගනිමින් සිටියදී මෙම කණ්ඩායම වෙත ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එල්ල වු ප්‍රහාරය මැඩපැවැත්වීම සදහා එවකට ලාන්ස් කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී සතුරන් සමග මුහුණට මුහුණලා සටන් කොට ඔවුන් විනාශ කිරීමට කටයුතු කර ඇත.
එම සටනේදී මොහු තුවාල ලැබුවද ත්‍රස්තවාදී ප්‍රහාරවලට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ කර ආරක්ෂක වලල්ලෙහි රැදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මෙම වීරෝදාර රණවිරුවා සටන් බිමේදීම දැයෙන් සමුගෙන ඇත.
- දිවි පරදුවට තබා අභිත රණවිරුවෙකු සේ සිදුකරන ලද මෙම වික්‍රමාන්විත ක්‍රියාව අරබයා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබල 554572 කෝප්‍රල් පුෂ්පමාල් එස්වීඒඑම් යන රණවිරුවාණන් පරම වීර විභූෂණයෙන් පිදුම් ලබන්නේය"...!
- 5.(27).*S/552009
මාණ්ඩලික සැරයන් කේ.ජී.එන්.එල්.ආර්. පෙරේරා දෙවන බළඇණිය, කමාන්ඩෝ බලකාය පෞද්ගලික තොරතුරු
- සම්පුර්ණ නම :
කේ.ජී.එන්.එල්.ආර්.පෙරේරා
- හමුදා ඒකකය :
දෙවන බළඇණිය, කමාන්ඩෝ බලකාය
- මියගිය ස්ථානය :
පුදුමාතලන්
- උපන් දිනය :
1976 ඔක්තෝබර් 24
- මියගිය දිනය :
2009 අප්‍රේල් 21
- වයස :
33
- පදක්කම ලැබුණු දිනය :
2013 මැයි 18
- විවාහක /අවිවාහක බව :
විවාහක
- මව :
සුමනා වසලතන්ත්‍රී
- පියා :
කේ.ජී.රූබන් පෙරේරා
- බිරිඳ :
උදයංගනී සමරසිංහ
- ලබා ගෙන ඇති පදක්කම් :
පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.
- 2.ශ්‍රිලංකා යුද හමුදා විශේෂ බළකාය-වි.බ-SPECIAL FORCE-S.F.
=====================================
[සංස්කරණය]- විශේෂ බලකාය යනු කුමක්ද...?.
=============
[සංස්කරණය]- 1970 දශකයේදි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානය නිර්මාණය වූවේය.
- ඔවුනගේ පළමුවැනි දේශපාලන මිනිස් බිල්ල වූයේ සැබෑ දෙමළ නායකයෙක් වූ ඇල්ෆ්‍රඞ් දොරෙයිඅප්පාය. පතුරොම් තුවක්කුවෙන් ආරම්භ කළ අරගලය මරාගෙන මැරෙන බෝම්බය දක්වා වර්ධනය විය. 1983 වසරේ රුධිර ගංගාවක් ගලා යමින් කළු ජූලිය සිදුවූවේය. සිංහල දෙමළ මුස්ලිම් සංහිඳියාව කෑලි කෑලි වී යාම ඉන් සිදුවිය.
- 1984 වසර වන විට විදෙස් ආධාර ලබාගත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී කල්ලිය ශක්තිමත්වී සිටියේය. වරින් වර සැඟවී සිට රාජ්‍ය හමුදාවන්ට ප්‍රහාර එල්ලකළ ඔවුහු 1985 වසරේදී එළිපිටම හමුදා කඳවුරු වලට පහරදීමට පටන් ගත්හ. ආර්.පී.ජී. වැනි අවි යොදාගෙන නැගෙනහිර මායිමේ පිහිටි කෝකිලායි කඳවුරට ද පහර දුන්හ. විවිධ ගරිල්ලා උපක්‍රම භාවිතයට ගත් ඔවුන් උතුරු නැගෙනහිර සිටි හමුදාවන්ට තර්ජනයක් වූවේය.
- මෙම ක්‍රමවේදය මර්දනය කිරීමට ගරිල්ලා සටන් ක්‍රම දත් විශේෂ හමුදාවක අවශ්‍යතාව මතුව ආවේය. එය යථාර්ථයක් බවට පත් කරන ලද්දේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිය. ඔහුගේ සංකල්පයට ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර් ඇතුළු තිස් අට දෙනකුගෙන් යුත් කණ්ඩායම පණ දුන්හ.(RDF)
“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන තේමා පාඨයට අනුව පෙළ ගැසුණු මෙම විශේෂ බළකාය වසර තිහක් පුරා පැවති යුද්ධය අවසාන වනතුරුම සුවිශේෂී සේවාවක් සැපයූහ.
● මොකක්ද විශේෂ බළකාය-(SF)...?.
===============
[සංස්කරණය]- යුද හමුදා විශේෂ බළකාය එස්.එෆ්. නමින් හඳුන්වනවා.
- යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමට.
●කොහොමද විශේෂ බළකාය ආරම්භ වුණේ...?.
========================
[සංස්කරණය]- 1985 වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි ගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය වුණේ. 85ට ඉස්සරවෙලා මෙය ආර්.ඩී.එෆ්. කියලා පොඩි කොට්ඨාසයක් හදාගෙන හිටියා. එහි සාමාජිකයන් 35ක් පමණ සිටියා. එහි මුල්ම සාමාජිකයෝ තමයි මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර්, කැප්ටන් අජිත් පෙරේරා ඇතුළු පිරිස. එය තමයි පසුව විශේෂ බළකාය (SF) බවට පත් වුණේ.
●විශේෂ බළකායේ මූලික කාර්ය භාරයන්.
==================
[සංස්කරණය]- මෙහි මූලික කාර්ය භාරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
1.ප්‍රහාර දෙන එක.
2.තොරතුරු රැස් කිරීම.
- ප්‍රහාර දෙනවා ලෙස සඳහන් කරන්නේ සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම, සතුරු කණ්ඩායම් සිටින පළාත් බලා ඒවාට පහර දීම, විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම.
- විමර්ශනය පැත්තෙන් බැලුවොත් විශේෂ බළකායේ සෙබළු සතුරු කඳවුරු පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. ඒ වගේම කාලතුවක්කු වගේ විශාල අවි ආයුධ සඟවලා තිබෙන තැන් ගැන සොයා බලනවා. සතුරන්ගේ චර්යාවන් සොයා බලා ඉහළ මූලස්ථාන වලට දැනුම් දීම සිදු කරනවා. සතුරන්ගේ සන්නිවේදන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකායේ තවත් කොටසක්.
● විශේෂ බළකාය ගොඩනැගීම.
===========
[සංස්කරණය]- මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ සංකල්පයට අනුව සාමාජිකයන් 38 දෙනකුගෙන් පළමු කණ්ඩායම නිර්මාණය වුණා.
- මුලින්ම විශේෂ කණ්ඩායම් පුහුණුවීම් ලැබුවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ.
- පසුව විදේශීය උපදේශකයන්ගෙනුත් පුහුණුවීම් ලැබුවා. එසේ පුහුණු වූ පිරිස වව්නියාවේ ජෝශප් කඳවුරේ ස්ථානගත වුණා.
- ඉන් පස්සේ වැලිඔය සහ වව්නියා ක්‍රියාන්විත වලට අවශ්‍ය දායකත්වය ලබලා දුන්නා.
- ඒ කාලයේ ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුත් පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් මේ පිරිසට සහාය ලබලා දුන්නා.
- සතුරන්ගේ තොරතුරු ලබාගනිමින් මර්මස්ථාන වලට පහර දීම සාර්ථකව සිදු කළ විශේෂ බළකාය තව තවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා.
- ඒ අනුව සෙබළුන් 38කින් ආරම්භ කළ විශේෂ බළකාය 68ක් දක්වා බි්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මගපෙන්වීම යටතේ වැඩි කළා.
- මෙහෙයුම්වල පහසුව තකා “ඇල්ෆා”, “බ්‍රාවෝ”, “චාලි” කියලා කණ්ඩායම් තුනකට මේ පිරිස වෙන් කළා.
- මේ කණ්ඩායම්වල අණදෙන්නන් ලෙස ක්‍රියා කළේ ලුතිනන් අජිත් පෙරේරා, ලුතිනන් ෆස්ලි ලෆීර්, ලුතිනන් රොහාන් විජේසිංහ යන පිරිස.
- දෙවැනි බඳවාගැනීමෙන් පසු ඒ ආකාරයට වර්ධනය කළ විශේෂ බළකායට තුන්වැනි අවස්ථාවේදී “ඩෙල්ටා” බල ගණයද එකතු කළා.එය භාරවූයේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිට.
- ඒ ආකාරයට ටික ටික ගොඩ නැගුණු විශේෂ බළකායට රාජ් විජේසිරි සම්බන්ධ වෙන්නේ 1986 වසරේදී.
- ත්‍රස්ත මර්දනය සඳහා පිහිටවූ කණ්ඩායම් වලට වගකීම් පැවරුවේ තවත් කුඩා කණ්ඩායම් ලෙස කොටස් කරලා.
- ඒ කුඩා කණ්ඩායමක් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විතයි. ඒ කණ්ඩායමේ 8 දෙනාට එක එක වගකීම් පවරලා තිබුණේ.
- උදාහරණයකට කිව්වොත්, කණ්ඩායමෙන් දෙදෙනෙක් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පුහුණුව ලබපු අය. ඒ අය තමයි බිම් බෝම්බ ඇටවීම වැනි කටයුතු බාරව ක්‍රියා කරන්නේ.ඒ වගේම සතුරා වළදැමූ ආයුධ පිළිබඳ සොයා බැලීමත් ඔවුනට අයිති රාජකාරියක්.
- ඊළඟට තවත් දෙන්නෙක් පුහුණු කරලා තිබුණා වෛද්‍ය සේවාවට.කණ්ඩායමේ කාටහරි තුවල වුණොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ ඒ දෙන්න.
- තවත් දෙන්නෙක් පුහුණු කළා සංඥා පිළිබඳ සොයා බැලීමට. එයාලගෙන් එක් කෙනෙක් තමයි රේඩියෝ සෙට් එක ගෙනියන්නේ.
- ඔය ආකාරයට එක එක්කෙනාගේ දක්ෂතාව අනුවයි අට දෙනාට රාජකාරි පැවරුවේ. මේ එක කණ්ඩායමට නායකයෙක් සහ උපනායකයෙක් හිටියා.
- මේ අට දෙනාගේ කණ්ඩායමත් නැවත කොටස් දෙකකට කැඩුණා.
- මූලික කණ්ඩායමක් ලෙස 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කිරීමටත් හේතුවක් තිබුණා.ඒ තමයි කුඩා කණ්ඩායමක් සතුරාට සොයා ගැනීමට අපහසු වීම.
- උතුරේ ත්‍රස්ත මර්දනය සේම දකුණේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් මර්දනය කිරීමට සහයදීමත් විශේෂ බළකායේ රාජකාරිය වුණා.
●විශේෂ බළකායට ආ අභියෝග.
============
[සංස්කරණය]- ඒ කාලය වන විට පණිවිඩ හුවමාරු ක්‍රම නොදියුණු තත්ත්වයේ තිබුණේ. ඡඍක් - 77 ගුවන් විදුලි යන්ත්‍ර තමයි ඒ සඳහා භාවිත කළේ. එහි රහස්‍යභාවය අවිනිශ්චිතයි. ඒ වගේම කිලෝ මීටර් 15ක උපරිම සීමාවක් සංඥා ලබාදීම සඳහා තිබුණේ. ඒ සීමාවෙන් එහාට ගියාම මූලස්ථානයත් සමග සංඥා නැති වෙනවා. එය ලොකු බාධාවක්. ඒ වගේම අවි ආයුධ සම්බන්ධ ගැටලු තිබුණා. විශේෂයෙන්ම සතුරා විනාශ කරන්න සයිලන්ට් වෙපන් (හඬ නොනැගෙන අවි) තිබුණේ නෑ.
- ඒ වගේම ඒ කාලේ ජී.පී.එස්. තාක්ෂණය තිබුණේ නෑ. සිතියම් පරිහරණය කරමිනුයි කටයුතු කළේ. ඒ සිතියම් 1950 ගණන් වල 60 ගණන් වල හදපු ඒවා. ඒවායේ තිබුණ දත්ත මේ වන විට වෙනස් වෙලා. කැලෑ එළිවෙලා. ගම්මාන, කුඹුරු හැදිලා, ඒ නිසා තිබුණු සිතියම පවා සීයට සීයක් නිවැරදි වුණේ නෑ.
- ඒ වගේම වැසි ජලය කාන්දුවන, දිගු ක්‍රියාන්විත වලට ඔරොත්තු නොදෙන උරහිස් රිදුම් දෙනකන් දරා සිටින්නට වූ පැක් තමයි භාවිතා කළේ.
- මීළඟට තිබුණු ලොකුම අභියෝගය ආහාර. සාමාන්‍ය යුද හමුදා සෙබළු අරගෙන යන බත් ටින් කෑමයි තිබුණේ. දවස් 10ක්, 12ක් කැලේ ඇතුළේ මෙහෙයුමේ නිරත වෙද්දී කැලරි වැඩි ආහාරයි අවශ්‍ය වෙන්නේ.
- ඒත් විශේෂ බළකා සෙබළු ඒ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන්නා.
● 1989 ඇති වූ අර්බුදකාරී තත්ත්වය.
===============
[සංස්කරණය]- ඒ කාලයේ වව්නියාව, මාන්කුලම, යාපනය වැනි ප්‍රදේශ වල මෙහෙයුම් සිදුකළා. ඇතැම් අවස්ථාවල ප්ලොට් සංවිධානයේ සහයෝගය ලැබිලා තිබෙනවා.
- 1988 වසර වන විට යුද හමුදාව තුළ විශේෂ ඒකකයක් ලෙස මෙම බළකාය ප්‍රතිපත්ති මගින් පිළිගත්තා.
- ඒ වගේම 1989 දී විශේෂ බලකායේ ධාවන පැදි බලගණය පිහිටවූවා.
- එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලිය මර්දනය කිරීම ඔවුන්ගේ විශේෂ ක්‍රියාන්විතයක් වුණා.
- ඒ වගේ 89 කාලයේ හිස එසවූ කැරලිකරුවෝ නගරයේ තැනින් තැන කලබල ඇති කරන්නට පටන් ගත්තා.මෙම කණ්ඩායම් මර්දනය කිරීමට ධාවන පැදි බළකාය විශේෂ සේවාවක් සිදු කළා.
● විශේෂ බළකාය සංග්‍රාම භූමියේ විශේෂම කණ්ඩායමක් බවට පත්වීම.
=====================================
[සංස්කරණය]- පළමුවැනි විශේෂ බළකාය.
=======
[සංස්කරණය]- විශේෂ බළකායේ සතුටුදායක ජයග්‍රහණයන් නිසා යුද හමුදාවේ විශේෂ පිළිගැනීමක් ලැබුණා. එය තවතවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති වුණා.
- ජෙනරාල් වනසිංහ යුද හමුදාපති වුණාට පස්සේ හමුදාවේ ඉන්න දක්ෂ සෙබළුන් විශේෂ බළකායට බඳවාගන්න අවස්ථාව උදා කරලා දුන්නා.
- ඒ කාලයේම විශේෂ බළකා පුහුණු පාසලක් ආරම්භ වුණා.250ක පමණ කණ්ඩායමක් බඳවා ගෙන මින්නේරියේ පුහුණුවක් කළා. ඉන් 135ක් පමණ බඳවා ගත්තා.
- 89 කාලය වන විට විශේෂ බළකාය 150ට අධික සෙබළු සංඛ්‍යාවකගෙන් යුක්ත වුණා. මේ විදියට බඳවාගැනීම් කරලා 500ක් පමණ සෙබළ කණ්ඩායමක් හැදුවා.
- එය පළමුවැනි විශේෂ බළකාය කියලා රෙජිමේන්තුවක් බවට පත් කළා.එහි මූලස්ථානය පිහිටවූයේ නාවුල.
- 1990 වෙනකොට විශේෂ බළකායේ ස්නයිපර් කණ්ඩායම බිහි කළා.
- ඒ වගේම සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවක් හදාරා සිටි ලුතිනන් සුසිත් කන්ගොඩආරච්චිගේ ප්‍රධානත්වයෙන් විශේෂ බළකා කිමිදුම් කණ්ඩායමක් ගොඩනැගුවා.
- දෙවැනි විශේෂ බළකාය.
======
[සංස්කරණය]- 1995 වසරේදී දෙවැනි විශේෂ බළකායේ කිමිදුම් කණ්ඩායම පිහිටවූවා.
- දියෙන් සහ ගොඩින් සතුරා සමග සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත් විශේෂ බළකාය ගුවණින් හරඹ කිරීම සඳහා පැරෂුට් භටයින් රැසක් ද නිර්මාණය කළා.
- මේ විදියට ශක්තිමත් කළ විශේෂ බළකායේ “එකෝ” බලගණය කපිතාන් උපුල් වීරසිංහගේ නායකත්වයෙන් ගොඩනැගුවා.
- එය විශේෂ නිලධාරින් 28 දෙනෙක් සහ සෙසු නිලයන් 498කින් සමන්විත වුණා. එහි ප්‍රථම අණ දෙන නිලධාරි වුණේ රාජ් විජේසිරි.
- එය ආරම්භ කළේ ත්‍රිකුණාමලයේදී.
- දෙවැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට.
- 3 වැනි විශේෂ බළකාය.
=====
[සංස්කරණය]- 1996 වසරේදි රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායෙන් කොටසක් අරගෙන දිග දුර විහිදුම් බළකාය ආරම්භ කළා.
- එය කිලිනොච්චියේදී සිදු කළේ.
- 3 වැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට.
- කපිතාන් චන්න වඩුගේ ප්‍රධානත්වයෙන් “ෆොක්ස්ට්‍රොට්” බලගණය පිහිටවූවා.
- “හොටෙල්” බලගණය ආරම්භ කිරීමට මුල් වූයේ කපිතාන් චූල දෙල්වල.
- මේ විදියට විශේෂ පුහුණුකිරීම් වලින් ගොඩබිම මුහුද සහ ගුවන ජයගත හැකි විශේෂ සෙබළ පිරිසක් නිර්මාණය වුණා.
● විශේෂ බළකාය සඳහා සෙබළුන් තෝරා ගන්න විශේෂ ක්‍රමවේදය.
====================================
[සංස්කරණය]- විශේෂ බළකායට පැමිණෙන සෙබළෙකුට අමාරු දුෂ්කර පාඨමාලාවකට මුහුණදීමට සිදුවෙනවා. ඔහුගේ කායික සහ මානසික ශක්තිය මැන බලනවා. කායික ශක්තිය බලන්න ලොකු පාගමන් තිබෙනවා. ලොකු බරක් දාගෙන යන්න ඕනෑ. දුවන්න ඕනෑ. බාධක තරණ තිබෙනවා. කිලෝ මීටර් ගණන් ඇවිදින්න ඕනෑ.
- ඒ වගේම ඔවුන්ගේ මානසික ශක්තිය ඒ හැම අවස්ථාවකදීම මැන බලනවා. ඔවුන්ගේ බුද්ධි මට්ටමත් ඒ ඒ ක්‍රියාකාරකම් වලින් මැන බලනවා. මේ හැම දේම කරන්නේ දින 28ක තියෙන මූලික පාඨමාලාවෙන්. මේ සති හතරේ පාඨමාලාවට 100ක් ආවොත් 60ක්ම හැලෙනවා. ඉන් තේරෙන පිරිස තමයි මාස 5ක් විතර පවත්වන උසස් ශිල්ප පාඨමාලාවට තෝරාගන්නේ. ඒ අයට තමයි විශේෂ බළකා සෙබළෙකුට තිබිය යුතු පුහුණුවීම් ලබලා දෙන්නේ.
● මෙහෙයුම් වලට දුන් දායකත්වය.
==============
[සංස්කරණය]- වඩමාරච්චි මෙහෙයුමේදී විශේෂ බළකාය ට පැවරුණේ ප්‍රභාකරන් පැනලා යන පැත්ත කවර් කරන්න. විශේෂ බළකාය හෙලිකොප්ටර් 9කින් එතනට ගියා. එතන දවස් 6ක් හිටියා. පැය හයකට (6) පසු එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට පහර දුන්නා. එහිදී සෙබළු 6ක් 7ක් පමණ මරුණා. 17ක් විතර තුවාල වුණා.
- මීලඟට සම්බන්ධ වුණේ මුලතිව් මෙහෙයුමට.මුලතිව් එල්.ටී.ටී.ඊ. එකෙන් පහර දුන්නට පස්සේ එහි සිටි සෙබළුන්ට උදව් කරන්නට සිදු වුණා.කර්නල් ලෆීර් ඔහුගේ සෙබළුන් සමග එම ස්ථානයට ගියා. එල්.ටී.ටී.ඊ. එකෙන් එයාගෙ කණ්ඩායම වට කරගත්තා.එතනදි තමයි කර්නල් ලෆීර් මැරුණේ.එයාගේ ගොඩක් අය තුවාල වුණා. ඒ පිරිසට උදව් කරන්න කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායත් එක්ක ත්‍රිකුණාමලයෙන් මුලතිව් දක්වා පිටත් වුණා. එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට වටකරගෙන ගැහුවා.
- එදා සවස 5ට විතර කර්නල් රාජ් විජේසිරි ටත් වෙඩි වැදුණා.5ක් විතර මැරුණා. රෑ නමයට විතර කර්නල් රාජ් විජේසිරි හෙළිකොප්ටරේකින් අරගෙන කොළඹට ගෙනාවා.
- විශේෂ බළකා සෙබළු පහුවෙනි දවස වෙන කොට තවත් බල සේනා ගෙන්වාගෙන ලොකු සංග්‍රාමයක් කරලා සිර වී සිටි සෙබළුන් බේරා ගෙන තිබුණා.
- ඒ වගේම ඊට පෙර තිබූ යාපනය අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයේදී කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස කටයුතු කළේ.
- කර්නල් ලෆීර් පළමුවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස හිටියා.එල්.ටී.ටී.ඊ. එක රාත්‍රියට පැමිණ සෙබළුන්ට පහර දුන්නා. ගොඩක් අය මැරුණා.තුවාල වුණා. ඒත් මෙහෙයුම සාර්ථකව කළා.1995 දී යාපනය කොටුව අල්ලා ගත්තා.
- තවත් විශේෂ එකක් තමයි යාපනය අල්ලාගන්න කළ විශේෂ මෙහෙයුම.
- කර්නල් රාජ් විජේසිරි බල සේනාධිපති ලෙස කටයුතු කළා. ඒ කළ ක්‍රියාන්විතයේදී මාස 5ක් තුළ සෙබළු 100ක් විතර මැරුණා.400ක් විතර තුවාල වුණා.නිලධාරින් 10ක් විතර මැරුණා. ලොකු හානියක් වුණා. සති ගාණක් ඒ යුද්ධය ගියා.
- පාබල හමුදාවන්ට ලොකු සහයෝගයක් විශේෂ බළකා සෙබළු ලබලා දුන්නා.
- වර්ෂ 2009 විශේෂ බළකායේ රෙජිමේන්තු 5ක් නිර්මාණය වෙලා තිබුණා.
- සෙබළු 2000ක් පමණ හිටියා.
- යුද්ධය අවසාන වෙන තුරුම මෙම සෙබළු බුද්ධි තොරතුරු සොයමින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට පහර දෙමින් විශාල කාර්ය භාරයක් ඉටු කළා.
- තීරණාත්මක අවස්ථාවලදී ජෙනරල් ෆොන්සේකාත් විශේෂ බළකායේ සහාය ලබා ගත්තා.
- එහිදී ප්‍රධාන කාර්ය පාබල හමුදාවලින් සිදු කරන විට ඊට අවශ්‍ය සහය තමයි විශේෂ බළකා සෙබළු ලබලා දුන්නේ.
- මේ ආකාරයට සාමාජිකයන් 38 දෙනකුගෙන් ආරම්භ වූ විශේෂ බළකාය ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල කණ්ඩායමක් බවට පත් වූයේය.
- සතුරා පිළිබඳව තොරතුරු සොයා බලමින් යුද හමුදාවන්ට සුවිශාල සහයෝගයක් ලබාදුන් ඔවුන්ට වන්නි මානුෂික මෙහෙයුමත් සමග කළ යුතු වූ කාර්යභාරය පුළුල් වූවේය.
- එනම් වැලිඔය දී පළමුවැනි හා දෙවැනි විශේෂ බලකා දෙක එකතු වී යුද ජයග්‍රහණය තකා සුවිශාල කාර්ය භාරයක් සිදු කළ අතර
- හතරවැනි බලගණය ලෙස “සියරා” ස්ථාපිත වූවේය.
- 2009 වර්ෂය යුද්ධයේ දරුණුතම අවස්ථාවක් විය.
- තවතවත් සෙබළු විශේෂ බළකායට බඳවාගත් අතර
- “විස්කි” නම් තවත් බළඇණියක් කපිතාන් මංජුල හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූවේය.
- ඒ අනුව හතරවැනි විශේෂ බළකාය කණ්ඩායම් හතරකින් සමන්විත වූ අතර 59 වැනි සේනාංකය සමග එකතු වී අවසන් සටනට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය.
- ලාංකීය හමුදාවන් සතුරා සමග සටන් කර යටත් කරගන්නා භූමි ආරක්ෂා කිරීමත්, සතුරාගේ පැමිණීම පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකා සෙබළුන්ට බාර වූ රාජකාරිය විය.
- එහිදී *“බ්‍රාවෝ” බලගණයේ මේජර් අමිත, *“ලීමා” බලගණයේ කපිතාන් නන්දන සෙනවිරත්න, *“නොවැම්බර්” බලගණයේ කපිතාන් ලලන්ත රණසිංහ, *“වික්ටර්” බලගණයේ කපිතාන් සුරංග යන ප්‍රධානීහු සිය කණ්ඩායම් සමග ත්‍රිකුණාමලය, මඩකලපුව, පුදුකුඩුඉරිප්පු යන ස්ථානවල ක්‍රියාන්විත සිදු කළහ.
- ඒ ආකාරයට සාමයේ අරුනළු වැටෙනා තුරා ලක් මවගේ රැකවරණය තකා විශේෂ බළකා සෙබළු ජීවිත පූජා කරමින් සිය මෙහෙවර ඉටු කළහ.
- පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ විශේෂ බලකායේ පස්දෙනා.
====================================
[සංස්කරණය]- පරම වීර විභූෂණය-PWV.
========
[සංස්කරණය]1.(7).*N/50981-කර්නල් ඒ.එෆ් ලෆීර්-විශේෂ සේවා බලකාය.
====================================
[සංස්කරණය]- පෞද්ගලික තොරතුරු.
- සම්පුර්ණ නම :ඒ.එෆ්.ලෆීර්.
- හමුදා ඒකකය :විශේෂ සේවා බලකාය.
- මියගිය ස්ථානය :මුලතිව්.
- උපන් දිනය :1958 දෙසැම්බර් 26.
- මියගිය දිනය :1996 ජූලි 19.
- වයස :38.
- පදක්කම ලැබුණු දිනය :2001 අප්‍රේල් 24.
- විවාහක /අවිවාහක බව :විවාහක.
- මව :එස්.එල්.එන්. හනුන් ලෆීර්.
- පියා :ෛවද්‍ය ලෆීර්.
- බිරිඳ :අනෝමා.
- ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම.
- කර්නල් ෆස්ලි ලෆීර් පරම වීර විභුෂනය(PWV), රන වික්‍රම පදක්කම(RWP) ,රන ශුර පදක්කම(RSP), (1SF) 1 වන විශේෂ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරි.
- මරණය/ ස්ථානය: 1996 ජුලි 19 වෙනිදින මුලතිව්
- උපන් ස්ථානය :නුවර
1.පලමු රෙජිමේන්තුව: රජරට රයිෆල්ස්.
2.දෙවන රෙජිමේන්තුව: විජයභාහු රෙජිමේන්තුව.
3.තුන්වන රෙජිමේන්තුව: 1 වන ගජබා රෙජිමේන්තුව(ආරම්භය).
4.1986 වර්ෂයේ පිහිටවු ක්ෂනික විහිදුම් බලකාය(RDF) / වර්තමානයේ විශේෂ බලකා රෙජිමේන්තුව( 1988).
- හොඳට වතුර වගේ දමිල භාෂාව කතාකරන්න පුලුවන් සෙනෙවියෙක් ලෙස හමුදාවෙ ප්‍රසිද්දයි.
- ඔහු ඉගෙනගත්තෙ නුවර ශාන්ත ඇන්තනී විදුහලේ, කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවේ බැඳුනා ප්‍රථමයෙන් රජරට රයිෆල්ස්, සහ පසුව විජයභාහු පාබල රෙජිමේන්තුවටත් සහ 1 වෙනි ගජබා රෙජිමචන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කලා..ඉන්පසුව ක්‍රමයෙන් 1986 පිහිටවු 1 වෙනි විශේෂ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිතුමා ලෙස තම ජීවිතය යම මව් බිම වෙනුවෙන් පුජා කරන තෙක්ම කටයුතු කලා, ඔහු විදේශගතව අමෙරිකාව සහ ඉන්දියාවේ කොමාන්ඩෝ විශේෂ පාඨමාලා හදාරපු නිලධාරියෙක්.
- ඔහු "ත්‍රිවිද පහර" මෙහෙයවුම දියත් කලේ මුලතිව් කඳවුරට ටෙරාල දැඩි ලෙස පහරදෙමින් කඳවුර හතරවටින්ම වට කරල ඇති භයානක මොහොතකයි.
- ඒක ගලවාගැනීමේ මෙහෙයවුමක් (Rescue Operation),
- පිරිස මෙම කඳවුර අවට මුහුදු සීමාවට ක්‍ෂනිකව ගොඩබැස්සෙ හෙලිකොප්ටර්වල සහයෙනුයි.
- මුහුදෙන් ගොස් මුලතිව් ප්‍රදේශයේ සතුරැ කඳවුරකට පහරදෙන යන අවස්ථාවෙදි 1996 ජුලි 19 වෙනිදා කොටි අතින් ඝාතනය වුනා, එතකොට ඔහු ලුතිනන් කර්නල් නිලය දරමින් 1 වන විශේෂ රෙජිමේන්තුවෙ 275 පමන පිරිසක් සමග මේ මෙහෙයවුමට අනදෙමින් සහභාගි වෙමින් සිටියෙ.
- මේ දරැනු සටනේදි ඔහුට මිය යනතෙක්ම තම කන්ඩායම සමග දිගටම සිටිමින් එම ක්‍රියාන්විතය මෙහෙයවුයේ තමන්ට වී ඇති මරනීය තුවාලද නොසලකමින්.
- ඔහු මියයන තෙක්ම ම කන්ඩායමට අනදෙමින් සටන් බිමෙන් ඉවත්වුනේ නැහැ.
- ඔහුගේ මේ වීර වික්‍රමාන්විත ක්‍රියාවට ගරැකිරීමක් ලෙස ඔහුටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලැබිය යුතු ඉහලම ගෙෳරව සම්මානය වන පරම වීර විභුෂනයෙන් පිදුම් ලැබුවෙ.
- විශේෂ මෙහෙයුමක් සඳහා තොප්පිගල බලා පිටත්වීමට ඔවුන් සුදානම්ව සිටියහ.
- ඒ මාදුරුඔය විශේෂ බලකා සටන් පුහුණු පාසලේ 1996 ජුලි 18 දිනයි.
- පසුදා උදෑසන හෙලිකොප්ටර් යනා මගින් බලඝණ 2ක් ත්‍රිකුණාමලය ගුවන් කඳවුරට ගෙනයනලදී.
- එදින හවස් යාමයේ නැවත විශේෂ මෙහෙයුමකට ඔවුන්ට අවසර ලැබෙන ලදී.
- ඒ මුලතිව් කඳවුර තුල දැඩි ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරුව සිටි සහෝදර සෙබළුන් බේරාගැනීමේ උතුම්වුත් භාරදුර වුත් කාර්‍යයයි.
- මුලතිව් කඳවුරට කි. මි. 4 ක් පමණ ආසන්නව කැලෑ ප්‍රදේශයට හෙලිකොප්ටර් ආධරයෙන් ගොඩබැසගත් මෙම වීරයන් පිරිස දැඩි සතුරු ප්‍රහාර මධයයේ තම අරමුණ ඉටුවෙන තෙක් බිහිසුණු සටනක නියැලිය.
- අභීත ලෙස සටන්කරමින් සිටියදී සතුරු ප්‍රහාරයකට ලක්වූ එවකට 1වන විශේෂ බලකායේ අණදෙන නිලධාරී කර්නල් අස්ලාම් ෆස්ලි ලෆීර් නම් මේ දේශයේ වීර පුත්‍රයා තම සොහොයුරන් බේරා ගැනීමේ උතුම් අරමුණින් තම ජීවිතය පුදන ලදී.
- මළසිරුර ලබාගැනීමට පවා දීන 3ක් සටන් කිරීමට සිදුවිය.
- ස්වෙච්චාවෙන් ඉදිරිපත්ව තම ජීවිතාරක්ෂාවද නොතකා සිදුකලාවූ අභීත වුත් වීර වික්‍රමාන්විත සේවය උදෙසා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයෙක් හට වීරත්වය වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන උසස්ම පදක්කමවන පරම වීර විභූෂණය මගින් මෙම විරුවා පුදන ලදී.
- "ඔබ වැනි විරුවන් යුධ හමුදාවට මෙන්ම මුළුමහත් ධරණී තලයටම අභිමානයකි.........! ".
=============================================
[සංස්කරණය]2.(12).*S/467722-කෝප්‍රල් කේ.චන්දන-තුන්වන බළඇණිය විශේෂ සේවා බලකාය.
====================================
[සංස්කරණය]- පෞද්ගලික තොරතුරු.
- සම්පුර්ණ නම :කේ. චන්දන.
- හමුදා ඒකකය :තුන්වන බළඇණිය, විශේෂ සේවා බලකාය.
- මියගිය ස්ථානය :මාන්කුලම්.
- උපන් දිනය :1980 පෙබරවාරි 22.
- මියගිය දිනය :2008 ජූලි 25.
- වයස :28.
- පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.
- විවාහක /අවිවාහක බව :විවාහක.
- මව :ඩබ්ලිව්.ඩිංගිහාමි.
- පියා :කේ. පොඩිනේරිස්.
- බිරිඳ :ඩබ්ලිව්.එම්. සුමිත්‍රා මල්කාන්ති.
- ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය.
- ලාන්ස් කෝප්‍රල් කේ. චන්දන ( සෙබල අංකඃ 467722. 3වන විශේෂ බලකා රෙජිමෙින්තුව) S/467722 L/Cpl Chandana K 3 SF (Posthumous).
- මාන්කුලමි-කිලිනොචිචි මාර්ගයේ ගමන් ගන්නා කොටි නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරිමෙි අරමුණෙන් රජයේ පාලන ප්‍රදේශයේ සිට කිලෝමිටර් 40ක් පමන ඈතට ගමන් කල ලාන්ස් කෝප්‍රල් චන්දන ඇතුළු සය දෙනෙක්ගෙන් යුත් විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකාය නැවත තම කදවුර බලා ඒමට පිටත් වුයේ කොටි නායකයින් දෙදනෙක්ව මරු තුරුලට යැවීමෙින්ද අනතුරුවය.
- හමුදා පාලන ප්‍රදේශය බලා එමින් සිටියි මෙම දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් ගැන ඉව වැටුනු කොටි ත්‍රස්තවාදින් මාන්කුලමි-තුනුක්කායි මාර්ගය අසලදි කොටු කර ප්‍රහාරයක් එල්ල කලේය. කොයි යමි මොහොතකදි හෝ තම කණ්ඩායමට සතුරු ප්‍රහාරයක් එල්ල වෙිතැයි සිතා සිටි දිගු දුර මෙහෙයුමි බලකායේ සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින් සමග මුහුනට මුහනලා සටන් කලේ නියම සිංහල ලේ ඇති රණකාමින් මෙන්ය.
- කොටින් හා අතර ඇතිවුනු ගැටුමෙිදි තම සහෝදර සෙබලෙක්ට වෙඩි වැදි සිටිනවා දුටු ලාන්ස් කෝප්‍රල් චන්දන වහා එම සෙබලාව සටන් භුමියෙන් පිටු පසට ඇද තබා නැවතත් කොටින් හා සටනට එක්විය. මෙහිදි කොටි ප්‍රහාරය නිසා තුවාල ලබා සිටි ලාන්ස් කෝප්‍රල් චන්දන සිය තුවාල ගැන හෝ නොසිතා කොටින්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කණ්ඩායම බෙිරා ගැනිමෙි අටියෙනි.
- දරුණු සටනක් අතරේදි චන්දන ඇතුලු කණ්ඩායමට අණදෙන නිලධාරියාවු සාජන්ටි කොටි ප්‍රහාරයන් නිසා තුවාලවී බිම ඇද වැටෙනවා චන්දන දුටුවෙි ඒ මොහොතේදීය. තම අණදෙන නිලධාරියා කොටින්ගේ ග්‍රහණයට නතුවෙන ආකාරය දුටු ඔහු වහා සිය ගිනි අවිය අතැතිව කොටින් ඉදිරියට පැන දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කාණ්ඩ අණදෙන නිලධාරියාගේ ජිවිතය බෙිරා ගනිමිනී.
- තම අණදෙන නිලධාරියා බෙිරා ගත්තත්, එම සටනේදි සිදුවු තුවාල හේතුවෙන් 3 වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි ලාන්ස් කෝප්‍රල් කේ.චන්දන රණවිරුවා දැයෙන් සමුගත්තේ තම කණ්ඩායමෙි අනෙක් සහෝදර රණවිරුවන්ගේ ජිවිත බෙිරා දෙමිනි.
- රණබිමෙිදි සිදුකල ඒ වීරෝධාර කැප කිරිම නිසා ලාන්ස් කෝප්‍රල් කේ.වන්දන රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.
=============================================
[සංස්කරණය]3.(16).*N/64314-ලුතිනන් කර්නල් ඒ.ජේ.එල්. ජයසිංහ-3 වන බල ඇණිය, විශේෂ සේවා බලකාය.
====================================
[සංස්කරණය]- පෞද්ගලික තොරතුරු.
- සම්පුර්ණ නම :ඒ.ජේ.ලලිත් ජයසිංහ.
- හමුදා ඒකකය :3 වන බල ඇණිය, විශේෂ සේවා බලකාය.
- මියගිය ස්ථානය :ඔඩ්ඩුසුඩාන්.
- උපන් දිනය :1976 අප්‍රේල් 29.
- මියගිය දිනය :2008 නොවැම්බර් 26.
- වයස :32.
- පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.
- විවාහක /අවිවාහක බව :විවාහක.
- මව :ඩි.ජී.සුමනාවතී.
- පියා :ජේ.ඒ.ජයසිංහ.
- බිරිඳ :එස්.කෞශල්‍යා රොද්‍රිගු.
- ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම.
- නි/ 64314 මේජර් J.A.L. ජයසිංහ.
- නොවැම්බර් 26 LTTE විරුදින උත්සවය සඳහා පැමිණෙන ත්‍රස්තවාදී නායකයන් විනාශ කිරීමේ අරමුණින් , විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම් හෙවත් LRP කණ්ඩායම් නිලධාරී අණදෙන වූ මේජර් J.A.L. ජයසිංහ කුඩා කණ්ඩායමක් සමග සතුරු ආරක්ෂක වලල්ල තුලින් 2008.11.20 දින ඔඩ්ඩුසුඩාන් සතුරු භූමියට රහසේ ඇතුළු විය.
- කි.මී 40 ක් පමණ දුරක් සූක්ෂම ලෙස සතුරු භූමියේ ඇතුලට ගමන්කොට මාන්කුලම් - ඔඩ්ඩුසුඩාන් මාර්ගය අසලට ලඟාවී ක්‍රියාන්විත සැලසුම දියත්කරන ලදී.
- මේ අතර මේජර් ජයසිංහ හදිසියේ රෝගාතුර විය. සෙසු සගයන් මැද විවේකව සිටියදී කණ්ඩායම දැඩි සතුරු ප්‍රහාරයකට ලක් වූ අතර, මේජර් ජයසිංහ සිය අසනීප තත්ත්වය පසෙකලා සිය කණ්ඩායම සමගින් සතුරාට ප්‍රතිප්‍රහාර එල්ලකරන්නට විය.
සතුරු ප්‍රහාර බලවත් වූ හෙයින් මෙිජර් ජයසිංහ තම කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් ප්‍රහාරයක් එල්ලකලත්, මේජර් ජයසිංහගේ හිස සොයා ඇදී ආ සතුරු උණ්ඩයකින් ඔහු බරපතල තුවාල ලැබීය.
- තම කණ්ඩායමේත්, තම මාතෘභූමියේත් ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් සටන් වැද තම ජීවිතය මාතෘභූමියට පූජාකරමින් , තම නාමය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවන්නට සමත් විය.
- 1974 අප්‍රෙල් 29 දින අවිස්සාවේල්ල ,උක්වත්ත සුන්දර ගමක උපත ලද ජයසිංහ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීය.
- පසුව කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.
- 1997 ජනවාරි 22 කැඩෙට් ශිෂ්‍ය නිලධාරීයකු වශයෙන් ශ්‍රීලංකා යුද හමුදාවට එක්වූ ජයසිංහ , පසුව යුද හමුදා විශේෂ බලකායට එක්වූයේ පාඨමාලා 24 ක් සාර්ථකව හදාරා නිමකරමින්ය.
- 3වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීයා වශයෙන් සිටි මේජර් ජයසිංහ මින්නේරිය , දියතලාව , කුඩාඔය , ගණේමුල්ල සටන් පුහුණු පාසැල් වල පුහුණු පාඨමාලා හදාරා ඇත.
- 2008 ජනවාරි මස විවාපත් වූ මේජර් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් 26 දින මාතෘභූමියට තම දිවි පුදකරන විට, සදාදර බිරිඳ පස්මස් ගැබිණියකි.
- මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තම උත්තුංග මෙහෙවර ප්‍රකට කරනු වස්, ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් මේජර් ජයසිංහ , හමුදා නිලදරුවකු වශයෙන් ලැබිය හැකි ඉහලම ගෞරව සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.
- ලුතිනන් කර්නල් J.A. ලලිත් ජයසිංහ ( pwv, wwv, Rwp, Rsp) සියලුම හමුදා ගෞරවාචාර මැද, ඔහු උපන් ගම් පියස වන උක්වත්තේ දී 2008 දෙසැම්බර් මස 01 දින ශ්‍රීලංකා මාතෘභූමියට මිහිදන් විය.
===============================================
[සංස්කරණය]4.(20).*S/462696-සැරයන් ඩි.එම්.එස්.චන්ද්‍රසිරි බණ්ඩාර-දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය.
====================================
[සංස්කරණය]- පෞද්ගලික තොරතුරු.
- සම්පුර්ණ නම :ඩි.එම්.එස්.චන්ද්‍රසිරි බණ්ඩාර.
- හමුදා ඒකකය :දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය.
- මියගිය ස්ථානය :පුදුකුඩුඉරිප්පු.
- උපන් දිනය :1977 ජුනි 10.
- මියගිය දිනය :2009 පෙබරවාරි 03.
- වයස :32.
- පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.
- විවාහක /අවිවාහක බව :විවාහක.
- මව :කේ.පී.කැතරින් සිල්වා.
- පියා :ඩි.එම්.ගුණපාල.
- බිරිඳ :ආර්.එම්.කුමාරි රණසිංහ.
- ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.
- මරනය පෙනි පෙනී කොටි මරාගෙන මැරෙන වාහනය පිපිරවු 2/විශේෂ බලකා රෙජිමේන්තු රනවිරැවා.
- සැරයන් සුගත් චන්ද්‍රසිරි බණ්ඩාර DM
(PWV).
- දිවිපිදුවේ 2009 පෙබරවාරි 03 වන දින පුදුකුඩිඉරැප්පු
උපන් ප්‍රදේශය බිබිල මොනරාගල
- කොටි ත්‍රස්තයන් 2009 පෙබරවාරි මස 1 වැනිදා මුලතිව් නගරය යලි අල්ලා ගැනීම සදහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.
- මුලතිව් නගරය යලි අල්ලා පෙබරවාරි 4 දිනට ඊලාම් කොඩිය එසවීම ත්‍රස්තයන්ගේ අරමුණ විය.එදින දහවල් වෙද්දී සටන ඉතාමත් දරුණු අතට හැරුණු අතර යුදහමුදාපති විසින් සටනට අණ දිම සිදු කරන ලදි.
- අවසානයේ විශේෂ බළකායද කැදවන ලදි.මේජර් කෝසල විජේකෝන් අනදුන් එකෝ බලඝනයත් ,කපිතාන් ඉන්දික ලියනගේ යටතේ වු බ්‍රාවෝ බලඝනයත් සටනට එක් විය.
- මෙම කණ්ඩායම් දෙක කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලක්වාලීමට සුදානමින් පුදුකුඩිඉරිප්පු මාර්ගය දෙපස වලවල් හාරා ඒ තුල බැස සුදානමින් සිටියහ.
- එක්වරම බෝම්බ පිරවු කොටින්ගේ වාහනයක් වේගයන් එන බව ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ නෙත ගැටිනි.එය හමුදා ඉදිරි ආරක්‍ෂක වලල්ලේ ගැටුනහොත් විරු ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන බව ස්ථිර හෙයින් ඔහු මාර්ගය ඉදිරියට පැන තම ජීවිත ගැනවත් නොසිතා තම අත වු ආර්.පී.ජී. අවිය ක්‍රියාත්මක කළත් උණ්ඩය ක්‍රියාත්මක නොවීය.ඔහු තවත් උණ‍්ඩයක් දමා ඉලක්කය ගන්නා විට වාහනයට දුර මීටර් 40 වත් නොවීය.
- මෙතරම් ආසන්නයකදී බෝම්බ වාහනය පිපිර වුවහොත් තම ජීවිතයද විනාශ වන බව දැන දැනත් අභිත ලෙස මෙම විරුවා අවිය ක්‍රියාත්මක කලේය.
- ඉලක්කය සාර්ථක වු අතර සෙබළ ජිවිත විශාල ප්‍රමාණයක් බේරා දි චන්ද්‍රසිරි බණ්ඩාර තම ජිවිතය රට වෙනුවෙන් පුද කරන ලදි.මෙම උදාර විරුවා පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලබන ලදී.
- හෙතෙම තම ආදරනීය බිරිඳවු මංගලිකාට දාව උපන් දියනියකගේ දයාබර පියෙකි.
=============================================
[සංස්කරණය]5.(25).*N/64743-මේජර් කේ.ඒ.ගමගේ-පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය.
=============================================
[සංස්කරණය]- පෞද්ගලික තොරතුරු.
- සම්පුර්ණ නම :කේ.ඒ.ගමගේ.
- හමුදා ඒකකය :පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය.
- මියගිය ස්ථානය :අම්පලාවන්පොකනයි
- උපන් දිනය :1978 සැප්තැම්බර් 17.
- මියගිය දිනය :2009 අප්‍රේල් 20.
- වයස :31.
- පදක්කම ලැබුණු දිනය :2012 මැයි 19.
- විවාහක /අවිවාහක බව :විවාහක.
- මව :එස්.ඒ.ඩබ්ලිව්.සමරකෝන්.
- පියා :කේ.ජී.මර්සියන්.
- බිරිඳ :කේ.ජී.සී.අයි.කරුණාරත්න.
- ලබා ගෙන ඇති පදක්කම් :පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම.
- මෙිජර් කේ.ඒ.ගමගේ(නිලධාරි අංක-64743-පලමුවන විශේෂ බලකාය)
O/64743 Maj. K.A. Gamage 1 SF (Posthumous).
- 2009 වසරේ අප්‍රේල් මස 19 වෙනිදා රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් පවා පුදුමයට පත් කරමින් යුධ මුක්ත කලාපය වටා ඔවුන් ඉදිකර තිබු පස්බැමිම හරහා ගොස් කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කල කපිතාන් කේ.ඒ.ගමගේ ඇතුළු විශේෂ බලකා කණ්ඩායම යුධ මුක්ත කලාපයේ සිටි අහිංසක සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශයන් කරා ඒමට අවස්ථාව උදාකර දුන්නේ ඒ ආකාරයටය.
- මෙහිදි අහිංසක දමිල සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ට ඉතා උපක්‍රමශිලිව ප්‍රහාර එල්ල කරමින් සිය කණ්ඩායමෙි සෙසු නිලධාරින්ගෙත්, දමිල වැසියන්ගේ ජිවිත රැසක් බෙිරා ගැනීමට ක්‍රියා කල කපිතාන් කේ.ඒ.ගමගේ (පරම වීර විභුෂණ) කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු ප්‍රහාර නිසා සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කලේ ලොව සාර්ථකම මුදාගැනිමෙි මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින්ය.
- 3.දිගුදුර විහිදුම් බලකාය ("මහසොහොන් බලකාය")-L.R.R.P Force-LRRP.
==========================================
[සංස්කරණය]- දිගුදුර විහිදුම් බලකාය යනු කුමක්ද...?.
==================
[සංස්කරණය]- දිගුදුර විහිදුම් බලකාය හෙවත් "මහසෝන් බලකාය" යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බළකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.
- ශ්‍රී ලංකාව පුර දශක දෙකක් රට අගාදයට ගෙනගිය ශාපලත් යුද්දයකට මැදිවී තිබු යුගයක 1996 වර්ෂයේදී අර්බුදය නිමා කරනු වස් විශේෂ හමුදා බලකායක් හෙවත් දිගුදුර විහිදුම් බලකායක් ස්ථාපිත කරන ලදී.
- මෙම අතිශයින් රහසිගත වූ ඒකකය සතුරු ප්‍රදේශ තුලට අභිතව ගමන් කොට සතුරු මර්මස්ථාන විනාශ කරමින් , බුද්ධි තොරතුරු රැස් කරමින් ,වැදගත් ඉලක්ක සපුරා ගනිමින් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලදී.
- මෙම බලකාය යුද්දයේ අවසානය දක්වාම රහසක් ලෙස තබා ගන්නට කටයුතු කළේය.
- මේ සියල්ලම සති තුනක් පුරා දිවෙනි ඉතා කටුක ශාරීරික හා මානසික වැඩ රාශියකින් අරම්බ වන අතර එමගින් සෙබළුන් ඔවුන්ගේ කායික හා මානසික ශක්තීන්ගේ අත්‍යන්ත සීමාවන් වලට ගෙනා යන අතර අවසානයේ විශිෂ්ටයන් පමණක් ඉතිරි වේ .
- දිගුදුර විහිදුම් බලකා පාඨමාලාව.
- LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය කටුකතම යුද හමුදා පාඨමාලාවකි.
- මෙහිදී විශේෂ ලක්ෂණය නම් මෙම සියලුම අයදුම් කරුවන් යුද හමුදාවේ, විශේෂ බලකායේ කොමාන්ඩෝ බළකායේ සේවය කරන සොල්දාදුවන් වීමයි.
- එහිදී මෙම ස්වෙච්චා අයදුම් කරුවන්ට සාමාන්‍ය විශේෂ බලකා භටයෙකුට පවා මුහුණ දිය නොහැකි අතිශය කටුක වධ සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත පරීක්‍ෂණ වටයකට සති තුනක් මුහුණ දීමට සිදුවේ.
- එම සති තුනක "අපායේ රස" දරාගත හැකි ශාරීරිකව සහ මානසිකව අතිශය ශක්තිමත් විශිෂ්ටයන්ගේනුත් අති විශිෂ්ට දරාගැනීමේ හැකියාව උපරිම වශයෙන් ඇති භටයන් පමණක් සති තුනක පරීක්ෂණ වටය සාර්ථකව නිම කරන අතර එම පිරිස පමණක් සය මසක ඇති විශේෂ පුහුණුවීම් වලට යොමු කර "මහසොහොන්" බලකායට එක්කරගනු ලබනවා.
- සාමාන්‍යයෙන් 60% පමණ මෙම පළමු වටයෙන්ම අසමත් වෙනවා.
- මෙය දිගු දුර මෙහෙයුම් ඒකකයසහ මහසොහොන් බලකාය ලෙසද හැඳින්වේ.
- කර්නල් රාජ් විජේසිරි.
- විශේෂ බලකායේ කර්නල් රාජ් විජේසිරි, මෙම දිගු දුර විහිදුම් බලකා සංකල්පය හා මහසොහොන් බලකාය,විශේෂ බලකාය වෙත හඳුන්වාදීමට මූලික වූ ප්‍රධාන පුද්ගලයා වේ.
- ත්‍රස්තවාදී එල්ටීටීඊ කොටි සංවිධානයේ පාලනයට නතුව තිබූ ප්‍රදේශ වෙත ගොස් කොටි නායකයින් සොයා යමින් ඔවුන් ඝාතනය කරමින් කොටි සංවිධානය දුර්වල කිරිම LRRP ඒකකයේ ප්‍රධාන අරමුණු විය.
- මෑත කාලීන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ක්‍රියාත්මකව තිබූ සමයේ, එල්ටීටීඊ ග්‍රහණයට නතුව තිබූ ප්‍රදේශවලදී එල්ටීටීඊ සංවිධානයේ නායකයන් සාර්ථකව විනාශ කොට දැමීමට මෙම බලකායට හැකිවිය.
- කෙසේ නමුදු සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චෝදනාද දිගු දුර විහිදුම් බලකායට එල්ල විය.
- මහා පාවා දීම-මිලේනියම් සිටි සිදුවීම.
================
[සංස්කරණය]- ක්‍රි.ව. 2002 වර්ෂයේදී පොලීසිය විසින්, මිලේනියම් සිටි හී ස්ථානගතව තුබූ LRRP බලකාය වැටලීමත් සමග මෙම බලකායට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ජනමාධ්‍ය වෙත නිරාවරණය වූ අතර එසේ තොරතුරු හෙළිදරව් වූ ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමට අයත් පිරිස් පසුව එල්ටීටීය මගින් ඝාතනයට ලක් කෙරුණි.
- පසුකාලීනව රජය හා ත්‍රස්තවාදී කොටි සංවිධානය අතර වූ සාම ගිවිසුම බිඳ වැටීමත් සමග LRRP ඒකකය නැවතත් ප්‍රතිසංවිධානය හා ක්‍රියාත්මක වීම සිදු විය.
- 2002 වර්ෂයේදී රජය හා ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණු අතර LRRP ය විසින් එල්ටීටීඊ සංවිධානයේ ඉහල නායකයින් ඉලක්කගත කිරීම මෙලෙස කොටි සංවිධානය රජය සමග සාකච්ඡා මාර්ගයට පිවිසීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු සාධක වන්නට ඇතැයි හමුදාවේ විශ්වාසය විය.
- 2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් අතුරුගිරයේ, මිලේනියම් සිටි හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලනු ලැබූ අතර ඒ වන විට අළුතින් බලයට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ රජයේ ඉහල නායකයින් කිහිප දෙනෙකු ඝාතනයට සැළසුම් කිරීම, ඒකකයට එල්ල වූ චෝදනාව විය.
- ඒකකයේ නායකව සිටි කැප්ටන් නිලාම් ඇතුළු හය දෙනෙකු එම අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනු අතර හමුදා සෙබලුන් හතර දෙනෙකු සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුද අත්අඩංගුවට ගැණිනි.
- ඊට අමතරව, අවිආයුධ ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගන්නා ලදී.
- එසේම වැටලීම සම්බන්ධ තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය කිරීමටද පියවර ගැණුනි.
- මෙමගින් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගුදුර විහිදුම් බලකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිදරව් වීම සිදුවිය.
- අත්අඩංගුවට ගැණුනු පිරිස් නිදහස් කර ගැනීම අසාර්ථක වීමත් සමග, එවක හමුදා කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල මහතා LRRP ඒකකයේ සැබෑ ස්වරූපය පිළිබද පොදු ප්‍රකාශයක් සිදුකරන ලදී.
- සමස්ත සිදුවීම.
=
[සංස්කරණය]- මිලේනියම් සිටි සිදුවීම යනු 2002 ජනවාරි මස 2 වැනි දින ශ්‍රී ලංකාවේ අතුරුගිරිය මිලේනියම් සිටි පරිශ්‍රයේ සිදුවූ සිදුවීමකි.
- පැතිරීගිය මාධ්‍ය ආවරිත තොරතුරු සහ හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලීසිය අතර වූ දුර්වල සන්නිවේදනය නිසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගු දුර විහිදුම් බලකාය පිළිබඳ තොරතුරු හෙලිදරව් වීම මෙම සිද්ධිය නිසා සිදුවිය.
- බලකායේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු රහසිගත වන අතර, එම තොරතුරු සම්බන්ධව ඉහළ හමුදා නිළදාරීන් සහ ශ්‍රී ලංකා ජනාධිපති දැනුවත් බව පැවසෙයි.
- 2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්, හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද අතුරුගිරයේ මිලේනියම් සිටි හී අංක 844හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලන ලදී.
- එහිදී LRRP අණදෙන නිලදාරී කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙකු සහ පැරා මිලිටරි සමාජිකයෙකුද,දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු සාමාජිකයෙකුද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. (අධිකරණ නියෝගයක් හෝ වරෙන්තුවක් නොමැතිව).
- එසේම අවි ආයුධ තොගයක් හා එල්ටීටීඊ නිල ඇඳුම් 66 ක්ද සොයාගන්නා ලදී.
- එස්පී කුලසිරි උඩුගම්පල විසින් වහාම මාධ්‍ය කැඳවා මෙම සිදුවීම හා සොයාගත් දෑ පිළිබඳව අනාවරණය කරන ලදී.
- මෙම සිදුවීම 2001 දෙසැම්බර් පැවැති පාර්ලිමේන්තු මැතිවරණය මගින් එතෙක් පැවැති පොදු ජන එක්සත් පෙරමුණ රජය පෙරලා එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණීමත් සමගම සිදුවිය.
- වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි.
- මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී.
- කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය.
- සිද්ධියෙන් අනතුරුව.
======
[සංස්කරණය]- මෙම සිදුවීමෙන් අනතුරුව, අපරාධ විමර්ෂණ දෙපාර්ථමේන්තුව හා අනෙකුත් විමර්ෂණ අනූව, පොලීසිය විසින් වටලන ලද ස්ථානය අතිශය රහස් හමුදා ඒකකයක් ලෙස අනාවරණය වන ලදී. කෙසේ නමුත්, ඒ වනවිට LRRPට අදාල ඉතා වැදගත් තොරතුරු රැසක් මාධ්‍ය වෙත කාන්දු වී තිබුණි.
- ආරක්ෂක ඇමති තිලක් මාරපනගේ නියෝග මත, ප්‍රශ්න කිරීම් වලින් පමනක් අනතුරුව කටුගස්තොට පොලිස් ස්ථානයේ අත්අඩංගුවට පත්ව සිටි පිරිස මුදා හරින ලදී.
- තත්ත්වය සමනයට වෑයම් කිරීම.
- පොලිස් වැටලීමෙන් පසු වහාම හමුදා කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල මහතා, පොලීසිය වෙත තත්වය පහදා දීමටත්,හමුදාව වෙත එල්ල වෙමින් තුබූ අර්බුධකාරී තත්වය සමනය කිරීම පිණිසත් හමුදා බුද්ධි අධීක්ෂක බ්‍රිගේඩියර් කපිල හැන්දවිතාන මහතා පිටත් කොට යවන ලදී.
- ඔහු පොලිස් පරීක්ෂක ජෙනරාල් ලකී කොඩිතුවක්කු හමුව එස්පී උඩුගම්පොලගේ විමර්ෂණ ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර,පොලිස් පරීක්ෂක ජෙනරාල්වරයා උඩුගම්පොල වෙත දන්වා සිටිමින් හමුදාවේ එම ඉල්ලීම පිළිබදව අවධානය යොමුකරන ලෙස දන්වන ලදී.
- කෙසේ නමුදු උඩුගම්පොල විසින් එවක අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ජෝන් අමරතුංග මහතාට තත්වය දන්වා යවන ලදී.
- ඇමතිවරයා සිද්ධිය පොලිස් ඩීඅයිජී ලාල් රත්නායකට පවරන ලදී.
- හමුදාව විසින් සිදුකරන ලද ඉල්ලීම් තුබූවත්, යම් හේතුවක් නිසා උඩුගම්පල විසින් හමුදා නිලදාරීන් රැදවුම්භාරයටත්, අත්අඩංගුවට ගත් ආයුධ නාරාහේන්පිට පොලිස් මූලස්ථානයට යැවීමටත් කටයුතු යොදන ලදී.
- ආරක්ෂක ඇමති තිලක් මාරපන.
- පොලිසිය මගින් සිදුකල වැටලීම දෝෂාරෝපණයට ලක්කල ආරක්ෂක ඇමති තිලක් මාරපන මහතාගේ නියෝග මත, ජනවාරි 13 වැනිදා ප්‍රශ්න කිරීම් වලින් පමනක් අනතුරුව අත්අඩංගුවට පත් පිරිස මුදා හරින ලදී.
- මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන්නන් විනාශ කිරීමට පියවර ගත් අතර. ඒකකයේ ප්‍රධාන ඔත්තුකරුවෙකු වූ, මයික් ලෙස හැඳින්වූ තැනැත්තා පැහැරගෙන ගොස් ජනවාරි 20 වනදා මරා දැමීමට එල්ටීටීඊය කටයුතු කරන ලදී.
- මෙයින් අනතුරුව LRRP ය සමග සම්බන්ධතා පැවැත්වූ 80 කට වඩා වැඩි පිරිසක් එල්ටීටීඊය මගින් ඝාතනයට ලක්විය.
- රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද, යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.
- බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය.
===========
[සංස්කරණය]- මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන ද්‍රවිඩ චරපුරුෂයන් ඝාතනය කිරීමට පියවර ආරම්භ කරන ලදී. එල්ටීටීඊ බුද්ධි අංශ නායක ෂන්මුගලිංගම් සිවශංකර් හෙවත් පොට්ටු අම්මාන් මීට ප්‍රධාන වශයෙන් මැදිහත් වන ලදී.
- රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද,යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.
- මිලේනියම් සිටි නිවස්නය පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමග ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් 26 දෙනකු කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
- දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීමත් සමග කොටි විසින් ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමක් ඝාතනය කෙරුණි.
- ඝාතනය කෙරුණ කණ්‌ඩායම.
- වී.විද්‍යාර්ථන් 1991 වසරේ සිට ශ්‍රී ලංකා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු සැපයූ උතුරේ පදිංචිකාරයෙකි.
- මිලේනියම් සිටි පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්‍රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් ඝාතනය විය.
- ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් සිවිල් පුද්ගලයන් 54ක් වරින් වර කොටි ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි.
- ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.
- ගඩාපි.
- 2002 ජනවාරි විද්‍යාදරන් හෙවත් නිකී,
- 2002 පෙබරවාරි 9 කැලරි හෙවත් ගඩාපි,
- 2002 ජුලි 22 අරින්ජාන් හෙවත් යමින්ද රාජන්,
- 2002 අගෝස්‌තු 14 දේවදාස්,
- 2002 දෙසැම්බර් ගනේෂමූර්ති හෙවත් නිලන රාජන්,
- 2003 ජනවාරි 3 නාසියර් හෙවත් පුලේන්ද්‍රරාජා,
- 2003 මාර්තු 18 රගුපන් හෙවත් රගු,
- 2003 අප්‍රේල් 13 රංජන් හෙවත් වර්ධන්,
- 2003 අප්‍රේල් 26 අශෝන් දේවරාජා,
- 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්,
- 2002 දෙසැම්බර් 2 අසිස්,
- 2003 අප්‍රේල් 23 යශෝධරන්,
- 2003 මැයි 19 සූරියන්,
- 2003 අගෝස්‌තු 3 රිල්වාන්,
- 2003 අගෝස්‌තු 8 ශන්මුගරාජා,
- 2003 සැප්තැම්බර් 14 සබාරත්නම්,
- 2004 ජනවාරි 31 යෝගරාජා හෙවත් එලොට් මොහාන්.
- විමර්ෂන කොමිසම.
====
[සංස්කරණය]- මෙම සිදුවීම හේතුවෙන් ගොඩනැගුණු මහජන මතබේද හා ඝාතන හේතුවෙන්, ජනපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් පොලිසිය මගින් සිදුකරන ලද වැටලීම පිළිබඳ විමර්ෂනය සඳහා කොමිසමක් පත් කරන ලදී.
- කොමිසම විසින් නිකුත් කල අවසන් වාර්ථාවේ වූ නිගමන අනූව, කුලසිරි උඩුගම්පල ප්‍රමුඛව පොලීසිය විසින් සිදුකල වැටලීම ජාතියට සිදුකල සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක් ලෙස දක්වා තිබුණි.
- එසේම මෙම සිදුවීමට වගකිව යුතු පොලිස් සහ හමුදා නිළදාරීන්ගේ ලැයිස්තුවක්ද වාර්ථාවෙහි අන්තර්ගත විය.
- කුලසිරි උඩුගම්පල.
- සහකාර පොලිස් අධිකාරි උඩුගම්පොල විසින් දිගුදුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නතර වූයේ නැත.
- ඔහු එවකට යුද හමුදාපතිවූ ලයනල් බලගල්ලේට හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්දා විතාරනට එරෙහිවද නඩු පවරනු ලැබීය.
- එකල කොටින්ගේ වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. “ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.
- මේ පිළිබඳව පැවැති විශේෂ ජනාධිපති කොමිසමේදී උඩුගම්පලගේ ක්‍රියාදාමය අනාවරණය විය. “තමා” දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට පැමිණියේ අධිකරණ නියෝගයක් මත යයි උඩුගම්පොල පැවසුවත් එම නියෝගය ඔහු කිසි විටෙක පෙන්නුම් කළේ නැත.
- ආරක්ෂක අමාත්‍ය අධීක්ෂණය යටතේ හමුදා අණදෙන නිළදාරී විසින් LRRP බලකායේ ක්‍රියාකාරකම් විමර්ෂණය සඳහා අධිකරණයක් පිහිටවූ අතර, බලකායේ ක්‍රියාකාරකම් හා උපකරණ සියල්ල නීත්‍යානුකූල බවට අවසානයේ අධිකරණ විසින් නිගමනය කරන ලදී.
- "රනිල් ප්‍රභා අවබෝධතා ගිවිසුම".
============
[සංස්කරණය]- දිගුදුර විහිදුම් බළකායේ සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ.
- එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය.
- සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්‍රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ.
- කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූහ.(Y.W.B).
=====================================================================
[සංස්කරණය]- ශ්‍රිලංකා ත්‍රිවිධ හමුදා විශේෂ බළකායන්-(දෙවන අදියර)-(Y.W.B).
======================================
[සංස්කරණය]- 2.ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ බළකායන්-(Y.W.B).
=============================
[සංස්කරණය]- 1.ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය-වි.යා.බ-Sri Lankan Navy Special Boat Squadron-SBS.
=================================================
[සංස්කරණය]- විශේෂ යාත්‍රා බළඝණය යනු කුමක්ද...?.
===================
[සංස්කරණය]*විශේෂ යාත්‍රා බලඝණය (SBS)[Special Boat Squadron] ශ්‍රීලංකා නාවික හමුදාවේ විශිෂ්ඨතම විශේෂ බලකා ඒකකය වේ. බ්‍රිතාන්‍ය විශේෂ යාත්‍රා සේවය අනුව යමින් 1993 වසරේ මෙම විශේෂ ප්‍රහාරක බලඝණය ශ්‍රීලංකා නාවික හමුදාවේ ස්ථාපනය කරන ලදි.
- ශ්‍රිලංකා හමුදාවට අයත් විශේෂ බලකා යටතේ වර්ගීකරණය වන මෙය කොමාන්ඩෝ රෙජිමේන්තුව (CR), විශේෂ බලකාය (SF), රෙජිමේන්තු විශේෂ බලකාය (ශ්‍රීලංකා ගුවන් හමුදාව ) යන විශේෂ බලකා බලඝණ හා එක්ව ක්‍රියා කරන එකම නාවික හමුදා විශේෂ බලකා බලඝණය වේ.
- කාර්යභාරය.
=
[සංස්කරණය]- විශේෂ යාත්‍රා බලඝණය , එක්සත් රාජධානියේ නාවුක විශේෂ ඒකකය වන විශේෂ යාත්‍රා සේවාව(Special Boat Service - SBS) ආදර්ශයට ගෙන නිර්මාණය කොට ඇත. මෙහි කාර්යභාරය වන්නේ නාවුක විශේෂ බලකායක් ලෙස,
- "මුහුද හා ජලාශ්‍රිතව සිදුවන මෙහෙයුම් , සමුදුරේදී ඇතිවන ත්‍රස්තවාදී ප්‍රහාර වලට එදිරිව සිදු කරන මෙහෙයුම් , ත්‍රස්තවාදීන් හා ඉලක්ක පිරික්සීම් හා හඳුනාගැනීම් , කිමිදුම් සටන්කරුවන් හා කුඩා වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරන මෙහෙයුම්" වැනි විශේෂ නාවුක මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දීමයි .
- විශේෂ බලකා ඒකකයක් ලෙස, එහි කාර්යභාරයන් මුහුදේ සිදුකරන ක්‍රියාන්විත සඳහා පමණක් සීමා නොවේ. බොහෝ අවස්ථා වලදී ශ්‍රීලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුව, යුධ හමුදා විශේෂ බලකාය හා එක්ව ගොඩබිම ඒකාබද්ධ සටන් සඳහා ද මෙම බලඝණය තම දායකත්වය නිතැතින්ම දක්වා ඇත.
- විශේෂ යාත්‍රා බලඝණයේ කර්තව්‍යයන්.
=================
[සංස්කරණය]- .වෙරලබඩ ව සිදුකරන හමුදා මෙහෙයුම් සඳහා කුඩා වේග ප්‍රහාරක බෝට්ටු මගින් සහාය සැපයීම.
- .මුහුදු සීමා වල සිදුවන සටන් සඳහා කල්තියා රහසිගතව සූදානම් වීමට සිදු කරන විශේෂිත නිරීක්ෂණ හා ගවේෂණ මෙහෙයුම් හා මිනුම් කටයුතු සිදු කිරීම (මුහුදු පතුලේ ස්වභාවය ආදිය).
- .මුහුදේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම.
- .කලින් සැලසුම් කරන ක්‍රියාන්විත සඳහා පැමිනෙන කණ්ඩායම්වලට මාර්ග සැකසීම හා ආරක්ෂාව සැපයීම.
- .ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ මුහුදු යාත්‍රා හා නැව් වලට ආරක්ෂාව සැපයීම හා ත්‍රස්තවාදී ග්‍රහණයේ ඇති යාත්‍රා මුදා ගැනීම.(VBSS operation)[ Visit Board Search & Seizure].
- .ගැඹුරු මුහුදු සීමාවේ ඇති ඉලක්ක හඳුනා ගැනීම හා නිරීක්ෂණ සිදුකොට ප්‍රහාර එල්ලකිරීම.
- .හඳුනාගත් ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම.
- .ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයිම.
- ඉතිහාසය.
==
[සංස්කරණය]- ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය 1993 ජනවාරි 13 දින, ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ නායකත්වයෙන් යුතු ව අධිකාරිලත් නිලධාරින් 2ක් හා සෙසු නිලයන් 76 කගෙන් සමන්විතව යාපනය කරෙයිනගර් වල පිහිටි ශ්‍රි ලං.නා.නෞ. එළාර හිදී ආරම්භ කරන ලදි. විශේෂ පුහුණුවකින් පසුව 25 දෙනෙකුගෙන් යුතු ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණය පිහිටුවන ලදි .
- මෙම ඒකකයේ පළමු මෙහෙයුම වූයේ 1993 නොවැම්බර් මසදී ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් පූනරීන් නාවික කඳවුර නැවත අත්පත් කර ගැනීමයි. වි.යා.බ විසින් ශ්‍රී ලංකාවේ පැවති රිවිරැස, දිරිතර , අග්නිඛීල වැනි ප්‍රධාන මෙහෙයුම් රැසකදී තම දායකත්වය මාතෘභූමිය වෙනුවෙන් සපයා ඇත.
- තවද අවසන් මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරීව තම දායකත්වය වි.යා.බ විසින් විශිෂ්ට ලෙස දක්වා ඇත.
- යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ වේග ප්‍රහාරක ජෙට් බෝට්ටු(Water Jet) වැනි කුඩා ප්‍රහාරක යාත්‍රා(Arrow) මගින් මුහුදු කොටින්ගේ යාත්‍රා හා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලින් සිදු කල ප්‍රහාර වලට එරෙහිව ක්‍රියාන්විත දියත් කිරීම විශේෂ යාත්‍රා බලඝණය මගින් සිදුවිය.
- විශිෂ්ට සාමාජිකයන්.
=====
[සංස්කරණය]- පරම වීර විභූෂණය.
====
[සංස්කරණය]- 15.XX 31243
ප්‍රධාන සුළු නිලධාරි කේ.ජී.ශාන්ත විශේෂ යාත්‍රා බලඝණය.
- පෞද්ගලික තොරතුරු.
- සම්පුර්ණ නම :
කේ.ජී.ශාන්ත.
- හමුදා ඒකකය :
විශේෂ යාත්‍රා බලඝණය.
- මියගිය ස්ථානය :
නාගර්කෝවිල්.
- උපන් දිනය :
1979 අගෝස්තු 04.
- මියගිය දිනය :
2008 නොවැම්බර් 01.
- වයස :
29.
- පදක්කම ලැබුණු දිනය :
2009 ජනවාරි 07.
- මව :
ආර්.එම්.ඩොලීනෝනා.
- පියා :
කේ.ජී. ගුණතිලක.
- විවාහක /අවිවාහක බව :
විවාහක.
- බිරිඳ :
ආර්.එම්.එස්.ආර්.දිසානායක.
- ලබා ගෙන ඇති පදක්කම්
:*පරම වීර විභූෂණය.
*වීර වික්‍රමාන්විතය.
====
[සංස්කරණය]- 2008 නොවැම්බර් 01 වන දින මුහුදු කොටින් නාවික හමුදාව සමඟ පේදුරුතුඩුව සහ නගර්කොව්ල් අතර මුහුදු තිරයේ දී ගැටුමක් ඇති කර ගත්හ.
- සුළු නිලධාරියෙකු වන කේ.ජී.ශාන්ත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඇණිය ට අනුයුක්තව සේවය කළේය. ඔහු ඇරෝ වර්ගයේ පෙට්‍රල් යාත්‍රාවේ නිලධාරියා විය.මෙම යාත්‍රාව මෙම ප්‍රහාරය සඳහා නාවික හමුදාව විසින් යොදා ගැනිණි.
- ශාන්ත සහ ඔහුගේ කණ්ඩායම එම යාත්‍රාවෙන් මුහුදු කොටින් හට ප්‍රහාර එල්ල කරන්නට වුහ. මෙම යාත්‍රාව සතු හැසිරවීමේ පහසුව නිසා මෙවැනි ප්‍රහාරයක දී එය නාවික හමුදාවට විශාල ශක්තියකි. සටන දරුණු වීම නිසා මෙම යාත්‍රාවේ සිටි තුවක්කු කරුවන් තිදෙනාම බරපතල ලෙස තුවාල ලැබුහ.
- කෙසේ නමුදු මුහුදු කොටින්ගේ ඉලක්කය වී තිබුනේ විශාල යාත්‍රා දෙකය. ශාන්ත මෙය හොඳින් නිරීක්ෂණය කලේය. තවද ශාන්ත අනෙක් යාත්‍රා වල ගමන් කළ පිරිස 12 දෙනෙකු බවට ද ශාන්ත දැන සිටියේය. මේ වන විට ශාන්ත සතුව ඉත්රිව ඇත්තේ ඔහු සහ ඔහුගේ යාත්‍රාව පමණි.
- ඔහු තම යාත්‍රාව වේගයෙන් මෙහෙයවා මුහුදු කොටින්ගේ යාත්‍රා වල ගමන් මග හරස් කළේය. අවසානයේ මුහුදු කොටි යානාව සමග ශාන්තගේ යාත්‍රාව ඝට්ටනය කළේය. මෙය කෙළවර වුනේ විශාල පිපිරිමකිනි.
- මෙහිදී ශාන්ත තම ජීවිතය සහෝදර සෙබළුන් වෙනුවෙන් පුජා කළේය.එහෙයින් ශාන්තයන්ගේ වික්රමනිව්ත ක්‍රියාවට උපහාර පිණිස ඔහුගේ නිළය ප්‍රධාන සුළු නිලධාරී දක්වා උසස් වූ අතර, ඔහු පරම විර විභූෂණයෙන් පිදුම් ලැබුවේ ය.
- .ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත - පරම වීර විභූෂණය පදක්කමින් පිදුම් ලබන ලදි.
- වෙනත් විශිෂ්ට සාමාජිකයන්.
===========
[සංස්කරණය]- .ලුතිනන් කමාන්ඩර් සමන්ත වරුණ ගාල්ලගේ, WWV, RWP, RSP 11 and a founding officer of SBS.
- .වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න WV,RWP & Bar,RSP,ndc,psc - ඒකකයේ පළමු අණදෙන නිලධාරි.
- 2.ශ්‍රීලංකා නාවික හමුදා ක්ෂණික විහිදුම් යාත්‍රා බලඝණය-ක්ෂ.වි.යා.බ
- Rapid Action Boat Squadron-RABS.
========================================
[සංස්කරණය]- ක්ෂණික විහිදුම් යාත්‍රා බලඝණය යනු කුමක්ද...?.
==========================
[සංස්කරණය]- ඉතිහාසය.
==
[සංස්කරණය]- මෙම ඒකකය නාවික හමුදාව තුළ ස්ථාපිත කරන ලද්දේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ සංකල්පයක් අනුවය.
- කුඩා යාත්‍රා විශාල ප්‍රමාණයක් එකවර මුහුදු සටනට යොමු කරමින් මරාගෙන මැරෙන "මුහුදු කොටි" යාත්‍රා ප්‍රහාරක යාත්‍රා අවුල් කිරීම සැලැසුමේ අරමුණ විය.
- ඒ අනුව මෙරටේදීම අදාළ කුඩා යාත්‍රා නිර්මාණය කිරීම සිදුවිය."ඇරෝ" හා "වේව් රයිඩර්ස්" ලෙස නම් කළ එම කුඩා යාත්‍රා තුළ සටන්කාමී නැවියන් 5 ත් 8 ත් අතර පිරිසක් යොදවා එවැනි යාත්‍රා 20 ක් 30 ක් පමණ එකවර සටනට යෙද වීම හමුවේ එතෙක් කලක් "මුහුදු කොටි" සතුව තිබූ මුහුදේ අසමතුලිත බලය නාවික හමුදාව අතට ගැනීමට හැකිවිය.
- මෙය මෙරට නූතන සටන් ඉතිහාසයේ සිදුකර සාර්ථක ප්‍රතිපල අත් වූ ඉතාමත් අතලොස්සක් වූ උපායන් අතරින් ඉදිරියෙන්ම තිබෙන එකකි.
- සාමාජිකයන් බදවා ගැනීම.
=========
[සංස්කරණය]- මෙම ඒකකය සදහා සාමාජිකයන් තෝරා ගත්තේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුවට එක් වී අතර මැදදී විවිධ හේතු මත ඉන් ඉවත් වූ නමුත් මනා ශාරීරික,මානසික ශක්තියකින් හෙබි නිලයන් හා සෙසු නිලයන්ය.
- පුහුණුව.
==
[සංස්කරණය]- මෙම ඒකකයේ පුහුණුව සදහා වෙනම කදවුරු ඇතිකර ඒ සදහා නාවික හමුදා වේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු උපදේශකයන් පිරිසක්ද යොමු කරන ලදි.ඔවුන් නිරන්තරයෙන්ම මෙම ඒකකය සමග රැදී සිටිමින් සාමාජිකයන්ගේ නිපුනත්වය හා නිර්භීත භාවය ඉහල තැනකට ගෙන ආහ.
- මෙහෙවර.
=
[සංස්කරණය]- අවසන් සටනේදී මෙම ඒකකයෙන් සිදුවූ මෙහෙවර විශාලය.ඔවුන් විශේෂ යාත්‍රා බලඝණයේ පිරිස් සමග එකතුව යෙදූ මුහුදු ආරක්ෂාව නොවන්නට එම සටන ඊට වඩා බොහෝඅ අසීරු හා හානි බහුල මිල අධික එකක් වනවාට සැක නැත.
- 3.ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය-Marine Squadron.
==================================
[සංස්කරණය]- මැරීන් බලඝණය යනු කුමක්ද...?.
==============
[සංස්කරණය]- විශේෂ පුහුණුවකින් හා දක්ෂතා වලින් සන්නද්ධ මැරීන්(Marine) බලඝණයක් ශ්‍රී ලංකාවේ ද ස්ථාපිත කොට තිබේ.
- භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා, විශේෂ පුහුණුවක් ලබා ඇති මෙම මැරීන් භටයන්, දූපත් රාජ්‍යක් වන අප රටේ, ඕනෑම වෙරළ තීරයකට ගොඩ බැස, සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට, සාර්ථක අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වීම ඔවුන්ගේ විශේෂත්වයයි.
- මැරීන් බළකා භටයෙක් ලෙස හදුන්වන්නේ නාවික හමුදා පුහුණුව මෙන්ම පාබල හමුදා බළකායක පුහුණුවද එකලෙස ලැබූ විශිෂ්ඨ ලෙස මුහුදේද, ගොඩබිමේද ඔවුන්ගේ බළකාය විසින් මෙහෙයවන සටනක, ඕනෑම පරිසරයක එකලෙස සටන් කළ හැකි දක්ෂයෙක්. දිය හා ගොඩ එකලෙස සටන් මෙහෙයවන මෙම භටයන් ලොවපුරා හදුන්වන්නේ “උභයජීවී භටයන්” ලෙසයි.
- සාමාන්‍යයෙන් මැරීන් බළකාය රටක නාවික හමුදාවේ එක් කොටසක් ලෙස ක්‍රියාත්මක වන නමුත් ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ මැරීන් බළකා පාලනය කරන්නේ එරට යුධ හමුදාවයි.
- නාවික හමුදාවේ කොටසක් නොවන ඇමරිකානු මැරීන් බළකාය ස්වාධීන බළකායක් ලෙස එරට ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු නාවික දෙපාර්තුමේන්තුවට යටත්වයි.
- නාවික යාත්‍රා වල නැගී ගැඹුරු මුහුදේ සිට වෙරළ දක්වා සියළුම මෙහෙයුම්, සියළුම අවධානම් දරා ගනිමින් සතුරු නාවික යාත්‍රා අල්ලා ගැනීම, විනාශ කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, මුහුදෙන් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීම, නගරබද, කැළෑ සටන් හා ගංගා ආශ්‍රිත මෙහෙයුම් පිළිබඳවද මෙම බළකාය මනා නිපුණතාවයකින් යුක්ත වේ.
- ශ්‍රී ලංකා මැරීන් බළකාය බිහි වූ ආකාරය.
===================
[සංස්කරණය]- දූපත් රාජ්‍යයක් වන අප රටේ බිහිසුණු ත්‍රස්තවාදය ආරම්භ වීමත් සමඟම LTTE සංවිධානයේ අවි ආයුධ පිරවූ නැවු මුහුදු මාර්ගය ඔස්සේ උතුරට ලඟා වන්නට විය. මෙම ක්‍රියාවන් වැලැක්වීම සඳහා මුහුදේ මෙන්ම ගොඩබිමද දක්ෂ ලෙස සටන් කළ හැකි ගරිල්ලා සටන් උපක්‍රම වලින් මනා සන්නද්ධ බළකායක අවශ්‍යතාව තදින් දැනුණි. නමුත් ඒ සඳහා යොදා ගනු ලැබුවේ නාවික හමුදාවෙන් තෝරා ගත් භට පිරිසක් පමණයි.
- යුද්ධය නිමවීමෙන් පසුව එහි ආරම්භක පියවර ලෙසින් 2016 වසරේ මුල් භාගයේදී ‘භූ ජල තරණ‘ ක්‍රියාන්විත පිළිබඳ දින 45 ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික සෙබළුන් හා නිලධාරීන් 300 කින් සමන්විත ප්‍රථම “භූ ජල තරණ” කණ්ඩායම ආරම්භ වේ.
- නමුත් ඉන් අනතුරුව අනෙක් රටවලට නොදෙවෙනි හා ලෝකයේ පිළිගත් මැරීන් බළකායක් අපේ රටේ පිහිටුවීම සඳහා යෝජනා වූවත් ප්‍රබල රටවලට පමණක් නිර්මාණය වී ඇති මෙම බළකායේ පුහුණුව හා තාක්ෂණය පිළිබඳව ගැටළු පැනනැගීම නිසා එය ක්‍රියාත්මක වීම කල් යයි.
- ඇමරිකානු මැරීන් බළකායේ මැදිහත් වීම.
====================
[සංස්කරණය]- ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය ස්ථාපිත කිරීමේ මූලික වූ සිද්ධිය ලෙස 2016 වසරේ මාර්තු 29 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් “බ්ලූ රිජ්” යුධ නෞකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා එක්සත් ජනපද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති හමුව නම් කළ හැකියි.
- මැරීන් බළඇණිය පිහිටුවීම, එහි පුහුණු කටයුතු හා අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා ඇමරිකානු මැරීන් බළකාය එහිදී සහය පළ කරයි.
- ඒ අනුව හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණය ස්ථාපිත කරනු ලබයි.
- පුහුණුවීම්.
=
[සංස්කරණය]- මෙම බලඝණයට පුහුණුවීම් සදහා ඇමැරිකානු මැරීන් බලකායේ පුහුනු උපදේශකයන්ගේ මග පෙන්වීම හා සහාය ලැබේ.
- ඇමරිකානු පුහුණුව.
===
[සංස්කරණය]- නාවික හමුදාවෙන් මූලික පරීක්ෂණ වලින් අනතුරුව තෝරා ගත් භටයන් 164 දෙනා හට නාවික හා පාබල මූලික පුහුණුවට අමතරව යුධ නැවක සිට බෝට්ටු, හෙලිකොප්ටර්, වායුපායාන හා දිය ගොඩ දෙකම ගමන් කල හැකි වාහන යොදා ගනිමින් වෙරළට ළගා වීමටත් මැරීන් සෙබළුන්ට අත්‍යවශ්‍ය වන කිමිදුම් යුධ උපක්‍රම, පිහිනුම් යුධ උපක්‍රම හා පැරෂුට් භාවිතය පිළිබඳව මාස ගණනක පුහුණුවත් ලබා දී තිබේ.
- “පුහුණුව යනු යුද්ධයයි- යුද්ධය යනු පුහුණුවයි” යන ඇමරිකානු මැරීන් ආදර්ශ පාඨය අනුකූලව අදියර කිහිපයකින් යුක්ත වූ පුහුණු සැසිවාර වලදී දුර දිගු විහිදුම් සටන් වලදී සන්නිවේදනය පවත්වා ගන්නා ආකාරයත්, සියළුම අවි පිළිබඳව උපාය මාර්ගික දැනුමත්, සතුරු ප්‍රහාර හා සතුරු අවි පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමත් ඕනෑම පරිසර තත්ත්ව යටතේ ඉලක්ක ලබා ගැනීම හා උභයජීවී හැසිරීම් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් මෙම මැරීන් සොල්දාදුවන්ට ලබා දෙයි.
- මැරීන් බලඝණයේ කාර්යභාර්යය.
==============
[සංස්කරණය]- මෙම මැරීන් පාඨමාලාව නිමකළ භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ඇති නිලධාරීන් 6 දෙනා හා නාවිකයන් 158 දෙනා දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට ක්ෂණිකව මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ.
- ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකාව තුළ සහ කලාපය තුළ සිදුවන ස්වභාවික ව්‍යසන සහ ආපදා කළමනාකරණය, ඒ සඳහා සහන කටයුතු සැලසීම හා මානුෂීය සහන සේවා සැලසීම පිළිබඳවද භටයන් විශේෂ පුහුණුවක් ලැබී තිබේ.
- ප්‍රථම මැරීන් බලඝණයේ විසිර යාම.
===============
[සංස්කරණය]- මුහුදේ ගැඹුරට ගොස් සතුරාට පහර දීමේ සිට ගොඩබිම ඇතුළත ඕනෑම ගරිල්ලා සටන් ප්‍රහාරයන් දක්වා ක්‍රියා කිරීමට හැකියාව ඇති නාවික හමුදාව යටතේ ඇති මෙම මැරීන් බළකායේ ප්‍රථම බලඝනය විසිරි යන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වනදා මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා වයඹ නාවික ප‍්‍රධාන මූලස්ථානයේ පැවති මැරීන් ලාංජන පැළදවීමෙන් අනතුරුවයි.
- එහිදී මුල්ලිකුලම් වෙරළ තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය විසින් සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම දක්වන සංදර්ශනයක් පවා සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා මැරීන් බළකායේ වෙබ් අඩවිය විවෘත කිරීමද සිදුවන්නේ මෙදිනයි.
- ප්‍රථම මැරීන් බලඝණයේ නිලධාරීන් හා නාවිකයන් 164 දෙනාගේ විසිර යාමත් සමඟ ශ්‍රී ලංකා මැරීන් බළකාය ලෝකය විසින් පිළිගත් ලාබාලම මැරීන් බළකාය ලෙස වර්තමානය වනවිට කටයුතු කරමින් සිටී.(Y.W.B).
=====================================================================
[සංස්කරණය]- ශ්‍රිලංකා ත්‍රිවිධ හමුදා විශේෂ බළකායන්-(තුන්වන අදියර)-(Y.W.B).
=======================================
[සංස්කරණය]- 3.ශ්‍රීලංකා ගුවන් හමුදා විශේෂ බළකායන්-(Y.W.B).
============================
[සංස්කරණය]- 1.ශ්‍රීලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් බලකාය-වි.ගු.මෙ.බ
- Sri Lanka Air Force Special Air Borne Force-(SABF).
======================================
[සංස්කරණය]- විශේෂ ගුවන් මෙහෙයුමි බලකාය යනු කුමක්ද...?.
=========================
[සංස්කරණය]- 1990 දී ආරම්භ කරන ලදි.
- ගුවන් හමුදාව තුළ පිහිටවූ පළමු විශේෂ බලකායයි(මීට පෙර 80 දශකයේ මුල් කාර්තුවේ කුඩා කමාන්ඩෝ අනුකණ්ඩයක් ගුවන් හමුදාව තුළ පිහිටවූ නමුත් එය එහි පුරෝගාමීන්ගේ සමු ගැනීමත් සමගම ටික කලෙකින්ම ඉබේටම අක්‍රීය තත්ත්වයට පත් වුණි.එනිසා එය බලකායක් ලෙස වර්ග නොකෙරේ).
- 1990 දී පිහිටවූ නමුත් අනෙකුත් හමුදාවන්හී හා පොලීසියේ විශේෂ බලකායන් තරම් කරළියට ආවේ හෝ ප්‍රශිද්ධ වූයේ නැත.2003 දී පිහිටවූ රෙජිමේන්තු විශේෂ බලකාය පිළිබදව ප්‍රසිද්ධියක් ලැබුණු නමුත් මෙම බලකාය ප්‍රසිද්ධ වූයේ නැත.කොටින්ම ගුවන් හමුදාව තුළ පවා මම බලකාය පිළිබදව ප්‍රචාරය වූයේ නැත.
- විශේෂ ගුවන් මෙහෙයුමි පුහුණුව.
=============
[සංස්කරණය]- විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව ගොඩබිම,ගුවන සහ දියඹේ ඇති ඕනෑම ක‍්‍රියාන්විතයකට මුහුණ දිය හැකි අයුරින් දීර්ඝ කාලීන අති දුෂ්කර පුහුණුව
- දේශීය විදේශීය ප‍්‍රභූූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.
- මූලික පුහුණුවෙන් පසුව වැඩිදුර පුහුණුව වෙනත් හමුදාවන් හී විශේෂ බලකායන්ගෙන් හා විදේශයන්ගෙන් ලබා දේ.
- කාර්යය භාරය.
=
[සංස්කරණය]- මූලිකම කාර්යය වන්නේ ගුවන් හමුදාවේ ඉහළම නිලයන්ට ප්‍රභූ ආරක්ෂාව සැපැයීමයි.
- ගුවන් හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂාව සැපයිම.
- ගුවන් යානයක් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත මුදා ගැනිම.
- ගුවන් යනා හෝ ගුවන් නියමුවන්/භටයන් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත ඔවුන්ව මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම.
- ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම හෙවත් ප්‍රති පැහැර ගැනීම්.
- වෙනත් හමුදාවන්හී විශේෂ බලකායන් සමග තෝරාගත් විශේෂ මෙහෙයුම් වලට සම්බන්ධ වීම.
- 2.ශ්‍රීලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය-රෙ.වි.බ.
- Regiment Special Force-RSF .
==================================
[සංස්කරණය]- රෙජිමේන්තු විශේෂ බලකාය යනු කුමක්ද...?.
======================
[සංස්කරණය]- ශ්‍රීලංකා ගුවන් හමුදා රෙජිමේන්තුවේ කොටසක් වන අතර ගුවන් හමුදාවෙ විශේෂ ක්‍රියාන්විත ඒකකය වේ.
- මෙය 2003 ජූලි 7 වන දින ගුවන් හමුදා කඳවුරැ ආරක්ෂා කිරිමෙ හා මුදවාගැනීමේ බලඝණය ලෙස ස්ථාපිත කරන ලද අතර මෙම ගුවන් හමුදා ඒකකය පිහිටුවිමට මුලිකම හේතුව වුයේ කොටි සංවිධානය විසින් 2001දි බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත එල්ලකරන ලද දරැණු ප්‍රහාරයයි.
- එ්කකයේ පුධාන කර්තව්යයන් සහ කාර්යභාරය.
========================
[සංස්කරණය]• ගුවන් කඳවුරක් සතුරැ ග්‍රහණයනට පත්වුවහොත් ක්ෂනිකව නැවත මුදා ගැනිම.
• සතුරැ ප්‍රහාරයකදි ක්ෂනික විහිදුම් බලකායක් ලෙස යොමු කරනු ලබන ඔනෑම ස්ථානයකට ආරක්ෂාව ලබා දීමට ක්රියා කිරිම.
• සතුරැ හෝ මිතුරැ ප්‍රදේශයන් වෙත කඩා වැටුනු ගුවන් යනා හෝ ගුවන් නියමුවන්/භටයන් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම.
• ගුවන් හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂාව සැපයිම.
• ජාතික ආපදා හෝ හදිසි තත්වයකදි සිවිල් බලධාරීන්ට සහාය වීම.(Y.W.B).
*ශ්‍රී ලංකාවේ "ත්‍රස්තවාදය".-(Y.W.B).
[සංස්කරණය]- "ලොවම සලිත කළ 8-පාස් ත්‍රස්තවාදියා".-(Y.W.B).
=========================
[සංස්කරණය]- වේළුපිල්ලේ ප‍්‍රභාකරන්.
=======
[සංස්කරණය]- පවුල් පසුබිම.
==
[සංස්කරණය]- තිරුවෙන්දකාදම් වේළුපිල්ලේ යනු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියාය. ඔහු 1924 වර්ෂයේ ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ උපන් අයෙකි.
- ප්‍රභාකරන්ගේ මව වල්ලිපුරම් පාර්වතීය. ඇය ශ්‍රීලංකාවේ උපන් කාන්තාවකි.
- 1947 දී විවාහපත් වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඊට පෙර සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ වී ඔහු සේවය කළේය.
- විවාහයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු රජයේ ලිපිකරුවකු ලෙස සේවය ඇරඹීය. තමන්ට අවුරුදු 58 දී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේ මුලතිවු කච්චේරියේ ඉඩම් නිලධාරියකු වශයෙනි.
- සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුතු ප්‍රභාකරන් පවුලෙහි සිව්වැන්නා වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ය.
- වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා වූයේ මනෝකරන් වේලුපිල්ලේය. (1948) ඔහුගේ බිරිය වනජාදේවිය. වැඩිමහල් සහෝදරි ජෙගදිස්‌වරිය (1949) ඇගේ සැමියා මාතියාපරණම්ය. දෙවැනි සහෝදරිය විනෝදනීය. (1952) ඇයගේ සැමියා රාසේන්දිරන්ය.
- ඔහු 1954 නොවැම්බර් මාසයේ 26 වැනි දින උපන්නේ වැල්වැටිතුරෙයිහිදීය. මුහුදුකරයේ "වෙල්ලාල" නම් "කුළයට" ඔහු අයත් විය.
- අධ්‍යාපනය.
==
[සංස්කරණය]- පියාට ලැබුණු රැකියා ස්‌ථාන මාරුවක් නිසා කුඩා ප්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයෝ අවුරුදු දෙකක්‌ම මඩකලපුවේ ජීවත් වූහ. එම නිසා දෙවැනි ශ්‍රේණිය දක්‌වා එහි පාසලකට ගොස් අකුරු කිරීමට ප්‍රභාකරන්ට සිදුවිය.මුලික අධ්‍යාපනය හැදෑරීමට මොහු මඩකලපුවේ අලාඩි පාසලට ඇතුළු විය.ඉන් වසර දෙකකට පසු ඔහුගේ පියා යාපනයට ස්ථාන මාරුවක් ලබා යාමට සිදුවූ බැවින් පසුව වැල්වැටිතුරෙයි චිත්තම්පරා විද්‍යාලයට ඇතුලත්වී 7 වැනි ශේණිය දක්වා අධ්‍යාපනය ලැබුහ.අට වන වසරට ඉහල දැමීමත් සමග ඔහු පාසැල් යෑම අතහැර ඇත.
- ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස් ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමු වූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය. ඒ අතර විප්ලවවාදී චරිත පිළිබඳ ලියෑවුණු පොත්පත් ද කියෑවීය.
- විවාහය.
==
[සංස්කරණය]- කොටි සංවිධානයේ සෙසු නාඹරයන්ට විවාහවීමට ඉඩ නොදුන් වේලුපිල්ලේ ප්‍රභාකරන් 1984 ඔක්‌තෝබර් මස 01 වැනිදා විවාහ විය
- තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී ඔවුන්ගේ විවාහය සිදුකෙරිණි.
- ඔහුගේ භාර්යාව වූයේ වී. කේ. එරම්බු සහ සින්නම්මා යුවළගේ දියණිය මදිවදනීය.
- ප්‍රභාකරන් මදිවදිනි යුවළට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා 1985 අප්‍රේල් 18 වැනිදා උපන් චාල්ස් ලුකස් ඇන්තනීය. පවුලේ දෙවැනියා ද්වාරගා දියණියයි. ඇය 1986 ජුනි මස 2 වැනිදා උපන්නීය. බාලචන්ද්‍රන් පවුලේ බාලයාය. ඔහු 1996 ජනවාරි මස 10 වැනිදා උපන් අයෙකි.
- රටේ සෙසු දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධා කළ ප්‍රභාකරන් තම දරුවන්ට ඉතා හොඳින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළේය.
- ඔහුගේ දරුවන් අධ්‍යාපනය හදාරේ ද ශ්‍රී ලංකා රජයේ පාසල් විෂය මාලාවයි. වැඩිමහල් දරුවන් දෙදෙනාට විදෙස් උසස් අධ්‍යාපනයක් ලබාදීමට ද ප්‍රභාකරන් සමත් විය.
- කොටි සංවිධානයේ ආරම්භයේ පසුබිම.
=================
[සංස්කරණය]- 1954 ජනවාරි 18 - කොතලාවල - නේරු ගිවිසුම
- 1956 ජුනි 15 - සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම. ෆෙඩරල් පක්‍ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීම
- 1956 අගෝස්තු 16 - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇරඹීම
- 1957 ජුලි 25 - බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම
- 1957 ඔක්තෝබර් 03 - ගිවිසුමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන විසින් නුවර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීම
- 1958 ජනවාරි 19 - "ශ්‍රී" විරෝධී ව්‍යාපාරය - ෆෙඩරල් පක්‍ෂය
- 1958 අගෝස්තු 14 - දෙමළ භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම
- 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම.
- එල්.ටී.ටී.ඊ සංවිධානය හා ඊළාම් රාජ්‍යය පිළිබඳ සංකල්පය.
================================
[සංස්කරණය]- 1976 මැයි 05 දින දෙමළ සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් එකතුවූ 40-50 පිරිසක් විසින් වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත්වූ සමුළුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ආරම්භක නිමිත්ත විය.
- 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.
- ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරුනැගෙනහිර ප‍්‍රදේශය නම් කිරීම. මෙම ප‍්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ‍්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී.
- එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපත.
============
[සංස්කරණය]- 1970 දී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් හා එක්ව යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තුබූ ලංගම බසයකට ගිනි තබති.
- 1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන්යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරයි.
- 1976 මැයි 05 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහි විය. එල්ටීටීඊයේ මුල් නායකයා වූයේ උමා මහේෂ්වරන් ය. සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ය.
- 1978 දී යාපනය නගරාධිපති මරා දැමීම හා එහි වගකීම ප‍්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව එල්.ටි.ටී.ඊ.ය පළමුවරට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හෙබවූ අමිර්තලිංගම් ගේ කාර්යාලයේදී බව පසුව හෙළිවිය.
- එල්.ටී.ටී.ඊ යේ නායකත්වයට පත්වීම.
=================
[සංස්කරණය]- 1979 දී උමා මහේෂ්වරන් එල්ටීටීඊ නායකත්වයෙන් ඉවත් වෙයි. ඉන්පසු වේළුපිල්ලේ ප‍්‍රභාකරන් එල්ටීටීඊයේ නායකත්වයට පත්වෙයි.
- බැංකු කොල්ලකෑම්, රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම ආදිය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී ගමනේ මුල විය. වැල්වැටිතුරෙයි සිය උපන් ගමේදී ලංගම බස්‌රථයක් ගිනි තබා ඔහු ජනප්‍රිය දෙමළ ජාතිවාදියකු බවට පත්විය. ලංගම බස් ගිනි තැබුවද, 1973 ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැති කළුපටි විරෝධතාවයට ඔහු සහභාගි වූයේ ද ලංගම බස් රථයකිනි.
- මෙම වැරදිවලට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන ලද්දේ ප්‍රභාකරන් නොවේ කරිකාලන්ය. ඒ දවස ඔහු ජනප්‍රිය වී සිටියේ ඒ නමින්ය. 1972 ප්‍රභාකරන්ගේ මිතුරන් තිදෙනකු සමඟ කුඩා බෝම්බ තැනුවේය. ඉන් එකක් පුපුරා ගොස් ඔහුගේ දකුණු කකුල පිළිස්‌සී කළු පැහැ ගැන්විණි. එදින සිට ඔහු කරිකාලන් (කළු පාද ඇති මිනිසා) ලෙස ද ප්‍රසිද්ධ විය.
- ආණ්‌ඩුවේ රැකියාවක් සොයා ලබාගැනීමට හැකිවන අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ප්‍රභාගේ පියා කටයුතු කළේය. ඔහු ගුරුවරයකු ගෙදරට ගෙන්වා ප්‍රභාකරන්ට අධ්‍යාපනය ලබාදෙන ලදී. ගුරුවරයා දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජනතාවගේ අනාගතය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්වීම තුළින් යෑයි ඔහු ප්‍රභාකරන්ට කාවැද්දුවේය.
- "ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව ගැන මගේ සිත තුළට කාවැද්දුවේත් ඒ පිළිබඳව විශ්වාසය තබන ලෙසට මා පෙළඹවූයේත් එම ගුරුවරයාය. "ප්‍රභාකරන්ගේ දුරාවබෝධ මනසක ඇතුළාන්තය" නමැති පොත රචනා කළ එම්. ආර්. නාරායන් ස්‌වාමිගේ එම කෘතියේ ප්‍රභාගේ ප්‍රකාශ සඳහන් වන්නේ එලෙසින්ය.
- "කුප්‍රකට වඩුක්‌කෝඩෙයි" ප්‍රකාශය දෙමළ නායකයන් 40 ක් 50 කගේ සහභාගිත්වයෙන් 1976 මැයි මස 5 වැනිදා එළිදක්‌වන ලදී. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්. ටී. ටී. ඊ.) නිල වශයෙන් ඉන්පසුව බිහිවන්නේ දෙමළ එක්සත් විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශය ලෙසින්ය.
- ද්‍රවිඩ ජනතාවගේ විමුක්‌තිය සඳහා යෑයි පිහිටුවා ගත් ත්‍රස්‌තවාදී කොටි සංවිධානය එම ගමන ආරම්භ කළේ 1975 ජූලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මහතා පන්නාලෙයි කෝවිල් බිමේදී ඝාතනය කරමින්ය. ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ප්‍රභාකරන් (කරිකාලන්) විසින්ය. එල්. ටී. ටී. ඊ. සංවිධානය පිහිටුවීම නිසා ප්‍රභාකරන්ට මිතුරන් පිරිසක් හඳුනාගත හැකි විය.
- පුද්ගල සම්පත් ආයෝජනය.
==========
[සංස්කරණය]- දක්‍ෂ කථිකයෙක් හා වෘත්තියෙන් මිනින්දොරුවෙක් වූ උමා මහේෂ්වරන් ඉන් එක් පුද්ගලයෙකි. එල්. ටී. ටී. ඊ. ආරම්භක සභාපති වූයේ ද ඔහුය. ඔහු දෙමළ භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද චතුර ලෙස කතා කළේය. ප්‍රභාට වඩා අවුරුදු 10 කින් වැඩිමහල් විය. උමරාගේ පෙම්වතිය උදුර්මිලා දේවිය, ඇය නෙල්ලිප්පලෙයි පදිංචිකාරියකි. උමා සහ උර්මිලා විවාහ වෙනවාට ප්‍රභා අකමැති විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව උමා මෙන්ම උර්මිලාද, ප්‍රභාකරන්ගේ ගොදුරු බවට පත්විය. 1979 ප්‍රභා එල්. ටී. ටී. ඊ. නායකයා බවට පත්වූයේ එම ඝාතන සිදුකරමින්ය.
- ප්‍රභාකරන්ට ඇන්ටන් බාලසිංහම් මුණගැසුණේ 1979 වසරේදී මදුරාසියේදීය. බාලසිංහම්ගේ ශ්‍රී ලාංකීය බිරිය මියගිය පසු ඕස්ට්‍රේලියානු ඇඩෙලරා සමඟ විවාහ වී ලන්ඩනයේ විසූහ. ඔහු කලක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ද සේවය කළේය. 1978 දී එල්. ටී. ටී.ඊ. ය වෙනුවෙන් ඔහු ලියූ "සමාජවාදී ඊළාමයක් කරා" ලිපිය කියවූ ප්‍රභාකරන්ට ඇන්ටන් බාලසිංහම් පිළිබඳ උනන්දුවක් ඇතිවිය. ඔවුන් දෙදෙනාගේ හමුවීමට මුල් වූයේ එම ලිපියයි.
- කිට්‌ටු හෙවත් සතාසිවන් ක්‍රිෂ්ණකුමාර් ප්‍රභාගේ පාසල් මිතුරෙකි. මහත්තයා ඩිලන්, ෙච්ට්‌මිද ඔහුගේ ගජ මිතුරෝ වූහ.
- එල්.ටී.ටී.ඊ. ව්‍යාප්තිය.
======
[සංස්කරණය]- 1983 දී ඇති වූ කළු ජූලිය නිසා ප‍්‍රභාකරන්ට ඉන්දියාවේ සහය ලැබීම.
- 1984 දී ඉන්දියාවේ ‘‘රෝ’’ සංවිධානයේ මැදිහත්වීමෙන් එල්ටීටීඊය. ගරිල්ලා සටන් පුහුණුව ලබයි.
- දහස් ගණනින් දෙමළ තරුණයෝ එල්ටීටීඊයට බඳවා ගැනීම.
- 1987 ජූලි 05 වැනිදා කොටි පළමුවරට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරති. එහිදී නෙල්ලිඅඩි කඳවුරේ සිටි සෙබළු 17 දෙනෙක් මියයෑම
- 1987- 1990 කාලයේදී එල්ටීටීඊ සංවිධානය නැගෙනහිර පළාතේ පාලනය සියතට ගැනීම
- 1993 වන විට ප්‍රභාකරන් කොටි ගුවන් හමුදාවක් ද අරඹයි. ගුවන් යානා නාශක මිසයිල, නවීන අවිආයුධ වලින් සමන්විත ලොව අංක එකේ ගරිල්ලා සංවිධානය බවට එල්.ටී.ටී.ය අතට පත්වීම
- 1983, 1988, 1994 හා 2006 වසර වලදී එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දෙමින් ඊළම්යුද්ධ හතරක් ඇරඹීම.
- ප්‍රභාකරන්ගේ පළමු පිස්‌තෝලය.
=============
[සංස්කරණය]- ප්‍රභාකරන් වැඩිපුර ප්‍රිය කළේ රිවෝල්වරයක් හෙවත් කුඩා පිස්‌තෝලයක් භාවිත කිරීමටය. ඔහු වෙඩි තැබීමට දක්‍ෂයකු වූ බව කියෑවේ. ඔහු දක්‌ෂයකු වූයේ තනියම ඉගෙන ගෙනය. ලන්ඩනයේ පළවූ "වෙඩි තබන්නට ඔබ ඉගෙන ගන්න" කෘතිය ඒ සඳහා ඔහුට ප්‍රබල රුකුලක් විය.
- ප්‍රභාකරන් පිස්‌තෝලයක් මුලින්ම මිලට ගත්තේ ඉතා අමාරුවෙනි. ඒ 70 දශකයේ මුල් කාලයේය. ඔහුට අටදෙනකුගෙන් යුතු කල්ලියක් සිටියහ. පිස්‌තෝලයක් මිලට ගැනීම ඔවුනගේ මූලික අරමුණ වූහ. ඔවුන් හැම මාසයකම ප්‍රභාට රුපියල් 25 බැගින් ලබාදී ඒ සඳහා මුදල් ඉතිරි කළහ. ඔවුන්ගේ මුදල් එකතුව රුපියල් 40 ක් විය. ප්‍රභා සිය සහෝදරියගේ මඟුල් මුද්ද හොරෙන් විකුණා රුපියල් 70 ක් ලබාගත්තේය. යාපනයේ මැරයකුගෙන් රුපියල් 150 කට රිවෝල්වරයක් මිලට ගැනීමට එම පිරිස එලෙස ක්‍රියා කළහ.
- සයනයිඩ් කරල.
=
[සංස්කරණය]- ප්‍රභාකරන් තම සාමාජිකයන්ගේ ගෙලෙහි සයනයිඩ් කරලක් එල්ලුවේය. ඔහු ඒ සඳහා ආභාශය ලැබුවේ සිවකුමාර් නමැත්තකුගෙනි. ඔහු යාපනයේදී ඇමැතිවරයකුද, නගරාධිපති ඝාතනයට ප්‍රභාට සහය වූවෙකි. යාපනයේ බැංකුවක් කොල්ලකෑමට ගත් උත්සාහයේදී පොලිසිය ඔහු ලුහුබඳින්නට විය. ගෙලෙහි බැඳ තිබූ සයනයිඩ් කරලක් ගිල දැමීමෙන් ජීවිතයට සමුදී පොලිසියෙන් බේරීමට ඔහුට හැකියාව ලැබුණේය. ප්‍රභාකරන් ආදර්ශයට ගත්තේ එම සිදුවීමය.
- ඉන්දීය අත්අඩංගුවට පත්විම.
==========
[සංස්කරණය]- ප්‍රභාකරන් ඉන්දියාවට පැන ගියේ 1981 ජුනි මාසයේදීය. ඔහු එහිදී 1982 මැයි 19 දින උමා මහේෂ්වරන් සමග සිටි පුද්ගලයෙකුට වෙඩි වැදීම මුල් කරගෙන තමිල්නාඩු පොලිසියේ අත්අඩංගුවට පත්විය.පසුව නිදහස් කෙරිණි.
- එහිදී අවි පුහුණුව ලැබීමට ද ඔහුට හැකිවිය.
- විවාහයද ඉන්දියාවේදී සිදුකෙරිණි.
- පළමු දැවැන්ත ප්‍රහාරය.
======
[සංස්කරණය]- එල්. ටී. ටී. ඊ. සංවිධානය යුද හමුදාව වෙත දැවැන්ත ප්‍රහාරයක් පළමු වරට එල්ල කළේ 1983 ජූලි මස 23 වැනිදාය. යාපනය විශ්වවිද්‍යාල මාවතේ කින්නවේලි හංදියේදී ගසක සිට එල්. ටී. ටී. ඊ. කාඩරයකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ.
- ප්‍රභාකරන්, කිට්‌ටු, රන්ජන් ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට සහභාගි වූහ. ඉන්පසු ඔවුහු එම ස්‌ථානය තමන්ගේ අමරණීය ස්‌ථානයක් ලෙස සලකා සිහිවටන ඵලකයක් ද ඉදි කළහ. පසු කලක එය කඩා බිඳ දමා ඇති අයුරු එම ස්‌ථානයේදී දැකගත හැකිවිය. එම සොල්දාදුවන් ඝාතනය නිසා සුප්‍රකට කළු ජූලිය ද ඇතිවිය.
- සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ අවධීන්.
===============
[සංස්කරණය]- 1979-1989 දක්වා-පළමු ඊලාම් යුද්ධය.
- 1990-1993 දක්වා-දෙවන ඊලාම් යුද්ධය.
- 1995-2002 දක්වා-තෙවන ඊලාම් යුද්ධය.
- 2006 සිට-2009 මැයි 19 දක්වා-හතරවන ඊලාම් යුද්ධය.
- විශේෂ කඩඉම්.
=
[සංස්කරණය]- 1975 ජුලි 27 දින එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යාපනය නගරාධිපති ඇල්ෆ‍්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීම.
- 1983 ජුලි 23 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම.
- 1987 ජුලි 29 දින - ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම.
- 1987 - එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිය පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම.
- 1987 ජුලි - ඉන්දියන් හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීම.
- 2000 පෙබරවාරි - නොර්වේ සාම මැදිහත්කරුවා ලෙස කරළියට පැමිණීම.
- 2000 දෙසැම්බර් - එල්.ටී.ටී.ඊය විසින් සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කිරිම හා සාම සාකච්ඡා සඳහා සූදානම් වීම.
- 2001 අපේ‍්‍රල් 24 - එල්.ටී.ටී.ඊ ය විසින් සටන් විරාමය අවසන් කිරීම.
- 2001 ජුලි - කටුනායක ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම.
- 2002 පෙබරවාරි - රනිල් - ප්‍රභා අවබෝධතා ගිවිසුම.
- කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය.
==================
[සංස්කරණය]- 1983 මාර්තු මාසයේදී හදිසි නීතිය යටතේ කොටි සංවිධානය නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කැරුණි.
- 1989 හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟම කොටි තහනම ඉවත් කෙරුණි.
- 1998 ජනවාරි 25 දළදා මාලිගාවට එල්ල වූ කොටි ප‍්‍රහාරයෙන් පසු කොටි සංවිධානය තහනම් විය.
- 2002 එජාප ආණ්ඩුව බලයට පත්වූ පසු නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඇතිවූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කෙරුණි.
- ඊට පසු 2009 ජනවාරි 7 දා කොටි සංවිධානය තහනම් විය.
- ශ්‍රී ලංකාවේ "ත්‍රස්තවාදය".
========
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය බෙදුම්වාදය සහ ඊළාම් සටන.
================================
[සංස්කරණය]- ත්‍රස්තවාදයේ ආරම්භය.
=====
[සංස්කරණය]- දෙමළ ඊළාම් විමුක්ති කොටි නමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ශි‍්‍ර ලංකාවේ පැවති ත්‍රස්තවාදය දශක තුනකට ආසන්න කාලයක් පැවති දික්ගැස්සුණු ගැටුමක් ලෙස සැලකිය හැකිය.
- ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ගොන්නට ජනතා විමුක්ති පෙරමුණ ද අයත්වෙති.
- 1971 රාජ්‍ය විරෝධි කරැල්ල මෙන්ම 1988-1989 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔස්සේ ඔවුන් ජන ජීවිතයට කල බලපෑම් ත්‍රස්තවාදයම වෙයි.
- ජනවාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා.
========
[සංස්කරණය]- ශී‍්‍ර ලංකාව වූ කලී 1956 සිටම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, ඝාතන සහ කැරලි සම්බන්ධ සිදුවීම් ගණනාවක් අත්දැක තිබෙන රටකි.
- රටේ සිංහල හා දෙමළ සම්බන්ධතා විෂයෙහි සලකා බලන විට වාර්ගික පහරදීම් ප‍්‍රධාන මිනුම් දඬු බවට පත්ව තිබේ.
- 1956 දී ගල්ඔය නිම්නයේදී ඇතිවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජීවිත 150ක් පමණ විනාශ වී තිබේ.
- එයින් වසර දෙකකට පසුව නිදහසින් පසු ලංකාවේ හටගත් ප‍්‍රථම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයාදාමය දියත් විය.
- එහිදී දෙමළ ජාතිකයන්ට එරෙහිව සිංහල කල්ලි විසින් සංවිධානය කරන ලද වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ සංහාර දින හයක් තිස්සේ කි‍්‍රයාත්මක වී දෙමළ ජාතිකයන් සිය ගණනක් මරා දැමුණු අතර 25000කට වැඩි පිරිසක් සරණාගතයින් බවට පත් විය.
- වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවතත් 1960 ගණන්වලදී සුළු සුළු සිද්ධීන් වශයෙන් පැනනැගි අතර 1970 ගණන්වල එය කෲර පොලිස් කි‍්‍රයාවන් ලෙසින් පැන නැගුණි. මෙය ගැටුමේ වර්ධනීය අවස්ථාව ලෙස සැලකිය හැක.
- මේ අවස්ථාව වන විට දෙමළ ජනතාව තමන් වෙනම ජාතියක් ය යන හැඟීම සහ එම අරමුණ සාධනය කර ගැනීම සඳහා යුධ සටන්කාමීත්වය වෙත පිවිසීම ආරම්භ වුනි.
- ඒ අනුව 1975 වනවිට යුධවාදී දෙමළ තරුණයන් සංවිධානගත වීම ආරම්භ විය.
- එම වර්ෂයේදීම යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කළ අතර එය දෙමළ සටන්කාමී තරුණයන්ගේ පළමු දේශපාලන ඝාතනය විය.
- ද්‍රවිඩ සංගමය, ෆෙඩරල් පක්ෂය, ලංකා කම්කරු සංගමය එකතු වී 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් ද ගැටුම ලියලමින් පැවති බව සනාථ වේ.
- 1974 දී යාපනයේ දෙමළ භාෂා පර්යේෂණ සමුළුවට එල්ල වූ මැර ප‍්‍රහාරයත් තරුණයන් නව දෙනෙකු මරුමුවට පත්වීමත් විශාල තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමත් හරහා දෙමළ දේශපාලන පක්ෂවල දිශානතිය වෙනස් කිරීමට බලපෑවේය.
- ඒ අනුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1976 මැයි 14 දින වඩුක්කොඩෙයි ආසනයේ සම්මේලනයක් කැඳවා දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඊළාම් රාජ්‍යයක් ඇතිකර ගත යුතු බව ප‍්‍රථම වරට ප‍්‍රකාශ කළේය.
- 1977 මැතිවරණයට තරඟ කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් පිළිබඳ මතවාදය ඉදිරිපත් කරමින් ආසන 23කට තරඟ කර ආසන 18ක් දිනා ගත්තේය.එහිදී පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්ෂය බවට ද පත් විය.
- 1978 වර්ෂයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී එක්සත් ජාතික පක්ෂය මුලින් පොරොන්දු වූ පරිදි සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවීමට කටයුතු කළේ නැත.
- ඒ අනුව 1972 දී මෙන්ම 1978 ව්‍යවස්ථාව ද දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි නොසලකා සිංහල ජාතිකත්වය පැහැදිලිව ම ඉස්මතු කරන ලද ජාතිකත්ව වශයෙන් ආධිපත්‍යය දැරීමේ ක‍්‍රමයක් ද ඇති කළේය.
- සිංහල රාජ්‍ය පාලනය හා බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරිම එම ජාතිකත්ව ආධිපත්‍යයේ ලක්‍ෂණ වේ.
- මේ අනුව යළිත් දේශපාලන පක්‍ෂ අර්බුදයකට මුහුණ දුන්නේය.
- ජනවාර්ගික ගැටළුව යුදකරණයට පත් වීම.
===================
[සංස්කරණය]- 1979 ජුනි මාසයේ දී හදිසි නීතිය පනවමින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙහි උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදය තුරන් කරලිමේ මෙහෙයුමක් දියත් කෙරිණි.
- මේ තුළ දෙමළ සටන්කාමීන්ගේ සන්නද්ධ බලය හමුදා බලයෙන් මර්දනය කිරීම ආරම්භ විය. තත්වය මෙසේ තිබියදී ජාතිකත්ව ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා යැයි යෝජනා කරන ලද දිස්ති‍්‍රක් සංවර්ධන සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරුණි.
- 1981 දිස්ති‍්‍රක් සභා මැතිවරණයේදී දෙමළ සටන්කාමීන් විසින් අපේක්ෂකයින් ගණනාවක් ඝාතනය කරන ලදී. ඊට එරෙහිව කි‍්‍රයාත්මක වන රජයේ මිලිටරි හමුදාව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය.
- එහිදී දෙමළ සංස්කෘතියේ පමණක් නොව මෙරට ඉතිහාසයේ ඥාණ ගබඩාවක් වූ යාපනයේ පුස්තකාලයේ පොත් 95000ක් පමණ විනාශ විය.
- නිවාස 200ක් පමණ ගිනිතබා විනාශ කරන ලදී .
- ඊලනාඩු පුවත්පත් කාර්යාලයද විනාශ විය. (ගුරුගේ 2005:44) පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය යාපන ජනතාව දුටුවේ රාජ්‍ය බලය යොදවා තමන්ගේ සංස්කෘතිය විනාශ කරන කි‍්‍රයාවලියක් ලෙසටය.
- මෙවැනි කි‍්‍රයාවන් හරහා සිදුවුයේ දෙමළ ජනතාව තව තවත් දුරස්ථවී යාම පමණි.
- 1983 ප‍්‍රචණ්ඩ කි‍්‍රයා.
===
[සංස්කරණය]- නිදහසින් පසු දරුණුතම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූයේ 1983දී ය.
- දෙමළ සටන්කාමීහු හමුදා ට‍්‍රක් රථයක් පුපුරවා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමගින් ගැටුම ආරම්භ විය.
- ආණ්ඩුව සමහර මැර කණ්ඩායම් විසින් කොළඹ ඇතුළු රටේ දකුණු ප‍්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනතාවට එරෙහිව පහරදීම් පටන් ගැනුනි.
- මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් වශයෙන් ජීවිත 600කට වඩා වැඩි ප‍්‍රමාණයක් විනාශයට පත් වූ අතර 79000කට අධික පුද්ගල සංඛ්‍යාවක් සරණාගතභාවයට පත්විය.
- කෙසේ වෙතත් 1983 ජූලි සිද්ධිය ”දෙමළ ජනතාව වෙන්වී යා යුතුය” යන මතය දෙමළ සමාජය තුළ වඩාත් තහවුරු කිරීමට සමත් විය.
- දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් පිළිබඳ අරගලය සහයෝගය ලැබෙන්නට පටන් ගන්නේ මින් පසුවය.
- ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හයවැනි සංශෝධනය ගෙන එමින් වෙනම රාජ්‍යයක් පිළබඳ අදහස නීති විරෝධී බව ප‍්‍රකාශයට පත් කළේය.
- මේ හරහා ශී‍්‍ර ලංකාවේ වෙසෙන දෙමළ ජන වර්ගයේ නියෝජනය බෙහෙවින් අඩපණ විය.
- ත‍්‍රස්තවාදී කණ්ඩායම්.
===
[සංස්කරණය]- 1983න් පසුව දෙමළ සටන්කාමී කණ්ඩායම් වඩාත් ශක්තිමත් වීම ආරම්භ විය.
- උමා මහේෂ්වරන් විසින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය(ප්ලොට්)
- වේලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයද (එල්ටීටීඊ)ස්ථාපිත කරන ලදී .
- මීට අමතරව ඊළාම් ජනතා විමුක්ති පෙරමුණ(ඊ.පී.ආර්.එල්.එෆ්)
- දෙමළ ඊළම් විමුක්ති සංවිධානය(ටෙලෝ)
- ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංගමය(ඊරෝස්)ද අවි ගැටුමේ ප‍්‍රධාන පාර්ශවකරුවන් බවට පත් විය.
- අනතුරුව ගැටුමේ පාර්ශවය ද සන්නද්ධ මුහුණුවරක් ගනිමින් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ගේ නියැලීම වේගවත් කළේය.
- 1987 ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ පළාත් සභා ස්ථාපිත කිරීමත් සමග බොහෝ දෙමළ සංවිධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහයට පිවිසිනි.
- මෙමගින් සනාථ වන කරුණක් වන්නේ දෙමළ ජනවාර්ගිකත්වය වෙනුවෙන් සන්නද්ධ සටනකට එළඹීම සඳහා සංවිධාන රාශියක් කි‍්‍රයාත්මක වුවද,පළාත් සභා ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම භූමිකාව නිරූපණය කරන ප‍්‍රධාන සංවිධානය බවට පත්වූයේ එල්ටිටිඊ සංවිධානය බවයි.
- පළමු ඊළාම් යුද්ධය-(1979-1989).
============
[සංස්කරණය]- ජේ.ආර්.ජයවර්ධන ගේ "මග නතර වූ යුද්ධය".
===================
[සංස්කරණය]- පළමු ඊළාම් යුද්ධය 1970 දශකය මැද භාගයේ සිට 1989 දක්වා ක‍්‍රියාත්මක විය.
- ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත්විය.
- 1984 සිට උතුරු නැගෙනහිර පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප‍්‍රදේශ ඉලක්ක කොට ගෙන ත‍්‍රස්තවාදීන් කි‍්‍රයාත්මක විය.
- 1975 ජූලි 27 වන දින ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය.
- 1978 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී.
- පළමුවැනි ඊළාම් යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.
1981 ජුනි 01 වැනි දින යාපන පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලදී.
- 1982 ජුනි 05 වනි දින යාපනය කොළඹ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය අතර 1982 ජූලි 02 වැනි දින යාපනයේ නෙල්ලිඅඩි හිදී ත‍්‍රස්තවාදීන් පොලිස් ජංගම මුර රථයකට වෙඩිතබා සිව්දෙනෙක් මිය ගියේය.
- 1982 ඔක්තෝබර් 27 වැනි දින චාවකච්චේරි පොලීසියට එල්ටීටීඊ ප‍්‍රහාරයක් දියත් විය.
- 1983 සිද්ධීන්.
- 1983 ජූලි 06 වැනි දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.
- 1983 ජූලි 15 වැනි දින ලූකස් චාල්ස් ඇන්තනී මිය ගියේය.
- එහි පළිගැනීමක් ලෙසට ප‍්‍රභාකරන් 1983 ජූලි 23 වැනි දින තිරුකෝල්වේලි හන්දියේදී බිම්බෝම්බයක් යොදාගෙන සහ වෙඩි තැබීමෙන් සෙබළු 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මෙ අර්බුදය මහා යුද්ධයකට පෙරළිණ.
- මෙතෙක් තැනින් තැන සිදුවූ වෙඩි තැබීම්, මංකොල්ලකෑම් මුහුණට මුහුණ ලා කරන සටනක් බවට පත්වූයේ මෙම කාල වකවානුවෙන් පසුවය.
- 1983 ජූලියෙන් පසුව සටනට පිවිසුනු අය මෙන්ම නොපිිවිසුනු අයද සිය ගණනින් මරුමුවට පත් වූහ.දහස් ගණන් දමිළයෝ අත්අඩංගුවට ගනු ලැබූහ.
- තිම්පු සාකච්ඡා.
=
[සංස්කරණය]- මේ අතර තිම්පු සාකච්ඡා මේසයේදී පළමු එල්ටීටීඊ ඇතුළු ද්‍රවිඩ සංවිධාන සියල්ලම එකම මේසයක සාකච්ඡාවට පැමිණි නමුත් එකඟත්වයකට පැමිණිය නොහැකි විය.
- දෙවැනි ඊළාම් යුද්ධය-(1990 ජුනි සිට 1994 අගෝස්තු දක්වා).
=============================
[සංස්කරණය]- රණසිංහ පේ‍්‍රමදාස ගේ "දෙකටම නැති යුද්ධය".
========================
[සංස්කරණය]- 1990 ජුනි සිට 1994 අගෝස්තු දක්වා දෙවැනි ඊළාම් යුද්ධය කි‍්‍රයාත්මක විය.
- මෙය ශී‍්‍ර ලංකා රජයේ හමුදා හා එල්ටීටීඊ සංවිධානය අතර සිදුවිය.
- ආරම්භයේදී පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරු ඔවුන්ගේ ඉලක්ක විය.
- 1980 දී සහ 1990 දී පැවති රාජ්‍යයන් දෙමළ ජනතාව සතුටු කිරීම සදහා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීම සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි පනත් කීපයක් සම්මත කර ගන්නා ලදී.
- එසේ වුවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් දිගටම සිදුවිය.
- ඉන්දිය සාම සාධක හමුදාව ඉවත් වු පසු එල් .ටී.ටී.ඊ. ය අනෙකුත් තරගකාරී ආයුධ සන්නද්ධ කණ්ඩායම් විනාශ කරමින් බලවත් විය.
- රජය ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමද මර්දනය කළේය. ප්‍රධාන විරුද්ධ පාර්ශවයන් දෙකම ඔවුනොවුන්ගේ බලය තර කර ගත් පසු දෙපාර්ශවයම සටන් විරාමය කඩ කළහ.
- රජය නැවත යාපනය අත්පත් කර ගැනීමට සටනක් දියත් කළේය.
- නිදහස් කරන පොරොන්දුව මත එල්.ටී.ටී.ඊ.යට යටත් වු සිංහල හා මුස්ලිම් පොලිස් නිළධාරීන් 113 ක් එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලදී.
- රජය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය යාපනයට ගෙන යාම තහනම් කළහ.
- ගුවන් හමුදාව ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ඉලක්ක වලට අනුකම්පා විරහිතව බෝම්බ ප්‍රහාර එල්ල කළහ.
- මෙය ට එල්.ටී.ටී.ඊ.ය ප්‍රතික්‍රියා දැක්වුයේ සිංහල හා මුස්ලිම් ගම්මානවලට පහර දී සිවිල් වැසියන් 166 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරිම යුද්ධයෙන් සිදුවු විශාලතම මනුෂ්‍ය ඝාතනය විය.
- නැගෙනහිර පළාතේ සැලකිය යුතු සිවිල් දෙමළ ජනතාවක් ඝාතනය වු අතර ඒ පිළිබද වගකීම රජයේ හමුදාවනට එල්ල විය.
- මෙලෙස දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අතර එයින් සති කිහිපයකින් එල්ටීටීඊය සුළු ප‍්‍රදේශ කිහිපයක් හැර යාපන අර්ධද්වීපයේම එනම් කිලිනොච්චි, වවුනියා, මුලතිව්, මන්නාරම් දිස්ති‍්‍රක්කයන්හි විශාල ප‍්‍රදේශයන්ද නැගෙනහිර පළාතේ ප‍්‍රත්‍යන්ත ඇතුළු කොටස්හිද අණසක යළි රැුඳවූහ.
- 1990 ජූලි මස 12 වැනි දින එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කොකාවිල් හමුදා කඳවුර මුළමනින්ම විනාශ කළහ.
- මේ අතර එල්ටීටීඊ ය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම නොකඩවා කරගෙන යන ලදී.
- 1991 ජූලි 10 අලිමංකඩ කඳවුරට ප‍්‍රහාරයක් එල්ල වුනි. 1992 මුල් භාගයේදී ත‍්‍රස්තවාදීන් විසින් අම්පාර, පොළොන්නරුව දිස්ති‍්‍රක්කවල අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් මරා දමූහ.
- 1992 අපේ‍්‍රල් 10 වැනිදා සිවිල් වැසියන් රැගත් බසයක් බෝම්බවලින් පුපුරවා හැරීය.
- විශාලතම යුද්ධයක් ඇතිවුයේ 1991 දී එල්.ටී.ටී.ඊ. හමුදා භටයින් 5000ක් විසින් යාපනය අර්ධද්වීපයට පිවිසුම් මාර්ගයක් වුද ශ්‍රී ලංකා හමුදාවන්ට අයිතිවුද අලිමංකඩ කදවුර මාසයක් තිස්සේ වටලා සිටි අවස්ථාවේදීය.
- මාසයක් පුරා පැවතුණු වටලෑමේදී දෙපාර්ශවයේම 2000කට අධික සංඛ්‍යාවක් මිය ගියේ රජයේ 10000ක ආධාර හමුදාව ඒමට පෙරාතුවය.
- 1992 අගෝස්තු 08 වන දින යාපනය අරාලි තුඩුවේදි ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ මරණය ත‍්‍රස්තවාදී බිම් බෝම්බයකින් සිදුවිය.
- මේ අතර 1992 නොවැම්බර් 10 වැනි දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ප‍්‍රනාන්දු ඝාතනයට ලක්විය.
- 1991 මැයි 21 වන දින රජීව් ගාන්ධි ඝාතනය කළේය.
- 1993 මැයි 01 ත‍්‍රස්තවාදීන් විසින් කොළඹ ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදා ගනිමින් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසයන්ද මරණයට පත් කරන ලදී.
- මෙම තත්වය මෙලෙස සිදු කිරීම තුළින් එල්ටීටීඊ ය ලෝකය තුළ ප‍්‍රබල ගරිල්ලා ත‍්‍රස්තවාදී සංවිධානයක් බවට පත් විය.
- සාමය සදහා ගත් උත්සාහයන්.
=========
[සංස්කරණය]- 1994 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වු අතර විශාල බලාපොරොත්තු මැද චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වුයේ සාමය අපේක්ෂාවෙනි.
- එමෙන්ම විරුද්ධ පක්ෂ නායක ගාමිණි දිසානායක එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයගත්තාය.
- 1995දී සටන් විරාමයකට එකග වුණද පසුව පැවැත්වු සාකච්ඡා ඵල රහිත විය.
- 1995 ජනවාරි 08 දින යුධ විරාමයක් ප‍්‍රකාශයට පත් විය.
- මේ අතර සාම සාකච්ඡා සාම සාකච්ඡා පැවැත්වුණු අතර නමුත් ඒ සියල්ල බිද වැටුණි.
- තුන්වැනි ඊළාම් යුද්ධය-(1995 අපේ‍්‍රල් 19-2001 දෙසැම්බර්).
===========================
[සංස්කරණය]- චන්ද්‍රිකා කුමාරතුංග ගේ-“සාමය සදහා යුද්ධය”.
====================
[සංස්කරණය]- 1995 අපේ‍්‍රල් 19 වන දින ත‍්‍රස්තවාදීන් ති‍්‍රකුණාමලයේ ඇතුල් වරායේ නැංගුරම් ලා තිබුණු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කළහ.මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් යොදවා මෙය සැළසුම් සහගතව කර තිබුණි.
- ඉන්පසු තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ විය.
- නව රජය “සාමය සදහා යුද්ධය” නම් ප්‍රතිපත්තිය අනුගමනය කලේය.
- ඒ මගින් කැරලිකරුවන් 2000ක් විසින් අත්පත් කරගෙන සිටි යාපනයේ ප්‍රධාන බලකොටු ආපසු ලබාගැනීමේ පරමාර්ථයෙන් විශාල හමුදාවක් යාපනයට යවන ලදී.
- රජයේ හමුදාවල පළමු කාර්යය වුයේ යාපනය අර්ධවීපය දිවයිනේ සෙසු ප්‍රදේශවලින් වෙන් කිරීමයි.
- 1995 අපේ‍්‍රල් 28 වන දින පළමුවන ඇව්රෝ ගුවන් යානය ත‍්‍රස්තවාදීන් වෙඩි තබා බිම හෙළන ලදී.මෙහිදී ගුවන් හමුදාවේ ඉතා දක්ෂයෙකු වූ රොජර් වීරසිංහ ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
- 1995 අපේ‍්‍රල් 29 වන දින දෙවන ඇව්රෝ යානයද වෙඩි තබා බිම හෙළන ලදී.
- තුන්වන ඊළාම් යුද්ධයේදී විවිධ ප‍්‍රහාරයන්ට නිරතුරුවම ලක්වූ අතර ඒවායින් ත‍්‍රස්තවාදීන් ද සෙබළුන් ද ඝාතනයට ලක්විය.
- රිවිරැස කි‍්‍රයාන්විතය.
===
[සංස්කරණය]- මෙහිදී රිවිරැස කි‍්‍රයාන්විතය සුවිශේෂී වේ.
- රිවිරැස මෙහෙයුම 1995 ඔක්තෝම්බර් 17 වන දින පලාලි කඳවුරෙන් ආරම්භ විය. අවසානයේදී බි‍්‍රගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් යුතු 53 සේනාංකය 1995 දෙසැම්බර් 02 දින යාපනය නගරය අල්ලා ගන්නා ලදී. නිලධාරීන් 16ක් හා සෙබළුන් 337ක් රිවිරැස පළමු පියවරේදී ජීවිතය පූජා කළහ.
- 1995 දෙසැම්බර් 5 වන දින ශ්‍රී ලංකා ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ උත්සවයක්ද පවත්වා යාපනය කොටුව තුළ ජාතික ධජය එසවුයේය.
- මෙම සටනින් හමුදා භටයින් සහ කැරළි කරුවන් 2500කට ආසන්න ප්‍රමාණයක් මියගොස් 7000 ක් දෙනා තුවාල ලත් බව රජය ඇස්තමේන්තු කර ඇත.
- රිවිරැස දෙවන අදියරේදී 1996 අපේ‍්‍රල් 19 වන දින තෙන්නමාරච්චි ප‍්‍රදේශය අත්පත් කර ගැනීම අරමුණ විය.
- 1996 මැයි 02 දා වන විට තෙන්නමාරච්චි ප‍්‍රදේශය මුදාගත් පසු රිවිරැස මෙහෙයුමේ තුන්වන හා අවසාන අදියර 1996 මැයි 15 වන දින දියත් කෙරිණි. 1996 මැයි 25 දින වන විට පේදුරුතුඩුව, වැල්වටිතුරේ, නෙල්ලිඅඩි ප‍්‍රදේශ ඇතුළු වඩමාරච්චි ප‍්‍රදේශය හමුදාව මුදවා ගනු ලැබිණ.
- 1996 දී රජය නැවත වරක් තවත් යුද්ධයක් දියත් කළේය.
- බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් 200000ක් සිවිල් ජනයා පලා ගියහ. කිලිනොච්චි නගරය (ගිරානික්කෙ) සැප්තැම්බර් මස 29 අත්පත් කර ගන්නා ලදී. 1997 මැයි 13 දින ආණ්ඩුවේ හමුදාවේ 20000ක් එල්.ටී.ටී.ඊ.ය පාලනය කළ වන්නි ප්‍රදේශය හරහා සැපයුම් මාර්ගයක් විවාත කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. දෙපාර්ශවයම සිවිල් වැසියන් ඝාතනය කළහ. තුවාල කළහ.
- උතුරේ දරුණු ක්‍රියා මෙසේසිදුවෙද්දී දකුණේ ජනාකීර්ණ නගරවලද,මහජන ප්‍රවාහන සේවාවන් තුළද වන්නි එල්.ටී.ටී.ඊ. ය විසින් බෝම්බ පුපුපරුවා හරින ලදී.
- මෙයින් සිවිල් ජනතාව සිය ගණනක් මිය ගියහ. 1996 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ අති දරුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගෙන කොළඹ මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් 90 දෙනෙකු මිය ගොස් 1400ක් තුවාල ලදහ.
- 1997 ඔක්තෝබරයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අතර
- 1998 ජනවාරියේදී ට්‍රක් රථයක ඇටවු බෝම්බයක් පුපුරවා හැර ලෝකයේ අති පුජනීය බෞද්ධ සිද්ධ ස්ථානයන්ගෙන් එකක් වුද බුදුන්ගේ දන්ත ධාතුව තැන්පත් කර තිබෙන්නා වුද දළදා මාළිගායට හානි සිදු කළහ.මෙම බොම්බ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කළ අතර ලෝකයේ සෙසු රටවලින්ද එසේ කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියේය. මෙය එල්.ටී.ටී.ඊ.යට අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස බලපෑවේය.
- 1999 දී රජය ‘රණගොස’ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දකුණු දෙසින් වන්නියට ඇතුලු වීමට උත්සාහ කළේය.හමුදාව ජයග්‍රහන කීපයක් අත්පත් කර ගත්තේය. ඔඩ්ඩුසුඩාන්(ඔත්තන් තුඩුව)සහ මඩු යන ස්ථානයන්හි බලය අල්ලා ගත් නමුත් එල්.ටී.ටී.ඊ.ය එම පෙදෙසින් ඉවත් කිරීමට අපොහොසත් විය.
- 1999 දී ගෝනගලදී එල්.ටී.ටී.ඊ. ය විසින් සිංහල වැසියන් 50ක් ඝාතනය කරන ලදී.
- ‘නොනවතින රැල්ල’.
====
[සංස්කරණය]- 1999 නොවැම්බර් 2වැනි දින එල්.ටී.ටි.ඊ.යට නැවත වරක් ‘නොනවතින රැල්ල’ නම් වු මෙහෙයුමකට මුහුණ දීමට සිදුවිය. වන්නි ප්‍රදේශය මුලුමනින්ම ඉතා වේගයෙන් එල්.ටී.ටී.ඊ.ය අතට පත්විය.
- එල.ටී.ටී.ඊ ය ප්‍රදේශය තුල සාර්ථක පහර දීම් 17ක් සිදු කළ අතර එය පරන්තන් (පුරාණතැන්න) හමුදා කදවුර සහ කුරක්කන්කුඩුකුලම් (කුරක්කන් කැලේ වැව) කදවුරේද බලය අල්ලා ගැනිමෙන් අවසාන විය. මෙම සටන් වලින් දහස් ගණන් ජනතාව මිය ගියහ. කැරළි කරුවෝ අලිමංකඩ සහ යාපනය දක්වා උතුරු දෙසට ගමන් ගත්හ. කිලිනොච්චි සහ අවටප්‍රදේශවිලන් ශ්‍රි ලංකා හමුදාවට ගොඩබිමින් හා මුහුදින් තිබුණු සැපයුම් මාර්ග අහුරා දැමීමට එල්.ටී.ටි.ඊ.ය සමත් විය.
- 1999 දෙසැම්බරයේදී පැවැත්වු මැතිවරණ පුර්ව ප්‍රචාරක රැලියකදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යොදවා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය උත්සාහ කලේය.ඇයට එක් ඇසක් අහිමි විය.
- එහෙත් ජනාධිපතිවරණයෙන් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට ඇය සමත් වු අතර ජනාධිපති වශයෙන් දෙවැනි ධුර කාලයකට ඇය තෝරා ගනු ලැබුවාය.
- යාපනය අර්ධද්වීපය සහ වන්නි ප්‍රදේශය අවුරුදු 17ක් තිස්සෙන් වෙන් කෙරෙමින් පැවතුනු අලිමංකඩ හමුදා කදවුර 2000 අප්‍රේල් 22 දින සම්පුර්ණයෙන් එල්.ටී.ටී.ඊය අතට පත් විය.
- හමුදාව යාපනය අර්ධවීපයේ දකුණු පෙදෙස අල්ලා ගැනිමට “අග්නි කීල” මෙහෙයුම දියත් කළ නමුත් පරාජය විය. එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ යාපනය දක්වා ඉදිරි ගමන නොකඩවා ගෙන ගිය අතර යාපනය ඔවුන් අතට පත්වේයයි බොහෝ දෙනා බිය වුහ.
- එහෙත් හමුදාවට එල්.ටී.ටී.ඊ. ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වීමටත් යාපනය නගරයේ බලය අත්පත් කර ගැනීමටත් හැකිවිය.
- සටන් විරාම ගිවිසුම.
====
[සංස්කරණය]- 2001 බලයට පත් ආණ්ඩුව යුද්ධය වෙනුවට සාම මාවත හරහා යුද්ධයට තිරසාර විසඳුමක් සෙවීමට උත්සාහ ගත්හ.
- මීට පෙර ඇතිකර ගත් සාම සාකච්ඡා වලට වඩා වෙනස් අයුරකින් මෙය මෙහය වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර අවධානයද විශාල වශයෙන් යොමු විය. නෝර්වීජියානු පහසුකම් හා ජාත්‍යන්තර සහය ඇතිව පැවතුණු 2002-2003 සාම කි‍්‍රයාවලිය 2006 වන විිට යළිත් පණගැන්විය නොහැකි ලෙස අඩපණ විය.
- දෙපාර්ශවය විසින්ම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළේය.
- 2005 නොවැම්බර් මාසයේ දී සිංහල ජාතිකවාදී බලවේගවල සහයෝගය මත බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊ ය සමඟ සාකච්ඡා නැවතත් ආරම්භ කිරීමට උත්සාහ ගත්තේය.
- 2006 වසර මුලදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී සාකච්ඡා වට දෙකක් පැවතුනත් ඒවායින් එතරම් ප‍්‍රතිඵල ලැබුනේ නැත.
- අප‍්‍රකාශිත යුද්ධය.
==
[සංස්කරණය]- මේ වන විට පාර්ශව දෙකම පැමිණ තිබූ නිගමන ලෙස පෙනුනේ තම තමන්ගේ ඒක පාර්ශවීය අරමුණු ඉදිරියට දැමීමට තිබුනු හොඳම විකල්පය යුද්ධය යන්න බවයි.
- 2002 පෙබරිවාරි මස අත්සන් කළ සටන් විරාම ගිවිසුම 2008 ජනවාරි වන තෙක් පැවතුණි.
- යුද්ධය නැවත ආරම්භ වන අතර දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමේ පාර්ශවකරුවන් හැටියට දිගටම සිටියහ.
- එසේ වවත් 2006 මැදදී ආණ්ඩුවත් එල්ටීටීඊ යත් තරමක මහා පරිමාණ යුද්ධයකට එළඹුනේ සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන්නේ නැතිවය.
- මේ නිසා 2006 සහ 2007 වසර වලදී ලංකාවේ යුද්ධය අප‍්‍රකාශිත යුද්ධයක් ලෙස පවතුනි.
- සිව්වන ඊළාම් යුද්ධය(2006 ජූලි 26 -2009 මැයි 19).
=======================
[සංස්කරණය]- මහින්ද රාජපක්ෂ ගේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ "මානුෂීය මෙහෙයුම".
========================================
[සංස්කරණය]- මාවිල්ආරු.
- මෙහි ආරම්භක අවස්ථාව ලෙස 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් එල්ටීටී ය මාවිල්ආරු ජල දොරටුව වසා දැමුවේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ ය.
- මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය.
- ඉන් ඇරඹි "මානුෂීය මෙහෙයුම" ඉතාමත් තීරණාත්මක විය මෙලෙස ආරම්භ කළ යුද්ධයේදි පෙනුණු දෙයක් නම් ලංකාව මහා පරිමාණ සිවිල් යුද්ධයකට ගමන් කරවීමේ මංසලකුණු සටහන් කළ බවය. මේ වන විට ආණ්ඩුවේ අරමුණු දෙකක් පැහැදිලිය.
- එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කර එහි යුධ ශක්තීන් විනාශ කර දාවිඩ ජාතිකවාදී ව්‍යාපෘතියේ නියෝජිතයෙකු හැටියට එල්ටීටීඊ ය නැති කිරීමය.
- දෙවැන්න සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට නොහැකි වුවත් ලංකාවේ රාජ්‍යයට තව දුරටත් තර්ජනයක් නොවන පරිදි එල්ටීටීඊ ය යුධ හා දේශපාලන වශයෙන් දුර්වල කිරීමය.මෙකී අරමුණු ඇතිව ආරම්භ වූ යුද්ධයේදී ආණ්ඩුව විශ්වාස කළ දෙයක් වූයේ අතීතයේ ද එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කිරීමට සන්නද්ධ හමුදාවන්ට හැකියාවක් තිබුණ ද කරුණු කිහිපයක් නිසා ඒ අවස්ථාව වැළකී ගිය බවය.
I.යුද්ධය සැලසුම් කිරීමේ දී සහ කි‍්‍රයාත්මක කිරීමේ දී ආණ්ඩුවේ බලයේ සිටින දේශපාලඥයින් ඒවාට මැදිහත් වී යුධ කි‍්‍රයා මාර්ග දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට යටත් කර අවුල් කිරීම.
II.යුධමය විසඳුම් ක්‍රියාමාර්ගයෙන් ඉවත්වන ලෙස කෙරුණු ජාත්‍යන්තර බලපෑම්වලට ආණ්ඩුව යට වීම.
III.යුද්ධයේ දී සිදුවන මානව අයිතිවාසිකම් කඩකිරීම් හා මනුෂිකවාදී ගැටළු ගැන අනවශ්‍ය ලෙස වැදගත්කමක් දීම මඟින් යුද මෙහයුම් දුර්වල කිරීම.
- මේ නිසා රාජපක්ෂ ආණඩුව එල්ටීටීඊ යට විරුද්ධව යුද්ධය සැලසුම් කිරීමේදී මූලෝපායන් සකස් කිරීම හා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හා ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයටත් සන්නද්ධ හමුදා ප‍්‍රධානීන්ටත් භාර දී ඇත
- මේ තත්ත්වය තුළ එල්ටීටීඊ ය කල්පනා කලේ යුද්ධය දිග්ගැස්සෙන විට එයින් ඇතිවන මානව අයිති වාසිකම් කඩවීම් හා මානුෂවාදී අර්බුද හේතුවෙන් ආණ්ඩුව ජාත්‍යන්‍තර වශයෙන් හුදකලා විය හැකි බවත් යුද්ධයේ ආර්ථික පිරිවැය වැඩිවීමත් සමඟ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැතිරෙන විට ආර්ථිකයට හානි පැමිණ ආණ්ඩුවේ මහජන සහයෝගීතා පදනම අඩු වී යුද්ධය ආර්ථික වශයෙන් නඩත්තු කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.
- එපමණක් නොව ආර්ථිකයට හානි පමුණුවන නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය දුබල කරන යුද්ධයක පසුබිම තුළ දකුණේ දේශපාලන ප‍්‍රතිවිරෝධතා ඇති වීමත් සමඟ යුද්ධය පවත්වාගෙන යාම ආණ්ඩුවට දුෂ්කර වෙද්දී නව බල තුලනයන් ගොඩනැගීමට මූලෝපායික ඉඩකඩ තමාට උදාවේය යන්නය.
- නමුත් 2006 අවසානයේදී නැගෙනහිර පළාතේ කෙරුණු යුද්ධයේ දී නැගෙනහිර පළාත ජය ගැනීමට පහසුවෙන්ම ආණ්ඩුවට හැකි විය.
- යුද්ධය යළි ඇරඹීමත් සමඟ විශාල මානුෂිකවාදී ප‍්‍රශ්න උග‍්‍ර විය.ඒ අතර සිවිල් ජනයාට උන් හිටි තැන් අහිමි වීම, ගේ දොර මෙන්ම ආර්ථික ජීවන රටා අහිම් වීම, සිවිල් වැසියන් යුද්ධයට ගොදුරු වී මිය යෑම, තුවාල ලැබීම, යුද්ධය කේන්දා ගතවී නොමැති කොළඹ වැනි ප‍්‍රදේශවල බෝම්බ පිපිරීම් සිදුවීම, උදාහරණ ලෙස කොටුව බෝම්බ ප‍්‍රහාරය, මේ ආකාරයට සිදු වූ මානව අයිතීන් කඩවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විරෝධය හා බලපෑම් නොසලකා හැරීමට තීරණය කර ඇත.
- ආණ්ඩුවේ තර්කය වූයේ ‘‘ආණ්ඩුව ඒවාට යටවුවහොත් ඒ මඟින් තම යුධ ප‍්‍රයත්නය අඩාල වන බවයි. මානව අයිතිවාසිකම් හා මානුෂවාදී කරුණු රණවිරුවන් අධෛර්යමත් කරන සහ එල්ටීටීඊ යට සේවය කරන පියවරක් ලෙස ද ආණ්ඩුව හඳුන්වයි.
- ”ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ” යුද්ධයේ දී මානව අයිතිවාසිකම්වලට වැඩි ප‍්‍රමුඛත්වයක් දිය යුතු නැත යන තර්කය මත ආණ්ඩුව තම ස්ථාවරය සාධාරණය කර ඇත.
- මේ ආකාරයට දශක තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ සමාජ දේශපාලනික ආර්ථික මෙන්ම සංස්කෘතික ප‍්‍රපංචයන්ට බරපතල හානි සිදු කළ ත‍්‍රස්තවාදය 2009.05.19 වන දින යුධමය වශයෙන් පරාජය කළේය.එය මුළු ආණ්ඩුව පමණක් නොව රාජ්‍යම ලැබූ ජයග‍්‍රහණයකි.(Y.W.B).
*නො-ගැලපෙන පොළවක නො-පැලවෙන බීජයක් රෝපණය කිරීමට ගොස් ජීවිතය අහිමි කරගත් "විප්ලවවාදියා".--(Y.W.B).
[සංස්කරණය]- නො-ගැලපෙන පොළවක නො-පැලවෙන බීජයක් රෝපණය කිරීමට ගොස් ජීවිතය අහිමි කරගත් "විප්ලවවාදියා".--(Y.W.B).
================================================
[සංස්කරණය]- රෝහණ විජේවීර.
==
[සංස්කරණය]- පුද්ගලික විස්තර.
==
[සංස්කරණය]- පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් 1943 ජුලි 14 දින ( බැස්ටීල් දිනයේ )උපත ලද ලාංකීය "විප්ලව වාදියා" ගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ප්‍රසිද්ධියට පත්විය.
- "මාක්ස් ලෙනින්වාදී දේශපාලන ව්‍යාපාරයක් වූ" ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ .
- ඉතා දිලිදු පවුලක උපත ලත් ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර විය. මවගේ නම වුයේ නැසිනෝනා වික්‍රම කළතොටය .
- දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කොට්ටෙගොඩ ධිවර ගම්මානයේ ඔහුගේ කුඩා කල ගෙවී ගියේය.
- ඔහුගේ මුලික අද්‍යාපනය හැදෑරුවේ ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙනි. (1947 සිට 1953 දක්වා.)ඉන් පසුව 1959 දක්වා ඔහු ගොඩඋඩ මහා විද්‍යාලයේ උගැනුම ලබන ලදී. ඉන් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වේ උසස් අද්‍යාපනය හදාරන ලදී.
- 1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් පිරි නැමුණු ශිෂයත්වයක් ලැබීමෙන් අනතුරුව වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් විනි. වසර තුනක විද්‍යා උපදී පටමාලව ඉතා සාර්ථකව හැරු විජේවීර නම් තරුණ "විප්ලවවාදිය" තවදුරටත් දේසපාලන ආර්ථික විද්‍යාවද හදාරන ලදී. ඔහු රුසියානු බාෂාව මාස 7 ක් වැනි කෙටිකාලයකින් නිම කළේය. එවකට පවතී රුසියානු හා චීන මතබෙද යෙදේ ඔහුගේ විවේචනය රුසියානු ක්‍රමය වෙත යොමු වුනි.
- දේශපාලනය.
=
[සංස්කරණය]- පසුව කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි රෝහණ විජේවීර එවකට බෙදී තිබුණු ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා එක්විය. එහි ප්‍රතිපලයක් වසයෙන් නැවත රුසියාවට යාමේ වීසා අවලංගු විය.
- ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ ගේ ඉතා කිට්ටුවන්ත ක් වූ අතර 1947 මහා මැතිවරණයෙදී ප්‍රේමලාල් කුමාරසිරි ගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායමක් විසින් පහරදී සදාකාලික අංගවිකලත්වයට පත් කළේය.
- ජ.වි.පෙ. ආරම්භය
==
[සංස්කරණය]- ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.
- පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීරය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය.
- ජ.වි.පෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.නමුත් එය අසාර්ථක වෙයි.
- 1967 කියුබානු විප්ලවවාදි චේ ගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවේශ විය.
- 1969 දී ඇත්ත පත්‍රය විසින් "සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමනක්" ලෙස ජවිපෙ හදුන්වා දෙන ලදී.මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දී CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි.
- මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
- 71 කැරැල්ල.
=
[සංස්කරණය]- 1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි.
- 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි.
- 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී.
- 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී.
- මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි.
- අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.
- මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි.
- එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.
- සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
- 1976-83 දක්වා කාලවකවානුව.
============
[සංස්කරණය]- 1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරම්භ කරන ලදී.
- 77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.
- 1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත.
- 1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත .
- 1983 සිට 1989 නොවැම්බර් 13 වැනිදා දක්වා කාල සීමාව.
===============================
[සංස්කරණය]- 1983 කුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබෙයි.
- මේ වකවානුව තුල ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි.
- කෙසේ හෝ අවසානයේ බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.
- දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ පමණි.
*රෝහණ විජේවීරගේ මරණය එදා වාර්තා වුණේ මෙහෙමයි.
==============================
[සංස්කරණය]- ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර ඝාතනය එදා පමණක් නොව අදටද ආන්දෝලනාත්මක සිදුවීමකි. ඔහු මරණයට පත්වූ බව 1989 නොවැම්බර් 13 වැනිදා නිවේදනය වූයේ ෙම් අයුරිනි.
- ‘‘රෝහණ විජේවීර වෙඩි කා නසී’’ ඒ 1989 නොවැම්බර් මස 14 දින දිනමිණ පුවත්පතේ පළවූ විජේවීරගේ අවසානය පිළිබඳව ලිපියේ ප්‍රධාන මාතෘකාවය.
- එහි උපමාතෘකා ෙමසේ සඳහන් විය.
- ‘‘උලපනේදී අල්ලයි’’,
- ‘‘නායකයාට වෙඩි තැබූ සගයාත් නසී’’,
- ‘‘ආදාහනය ඊයේම’’,
- ‘‘බිරියට දරුවන්ට රැකවරණ’’,
- ‘‘හිංසා එපා’’, ‘‘සිය කැමැත්තෙන්ම ආයාචනයක්’’.
- මෙවන් වූ මාතෘකා යටතේ හෙළිදරව් කළ විජේවීරගේ මළගම පිළිබඳ ඒ පුවත්පත තොරතුරු දක්වා තිබුණේ මෙෙස්ය.
- ‘‘ජනතා විමුක්ති පෙරමුණේ සභාපති රෝහණ විජේවීර (46) කොළඹට නුදුරු ජවිපෙ ප්‍රචාරක මූලස්ථානයක දී ඊයේ අලුයම වෙඩිකා මියගියේය.
- විදේශ ඇමැති හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න ඊයේ මේ බව ප්‍රකාශ කළේය.
- උලපනේ නිවසේදී විජේවීර අල්ලාගත් බවත්, පෙරේදා රාත්‍රී දහයට එෙස් අල්ලාගත් විෙජ්වීර කොළඹට ගෙන ආ බවත් ජවිපෙ ප්‍රචාරක මූලස්ථානය පෙන්වීමට ගිය ගමනේදී ජවිපෙ මධ්‍යම කාරක සභික එච්.බී. හේරත් විසින් ඔහුට වෙඩි තබා ඇති බවත් ඒ අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් හේරත් හා විජේවීර මරුමුවට පත්වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළ බව පුවතේ වාර්තා කර තිබිණි.
- කොළඹ කනත්තේදී ආදාහනය සිදු කළ බවද ඇමැතිවරයා කී බව එහි සඳහන් විය.
- මෙම ආදාහනය හදිසි නීතිය යටතේ සිදුකළ බවත් පවුලේ කිසිවෙක් ඊට සහභාගී කර නොගත් බවත් රන්ජන් විජේරත්න මහතා ප්‍රකාශ කළ බවත් එහි සඳහන් විය.
- විජේවීර කොළඹට ගෙන ආ අවස්ථාවේ හිංසා ක්‍රියා නතර කරන ලෙස තරුණයන්ගෙන් ඔහු ඉල්ලූ හඬ පටයක් ඇති බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කරන බවත් ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.
- මේ ආකාරයට විජේවීරගේ මරණය ගැන අදහස් දක්වා ඇති අමාත්‍යවරයා රෝහණ විජේවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ජනාධිපති ආර්. ප්‍රේමදාස නියම කර අැති බවත් ප්‍රකාශ කළේය.
- මෙම අවස්ථාවට එවකට සිටි විදේශ රාජ්‍ය අමාත්‍ය ජෝන් අමරතුංග සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් හැමිල්ටන් වනසිංහ සහභාගී වී ඇති බවත් පුවත්පත් වාර්තාවේ සඳහන් විය.
- මෙම පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් විජේවීර මහතා අත්අඩංගුවට ගත්තේ ඔත්තුවක් මත දැයි අසන ලද ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු දී තිබුණේ ‘එසේ විය හැකියි’ යනුවෙනි.
- රෝහණ විජේවීර අල්ලා ගන්නා අවස්ථාවේ ඔහු උඩු හා යටි රැවුල් නැතිව සිටි බවත්, උපැස් පැළඳ සිටිමුත් හිස්වැසුමක් පැළඳ නොසිටි බවත් පැවසූ අමාත්‍යවරයා කොළඹට ගෙන ආ අවස්ථාවේ තමන් ඔහු නොදුටු බවත් ප්‍රකාශ කර තිබිණි.
- විජේවීරගේ අළු පවුලේ අය ඉල්ලා සිටින්නේ නම් පමණක් භාරදීම පිළිබඳ සලකා බලන බවත් විජේවීර ගේ පවුලේ අයට රැකවරණය දීම සඳහා අත්අඩංගුවට ගෙන කොළඹට ගෙනෙන බවත් රන්ජන් විජේරත්න ඇමැතිවරයා එහිදී කියා සිටියේය.
- රට පිරිසිදු කිරීම රජයේ අරමුණ බව ප්‍රකාශ කර ඇති ඇමැතිවරයා විජේවීර මහතාගේ මුහුණට කර තිබූ වෙනස්කම් හා ව්‍යාජ වෙනස්වීම ගැන හොඳ අවබෝධයක් ලබා සිටි පිරිසක් ඔහු අත්අඩංගුවට ගත් බවද ප්‍රකාශ කර ඇත.
- එදා විජේවීරගේ මරණය පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ එසේය.
- මීට අමතරව රෝහණ විජේවීර පිළිබඳව ලංකාදීප, දිවයින ඇතුළු එදා තිබූ සියලුම පුවත්පත්වල ප්‍රධාන පුවත ලෙස පළවිය. එම වාර්තා අනුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා විජේවීර මහතා කොළඹට ගෙන එන්නේය. ඉන්පසු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ රෝහණ විජේවීර මහතා තරුණ පරපුරට සැහැසිකම් නවත්වන ලෙස ඉල්ලූ හඬ පටයකුත් නිකුත් කරන්නේය.
- එම කර්තව්‍ය නිම කළ පසු ඒකාබද්ධ හමුදා හා පොලිස් පරීක්‍ෂණ කණ්ඩායමක් සමඟ ජනතා විමුක්ති පෙරමුණ, ෙද්ශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මූලස්ථාන මධ්‍යස්ථානයක් පිහිටි ස්ථානයට ගෙන යන්නේය. ඒ අලුයම එකට පමණය. මෙය කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටස්තර ස්ථානයක පිහිටා තිබී ඇත.
- එම ස්ථානයට ගිය විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික එච්.බී, හේරත් ගෙන් සිය මූලස්ථානයේ ලිපිද්‍රව්‍ය සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය පරීක්ෂණ නිලධාරීන්ට භාරදෙන ලෙස ඉල්ලා ඇත. ඒ මොහොතේ ඔහු භාණ්ඩ කීපයක් දුන් බවත් හදිසියේම අවියක් ඇද රෝහණ විජේවීරට වෙඩි තැබූ බවත් එහිදී ක්‍රියාත්මක වූ ආරක්‍ෂක නිලධාරින් හේරත් වෙත වෙඩි තැබූ බවත් එම ගැටුමෙන් තදබල තුවාල ලැබූ දෙදෙනාම මියගිය බවත් පුවත්පත් වාර්තාවල සඳහන් වී තිබුණේය.
- මෙම සිරුර දවන ලද්දේ හදිසි නීතිය යටතේ බවත් එහි සඳහන් විය. එසේම මූලස්ථානයේ තිබී ඉන්දියාවේ සෑදූ මි.මී. 19 පිස්තෝලයක් සහ වෙඩි උණ්ඩ හතක්, මී.මී. 9 හිස් පතරොම් කොපුවක්, අංකය පීරි ගා තිබූ බෝර දොළහේ තුවක්කුවක්, නොම්මර 12 පතරොම් 10 ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර සහ රූපවාහිනියක් සහ ඩෙක් යන්ත්‍රයක්, කැසට් ගුවන් විදුලි යන්ත්‍රයක් සහ කැසට් පටි කීපයක්, කැසට් පටි 7 ක්, දේශපාලන මණ්ඩල වාර්තා ඇතුළත් ලියකියවිලි, ලක්ෂ 50 ට වඩා වැඩි වටිනාකමකින් යුත් කිලෝ 7.3 ක රත්‍රං තිබූ බව සඳහන් කර ඇත.
- මේ අාකාරයට විජේවීර සහ ඔහුගේ දේශපාලනමය පසුබිමත් මරණයත් පිළිබඳ පුවත්පත් වාර්තා පළවූ අතර පසු කලෙක, ඒ බිහිසුණු මරණයේ මතකය පිළිබඳ සිළුමිණ පුවත්පතේ ධර්මසිරි ගමගේ විසින් සපයා තිබුණේ මෙවන් තොරතුරුය.
- එම ලිපිෙය් මාතෘකාව ‘‘රෝහණ විජේවීර මරා පිළිස්සූ ඒ බියකරු රාත්‍රිය’’ නම් විය.
- එහි දක්වා තිබූ තතු මෙසේය. එනම් එවකට සිටි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න විසින් රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ප්‍රකාශ කළ සියලු ෙද් අවිනිශ්චිත බව බී.බී.සී. ලෝක සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු සඳහන් කර ඇත.
- මෙම පුවත නිසා පාර්ලිමේන්තුවද ආන්දෝලනාත්මක විය. එවකට විපක්ෂයේ සිට කටයුතු කළ ලක්ෂ්මන් ජයකොඩි සහ හලීම් ඉෂාක් ද අමාත්‍යවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක්කර ඇත.
- ඔවුන් රෝහණ විජේවීර මැරූ ස්ථානය, පිළිස්සූ ස්ථානය සහ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානය පිළිබඳ හෙළිකරන ලෙස ඉල්ලා ඇත.
- මෙවන් වූ තත්ත්වයක දී ධර්මසිරි ගමගේ මාධ්‍යවේදියා ඒ පිළිබඳව තොරතුරු සොයා යන්නට විය. ඉන්පසු ඔහු සොයාගත් තොරතුරු මෙසේ අකුරු කර ඇත.
- ‘‘දිනය 1989 නොවැම්බර් 13 වැනිදාය. වේලාව අලුයම 1.35 විය. පෙරදා රාත්‍රී 8.30 ට රාජකාරී නිමකර කනත්තේ ප්‍රධාන පාලක ආර්.ඩී. ගුණතිලක නිවසට පැමිණියේය.
- ඔහු දෛනික කටයුතු නිම කර නින්දට වැටිණි. ඒ මොහොතේ කොළඹ ගොල්ෆ් පිටියේ එක් ඛේදවාචකයක් සිදුවෙමින් තිබුණි.
- ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හමුදා පොලිස් හා ආර්.ඩී.එෆ්. විසින් කොළඹ ෙගාල්ෆ් පිටියට ගෙන එනු ලැබිණ. විජේවීරගේ දීර්ඝකාලීන සමීපතමයකු වූ හේරත් බණ්ඩාද ඊට සමීප ස්ථානයක ජීවිතයේ අවසන් තත්පර කීපය ගෙවමින් සිටියේය. ප්‍රශ්න කිරීම් හඬපට හැඟීම්වලින් විජේවීර හෙම්බත් කරවූවේය.
- විජේවීර රැගත් යුහ අංක 601 වාහනය ගොල්ෆ් පිටියට ඇතුළු වූ අතර අංක 06 දරන ගොල්ෆ් වළ ළඟ රථය නැවැත්වීය. එම ස්ථානයේ තිබූ මහා වෘක්ෂයක් යටදී බිමට බැස්සවූ විජේවීරට සිදුවන්නට යන්නේ කුමක්දැයි ඉවෙන් මෙන් දැන ගත්තේය. ඔහුගේ දෑත්වල පිටිකර සිටින සේ මාංචු වැටිණි. විජේවීර තම දරුවන්ට කිසිවක් නොකරන ලෙස ආයාචනා කළේය.
- පිස්තෝලයකින් මුල්ම වෙඩි පහර දෙක විජේවීරගේ හිසට එල්ල විය. එය නිදා සිටි ගුණතිලක ට ඇසුණේය. කෙටිකාලීන නිහැඬියාවකට පසු වෙඩි හඬවල් 12 ක් ගුණතිලක ට ඇසුණේය.
- ඊළඟ තත්පරයේදී වේගයෙන් පැමිණි රථ කීපයක් සිය නිවස ඉදිරිපිට නැවැත්වූවේය.
- ටික වේලාවකින් කවුරුන් හෝ ගුණතිලක ගේ දොරට ගහන හඬ ඇසෙන්නට විය.
- ‘‘අපි පොලීසියෙන්’’ ඔහුගේ සවන වැකිණි. ගුණතිලක දොර හැරියේය. පොලිස් නිලධාරියා පවසා සිටියේ මළ සිරුරු දෙකක් ඉක්මනින්ම පිච්චීමට අවශ්‍ය බවයි. සිතට හැඟුණ දහසකුත් එකක් ප්‍රශ්න පිළිබඳ ගුණතිලක මහතාට සිත සිතා සිටිනු නොහැකි විය. ආදාහනාගාරයේ ගෑස් යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු සොයා ගත යුතු බව පමණක් ඔහු පැවසුවේය.
*පොලිස් නිලධාරියා එහි වගකීම භාර ගත්තේය. ඒ අනුව කනත්ත අසලම සිටි සේවකයාගේ නම සහ ලිපිනය ඉල්ලා ගත් ඔහු ඊට අවශ්‍ය දෑ නිලධාරීන් අතට යොමු කළේය.
- ඒ අනුව ජුසේ අයියා නම් වූ ඔහු රැගෙන ඒමට ඒ නිලධාරීන් පිටත්ව ගිය අතර, ගුණතිලක රැගත් පොලිස් රථය කනත්තට පිටත් වූවේය.
- කනත්තට ගිය ගුණතිලක අවශ්‍ය යතුරු හා උපකරණ ළඟට ගත්ෙත්ය.
- ජුසේ අයියා කැඳවා එන්නට ගිය පොලිස් කණ්ඩායම ද ඔහුව රැගෙන කනත්තට පැමිණියහ. පොලිස් නිලධාරියා ජුසේට ගෑස් කාමරය ලැහැස්ති කිරීමට අණ කළේය. ආදාහනාගාරය වෙනදාට වඩා දැඩි රැකවලින් යුතු විය.
- ෙම් වනවිට අලුයම 2.40 පමණ වී තිබුණේය. පොලිස් නිලධාරියා වෝකි ටෝකිය ෙගන යමෙකුට කතා කළේය. ‘‘ඔක්කොම හරි. දැන් පිටත් වෙන්නැ’’ යි ඔහු අවධාරණය කළේය.
- සිවිල් ඇඳුමින් සිටි හමුදා නිලධාරීහු යුද හමුදා රථයට විජේවීර සහ හේරත් බණ්ඩාරගේ සිරුර දමා ගත්හ. ෙගාල්ෆ් පිටියෙන් පිටත්වූ ඔවුහු කනත්තේ පිටුපස ගේට්ටුවෙන් ඇතුළු වූවෝය.
- රථයෙන් බැසගත් පිරිස ඒ තුළ වූ එක් මළ සිරුරක් ඉවතට ගෙන සිමෙන්ති පොළොවෙන් තැබූහ. දෙවැනි සිරුරද ඒ අසලින්ම තැබූහ. ගුණතිලක සිරුරු අයිතිකරුවන් හඳුනා ගත්තේය.
- පොලිස් නිලධාරියා ඔහුගෙන් ‘‘මළ සිරුරු අඳුරනවාදැ’’යි ඇසීය. ඔහු නිහඬව බලා සිටියේය. ඒත් ඔහු දුටුවේ විරූපි වී රුධිරයෙන් තෙත්වුණු මුහුණුය.
- පොලිස් නිලධාරියා ‘‘අද අපි ලංකාවේ ත්‍රස්තවාදය ඉවර කළා. මින් පසු ත්‍රස්තවාදයක් නෑ’’ යි පැවසුවේය. මෙම පොලිස් නිලධාරියා සමඟ හමුදා ප්‍රධානීහු කීප දෙනෙක් ද වූහ.
- ‘‘වෙලාව අලුයම තුනයි පහයි, වෙලාව බැලූ පොලිස් නිලධාරියා ගෑස් කාමරයේ වැඩ හරි බව දැන ගත්තේය. ඉන්පසු මිනී දෙක ඇතුළට දාන්නැයි අණ කළේය.
- විජේවීරගේ සිරුර ඔසවා ගත් සිව්දෙනා සිරුර ඉස්සරහට පස්සට පද්දවා ඇතුළට දැමීමට තැත් කළේය. ඒත් එය අසාර්ථක විය. හේතුව ඔහු මියගිය වෙලාව දිගු නොවීමය. තවමත් උණුසුම් ලේ ය.
- සිරුර දෙවරක්ම බිම පතිත විය. මෙය බලාසිටිය නොහැකි තැන ස්ටෝරුවේ ඇති සවලක් ලබාදීමට ගුණතිලක කටයුතු කළේය.
- මෙහි අාධාරයෙන් සිරුරු දෙක උඳුනට තල්ලු කළහ. ගෑස් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. ගිනි ඇවිළෙන්නට විය.
- ටික වෙලාවක් කල්පනා කරමින් සිටි පොලිස් නිලධාරියා මිනී පිච්චෙන්නට යන වේලාව ඇසුවේය. එය දැනගත් පසු හරියටම පාන්දර 5 ට තමා එන බව දන්වා පිටත් විය.
- 1989 නොවැම්බර් මස 11 දා අලුයම 4.40 වනවිට සිරුරු දැවී අවසන් විය. භෂ්මාවශේෂ ගෑස් උදුනේ එසේම තැබුවේය.
- ‘‘අපට මේ අළු ටික එකතු කරගන්න ඕනෑ’’ අසල සිටි හමුදා භටයෝ පැවසුවේය.
- අළු ටික එකතු කරගත් ඔවුහු කුමක්දෝ සෙවූහ. ඒ දෑත් පිටිකර බැඳ තිබූ මාංචුය. ඒවා සොයාගත් ඔවුහු ඒවා පරිස්සමට පොලිතින් කවරයකට දමා ගත්හ. එහෙත් අළු පිළිබඳ කිසිදු කතාවක් නොවීය.’’
- එම අළුවලට සිදුවූයේ කුමක්දැයි මෙම විස්තර ලියා පළකළ මාධ්‍යවේදීයාද සඳහන් කර නොතිබිණි.
- ඒ පිළිබඳව දන්නේ ගුණතිලක ය. එහෙත් මේ වනවිට ඔහු ජීවත්වනවාද යන්න අපි නොදනිමු.
- එදා මේ ආකාරයට ජවිපෙ නායක රෝහණ විජේවීරගේ මරණය පිළිබඳ පුවත්පත්වල විවිධ වූ කතන්දර පළවූවේය.
- අත්අඩංගුවට පත්වූ පසු ‘‘බඩු භාණ්ඩ පෙන්වන්න’’ ගිය අවස්ථාවේ සිදුවූ ප්‍රථම මරණය ද මෙයයි.
- රෝහණ විජේවීර පිළිබදව බාහිර විශ්ලේශනයක්.
=========================
[සංස්කරණය]- රෝහණ විජේවීර සහ මනුෂ්‍ය ඝාතන..! -(විජේවීර චරිතය ගැන වෛද්‍ය කියවීමක්)-.(වෛද්‍ය-රුවන් එම් ජයතුංග).
====================================
[සංස්කරණය]- "ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුනේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට සංවේදී පුද්ගලයෙකු විය. එහෙත් සමහර අවස්ථාවලදී තමන් ගේ හිටපු අනුගාමිකයන් පවා ඝාතනය කිරීමට නියෝග දීමට ඔහු පෙළඹුනු අයුරු පෙනී යයි.
- මිනිසුන් ඝාතනය කිරීමේ දේශපාලනයක් කරා රෝහණ විජේවීර ගමන් කලේ මන්ද කියා මනෝ විද්‍යාත්මකව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් නොමැත. මේ සඳහා ළමා කාලයේ මෙන්ම පසුකාලීනව ඔහු විසින් අත් විඳි ක්‍ෂිතිමය තත්වයන් බලපෑ බවට උපකල්පනය කල හැකිය.
- ළමා කාලයේ සිට විජේවීර ආර්ථික ගැටළු , කුල පීඩනය වැනි සමාජ විශමතා නිසා පීඩා වින්දේය. ශාරීරික වශයෙන් ඔහු දුර්වල පුද්ගලයෙකු විය. උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුනි. මේ නිසා ඔහු තුල Body dysmorphic disorder තත්වය තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. මෙකී කරුණු විජේවීරව නිර්දය චරිතයක් බවට පරිවර්තනය කලේය.
- 1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මැරයන් ගේ මෙහෙයවීම මත දෙනියායේ වත්තක ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසක් විසින් ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීරට පහරදී සදාකාලික ආබාධිතයෙකු බවට පත් කරනු ලැබීය. මෙම දුක්ඛදායක සිද්ධිය වන විට විජේවීර වයස හතරක දරුවෙකි. මේ සිදුවීමෙන් පසු විජේවීර ගේ ජීවිතය අභාවවාචක ලෙස වෙනස් විය. ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ගේ ජීවිතය තවත් පීඩාකාරී විය. මේ ක්‍ෂිතිමය සිදුවීම් ළමා විජේවීරගේ මනසට තදින්ම බලපෑවේය.
- මව පියාට නොසැලකීමෙන් පියාගේ මරණය ඉක්මන් විය.
- විජේවීර තම පියා කෙරෙහි මානසිකව බැඳී සිටි අතර ආබාධිත වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නොසලකා හැරිය බවත් ඉන් ඔහුගේ මරණය ඉක්මන් වූ බවත් විශ්වාස කලේය. ඔහුට තම මව සමග බොහෝ අවිඥාණික ගැටුම් තිබූ අතර තමන් ගේ මව මිතුරන් ඉදිරියේ පවා සැතිරියක් ලෙස නම් කරමින් අවඥාවට භාජනය කලේය. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය.
- අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතා උපකාර කලේය. විජේවීර ඇතුළු සිසුන් පැට්‍රිස් ලුමුම්බා සරසවියේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම වූ අතර ඔහු 1960 වසරේ මොස්කව් බලා පිටත් විය.
- හැටේ දශකයේ දකුණු පළාතේ නොදියුණු පසුගාමී ග්‍රාමයක ජීවත් වූ විජේවීර මොස්කව් නගරය දැකීමෙන් විමතියට පත් වූවා නිසැකය. සමහරක් විට ඔහුට මොස්කව් නගරය ලාස් වේගාස් නගරය මෙන් වූවාක් වෙන්නට ඇත. සංවර්ධිත සමාජයක් ජීවත් වූ මොස්කව් නගරයේ තිබූ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ පවා ඔහු දුටුවේ අධි සුඛෝපභෝගී භාණ්ඩ ලෙසටය. මේ නිසා ඔහු චීන කොමියුනිස්ට් ක්‍රමය අගය කලේය. තවද ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ගේ අයථා ක්‍රියාවන් දුටු ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කලේය.
- භාෂාවන් දැනුම ඌන නිසා විෂයන් අසමත් විය.
- අපොස සාමාන්‍ය පෙළ මට්ටමට තිබූ පාසල් අධ්‍යාපනයද ඉංග්‍රීසි භාෂාව පිලිබඳව තිබූ ඌණ දැණුම නිසාද සමහර සායනික විශයන් ඉගෙනීම ඔහුට දුෂ්කර විය. ඔහු සමග සෝවියට් දේශයට ගිය අනෙකුත් නාගරික සිසු සිසුවියන් රුසියන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සායනික විශයන් හදාරා විභාග වලින් සමත් වූහ. (විජේවීර සමග වෛද්‍ය අධ්‍යාපනයේ යෙදුනු එක් ද්‍රවිඩ තරුණියක් සෝවියට් වෛද්‍ය උපාධියෙන් පසුව එංගලන්තය බලා ගොස් පසුව එහි වෛද්‍යවරියක සේ සේවය කලාය ) එහෙත් විජේවීරට ජීව රසායණ විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විශය සමත් වීමට නොහැකි විය.
- ජීව රසායණ විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විශය අසමත් වීමත් තම ගෙදර දොරේ පැවති සමාජ ආර්ථික ගැටළු නිසාත් පියාගේ අසනීප තත්වයත් නිසා විජේවීර ක්ලමථ තත්වයකින් පීඩා විඳින්නට ඇත. ඔහු මේ කාලයේදී ඔහු තුල Adjustment Disorder (සමායෝගී ආබාධය) නම් ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ තිබූ බවට සැක කල හැකිය. මේ නිසා විවේක ගනු පිණිස වෛද්‍යවරු විජේවීරව සැනතෝරියා හෙවත් වෛද්‍ය සුඛාගාරයකට යවන ලදි. ඔහු මෙම වෛද්‍ය සුඛාගාරයේ සිටියදී ශ්‍රී ලාංකික සිසුන් ඔහුව බැලීමට ගියෝය.
- සෝමපාල කරුණාසේන විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙකි. ඔහු විජේවීර බැලීමට ගිය විට විජේවීර සිටියේ කෝපයෙනි. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කල විජේවීර තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් කීවේය. මිනිස් ඝාතන පිලිබඳව විජේවීර ප්‍රසිද්ධියේ කතා කල මුල් අවස්ථාව එය වන්නට ඇත. කෙසේ නමුත් විජේවීර සිටි වික්‍ෂිප්ත තත්වය නිසා සෝමපාල කරුණාසේන වැඩි වේලාවක් නොසිට එන්නට ආවේය.
- "පටන් ගන්නේ තොපෙනි".
- මෙම අසනීප තත්වය නිසා විජේවීර 1964 වසරේදී ලංකාවට ආවේය. ලංකාවේදී ඔහු චීන පිලේ ශන්මුගදාසන් සමග ගනුදෙනු කල නිසාත් තමා ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ විවේචනය කල නිසාත් කේ.පී සිල්වා ගේ මෙහෙයවීම නිසා කොලඹ රුසියානු තානාපති කාර්‍යාලය යලි මොස්කව් යාමට ඔහුට වීසා නොදුන්නේය. මේ නිසා ඔහු පැරණි කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් සමග වෛර බැඳගත් අතර " පටන් ගන්නේ තොපෙනි " යන වැකිය භාවිතා කිරීම ඇරඹීය.
- 1965 මැයි මස 14 වන අක්මීමන දී ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී. ආයුධ සන්නධ විප්ලවය ඔහුගේ අපේක්‍ෂාව විය. 1965 සිට 1971 දක්වා පක්‍ෂයට බැඳුනු සාමාජිකයන්ට අවි ආයුද එකතු කරන ලෙසටත් බෝම්බ සාදන ලෙසටත් විජේවීර නියෝග කලේය. 1971 ආසන්නයේදී ඔහු සෑම පොලිස් කොට්ඨාශයකම සිටින කොමියුනිස්ට් පක්‍ෂ සාමාජිකයන් ඇතුළු සතුරන් ලෙස හඳුන්වනු ලැබූ පිරිස් ( මොවුන්ව ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලදි) පිලිබඳ ලයිස්තුවක් සකස් කරන ලෙසටත් විප්ලවයේදී මොවුන්ව ඝාතනය කරන ලෙසටත් උපදෙස් දුන්නේය.
- 1971 කැරැල්ල ආසන්නයේදී විජේවීර අනුගාමිකයෙකු වූ ප්‍රේමපාල හේවාබටගේ හට විජේවීර විසින් සකස් කරන ලද නම් එකසිය විස්සකින් පමණ යුතු ඝාතන ලැයිස්තුවක් හමු විය.
- ප්‍රේමපාල විසින් එම ලැයිස්තුව විනාශ කරන ලද අතර ඒ පිලිබඳව විජේවීර ඔහුට දොස් පැවරීය. මෙම ඝාතන සිදු කරන විට ශිෂ්‍ය අංශයට වළවල් කපා තබන ලෙස විජේවීර කල් තබා නියෝග දී තිබූ බව ප්‍රේමපාල පසුව දැනගත්තේය.
- නමුත් 1971 කැරැල්ල වූ අවස්ථාවේදී ඔහුගේ බොහෝ අනුගාමිකයෝ ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලද පිරිස් ඝාතනය කිරීම ප්‍රතික්ශේප කලෝය. මේ හැර ධම්මිකා ද සිල්වා වැනි සාමාජිකාවන් මෙම ඝාතන කෙරෙහි විරෝධය විජේවීර වෙත කෙලින්ම දැක්වූහ. මේ නිසා 1971 කැරැල්ල අවස්ථාවේදී විජේවීර ගේ නියෝග මත ප්‍රති විප්ලවවාදීන් ලෙස ඝාතනය කරන ලද්දේ සුළු ප්‍රමාණයකි.
- විජේවීරගේ ඝාතන ලැයිස්තු
- යම් ලෙසකින් 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් බොහෝ වාමාංශික දේශපාලකයන් ඝාතනය කිරීමට විජේවීර ඉටාගෙන සිටියේය.
- මේ හැර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඔහුගේ ඝාතන ලැයිස්තුවේ සිටියෝය. මේ හැර විප්ලවය සාර්ථක වූයේ නම් විජේවීර විසින් ලොකු අතුල , සනත් බොරළුකැටිය ,මහින්ද විජේසේකර , සරත් විජේසිංහ , කඩවත මිල්ටන් යනාදී තමන් ගේම දෙවන පෙළ නායකයන් ඝාතනය කිරීමේ සම්භාවිතාවක් තිබුණි.
- 71 කැරැල්ල ආරම්භයටත් පෙර ලොකු අතුලව සහ කඩවත මිල්ටන්ව ඉවත් කරන බව විජේවීර පවසා තිබූ අතර වරක් එය පියතිලක විසින් මාබෝලේ රෙක්සිට පවසා තිබුණි. 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් ඝාතන වැලක් සිදු වීමට නියමිත තිබුණු බව විජේවීරව ලඟින්ම ඇසුරු කල කෙලී සේනානායක සහ නවරත්න බණ්ඩා ප්‍රකාශ කරති.
- 1971 කැරැල්ල අසාර්ථක වී සිර දඞුවම් විඳ යලිත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත ආ විජේවීර තුලින් ඝාතන මානසිකත්වය සෑහෙන දුරකට ඉවත් වන්නට ඇත. නමුත් ජේ. ආර් විසින් ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීර යටිබිම්ගත විය. යටිබිම්ගත නොවී අනෙකුත් වාමාංශික නායකයන් මෙන් ඉදිරියට ඒමට ලයනල් බෝපගේ විජේවීරට උපදෙස් දුන්නද ඔහු තුල තිබූ පැරනොයිඩ අදහස් , අධි තක්සේරුව මත ඔහු දිගටම සැඟවී සිටියේය. ඒ අතර විජේවීර ජ.වි.පෙ දෙවන කැරැල්ලට සූදානම් විය.
- ජ.වි.පෙ දෙවන කැරැල්ල සමයේදී වාමාංශික නායකයන් මෙන්ම ද්‍රෝහියන් ලෙස හඳුන්වන ලද තමන් ගේ හිටපු අනුගාමිකයන් ඝාතනය කරන ලෙසට විජේවීර උපදෙස් දුන්නේය.
- මේ නිසා බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ අතර ධර්මසේකර , කෙලී සේනානායක , ප්‍රේමපාල , නිමල් මහරගේ, රොබට් ජයසේකර වැන්නවුන් සැඟවී ජීවිත බේරාගත්හ. ලොකු අතුල , සෝමසිරි කුමානායක ,ගාමිනී බාස් යන හිටපු අනුගාමිකයන්ද 71 කැරැල්ලේදී තමන් ගෙ ප්‍රශ්න කල උපාලි සෙනෙවිරත්න , ඇන්ටන් ජෙගනාදන් යන පොලිස් නිලධාරීන්ද ඔහුගේ ඝාතන ලයිස්තුවේ මුලින්ම සිටි පුද්ගලයෝ වෙති.
- විජේවීර විසින් නියෝග දී මරා දැමුණු නන්දන මාරසිංහ විජේවීර වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල පුද්ගලයෙකි. නන්දන මාරසිංහ ඝාතනය කිරීම මගින් විජේවීර තුල තිබූ හීනවූ සහකම්පනීය අවබෝධය (lack of empathy) පෙනී යයි.
- ඉවත් කළ හැටි
- මිනිසෙකු ඝාතනය කිරීම සඳහා විජේවීර භාවිතා කල වචනය වූයේ " ඉවත් කරන්න " යන්නයි. මෙසේ විජේවීර විසින් ඉවත් කිරීමට නියෝග දුන් විට ඔහුගේ බැතිමත් අනුගාමිකයන් ඉතා ම්ලේච්ඡ ලෙස අදාල පුද්ගලයන්ව මරා දමන ලදි.
- කුරිරු ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම විජේවීර අනුමත කලා පමණක් නොව ඔහු ඝාතන කෙරෙහි ආශක්ත ද විය. මේ සඳහා විජේවීර තුල Posttraumatic embitterment disorder (PTED) තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි.
- මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය, සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි අප්‍රසන්න තිත්ත භාවය , අපිළිසරණ හැඟීම් , පළි ගැනීමේ ආශාව , සහකම්පනීය හැඟීම් අඩු බව , දුක්මුසු මනෝ භාවයන් , තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි.
- ශ්‍රී ලාංකික දේශපාලනය ගැන කතා කිරීමේදී රෝහණ විජේවීර විසින් ඔහුගේ අනු දැණුම ඇතිව සිදු කරන ලද ඝාතන පිලිබඳව පමණක් කතා කිරීම තේරුමක් නොමැත.
- විජේවීර ගේ නියෝග මත කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන කතා කරන විට අනෙකුත් දේශපාලකයන් විසින් මනුෂ්‍ය ඝාතන නොකළේද...? යන්න නිතැතින්ම පැණ නැගෙයි. අනෙකුත් දේශපාලකයෝද මනුෂ්‍ය ඝාතන කළහ. එම නිසා අපට විජේවීරට පමණක් ඝාතන පිලිබඳව ඇඟිල්ල දික් කළ නොහැක".-(Y.W.B).
*පාදඩ "දේශපාලකයන්" විසින් රටට අහිමි කළ තවත් විශිෂ්ටයෙක්...!-(Y.W.B).
[සංස්කරණය]- පාදඩ "දේශපාලකයන්" විසින් රටට අහිමි කළ තවත් විශිෂ්ටයෙක්...!-(Y.W.B).
============================================
[සංස්කරණය]- මේජර් ජෙනරාල් විජය විමලරත්න.
===============
[සංස්කරණය]- පූර්විකාව.
=
[සංස්කරණය]- සිවිල් ජීවිතය.
==
[සංස්කරණය]- දකුණු ලක මාතර තළල්ලෙහි පදිංචි වනිගමුණි පීටර් මෙන්ඩිස් විමලරත්න මහතාගේ සහ බේරුවල මුල්ලෙපිටියේ සාලින් කුමාරසේකර මහත්මියට දාව 1940 අගෝස්තු මස 25 වන දින කොළඹ සොයිසා රෝහලේදී උපත ලද වනිගමුණි ඉන්ද්‍රජිත් විජයකුමාර මෙන්ඩිස් විමලරත්න සහෝදරයන් නවදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවාය.
- කොළඹ රාජකීය විද්‍යාලයෙන් තම සිප් සතර හදාරා දේශය ආරක්ෂා කිරිමේ උදාරතර කාර්ය ඉටු කිරිම සඳහා 1961 ඔක්තෝබර් මස 21 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මුලික යුධ පුහුණුව හදාරන ලදි.
- විජය විමලරත්න 1970 ක් වු මාර්තු මස 13 වන දින මානෙල් මංගලිකා මෙනවිය සමග විවාහ වූ අතර, ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක වූහ.
- හමුදා දිවිය.
==
[සංස්කරණය]- මූලික පාඨමාලාවේදීම සාර්ථක හමුදා දිවියක ලක්ෂණ සනිටුහන් කරමින් විදේශිය කෙඩෙට් නිලධාරියෙකු ලෙස ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ බළඇණි කෙඩෙට් විධායක අධිකාරි තනතුරට පත් වු ප්‍රථම විදේශීය කෙඩෙට් නිලධාරියා ලෙස සටහන් තබා සාර්ථක ලෙස තම යුධ පුහුණුව නිම කරන ලදි.
- පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු 1963 අගෝස්තු මස 01 වන දින නි/50368 2/ලුතිතන් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබළ හමුදාව වෙත ඇතුලත් විය.
- නිලධාරි දිවියේ කඩඉම්.
=======
[සංස්කරණය]- පසුව මෙම නිලධාරි 1965 වසරේ ලුතිතන් නිළය දක්වාත්, 1968 වසරේ කපිතන් නිළය දක්වාත්, උසස්වීම් ලැබ අභිනවයෙන් නගාසිටුවන ලද ගැමුණු හේවා බළඇණිය වෙත 1969 නොවැම්බර් මස 02 වන දින ආරම්භක සාමාජිකයෙකු වශයෙන් එක්වීය.
- පසුව මැලේසියාවේදී පැවැත්වුන වනාන්තර යුධ පුහුණු පාඨමාලාව සාර්ථකව නිමාකර නැවත පැමිණීමෙන් පසු ප්‍රතිත්‍රස්ථ හා නගරබද සටන්ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මුලින්ම හඳුන්වාදෙන ලදි. මේජර් ජෙනරාල් විජය විමලරත්න කැම්බල්හි බ්‍රිතාන්‍ය යුධ හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකි.
- හමුදාව තුළ විමලරත්න සළකුණ.
=============
[සංස්කරණය]- 1982 වසරේදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ පළමුවන බළඇණියේ අණදෙන නිලධාරියා ලෙස පත් වු අතර, 1982 ජුලි මාසයේදි ලුතිතන් කර්නල් නිලයට උසස්වීම් ලැබීය. එවකට විසුරුවා හරින ලද 1 වන රජරට රයිෆල් භට පිරිස් හා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඒකාබද්ධ කොට වර්ෂ 1983 ක් වු ඔක්තෝබර් මස 14 වන දින 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව නමින් ජන්ම ලද ප්‍රෞඩ රෙජිමේන්තුවේ නිර්මාතෘ වශයෙන් තම නාමය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට එක් කළහ.
- මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විවිධ වු මාණ්ඩලික සහ උපදේශක තනතුරු ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල හොබවා මහත් වෙහෙසක් ගෙන ගජබා රෙජිමේන්තුව නගා සිටුවා එහි සටන්කාමී හා එකමුතුකම හරහා අනෙක් පාබල රෙජිමේන්තු වෙත ආදර්ශයක් ලබාදුන් ඔහු ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම ආඥාපති වේ.
- නිවැරදි නායකත්වය නිසි මාර්ගෝපදේශනය හා ආදර්ශ තුලින් ඉතා කෙටි කලක් තුලදීම තම බළඇණිය විශිෂ්ඨතම පාබල බළඇණියක් බවට පරිවර්ථනය කරගත් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රායෝගික මෙන්ම න්‍යාත්මක හමුදා දැනුමෙන් තම භටපිරිස් පෝෂණය කිරිම සදහා සෑම විටම අවධානය යොමුකරන ලදී. ඒ තුලින් ඉහලම තලයේ නිලධාරින් මෙන්ම සෙබළුන් බළඇණිය තුළ බිහිකර ගැනීමට හැකිවන ලද අතර, සෑම කටයුත්තකදීම උසස් ප්‍රථිපල නෙලා ගැනිමටද එය මහගු පිටුවහලක් විය.
- ප්‍රධාන මෙහෙයුම්.
==
[සංස්කරණය]- ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ 1987 වර්ෂයේදී දියත් කළ පළමු මෙහෙයුම වන "ඔපරේෂන් ලිබරේෂන්" හි දී බළඇණි 03 ක් සඳහා බළසේනාධිපති ලෙස පත් කරන ලදී.
- තවද ඔහු ඒ වන විට යාපනය ප්‍රදේශයේ නියෝජ්‍ය ආරක්ෂක සේනා ආඥාපති ලෙසද කටයුතු කලේය.
- තමා යටතේ සිටි සෑම නිලයෙක්ම සෑම අනතුරකදීම හා අවදානමකදීම ඉන් මුදවා ගැනිමට උත්සුක වු මෙම නිලධාරි තමා යටතේ සිටි කිසිදු නිලයෙකුගේ හමුදා ජීවිතය හෝ සිවිල් ජිවිතයට අහිතකර වන කිසිදු තීන්දුවක් නොගන්නා ලදී.
- 1990 දී යාපනය කොටුව ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදාගැනීම මෙන්ම 1991 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද බලෙව්ගය මෙහෙයුම සඳහාද නායකත්වය ලබා දෙමින් ඔහු අප්‍රතිහත කාර්යභාරයක් ඉටු කළේය.
- ඉතාමත් නිර්භීත පුද්ගලයෙකු වශයෙන් යාපනය ප්‍රදේශයේ සිදුවූ සෑම හදිසි සිදුවීමක් සදහාම හමුදා භඨපිරිස් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළේය.
- ආදර්ශවත් නායකත්වය.
=======
[සංස්කරණය]- මේජර් ජෙනරාල් විජය විමලරත්න සිය මාණ්ඩලික රාජකාරි කටයුතුවලදී ඉතා සුපරීක්ෂාකාරී ලෙස කටයුතු කරන ලද අතර, තමා යටතේ සිටින මාණ්ඩලික නිලධාරින් කෙරෙහි ඔහු දැක්වූ විශේෂ සැළකිල්ල හේතුවෙන් ඔවුන්ගේ රාජකාරින් හා අධ්‍යයන කටයුතු වල මනා ප්‍රගතියක් පෙන්වන ලදි.
- ඔහුගේ අවසාන පත්වීම වූයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙසය. ඔහුගේ දර්ශනය හා කැපවීම අන් අයට ඔවුන්ගේ හමුදාමය වෘත්තීන් සාර්ථක කර ගැනිමට එය අගනා මූලාශ්‍රයක් විය. සෑම විටම පෙරමුණ ගෙන නායකත්වයෙන් ක්‍රියා කිරිම බොහෝ මෙහෙයුම්වල සාර්ථකත්වයට තුඩු දුන්නේය. විධිමත් සැලසුම් සකස් කිරීමක් සාර්ථක මෙහෙයුම් කරගෙන යාමට ඉතා අවශ්‍ය සාධකයක් බවට ඔහු දැඩි ස්ථාවරයක සිටියේය. තවද, භටපිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සකස් කර ගැනිම ඉතා වැදගත් බව ඔහු සෑම විටම සහතික කළේය.
- විනයගරුක මෙන්ම මහත් කැපවීමෙන් රාජකාරි කරනු ලබන නිලධාරියෙක් වශයෙන්, ඔහු යටතේ සේවය කරන සියල්ලන්ගෙන්ම විශිෂ්ඨ සේවාවක් අපේක්ෂා කළේය. ඔහු සෘජු, මිත්‍රශීලී හා සාධාරණ පුද්ගලයෙකු විය. ඔහු යටතේ රාජකාරීන් කරනු ලබන සියල්ලන්ම ඔහු පිළිබදව දැඩි විශ්වාසයක් තැබු අතර, සෑම විටම ඔහු හට මුළු හෘදයාංගම සහයෝගය ලබාදෙන ලදි. මෙයට හේතුව වුයේ ඔවුන් සෑම විටම ඔහුගේ ආත්ම ශක්තිය සහ ධෛර්යය මෙන්ම ඔහුට ලබා දෙන ඕනෑම කාර්යක් සාර්ථකව නිම කරන බවට ඇති විශ්වාසය මතයි.
- ඔහු සෑම විටමඅනාගත පරිශිලනය සදහා සිදුකරනු ලැබු උසස් ක්‍රියාන්විතයන් වාර්ථාවන් ලෙස ගොණු කිරිමට ක්‍රියා කළහ.
- වඩමාරච්චි මෙහෙයුම.
======
[සංස්කරණය]- ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරු ප්‍රදේශය මුදාගැනීමේ වඩමාරච්චි මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ බ්‍රිගේඩියර්වරයකු ලෙසින්.
- ඊට සක්‍රීයව සම්බන්ධ වූ අනෙක් නිලධාරියා වන්නේ කර්නල් විජය විමලරත්නයි.
- 1987 මැයි 26 වැනිදා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වූ අතර 1987 ජූනි දක්වා යුද සැලසුම ක්‍රියාත්මක විය.
- ගැමුණු හා ගජබා රෙජිමේන්තුවල භටයන් 8000 ක් ඊට සම්බන්ධව සිටි අතර යුධ හමුදාවේ දැඩි ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන් කොන්ඩන්ආරු පාලම පුපුරුවා හැර යාපනය අර්ධද්වීපයට ඇතුල් වීම වැළක්වීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. එහෙත් ඉන් අධෛර්යමත් නොවූ භට පිරිස් උඩුප්පිඩි, වැල්වැටිතුරේ තෙල්ලඩි හරහා පේදුරුතුඩුව වෙත පැමිණීමට සමත් වෙන්නේ නිවැරදි හමුදා නායකත්වය හේතුවෙන්.
- විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරත්න සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට වැදුණු මරු පහරක් විය.
- දේශපාලනික හේතූන්.
=====
[සංස්කරණය]- ඉන්දු-ලංකා ගිවිසුම.
- ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ සහචරයන් යාපනය ප්‍රදේශයේ කොටුවී සිටියදී වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ. ආර් ජයවර්ධනට කියා සිටිනවා.
- ඉන්දියන් හමුදාව මෙරටට.
- 1987 ජුනි 03 දා උතුරේ ජනතාවට මානුෂික ආධාර යැයි කියමින් රතු කුරුස ධජය සහිත ඉන්දීය බෝට්‌ටු රැසකට යාපන අර්ධද්වීපය අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට ඉඩ දෙන්නේ නෑ.
- මෙයින් කෝපයට පත් වෙන ඉන්දීය රජය “අපි යාපනයට ගුවනින් සහනාධාර දමනවා.
- එම සහනාධාර රැගත් යානාවලට වෙඩි තැබීමට නුඹලා ක්‍රියා කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවෙයි” යැයි පවසමින් වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට බල කරමින් ශ්‍රී ලංකා රජය සමඟ සුප්‍රසිද්ධ ඉන්දු-ලංකා ගිවිසුමට එළඹෙනවා.
- මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඉන්දියානු හමුදා මෙරටට පැමිණෙන්නේ.
- වඩමාරච්චි මෙහෙයවූ කොබ්බෑකඩුව විමලරත්න සුසංයෝගය ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවූවානම් 2009 වසරේ අවසන් මානුෂීය මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය නොවන පරිදි සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ඉඩ තිබුණි.
- “බලවේගය” මෙහෙයුම.
=======
[සංස්කරණය]- අලිමංකඩ නැවත අල්ලා ගැනීම සඳහා දියත් කළ “බලවේගය” මෙහෙයුමද කොබ්බෑකඩුව විමලරත්න සුසංයෝගය නායකත්වය දුන් තවත් ක්‍රියාදාමයක්. 1991 වසරේ ජුනි මස අලිමංකඩ හමුදා කඳවුර වෙත කොටි ත්‍රස්තයන් දැඩි ප්‍රහාර එල්ලකර එය අල්ලා ගන්නවා. එහෙත් යුධ ටැංකි සහ බර අවි රහිතව අලිමංකඩ කඳවුර යලි අල්ලා ගැනීමට කොබ්බෑකඩුව,විමලරත්න ඇතුළු හමුදා බලසේනාවන්ට හැකියාව ලැබෙනවා.
- අවසන් ක්‍රියාන්විතය.
=====
[සංස්කරණය]- “Operation Final Countdown”.
==============
[සංස්කරණය]- 1992 වසරේදී LTTE ත්‍රස්තවාදී සංවිධානයෙන් උතුරු අර්ධද්වීපය මුදා ගැනීම සඳහා “Operation Final Countdown” නම් මෙහෙයුම සැළසුම්කර එය කෙටි කලකින් දියත් කිරීමට නියමිතව තිබුණි.
- එම කාල වකවානුවේදී යාපනය බලසේනාපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ උතුරු ප්‍රදේශ භාර නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෑන්ඩ් රෝවර් රථයකින් ගමන් කරමින් සිටියදී 1992 අගෝස්තු මස 08 වන දින යාපනය කයිට්ස් දූපතේ අරාලි තුඩුවේදී බෝම්බයකට හසුවූ අතර, බ්‍රිගේඩියර් විජය විමලරත්න සෙන්පතිදුන් එම අවස්ථාවේදිම දැයෙන් සමුගන්නා ලදී. ඉන්පසු ඔහු මේජර් ජෙනරාල් නිලයට උසස් කරන ලදි.
- අරාලි තුඩුවේ බෝම්බය.
======
[සංස්කරණය]- සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීමේ උවමනාවෙන් සෙන්පති කොබ්බෑකඩුව විමලරත්න සුසංයෝගය ප්‍රමුඛ උසස් නිලධාරීන් පිරිසක් “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුම පිළිබඳව රහස් සාකච්ජාවකට සහභාගී වන්නට 1992 අගෝස්‌තු 08 වැනිදා කයිට්ස් දූපත තුළ පිහිටා තිබුණු කදවුරක් වෙත ගමන් කරනවා.
- කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට පැමිණෙන්නේ බෝට්ටු වලින්. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව බ්‍රිගේඩියර් විජය විමලරත්න ට අමතරව, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් ජීප් රියකට ගොඩවෙන්නේ අරාලි තුඩුවට යාමටයි.
- “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවයි.
- සාකච්ජාව අවසන් වී නැවත නිලධාරීන් එමින් සිටි ජීප් රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වීමත් සමඟම මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා යනවා. ඊලග මොහොතේ ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටී සිටියේ මරුවා සමග සටන් කරමින්. මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි.
- පිපුරුමෙන් මොහොතකට පසුව අරාලි තුඩුවට පැමිණෙන හෙලිකොප්ටරයකින් කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන් පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ මරණයට පත් වෙනවා.
- පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් හමුදා නිලධාරීන් හා සම්බන්ධ වී වහාම ජයවර්ධනපුර මහ රෝහල අමතා හදීසි තත්ත්වයක් ප්‍රකාශ කර සියළු අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් හා ශල්‍යාගාරය වෙන්කර තබන ලෙසට දැනුම් දෙනවා.
- අතරමගදී හදීසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරෙනවා.
- ඝාතන අභිරහස.
==
[සංස්කරණය]- බරපතල සැක සහිත තැන්.
- ජයවර්ධනපුර මහා රෝහලේ සියළු කටයුතු සූදානම් කර තිබියදීත් කොබ්බෑකඩු රැගත් හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල අහසේ කීප විටක්‌ම කැරකී රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටයි.
- පලාලි වලින් රත්මලානටත් පසුව කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත වෙනවා.
- උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණ.
- වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් පස්වරු 2:30 පමණ වන විට මරුවා ජය ගනු ලබනවා.
- "කොටි ත්‍රස්තයන් විසින් පාරේ ඇටවූ පීඩන බෝම්බයකින් ජීප් රිය පුපුරා ගිය බවක් සදහන් කරමින් බෝම්බ පිපිරීම කොටි සංවිධානය විසින් සිදුකළ බවට ප්‍රචාරය කළත් එම මරණ අදටත් ඉතාමත් සැක සහිතය.
- කොබ්බෑකඩුව කොමිසම.
========
[සංස්කරණය]- පසුව මේ සම්බන්ධ කොමිසමක් පත්කරනු ලැබුවත් නියම සත්‍යය අනාවරණය වන්නේ නෑ.
- ඉන්පසුව කොබ්බෑකඩුව කොමිසම පත්කෙරෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේදීයි.
- කොමිසමේ ආරාධනය අනුව බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ.ආර් වයිට් සිදුවීමට අදාළ ඡායරූප විමර්ශනය කර අරාලි තුඩුවට ආසන්න ස්‌ථානයකදී ජීප් රථ දෙකක් විමර්ශනයට ලක් කරනවා.
- එක් විමර්ශනයක් වූවේ නිලධාරීන් නව දෙනකුගේ බර යොදා ජීප් රියක් බිම් බෝම්බයක් පිහිටි ස්‌ථානයක් හරහා යෑවීමයි.
- අනෙක වූවේ ජීප් රිය තුළ බිම් බෝම්බයක් අටවා නව දෙනෙක්ගේ බරක් යෙදීමයි.
- වයිට්‌ගේ නිගමනය වූයේ මෙය බිම් බෝම්බයක් නොවන බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයක් බවත්ය.
- ඝාතන සැකය.
==
[සංස්කරණය]- ඝාතනයේ සැකය යොමු වන්නේ එවකට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස වෙතටයි.
- නමුත් ඒ වන විට ජනාධිපතිවරයා "LTTE" බෝම්බකරුවෙක් අතින් (වර්ෂ 1993 මැයි 1 දින) ඝාතනය වී හමාරයි.
- ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා නොමැකෙන මතකයක් ඉතිරි කරමින් කොබ්බෑකඩුව,විමලරත්න ප්‍රමුඛ වීර සෙන්පතියන් ගේ ඝාතනය කොටි ත්‍රස්තයන් විසින්ද නැත්නම් බලලෝභී දේශපාලකයන් විසින් සිදු කලාද යන්න තවම අභිරහසක් බව ඝාතනයෙන් වසර ගණනාවක් ගත වුවද ලියා තැබිය යුතු වන්නේ ඉහත දැක්වූ හේතූන් නිසාය.
- තම රට හා ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කළ ගෞරවාන්විත සෙන්පතියෙකු හා විශිෂ්ඨ නිලධාරියෙකු මෙන්ම රණශූරයෙකු වූ මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පති නාමය ශ්‍රී ලංකා යුධ වංශ කතාවේ සදා නොමැකි පවතිනු ඇත.-(Y.W.B).
"ලොක්කන්" ඇතුවා-මේවගේ කෙනෙක් නොදුටුවා....!.-(Y.W.B).
[සංස්කරණය]"ලොක්කන්" ඇතුවා-මේවගේ කෙනෙක් නොදුටුවා....!.-(Y.W.B).
========================
[සංස්කරණය]"අලි"+"කොටි"+"නරි" එකතුවී කුමන්ත්‍රණකාරීව මරා දැමූ සැබෑ මිනිසා.
==========================
[සංස්කරණය]සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව-අබිරහස් ඝාතනය-1992-08-08-ශනි දින.
==========================
[සංස්කරණය]කොටි ත්‍රස්තයන් බියෙන් සලිත කරමින් 1987දී උතුරේ ක්‍රියාත්මක වූ “වඩමාරච්චි” මෙහෙයුම, 1990දී නැගෙනහිර "LTTE" සංවිධානයෙන් මුදා ගැනීමේ සාර්ථක මෙහෙයුම වූ “ක්ලීන් ස්වීප්” හා අලිමංකඩ මුදා ගැනීම සඳහා 1991දී ඇරඹි “බලවේග” මෙහෙයුම යන මෙහෙයුම් 2009දී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමට පෙර සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මෙහෙයුම් ලෙස ඉතිහාස ගත වී තිබෙනවා.
මෙම මෙහෙයුම් මගින් ලබා ගත් ජයග්‍රහණ පසුව දේශපාලනිකමය හේතූන් නිසා කණපිට පෙරලුනත් 80 දශකයේ අග හා 90 දශකයේ මුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නිවැරදි හමුදාමය නායකත්වයක් ලැබුණු කාලයක් ලෙස හැදින්වීමට ඉහත සදහන් කළ මෙහෙයුම් සාක්ෂි දරනවා.
එම යුගයේදී මෙරටින් ත්‍රස්තවාදය අතුගා දමන්නට එම මෙහෙයුම් වලට හමුදා නායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ අදටත් ආදරයට පත් සෙන්පතියෙකු ලෙස ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අවිවාදයෙන් හදුන්වා දිය හැකිය.
මූලික හැදින්වීම.
==
ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව 1940 වසරේ ජූලි 27 වනදා මහනුවරදී උපත ලබන අතර මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ ඩෙන්සිල් ලක්ෂ්මන් ඔහුගේ දෙමාපියන් වෙනවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරන කොබ්බෑකඩුව ශිෂ්‍යයා පාසල් අවධියේ විද්‍යාලීය රගර් කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් දක්වනවා.
හමුදා දිවියේ ආරම්භය.
==
[සංස්කරණය]1960 වසරේ මැයි මස 29වන දින කැඩෙට් නිලධාරියකු වශයෙන් යුධ හමුදාවට එක් වෙන කොබ්බෑකඩුව තරුණයා 1962 වසරේ අගෝස්තු මස 03වන දින දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබනවා. 1966 ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි සේවයට කැඳවන්නේ 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුවයි.
1971 කැරැල්ල.
1971 කැරැල්ල මර්ධනය කිරීම සඳහා යුධ හමුදාව විසින් දකුණු ප්‍රදේශය මෙහෙයවීමට භාර දෙනු ලබන්නේ කොබ්බෑකඩුවටයි. අනෙක් නිලධාරීන්ට සාපේක්ෂව ඔහු සිරකරුවන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ක්‍රියා කළ බව සදහන් වෙනවා.
වඩමාරච්චි මෙහෙයුම.
ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුරු ප්‍රදේශය මුදාගැනීමේ වඩමාරච්චි මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ බ්‍රිගේඩියර්වරයකු ලෙසින්.
ඊට සක්‍රීයව සම්බන්ධ වූ අනෙක් නිලධාරියා වන්නේ කර්නල් විජය විමලරත්නයි.
1987 මැයි 26 වැනිදා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වූ අතර 1987 ජූනි දක්වා යුද සැලසුම ක්‍රියාත්මක විය.
ගැමුණු හා ගජබා රෙජිමේන්තුවල භටයන් 8000 ක් ඊට සම්බන්ධව සිටි අතර යුධ හමුදාවේ දැඩි ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන් කොන්ඩන්ආරු පාලම පුපුරුවා හැර යාපනය අර්ධද්වීපයට ඇතුල් වීම වැළක්වීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. එහෙත් ඉන් අධෛර්යමත් නොවූ භට පිරිස් උඩුප්පිඩි, වැල්වැටිතුරේ තෙල්ලඩි හරහා පේදුරුතුඩුව වෙත පැමිණීමට සමත් වෙන්නේ නිවැරදි හමුදා නායකත්වය හේතුවෙන්.
විශේෂයෙන් කොබ්බෑකඩුව, විමලරත්න සුසංයෝගය එල්.ටී.ටී.ඊ.යට වැදුණු මරු පහරක් විය.
දේශපාලනික හේතූන්.
==
[සංස්කරණය]ඉන්දු-ලංකා ගිවිසුම.
ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ සහචරයන් යාපනය ප්‍රදේශයේ කොටුවී සිටියදී වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ. ආර් ජයවර්ධනට කියා සිටිනවා.
ඉන්දියන් හමුදාව මෙරටට.
1987 ජුනි 03 දා උතුරේ ජනතාවට මානුෂික ආධාර යැයි කියමින් රතු කුරුස ධජය සහිත ඉන්දීය බෝට්‌ටු රැසකට යාපන අර්ධද්වීපය අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට ඉඩ දෙන්නේ නෑ.
මෙයින් කෝපයට පත් වෙන ඉන්දීය රජය “අපි යාපනයට ගුවනින් සහනාධාර දමනවා.
එම සහනාධාර රැගත් යානාවලට වෙඩි තැබීමට නුඹලා ක්‍රියා කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවෙයි” යැයි පවසමින් වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට බල කරමින් ශ්‍රී ලංකා රජය සමඟ සුප්‍රසිද්ධ ඉන්දු-ලංකා ගිවිසුමට එළඹෙනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඉන්දියානු හමුදා මෙරටට පැමිණෙන්නේ.
වඩමාරච්චි මෙහෙයවූ කොබ්බෑකඩුවගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවූවානම් 2009 වසරේ අවසන් මානුෂීය මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය නොවන පරිදි සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ඉඩ තිබුණි.
මෙහෙයුම් සඳහා ලබාදුන් නායකත්වය.
==
[සංස්කරණය]1990 ජූලි 11 වන විට "LTTE" සංවිධානය නැඟෙනහිර සිය අණසක පතුරවමින් ජන ජීවිත අඩාල කර සියලුම පොලිස් ස්ථාන වල බලය අල්ලා ගෙන පොලිස් නිලධාරීන් සිය ගණනක් ඝාතනය කරනු ලබනවා. මේ අවස්ථාවේදීත් ත්‍රස්තවාදීන්ගේ අණසකට නතු වූ නැඟෙනහිර මුදා ගැනීමට පැවරෙන්නේ කොබ්බෑකඩුවටයි.
නැඟෙනහිර ප්‍රදේශය කොටස් හතරකට බෙදා “ක්ලීන් ස්වීප්” මෙහෙයුම අතිසාර්ථක අයුරින් නිම කරන්නේ නැවතත් නැඟෙනහිර ජනාවාස හා ජන ජීවිත සුරක්ෂිත කරමින්.
“බලවේගය” මෙහෙයුම.
අලිමංකඩ නැවත අල්ලා ගැනීම සඳහා දියත් කළ “බලවේගය” මෙහෙයුමද කොබ්බෑකඩුව නායකත්වය දුන් තවත් ක්‍රියාදාමයක්. 1991 වසරේ ජුනි මස අලිමංකඩ හමුදා කඳවුර වෙත කොටි ත්‍රස්තයන් දැඩි ප්‍රහාර එල්ලකර එය අල්ලා ගන්නවා. එහෙත් යුධ ටැංකි සහ බර අවි රහිතව අලිමංකඩ කඳවුර යලි අල්ලා ගැනීමට කොබ්බෑකඩුව ඇතුළු හමුදා බලසේනාවට හැකියාව ලැබෙනවා.
අරාලි තුඩුවේ බෝම්බය.
=
[සංස්කරණය]සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීමේ උවමනාවෙන් සෙන්පති කොබ්බෑකඩුව ප්‍රමුඛ උසස් නිලධාරීන් පිරිසක් “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුම පිළිබඳව රහස් සාකච්ජාවකට සහභාගී වන්නට 1992 අගෝස්‌තු 08 වැනිදා කයිට්ස් දූපත තුළ පිහිටා තිබුණු කදවුරක් වෙත ගමන් කරනවා.
කරෙයිනගර් නාවික කඳවුරේ සිට කොබ්බෑකඩුව ප්‍රමුඛ අණදෙන නිලධාරීන් කයිට්ස් ජැටියට පැමිණෙන්නේ බෝට්ටු වලින්. මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවට අමතරව බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් ජීප් රියකට ගොඩවෙන්නේ අරාලි තුඩුවට යාමටයි.
“ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුමේ සැලැස්ම ක්‍රියාත්මක කරන එක් බිමක් වූයේ අරාලිතුඩුවයි.
සාකච්ජාව අවසන් වී නැවත නිලධාරීන් එමින් සිටි ජීප් රිය වැලි පාරකින් පැමිණ තාර පාරට දැමීමට සූදානම් වීමත් සමඟම මුළු ප්‍රදේශයම මහ හඩින් දෙදරමින් වාහනය පුපුරා යනවා. ඊලග මොහොතේ ඩෙන්සිල් කොබ්බෑකඩුව අඩි විස්සක් තිහක් පමණ දුරින් වැටී සිටියේ මරුවා සමග සටන් කරමින්. මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ සිරුර තුනටිය ළගින් කොටස් දෙකකට වෙන්වන්නටම කැඩිගොස් තිබුණි.
පිපුරුමෙන් මොහොතකට පසුව අරාලි තුඩුවට පැමිණෙන හෙලිකොප්ටරයකින් කොබ්බෑකඩුව හා ජයමහ යන සෙන්පතිවරුන් පලාලි රෝහලට ගෙන යාමට පියවර ගත්තද අතරමගදී මොහාන් ජයමහ මරණයට පත් වෙනවා.
පලාලි රෝහලට ඇතුළු කළ කොබ්බෑකඩුවට අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන් හමුදා නිලධාරීන් හා සම්බන්ධ වී වහාම ජයවර්ධනපුර මහ රෝහල අමතා හදීසි තත්ත්වයක් ප්‍රකාශ කර සියළු අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් හා ශල්‍යාගාරය වෙන්කර තබන ලෙසට දැනුම් දෙනවා.
අතරමගදී හදීසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා අනුරාධපුර මහ රෝහලද සූදානම් කෙරෙනවා.
ඝාතන අභිරහස.
==
බරපතල සැක සහිත තැන්.
ජයවර්ධනපුර මහා රෝහලේ සියළු කටයුතු සූදානම් කර තිබියදීත් කොබ්බෑකඩු රැගත් හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල අහසේ කීප විටක්‌ම කැරකී රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටයි.
පලාලි වලින් රත්මලානටත් පසුව කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට බොහෝ වේලාවක් ගත වෙනවා.
උදේ දහයට බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කළේ පස්වරු දෙකට පමණ.
වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් පස්වරු 2:30 පමණ වන විට මරුවා ජය ගනු ලබනවා.
"කොටි ත්‍රස්තයන් විසින් පාරේ ඇටවූ පීඩන බෝම්බයකින් ජීප් රිය පුපුරා ගිය බවක් සදහන් කරමින් බෝම්බ පිපිරීම කොටි සංවිධානය විසින් සිදුකළ බවට ප්‍රචාරය කළත් එම මරණ අදටත් ඉතාමත් සැක සහිතය.
කොබ්බෑකඩුව කොමිසම.
==
[සංස්කරණය]පසුව මේ සම්බන්ධ කොමිසමක් පත්කරනු ලැබුවත් නියම සත්‍යය අනාවරණය වන්නේ නෑ.
ඉන්පසුව කොබ්බෑකඩුව කොමිසම පත්කෙරෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේදීයි.
කොමිසමේ ආරාධනය අනුව බ්‍රිතාන්‍ය බෝම්බ නාශක විශේෂඥයකු වූ ඡේ.ආර් වයිට් සිදුවීමට අදාළ ඡායරූප විමර්ශනය කර අරාලි තුඩුවට ආසන්න ස්‌ථානයකදී ජීප් රථ දෙකක් විමර්ශනයට ලක් කරනවා.
එක් විමර්ශනයක් වූවේ නිලධාරීන් නව දෙනකුගේ බර යොදා ජීප් රියක් බිම් බෝම්බයක් පිහිටි ස්‌ථානයක් හරහා යෑවීමයි.
අනෙක වූවේ ජීප් රිය තුළ බිම් බෝම්බයක් අටවා නව දෙනෙක්ගේ බරක් යෙදීමයි.
වයිට්‌ගේ නිගමනය වූයේ මෙය බිම් බෝම්බයක් නොවන බවත් ජීප් රියේ අටවා තිබූ බෝම්බයක් බවත්ය.
ඝාතන සැකය.
=
ඝාතනයේ සැකය යොමු වන්නේ එවකට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස වෙතටයි.
නමුත් ඒ වන විට ජනාධිපතිවරයා "LTTE" බෝම්බකරුවෙක් අතින් (වර්ෂ 1993 මයි 1 දින) ඝාතනය වී හමාරයි.
ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා නොමැකෙන මතකයක් ඉතිරි කරමින් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියාගේ ඝාතනය කොටි ත්‍රස්තයන් විසින්ද නැත්නම් බලලෝභී දේශපාලකයන් විසින් සිදු කලාද යන්න තවම අභිරහසක් බව ඝාතනයෙන් වසර ගණනාවක් ගත වුවද ලියා තැබිය යුතු වන්නේ ඉහත දැක්වූ හේතූන් නිසාය.
මීට පෙර අප විසින් ලියා පළ කරන ලද "කවියකින්" මෙම ලිපියට මෙසේ තිත තබමු.
"ලොක්කන්" ඇතුවා-මේවගේ කෙනෙක් නොදුටුවා....!.
===============
[සංස්කරණය]සෙබලුන් සමගින්..................ඇඩුව
පොඩි එකාගෙ දුක..................මැඩුව දැනෙනව ඔබ නැති...................අඩුව ඩෙන්සිල්..................කොබ්බෑකඩුව...!.😢😢😢-(Y.W.B).
පාදඩ "දේශපාලනයේ" තවත් එක් ගොදුරක් වූ දක්ෂ සටන්කාමියා-මේජර් ජෙනරාල්-ජානක පෙරේරා-(1946.02.01-2008.10.06).-(Y.W.B).
[සංස්කරණය]පාදඩ "දේශපාලනයේ" තවත් එක් ගොදුරක් වූ දක්ෂ සටන්කාමියා-මේජර් ජෙනරාල්-ජානක පෙරේරා-(1946.02.01-2008.10.06).-(Y.W.B).
=============================
[සංස්කරණය]පුද්ගලික විස්තර(සිවිල් තොරතුරු).
==
[සංස්කරණය]1946 පෙබරවාරි 1දා මෙලොව එළිය දුටු ජානක පෙරේරා මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරීය.
ඉගෙනීමෙහිලා දක්ෂයකු වූ ජානක පෙරේරා කලා අංශයෙන් උසස් පෙළ සමත්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපාධිය හැදෑරීමට වරම් ලැබුණද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහුගේ සිත වඩාත් ඇදී යන්නේ විශ්වවිද්‍යාල දිවියට නොව හමුදා දිවියටයි.
හමුදා දිවිය(රාජකාරි තොරතුරු).
==
[සංස්කරණය]1966දී තම විශ්වවිද්‍යාල දිවියට තිත තියන ජානක පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි.
එංගලන්තයේ සුප්‍රකට සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy of Sandhurst) සිය පුහුණුව ලබන ජානක පෙරේරා දෙවන ලුතිනන්වරයකු ලෙස පළමුවන ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායට අනුයුක්ත කෙරිණි.
බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය කොලීජියෙන් (Royal College of Defence studies) මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා විද්‍යාපීඨයෙන් ඔහු ශිල්ප තර කරගන්නා ලදි.
දෙවන ලුතිනන් ජානක පෙරේරා පළමුවරට හමුදා නිලධාරියකු ලෙස රණවිරුකම් පානුයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමටයි.
ඉන් වසර දෙකක ඇවෑමෙන් කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ලැබීමට තරම් 27 හැවිරිදී ජානක පෙරේරා භාග්‍යවන්තයකු විය.
කමාන්ඩෝ නිලධාරි.
=
[සංස්කරණය]අතිදක්ෂ කාර්යශූර නිලධාරියකු ලෙස පෙඳෙන් පෙඳ හමුදාවේ හිණිපෙත්තට ඇදී යන ජානක පෙරේරා 1983 ඇරැඹෙන ඊළාම් යුද්ධයේදී දැඩි ලෙස ක්‍රියාකාරී වනුයේ ජ්‍යේෂ්ඨ හමුදා නායකත්වයේත් දේශපාලන යාන්ත්‍රණයේත් නොමසුරු ඇගැයීමට පාත්‍ර වෙමිනි.
1980දී ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ කමාන්ඩෝ බලකායට අනුයුක්ත වී සිටි ජානක පෙරේරා ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සෙන්පතියකු බවට පත්වෙමින් තිබුණි.
කොටි ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක්වූ කමාන්ඩෝ බලකාය එතරම් සවිබල සම්පන්න බලකායක් කිරීමෙහිලා ජානක පෙරේරාගෙන් ලැබුණු මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය.
"මායිම් ගම්මාන".
=
[සංස්කරණය]1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනයන් හරහා මායිම් ගම්මානවල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර "මායිම් ගම්මාන" වල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතැර ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තුබුණි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තෝරා ගත්තේ එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.
සිය වගකීම භාරගත් ජානක පෙරේරා ගම්බිම්වල ආරක්ෂාව සහ තම භට පිරිස් කළමණාකරණය දෙකක් නොව එකක් බව මනාව වටහා ගත්තේය. හමුදා කූඩාරමක දිවි ගෙවමින් ප්‍රදේශය ගැන සොයා බැලූ ජානක වැව් ප්‍රතිසංස්කරණය කරමින්, මංමාවත් පිළිසකර කරමින්, යුද හමුදා ජෙනරේටර් යොදා රෝහලට විදුලිය සපයමින් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීය.
ශ්‍රමදාන සංවිධානය කරමින් මේ කටයුතු වලට ප්‍රදේශවසීන්ගේ සහය දිනාගත් තුරුණු ලුතිනන් කර්නල්වරයා සෑම සති අන්තයකම ප්‍රදේශයට කොළඹින් විශේෂඥ වෛද්‍යවරුන්, බේත්හේත් ගෙන්වා වෛද්‍ය සායන සංවිධානය කළේ ප්‍රදේශවසීන්ගේ නිරෝගීකම වැදගත් සාධකයක් බව අවබෝධ කරගනිමිනි.
අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ "මායිම් ගම්මාන" සුරකිමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුද බිය නිසා පා නොතබන "මායිම් ගම්මාන"වලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශවල අසරණ ජනතාවට ඔහු පිළිසරණක් විය.
නිතර දෙවේලේ ජනතාව අතරට යමින් බිය සැක දුරු කළ ජානක ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කූඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය.
ජානක පෙරේරා නිතරම මායිම් ගම්මානවල ජනතාවට “මගේ මිනිස්සු” කියා අමන්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තුබූ භක්ත්‍යාදරය මනාව පිළිඹිබු වේ.
මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව “ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබූයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යයට පාර පෙන්වූ ඔහු කෙරේ ඔවුන් තුල පැවැති භක්තිය නිසාය.
වඩමාරච්චි මෙහෙයුම.
==
[සංස්කරණය]1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුමට (Operation Liberation) සක්‍රීයව දායක වන ජානක පෙරේරා ට එහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න ආදී ශූරවීර රණනායකයන් සෙවනේ හමුදා පන්නරය හිමිවේ.මේ වනවිට ත්‍රස්තවාදයට එරෙහිව වූ සටනේ දිගින් දිගටම වීර විකුම් පෑ ජානක පෙරේරා කර්නල් නිලය දක්වා උසස් කර තිබුණි.
කෙටි කාලයක් තුල යාපන අර්ධද්වීපය දෙවනත් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චි ප්‍රදේශයට කොටු කිරීමට වීර හමුදාවෝ සමත් වුවත් ඉන්දියාව මැදිහත්වීමෙන් කොටින් දිවි ගලවා ගත්හ.
කොටින්ට ආහාර, පාන, සහ ආයුධ සපයමින් ඉන්දියාවේ රාමේෂ්වරන් වරායෙන් එවූ නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් හරවා යැවුණු කළ ඉන්දියාවේ බැංගලෝරයෙන් පිටත් කෙරුණු ඇන්ටනොව් 32 යාන දෙකකින් ආහාර පාන, ලාම්පු තෙල් ආදිය යාපන අර්ධද්වීපයට හෙළීය.
එම ඇන්ටනොව් 32 යානා දෙකට පරිවාර ලෙස මිරාජ් ප්‍රහාරක යානා එවුණු අතර ශ්‍රී ලංකා හමුදා එම යානාවලට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට පමණක් නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියාව සූදානම්ව සිටි බව ඉන්දීය ලේඛක එම්.ආර්. නාරායන් ස්වාමි සිය ලංකා කොටි ග්‍රන්ථයේ සඳහන් කරයි.
ඔහු කියන පරිදි ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා මෙන්ම මෙහෙයුම් අණදෙන නිලධාරී නලීන් සෙනෙවිරත්න යන සියල්ල අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබී ඇත.
එහෙව් වාතාවරණයක් තුල රටේ පැවැත්ම උදෙසා අකමැත්තෙන් වුව පසුබැසීම හැර අන් විකල්පයක් නොවීය.
ජවිපෙ කැරැල්ල.
==
"එවක කැපීපෙනෙන තරුණ හමුදා නිලධාරියකු ලෙස සිටි ජානක පෙරේරා 88-89 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල මැඩලීමේ අභියෝගයට යෙදවීමට රජය තීන්දු කළහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අල්ලා ගැනීමේ භාරධූර කර්තව්‍ය ජානක පෙරේරාට පැවරිණි. ජානක පෙරේරා බුද්ධිමත්, සූක්ෂම නිලධාරියකු වූ අතර ඔහුට බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ සහජ හැකියාවක් තිබුණි.
තමන්ට ලැබෙන හෝඩුවාවන් ඔස්සේ රෝහණ විජේවීර වලපනේ බංගලාවක ගම්ලත්(අත්තනායක) නම් වූ වතු අධිකාරීවරයකු ලෙස වෙස් වලාගෙන සිටින බවට කර්නල් ජානක පෙරේරාට ඒත්තු ගියේය.
වලපනේ වත්තට ගිය ජානක පෙරේරා තමන්ව හඳුන්වා දී ගම්ලත් (අත්තනායක) යනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර සමඟ සතුටු සාමීචියකට පුල්පන්නේය, මේ සතුටු සාමීචය අස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න නගමින් ජානක පෙරේරා සෑහෙන වේලාවක් ගම්ලත් නමින්(අත්තනායක) පෙනී සිටින්නා හා දොඩමළු විය.
ගම්ලත් ගෙන් විජේවීර ගැනත් ජවිපෙ ගැනත් ඇසූ විට ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ගැන කිසිවක් නොදත් බව අඟවමින් රඟපෑ නමුත් ජානක පෙරේරාට මේ රෝහණ විජේවීරමයි යන විශ්වාසය ඇති වෙමින් තිබුණි. උණුසුම් තේ කෝප්පයක් රස විඳීමෙන් පසු ගම්ලත්ට ඔහුගේ ආගන්තුක සත්කාරවලට ස්තූති කර ආපසු නික්මීමට අවසර පතා දොරකඩ දක්වා සාමාන්‍ය ගමනින් කර්නල්වරයා ගමන් කළේය.
ඕනෑම කෙනෙකු කොච්චර දක්ෂ ලෙස බොරුවක් රඟදැක්වුවද එය කරන්නේ විශාල ආතතියකිනි, එම බොරුවෙන් අත් මිදුණු කළ එකී ආතතිය පහව ගොස් එම පුද්ගලයා සැහැල්ලු වන්නේය. විජේවීර සහෝදරයාද තමන් අසුවේදෝ යන ආතතියෙන් පෙළෙමින් ගම්ලත් චරිතය රඟපාන්නට ඇත, නමුත් කර්නල් ජානක පෙරේරා නික්ම යන විට ඔහුට විශාල සහනයක් දැනී අරක් ගෙන සිටි ගම්ලත් චරිතයෙන් ඉබේටම අත්මිදෙන්නට ඇත.
මේ මානව හැසිරීම් රටාව අවබෝධ කරගෙන සිටි ජානක පෙරේරා දොරකඩදී එකවරම ආපසු හැරී “ඇත්ත කියනවා… උඹ නේද රෝහණ විජේවීර??” කියා දැඩි විශ්වාසයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව කියැවේ.
මේ හදීසි හැසිරීමෙන් තිගැස්සුණු රෝහණ විජේවීර ගේ මුහුණේ අංග ලක්ෂණ වලින් ගම්ලත් චරිතය පුස්සක් බවත් ඔහු සැබැවින්ම රෝහණ විජේවීර බවත් ජානක පෙරේරාට වැටහෙන්නට ඇත.මේ අනුව තමා රෝහණ විජේවීර ලෙස පිළිගත් වතු අධිකාරීවරයා කර්නල් ජානක පෙරේරා විසින් අත්අඩංගුවට ගත්තේ තමන් කරන්නේ තම රාජකාරිය බව සිහිපත් කරදෙමිනි.
විජේවීර ජානක පෙරේරාගෙන් තම බිරිඳට සහ දරුවන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වන අතර එම ඉල්ලීම ඉටු කිරීමට ජානක පෙරේරා ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර කැටුව කොළඹ ආ ජානක පෙරේරා ඔහුව අදාල නිලධාරීන්ට භාර දී තම රාජකාරිය ඉටු කළේය.
පසුව රෝහණ විජේවීර කෲර ලෙස ඝාතනය වූ අතර ඊට ජානක පෙරේරා සම්බන්ධ යැයි චෝදනා එල්ල වුවද පසුකාලීනව ජානක පෙරේරා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කළේ ඔහුගේ රාජකාරිය බවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තේය.
කෙසේ වෙතත් රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පිළිවෙතින් ඔප් නැංවෙන්නේ ජානක පෙරේරා තුල මිනිස් හැසිරීම් රටාව කෙරේ තුබූ අවබෝධයත් ඔහුගේ බුද්ධිමත්භාවය සහ සංවේදීභාවයයි".
(සැ:යු-මෙම සිද්ධි දාමය පිළිබදව විවිධාකාර වූ කතන්දර තිබේ.මෙහි සදහන් කළේ ඉන් එක් කතන්දරයකි කෙසේ නමුත් රෝහණ විජේවීර අත් අඩංගුවට ගැනීමට ගිය හමුදා ක්ෂණික විහිදුම් බලකාය මෙහෙය වූයේ ජානක පෙරේරා බවත් ගාමිණී හෙට්ටිආරච්ච් හා බුද්ධි අංශයේ මුතාලිෆ් වැනි නිලධාරීන්ද එම කණ්ඩායමේ සිටි බවත් සත්තකි).
නැගෙනහිර.
=
1993දී තොප්පිගලින් හමුදාව දියත් කළ මෙහෙයුම අඛණ්ඩව ගෙන යෑමට රජය උත්සුක වූ අතර මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන නියමුවකු ලෙස බ්‍රිගේඩියර් ජානක පෙරේරා කැපී පෙනුණි. තොප්පිගල කැලයෙන් ඇරැඹි මෙම මෙහෙයුම කෙටි කලෙකින් මුළු නැගෙනහිරම කොටි ග්‍රහණයෙන් නිදහස් කරගනිමින් අවසාන කරගැනීමට ජානක ඇතුළු හමුදාව හපන්කම් පෑහ.
වැලිඔය.
==
මුහුදු කොටි.
වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයද සාර්ථක ලෙස ජයගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ හමුදාවෝ සමත් වූයේ අනේකවිධ අගහිඟකම්, දුෂ්කරතා මැදය.
මුහුදු කොටින් 300ක් පමණ මරු තුරුලට යැවූ මෙම සටනේදී කොටින් මළ සිරුරු 200ක් පමණ සටන් බිමේ දමා ගොස් තිබිණි. ඒ සියල්ල රතු කුරුසයට භාරදෙමින් ඔහු තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේය. නමුත් ඊටත් වඩා එහා ගිය අභියෝගයකට නුදුරේදීම මුහුණදීමට ජානක පෙරේරාට සිදුවුණි.
වැලිඔය ප්‍රහාරය.
==
ලංකා යුද ඉතිහාසයේ සුවිශේෂී ප්‍රහාරයක නියමුවා ලෙස ජානක පෙරේරා ඉතිහාස ගතවේ. එක රැයකින් කොටි ත්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් මරු තුරුලට යැවූ එම සටනින් මළ සිරුරු 503ක් සොයා ගැනුණු අතර එය ලක් යුද ඉතිහාසයේ එක් රැයකදී වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කර දැමූ සටන ලෙස වාර්තා වී ඇත.
එවක වැලිඔය ආඥාපතිවරයාව සිටි ජානක පෙරේරාට විශේෂ මූලාශ්‍රයකින් වැලිඔය හමුදා කඳවුරට ප්‍රහාරයක් නොබෝ දිනෙකින් එල්ල කිරීමට කොටි සංවිධානය සූදානම් වන බව තහවුරු වී තිබුණි.
ජානක පෙරේරා කඳවුරේ සෙබලුන් හා සුපුරුදු පරිදි කල් ගෙවීය. නිවාඩු ඉල්ලා තුබූ සොල්දාදුවන්ට නිවාඩු ලබාදෙමින් තමාට කොටි ප්‍රහාරය ගැන කිසිඳු හෝඩුවාවක් ලැබී නැතැයි හඟවමින් කොටින් ඇන්දවීම ජානක පෙරේරාගේ අරමුණ විය.
එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වීමට නියමිතව තුබූ දිනයේ රාත්‍රී ජාමය වනවිට ජානක පෙරේරා තම සොල්දාදුවන් හෙමෙන්සීරුවේ වැලිඔය කඳවුරෙන් ඉවත් කර කඳවුර වටා කැලයේ ඉතා සූක්ෂම ලෙස ස්ථානගත කළේය.
ශ්‍රී ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ විශ්මයට කඳවුර අතැර දමා තිබුණි. සිදුවන්නේ කිමෙක්දැයි අදහා ගැනීමටත් පෙර සිව්දෙස කැලයෙන් කොටින්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි.
රැය පහන්වන තුරු ඇවිලුණු දරුණු සටන් නිමා වූයේ කොටි මළසිරුරු 503ක් එම භූමියට පතිත කරවමිනි.
මුළු සටන පුරාම ජීවිතක්ෂයට පත්වූයේ හමුදා භටයින් 20කට අඩු ගණනකි.
මෙම සටනේදී මුලින් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ජානක පෙරේරා විසින් වැලිඔය ආරක්ෂාව වඩාත් තර කිරීම සදහ කමාන්ඩෝ බලඝණයක් එවන ලෙස කීප වරක්ම හමුදා මූලස්ථානයෙන් ඉල්ලා සිටි නමුත් එම තොරතුරු මූලාශ්‍ර තහවුරු නැතැයි කියමින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණි.එහිදී තමන්ට තිබූ පාභල බලඇණි හා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් යොදා ගනිමින් සියළු ආරක්ෂක විදිවිධාන යෙදීමට ඔහු ඇතුළු පිරිසට සිදි විය.අවසානයේ සටන ඇවිලී බොහෝඅ වෙලා ගිය පසු වෙනත් ගමනක් ගොස් එමින් සිටි කමාන්ඩෝ භට පිරිසක් එතැනට බැස්සවීමට නම් අදාළ ඉහල බලධාරීන් කටයුතු කළහ.
එයින් පැහැදිලි වන්නේ ජානක පෙරේරාට වැලිඔය බාර දුන්නේ ඔහුව පරාජයකට ලක්කර ඔහු ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට බැව් නොවේද...? නමුත් එය කණපිට හරවා ගැනීමට ඔහුට එහි සිටි සියළු සෙනීන්ගේ දායකත්වයෙන් හැකිවීම තුළ බලධාරීන්ට කපන්න බැරි අත ඉඹින්නා සේ ජානක පෙරේරාට වගකීම් දීම හැර වෙනත් විකල්පයක් නොමැති විය.
මෙම සටනේදී කර්නල්-වජිර විජේගුණවර්ධන ඇතුළු අනෙකුත් නිලයන් හා සෙසු නිලයන් ඒකාබද්ධව දැක්වූ දායකත්වයද කිසිසේත්ම අමතක නොකළ යුතුය.
මේ ජයග්‍රහණයෙන් අනතුරුව ජානක පෙරේරා ජනමාධ්‍යවේදීන්ට පැවසූයේ-“අවුරුදු 14 ළමුන් මරා සතුටු විය හැක්කේ මොන සොල්දාදුවාටද? මේත් මගේ රටේම මිනිස්සු, ඔයගොල්ලො තමුන්ගෙම මිනිස්සු මරණවද?”කියාය. මේ කියමන සැබැවින්ම ඉතා ගැඹුරු අර්ථයකින් හෙබි ප්‍රකාශයක් නොවන්නේද? කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ අතැතිව හමුදාවට ඒ ආයුධයෙන් පහර දුන්නේද මේ රටේම පුරවැසියන්ය යන යාථාර්ථය ඔහු මැනැවින් අවබෝධ කරගෙන තිබූ සෙයකි.
වැලිඔය සංග්‍රාමික මෙහෙයුම හමුදාවන්ට සුවිශේෂී විජයග්‍රහණයක් විය. උතුරත් නැගෙනහිරත් කොටි ක්‍රියාකාරකම් සම්බන්ධ වූයේ වැලිඔය හරහාය. උතුරින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් කොටි සෙබලුන් ගමන් ගත්තේ වැලිඔය හරහාය. එම ගමන්මගට වැලිඔය කඳවුර සහ ජානක පෙරේරා බාධාවක් වුණි. එම බාධාව ඉවත් කිරීමට එල්ල වූ ප්‍රහාරයෙන් කොටින් ලැබුයේ සුළු පටු පරාජයක් නොවන වග නම් පැහැදිලිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි.
ජානක පෙරේරා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වන දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගත අහම්බයක්ද...?
යාපන අර්ධද්වීපය.
=
[සංස්කරණය]යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනාගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූවාට සැක නැත.
1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස් වී සිටි ජානක පෙරේරා විසින් රඟදක්වන ලදි.
වසර ගණනකින් පසුව යාපනය නගරය රජයේ පාලනයට නතු කල රිවිරැස මෙහෙයුම 90 දශකයේ බලවේගය, ජයසිකුරු වැනි මෙහෙයුම් අතුරින් සුවිශේෂීත්වයක් ඉසිලීය.
එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේගකර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53වන සේනාංකය සමත්විය.
ජයග්‍රහණයෙන් උද්දාමයට පත් අනුරුද්ධ රත්වත්තේ යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු-“අපි කොඩි උස්සන්න ඕනෙ අපේ නොවන භූමියක් ඇල්ලුවම, මේත් අපේ භූමියමනෙ” කියා ඇති බව වාර්තා වේ. මෙවැනි කියමන් වල සැබෑ ගැඹුරුතර අරුතක් තිබුණද බොහෝ දේශප්‍රේමීන් යැයි ලේබල් අලවා ගන්නා උදවියට නම් මේවා නොරුස්සනවා විය හැක. ජානක පෙරේරාගේ "අවංකත්වය" ඔහුගේ හොඳට මෙන්ම නරකටද හේතු සාධකයක් වූ බව තතු දත්තෝ පවසති.
මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද වරලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් චිරුතිව් දූපතේ සිට කොටි බෝට්ටි සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැපකිරීමද ප්‍රධාන හේතුකාරකයක් වූ අතර එයද අප අමතක නොකළ යුතුය.
නොනවතින රැල්ල.
==
[සංස්කරණය]වැලිඔයින් පසු 23වන, 51වන සහ 53වන සේනාංකාධිපතිධුර ඉසිලූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 1999 වන විට කොමාන්ඩෝ සහ විශේෂ බලකා වල සේනාංකාධිපතිවරයා ලෙසට පත්ව සිටියේය.
වසර 2000 වන විට හමුදාව උතුරු යුද බිමේ පරාජයන් හමුවේ පරාජයන් ලබමින් මානසිකව ඇද වැටෙමින් පැවැතිණි. පුනරින්, කිලිනොච්චි, මුලතිව් හමුදා කඳවුරු කොටින් අත්පත් කරගෙන තුබූ අතර A9 මහාමාර්ගයේ බහුතර පාලනයද කොටි සන්තක විය.
අලිමංකඩ.
==
ඔයාදු අලෛහාල් (නොනවතින රැල්ල/Unceasing Waves) නමින් ප්‍රහාර මාලවක් දියත් කර තුබූ කොටි සංවිධානය කිසිදා හමුදාව අතින් ගිලිහී නොගිය, හසලක ගාමිණී වන් වීර සෙබලුන් දිවි දී රැකගත් අලිමංකඩ කඳවුරද ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගනු ලැබූයේ එහි ජල සැපයුම ඇනහිටුවමිනි. අලිමංකඩ සමඟම හමුදා සොල්දාදුවන් රැසකගේ ජීවිතද අහිමිව ගිය අතර කොටි සංවිධානය යාපනය නගරය ඇතුළු සමස්ථ අර්ධද්වීපයම අත්පත් කරගැනීමේ තර්ජනය දැඩිව පැවැතුණි.
යාපනයේ හමුදා මෙහෙයුම්වල කොඳු නාරටිය බඳු වූ පලාලි කඳවුරද දැඩි තර්ජනයකට මුහුණ පා තිබුණේ කොටින්ට බර අවි, යුද ටැංකි සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් (MBRL) රැසක් අලිමංකඩ බිඳ වැටීමත් සමඟ අත්පත්ව තිබූ හෙයිනි. මේ බර අවි නිසි ලෙස ස්ථානගත කිරීමේ අවස්ථාව කොටින්ට හිමි වුණි නම් පලාලි ගුවන්තොටින් ගුවන් යානා ගොඩබෑමට හෝ පිටත් කිරීමට නොහැකි වනු ඇත.
හමුදා සෙබලුන් 1000කට අධික ප්‍රමාණයකට මරු කැඳවද්දී කොටි ත්‍රස්තයින් 35ක් පමණක් මරු වැළැඳගත් අලිමංකඩ ප්‍රහාරය යුද හමුදා ඉතිහාසයේ විශාලතම පරාජය ලෙස ඉතිහාසගතව ඇත.
හමුදා සෙබලුන් 40,000ක් පමණ ස්ථානගතව සිටි යාපන අර්ධද්වීපය මුළුමනින්ම රජයේ ග්‍රහණයෙන් ගිලිහී යෑමේ දැඩි අවදානමක් හට ගෙන තුබුණි. එම සෙබලුන් 40,000ට ඇති සැපයුම් මාර්ග (උදා – පලාලි) අහුරා ක්‍රමිකව හමුදාව අසරණ කර යාපන අර්ධද්වීපය දිනීම කොටින්ගේ උපක්‍රමය විය.
මේ උපක්‍රමය සාර්ථක වීමේ සම්භාවිතාව කොතෙක්ව තිබුණිද යත් එවක ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉවත් කර ගැනීමට නෞකා සපයන ලෙස ඉන්දීය රජයෙන් සහය ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකා නාවුක හමුදා යාත්‍රා හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉක්මන් පසුබැසීමකට ප්‍රමාණවත් නොවුණු නිසා ඉන්දියාවෙන් කළ මෙම බැගෑපත් ඉල්ලීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් බැරෑරුම් අඩියකට පත්විණි.
යාපන අර්ධද්වීපයේ හමුදා සෙබලුන් 40,000කගේත් රාජ්‍ය පාලනයේත් අනාගතය තීරණය කෙරෙන හමුදා මෙහෙයුමට නායකත්වය සඳහා මේජර් ජෙනරාල්වරු දෙපලක් තෝරාගන්නා ලදි. ඉන් එක් අයෙකු වූයේ එවක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරායි අනෙකා එවක සාමාන්‍ය මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් (DGGS) සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය.
මෙහිදී ජානක පෙරේරා සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙසත් යාපනයේ ආරක්ෂක සේවා ආඥාපති ලෙස පත්වීම් ලත්තේය. යාපනයේ සිට ස්වාධීන රූපවාහිණි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ මේජර් ජෙනරල්-ජානක පෙරේරා එහිදී ඕනෑම පරිත්‍යාගයක් කොට යාපනය රැක ගැනීමට සුදානම් බවත් හමුදාව හැරගිය සියළු දෙනාට තමන් හා එකතු වී අභීතව සටන් වදින ලෙසත් ප්‍රකාශ කළේය.මේ සටනේදී කොටි සංවිධානයේ මෙහෙයුම් නායකයා වූයේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ය
හමුදා සැලසුම් කෙටුම්පත් කළ මේජර් ජෙනරාල්වරු යාපන අර්ධද්වීපයත් තම සෙබලුන්ගේ ජීවිතත් ආර්ක්ෂා කරගනු වස් දිවිහිමියෙන් කැපවිණි. වේගයෙන් යාපනය කරා ඇදෙමින් තිබූ කොටින්ට යාපන නගරයට කි.මි.45ක් නැගෙනහිරින් පිහිටි චාවකච්චේරියේදී දරුණු ලෙස පහරදෙමින් කොටි ගමන අඩාල කළද තර්ජනය දිගින් දිගටම පැවැතුණි.ඊටද කඩිනම් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ සියල්ලට අභීතව මුහුණ දෙමින් කොටින් මැඩපවත්වමින් වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමටත් යාපනයේ රජයේ පාලනය තහවුරු කිරීමටත් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙපල උත්සාහ කළහ.
යාපනය අර්ධද්වීපය රැක ගැනීම සඳහා දියත් කෙරුණු මෙහෙයුම බොහෝ අගහිඟකම් මැද, අවාසි සහගත තත්ත්වයක,හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යය බිංදුවට බැස තිබූ සහ කොටින්ගේ චිත්ත ධෛර්යය උපරිමයක්ව තුබූ මොහොතක ජයගැනීමට මේජර් ජෙනරාල්වරුන් දෙපල උත්සාහ කළහ.
මෙහිදී සරසාලේ සටන තීරණාත්මක සටනකි.එතෙක් එක දිගට ඉදිරියට එමින් සිටි එල්.ටී.ටී.ඊ සටන් කරුවන් පරාජය කර ආපසු හැරෙව්වේ තීරණාත්මක සරසාලේ සටනෙනි. ලුතිනන් කර්නල්-සුමේද පෙරේරා ගේ මෙහෙයවීමෙන් සටන් කළ (53 සේනාංකයට අයත් 533 බලසේනාව) එම සටන ජයග්‍රාහීව කෙළවර නොකරන්නට යාපනය බේරා ගැනීම ඉතාමත් අසීරු වීමට තිබූ ඉඩ බොහෝය.මෙහිදී 533 බලසේනාධිපති ලෙස ලුතිනන් කර්නල්-සුමේද පෙරේරා ත් එය අයත් 53 සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල්-සීවලී වණිගසේකර ත් කටයුතු කරන ලදි.
නමුත් අවසානයේදී ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා දෙදෙනා අතර ඇති වූ මතබේදයක් බල අරගලයක් දක්වා දුරදිග ගිය අතර එය දඩමීමා කරගත් පාලන අධිකාරිය මුලින්ම ජානක පෙරේරත් ඉන් පසුව සරත් ෆොන්සේකාවත් එම තණතුරු වලින් ඉවත් කර දමා වෙනත් නිලධාරීන් පත් කළහ.එම සිදුවීම් මාළාව අවසන් වූයේ එසේය.
එහිදී සිදු වූයේ පාලන අධිකාරිය විසින් ජානක පෙරේරාට එරෙහිව සරත් ෆොන්සේකාව යොදා ගැනීමයි.පෙරේරාට එරෙහි ෆොන්සේකා සටනේ අවසන් ප්‍රතිපලය වූයේ දෙදෙනාම දං ගෙඩියට යාමයි.
එහිදී පාලන අධිකාරියේ ලනුව ගිල්ල ෆොන්සේකාද අවසානයේදී එහිම බිල්ලක් විය.බිලී බෑමට යොදා ගන්නා ඇම දඩයම තුළ තමන්ද බිල්ලක් වන බැව් නොදැනීම පුන පුනා සිදුවන විෂම චක්‍රයකි.එය තේරුම් නොගන්නා තාක් කල් එම තුච්ඡ දේශපාලු සෙල්ලම පක්ෂ පාට මාරු කරමින් සැමවිටම සිදුවේ.සරත් ෆොන්සේකා පමණක් නොව ජානක පෙරේරා ද එය තේරුම් ගත්තේ නැත.
අසාධාරණය.
==
ජානක පෙරේරා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ දෙමළ තරුණයින් හමුදාවට බඳවා ගත යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙපරිද්දෙනි
“යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෙ දෙමළ මිනිස්සුන්ව කොටි ග්‍රහණයෙන් ගලවන එක, ඒක එහෙම වෙන්නනම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයො කරගන්ට ඕනෙ, උතුර අල්ලගෙන ඒක සිංහල සෙබලුන්ගෙ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නෙ නැහැනෙ.”
මේ තර්කය ඔහු සාධාරණීකරණය කළේ 1945 මිත්‍ර පාක්ෂික හමුදා නට්සි හමුදා පරදා ලෝක යුද්ධය නිමා කිරීමට ප්‍රංශයේ නෝමැන්ඩියට ගොඩ බසින විට පෙරටුව ගමන්ගත්තේ ජෙනරාල් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදා බව උපුටමිනි. ජානක පෙරේරා තමන්ගේ අදහස්වලට අනුව මේ යුද්ධයට දුටු විසඳුම නම් බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සුළුජනයාගේ සිතුම් පැතුම් සංතුලනය කළ යුතු බවයි.
කළ නොහැකියැයි හැඟෙන මෙහෙයුම් සඳහා යොදා ගැනුණු රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තද පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් ජානක පෙරේරාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය.
එවකට චන්ද්‍රිකාගේ පාලනය තුළ සටන මෙහෙය වූ අනුරුද්ධ රත්වත්තේ ට කොහොමත් ජානක පෙරේරාව රිස්සුවේ නැත.
රත්වත්ත+දළුවත්ත සංයෝගය විසින් ජානක පෙරේරාව කොන්කර දමමින් ඔහුට පල නොකියා පලා බෙදීම තුළ ඉතිහාසයේදී එ.ජා.ප පාලනය තුළ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට අත් වූ ඉරණමට සමාන ඉරණමකට ලක් වීමට පොදු පෙරමුණු පාලනය තුළ ජානක පෙරේරා සෙන්පතිදුන්ට ද සිදුවිය.
සුදුසු කම් අනුව ලැබිය යුතුව තිබූ හමුදාපති නිලය ඇස් පනාපිටම අහිමි කරගනිමින් හමුදාවෙන් සමුගත් ජානක පෙරේරාට එයට වන්දි ලෙස සලකාදෝ කාටත් වගේ දෙන විදෙස් තානාපති සංතෝෂමක් චන්ද්‍රිකා විසින් විසිකරන ලදි.එය බාර නොගෙන සිටිය යුතුව තිබුණත් ඔහු කිසියම් හේතුවක් නිසා එය බාර ගත්තේය.
තානාපති සේවය.
==
කෙසේ හෝ බාරගත් තානාපති තණතුරේ අනිත් උන් සේ පුටු රත් කරමින් නොසිටි ජානක පෙරෙරා එම වගකීමද කරටම ගනිමින් හොද මෙහෙවරක් කරමින් සිටියදී පුටු රත් කරමින් පිං පඩි ගත් පෙන්දන්ට ඔහුගේ මෙහෙවර රිස්සුවේ නැත.ඒ අනුව සුපුරුදු ලාංකීය පන්දම් ක්‍රීඩාව යළිත් ක්‍රියාත්මක විය.පන්දම් හා කේළාම් ඉහ මුදුනින්ම දොහොත් මුදුන් දී බාර ගෙන ඇද ගන්නා චන්ද්‍රිකා නැවත වරක් ජානක පෙරේරා ගේ වැඩ වලට ඇගිලි ගසමින් පල නොකියා පලා බෙදන්නට වූවාය.
පිං පඩි ගනිමින් පුටු රත් කරන මෙලෝ රහක් නැති හිගන පෙන්දන් තානාපති සේවයම නිගාවට හෙළමින් වැඩ බැරුව පන්දම් අල්ලමින් පහරද්දී ලැබුණු දෙයින් උපරිම මෙහෙවරක් කිරීමට උපරිම උත්සාහ ගත් ජානක පෙරේරාට නැවත වරක් ලාංකීය තුච්ඡ දේශපාලනයේ ගොදුරක් වීමට සිදු විය.
ජරාජීර්ණ දේශ්පාලනයට.
==
[සංස්කරණය]නේක විධ කකුලෙන් ඇදීම් හා කකුල් මාට්ටු හමුවේ දුෂ්කර මෙහෙයක් ඉටු කළ ජානක පෙරේරා ඕස්ට්‍රේලියාවේ හා ඉන්දුනීසියාවේ රාජකාරි කර නැවත වරක් සිය රට පැමිණ ජීවිතයේ ගත් මෝඩම තීන්දුව ගත්තේය එනම් ජරාජීර්ණ දේශ්පාලනයට පය ගැසීමයි.
ජානක පෙරේරාට චන්ද්‍රිකාගේ පාලනය තුළ දිගින් දිගටම සිදුවූ පල නොකියා පලා බෙදීමත් ඉන් පසුව පත් වූ මහින්ද විසින්ද ඔහුව නොසලකා හැරීමත් තුළ රනිල් සිය බල වුවමනාවන් ඉටු කරගැනීම සදහා ජානකව ඉත්තෙක් හෙවත් ඇමක් ලෙස යොදා ගැනීමට තීරණය කළේය රනිල් කොහොමත් එවන් බළල්ලු ලවා කොස් ඇට බෑවීමේ නූල් සූත්තර "දේශපාලනය" ට ඉතා දක්ෂයෙකි.ජානක පෙරේරාද රනිල් දුන් දිරච්ච ලණුව ගෙඩිය පිටින්ම ලුණු නැතුවම ගිල දැම්මේය. අවසානයේ ඔහුට එය දිරවා ගැනීමට නොහැකි විය.
නොමරාම මැරූ ජානක ව මරලාම දැමීම...!.
=========
[සංස්කරණය]එ.ජා.ප යෙන් උතුරු මැද මහ ඇමැති අපෙක්ෂකයා ලෙස තරග කරමින් ජරාජීර්ණ වූ ලාංකීය දේශපාලනයට පය තැබූ ජානක පෙරේරා එතැන් සිට "යූඑන්පී කාරයින්" ගේ " වීරයා" බවටත් "සංධාන කාරයින්" ගේ "ද්‍රෝහියා" බවටත් පත් විය.එතෙක් කල් නොමරා මැරූ ජානක පෙරේරා ව මරලාම දැමීමේ කුමත්‍රණය ආරම්භ වන්නේ එතැනිනි.
"සිංහයන්" ට අමතක වූ "වීරයා" "කොටින්" ට අමතක නොවීම හෙවත් ජානක පෙරේරා ව මරු තුරුලට යැවීමේ කුමන්ත්‍රණය.
========================
[සංස්කරණය]"දේශපාලනය" ට ඒමෙන් පසුව ජානක පෙරේරාට විවිධාකාර වූ මරණ තර්ජන එල්ල වන්නට වූ අතර ඒ අතර "කොටි" පමණක් නොව "කොටි" හා "සිංහ" වෙස් ගත් හිවලුන් හා සුනඛයන් ද බොහෝ වූහ.
එම තත්ත්වය තුළ ඔහු පැවැති මහින්ද රාජපක්ෂ පාලනයෙන් සිය ජීවිතාරක්ෂාව පතා ඉල්ලීම් කරන ලදි.නමුත් සිදු වූයේ කුමක්ද...?"ජානක පෙරේරාට ආරක්ෂාව ලබා දීමට තරම් මරණ තර්ජනයක් නැතැයි" කියමින් එම ඉල්ලීම් කුණු කූඩයට දැමීමයි.
ඉන් පසුව ඔහු තමා දශක කීපයක්ම රාජකාරි කළ යුද හමුදාවෙන් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ලෙස ආරක්ෂාව ඉල්ලා සිටියේය.නමුත් ප්‍රතිපලය පෙරට වඩා කිසිම වෙනසක් නොවීය ඔවුන් ගේ පිළිතුර වූයේ "හමුදා සේවයෙහි නොමැති අයවලුන්ට ආරක්ෂාව දීමට හමුදාව බැදී නොමැති" බවයි.
අන්තිමේ ඔහු හමුදා මූලස්ථානයෙන් තමාගේ පුද්ගලික ආරක්ෂාව සදහා පිස්තෝලයක් ඉල්ලුම් කළේය.එයට හමුදා මූලස්ථානයේ ලැබුණු පිළිතුර වූයේ "දීමට තරම් සුදුසු මට්ටමේ පිස්තෝලයක් හමුදාවේ ආයුධ ගබඩාව සතුව නැති" බවයි.එවකට හමුදාධිපති කම දැරූ සරත් ෆොන්සේකාට එසේ කරන ලෙස ඉහළින් නියෝග ආවා විය හැකිය.නැති නම් ඔහුට ජානක පෙරෙරා සමග තිබූ පරණ කෝන්තර මතක් වූවා විය හැකිය.කුමක් කෙසේ සිදු වූවත් අවසානයේ සිදු වූයේ තමා විසින් දශක කීපයක්ම රාජකාරි කළ හමුදාවෙන් ජානක් පෙරේරාට ආරක්ෂාවට කුඩා පිස්තෝලයක් වත් හිමි නොවීමයි.
මේ සියලු ප්‍රවණතා දෙස ඉතා සියුම්ව නිරීක්ෂණය කළ ප්‍රභාකරන් ගේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ඔවුන්ගේ ඉලක්කය එනම් මූලෝපායික වශයෙන් දීර්ග කාලීනව තක්සේරු කරද්දී තමන් ගේ අරමුණට බාධාවක් විය හැකි ජානක පෙරේරා ව කරළියෙන් ඉවත් කිරීමට එනම් මරා දැමීමට උපාය සැළසුම් කළහ.සිංහල ෆොන්සේකලා ට අනුව විශ්‍රාම ගිය පසු ආරක්ෂාව වුවමනා නැති වූ හෙවත් කිසිම වටිනා කමක් නැති වූ ජානක පෙරේරා ප්‍රභාකරන් ට එසේ වූයේ නැත.ඔහුගේ යුද නියාට අනුව ජානක පෙරේරා යනු ඔවුන් ගේ අරමුණට මූලෝපායික තර්ජනයකි."සිංහයන්ට" වැදගත් නොවූ ජානක පෙරේරා "කොටින්ට" වැදගත් වූයේ එසේය.
සිංහල දේශපාලුවන් "යූඑන්පී-ශ්‍රීලංකා" කියමින් අංක ගණිතයෙන් ගණන් හදද්දී වේළුපිලෙයි ප්‍රභාකරන් දීර්ග කාලීන මූලෝපායික යුද තක්සේරු ඔස්සේ ශුද්ධ ගණිතයෙන් ගණන් හැදීම තුළ අවසාන ප්‍රතිපලය වූයේ සැමදාමත් සිදුවූවාක් මෙන් රටට ජාතියට විශාල මෙහෙවරක් කළ හා තවත් එවන් මෙහෙවරක් කළ හැකිව සිටි වටිනා මානව සම්පතක් වූ මේජර් ජෙනරාල්-ජානක පෙරේරා ඔහුගේ බිරිද හා තවත් අනුගාමිකයන් පිරිසක් සමග 2008 ඔක්තෝබර් 6 වනදා අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී මිය පරලොව යාමයි.
අවසානයේ එසේ මරා දමන ලද ජානක පෙරේරා ගේ සිරුර අනුරාධපුරයේ සිට කොළඹට ගෙන ඒමට හෙලිකොප්ටරයක් ලබා දීමත් මහින්ද රාජපක්ෂ පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
අවසන් විග්‍රහය.
=
1995 සිට මරා දැමුනු 2008 දක්වාම ලාංකීය "දේශපාලනයේ" තුච්ඡ බෙලි කැපීම්,පාවිච්චි කිරීම් හා නින්දිත පාවා දීම් වලට ලක් වුණු ජානක පෙරේරා නැමැති දක්ෂ සෙන්පතියා ගේ මළ මිණිය විකුණාගෙන කෑමට ඔහුව පාවිච්චි කළ ඔහුව පාවා දුන් ඔහුට පල නොකියා පළා බෙදූ හා ඔහු මරු කටට යන තෙක් බලා සිටි කිසිම දේශපාලුවෙකුට කිසිම අයිතියක් නැත.එය චන්ද්‍රිකාට,මහින්දට,ෆොන්සේකාට,අනුර කුමාරට පමණක් නොව ඔහුව කැත විදිහට පාවිච්චි කර ඔහුව ඉවත දැමූ රනිල් වික්‍රමසිංහට ද එලෙසින්ම අදාළය.උන් සියලු දෙනාටම ජානක පෙරේරා පමණක් නොව තවත් අනිකුත් එවන් චරිත සියල්ල උන්ගේ වාසියට වුවමනා වූ කල පාවිච්චි කර වුවමනා දේ ඉටු කරගත් පසු කැත විදිහට පාවාදී ඉවත ලන තුරුම්පුම පමණි.
චන්ද්‍රිකා+චන්ද්‍රානන්ද+රත්වත්ත+දළුවත්ත සිව් කට්ටුව.
================
[සංස්කරණය]1995 සිට 2005 දක්වා වූ යුගයේදී ජානක පෙරේරාට චන්ද්‍රිකා පාලනය තුළ ලැබුණු කුඩම්මාගේ සැළකිලි පිළිබදව ඉහතින් ලියා ඇත.යම් අසීරු අවස්ථාවක් ආවිට ඔහුව ඉදිරියට දමා එය විසදුනු පසුව දුන් පොරොන්දු සියල්ල අමතක කර ඔහුව කුණු කූඩයට දැමීම එම යුගයේදී වරක් දෙවරක් නොව කීප වරක්ම සිදු විය.
ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට උඩරට රදළ කම හා සිරිමාවෝ මැතිණිය සමග තිබූ නෑ කම මෙන්ම පවුල් පසුබිම හරහා ඇති වූ "ශ්‍රීලංකා කාරයෙක්" යන ලේබලය එ.ජා.ප පාලනය තුළදී විශේෂයෙන් ප්‍රේමදාස යුගයේදී හරහට හිටියාක් මෙන්ම ජානක පෙරේරාට ඔහු පෙරේරා කෙනෙක් වීම හා පවුල් පසුබිම තුළින් "යූඑන්පී කාරයෙක්" වීම හරහාට හිටියේ සංධාන පාලන සමයේදීය.
කොබ්බෑකඩුව ගේ "උඩරට ප්‍රභූත්වය" කෙරෙහි හීන මානයක් හා දැඩි හුඹස් බියක් ඇති කරගත් "පහත රට" හීනමාන කාරයෝ ඔහුගෙන් පළි ගත්තේ යම් සේද ජානක පෙරේරා ගේ පෙරේරා කමට බිය වූ "උඩරට" අධිමාන කාරයෝ එය ඉදිරියට දමමින් ඔහුගෙන් පළි ගත්තේ කුල ගෝත්‍ර ආදී පටු මායිම් ද පෙරට දමමිනි.රටේ අවාසනාවට උන් එකෙක්ට වත් කොබ්බෑකඩුවගේ අගය හෝ ජානක පෙරේරා ගේ අගය ඔවුන් ජීවත්ව සිටින තාක් කල් වැටැහුණේ නැත.
මෙවන් පටු වර්ගවාදී මායිම් තුළින් ප්‍රයෝජන ගත් වැඩ බැරි ටාසන්ලා හැමදාමත් ගතු කේළාම් කියමින් උන්ගේ නොහැකියාව වසාගෙන ගොටු,පන්දම් අල්ලා සෑම ආණ්ඩුවක් යටතේම ඉහල තණතුරු ගත්තේ කොබ්බෑකඩුවලා,විමලරත්නලා,ජානක්ලා අකාලයේ වළපල්ලට යවමිනි.නිවට පාලකයන්ද උන්ට උඩ ගෙඩි දුන්නේ තමන්ගේ පැවැත්මට එවන් නිවටයන් වඩාත් ගැලැපෙන බැවිනි.රටක් වටින මිනිසුන් රටට අහිමි වූයේ එලෙසිනි.
මහින්ද+ගෝඨාභය+බැසිල් තුන් කට්ටුව.
======
[සංස්කරණය]බලයට ඒමට පෙර මහින්ද චන්ද්‍රිකාගේ පාලනයෙන් ජානකට එරෙහිව සිදුවන කෙණහිලි කම් පිළිබදව කණගාටුව පළ කරමින් ජානකව රකින බවක් පෙන්වමින් රගපෑ නමුත් 2005 දී ඔහු බලය ගත් පසු ඒ සියල්ල අමතක කර ජානක පෙරේරාට පල නොකියා පළා බෙදීම දියත් කළේය.ජානක ගේ තානාපති සේවය දීර්ග නොකළ මහින්ද ඔහු මෙරටට ආපසු ඔහුගෙන් ගත හැකිව තිබූ කිසිම සේවයක් නොගෙන ඔහුව කුණු කරෝල කෑල්ලක් සේ පසෙකට කළේය.ජානක දේශපාලනයට පැමිණි පසුව ඔහුව ප්‍රධාන හතුරෙක් සේ සලකමින් ඔහුට කිසිම ආරක්ෂාවක් නොදුන් ආකාරය ඉහතින් දක්වා ඇත.
කිසිම කමකට නැති මර්වින් සිල්වා මැරකම් කිරීමට ගොස් ආණ්ඩුවේම රූපවාහිනිය තුළ ගුටි කද්දී ඔහුව බේරා ගැනීමට ගජබා රෙජිමේන්තුවේ බලඇණියක්ම වහාම පිටත් කිරීමට පසුබට නොවූ මහින්ද රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ජානක පෙරේරා ගේ ආරක්ෂාවට එක සෙබලෙක් වත් දුන්නේ නැත.
අශුද්ධව කතරගම කැලෑ වල රිංගීමට ගොස් හිර වූ විමල් වීරවංශ ගේ ගෑණිව බේරා ගැනීමට වහාම කමාන්ඩෝ භටයන් හා හෙලිකොප්ටර් යැවීමට පසුබට නොවූ මහින්ද කමාන්ඩෝඅ රෙජිමෙන්තුව දියුණු කිරීමට විශාල උත්සාහයක් දැරූ ජානක පෙරේරා ගේ දිවි රැක ගැනීමට කමාන්ඩෝ තබා ග්‍රාමාරක්ෂක භටයෙක් වත් දුන්නේ නැත.
රටට විශාල විනාශයක් කළ කරුණා අම්මාන්ට හා විමල් ගේ ගෑනිටත් ලැබුණු ප්‍රභූ හෙලිකොප්ටර් තබා ප්‍රවාහන හෙලිකොප්ටරයක් වත් අවම වශයෙන් ජානක ගේ මිණිය ගෙන ඒමටවත් දුන්නේ නැත.කොතරම් තිත්ත වුවත් ඇත්ත එයයි.
රනිල්+ෆොන්සේකා දෙකට්ටුව.
==
[සංස්කරණය]ජානක පෙරේරා ගේ සංකේත ප්‍රාගධනය හෙවත් ප්‍රසිද්ධිය හා ජනප්‍රිය තාවය තමන්ගේ "දේශපාලන" බල අරමුණු උදෙසා පාවිච්චි කිරීමට සිතූ රනිල් වික්‍රමසිංහ එහිදී ජානක පෙරේරා නැමැති මෝරාව බිලී බෑමට යෙදූ ඇම වූයේ උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධූරයයි.
රනිල් පිළිබදව හරි හැටි නොදන්නා කම හෝ තමාට සිදු වූ අසාධාරණ කම් හෝ වෙනත් අප නොදන්නා ජානක පෙරේරා පමණක් හරියටම ඇත්ත දන්නා හේතුවක් නිසා ඔහු එම ඇම ගෙඩිය පිටින්ම ගිල්ලේය.එය ඔහු විසින් ජීවිතයේ ගත් මෝඩම තීරණය විය යුතුය.
කෙසේ වෙතත් එතැන් සිට ඔහු රනිල් ගේ ඉත්තෙක් ලෙස කෙලින්ම අර්ථ ගැන්වුණු අතර ඒ තුළ ඔහුගේ සමස්ත අතීත මෙහෙවරම මර්වින් සිල්වා වැනි පෙන්දන් ගෙන් පවා වේදිකා තුළ අවතක්සේරුවට ලක් කිරීම ආරම්භ විය.කුණු වී ගද ගසන ලාංකීය කාඩ දේශපාලනය තුළ එය වැළැක්විය නොහැක.මහත් හොරුන්ට මිස මහත්වරුන්ට එහි කිසිම තැනැක් නැත.
ජානක පෙරේරාව මරා දැමීමෙන් පසුව ඔහුගේ මළ මිණිය වේදිකාවක් වේදිකාවක් ගානේ විකුණමින් ඉන් දේශපාලන වාසි උපරිම ලෙස ලබා ගැනීමට මාන බැලූ රනිල් ප්‍රමුඛ නඩය ඔහු ජීවත්ව සිටියදී ඔහුව රැක ගැනීමට කළේ කුමක්ද...?පුවත් පත් සාකච්චා පවත්වමින් කෑගැසුවා හැර තමන්ගේ බල වපසරිය තුළ කළ හැකිව තිබූ සුළු දෙයක් වත් කළේද...?පිළිතුර නැත යන්නයි.
රටට පෙනෙන්නට මොන නාඩගම් නැටුවද රනිල් පුද්ගලිකව ඉල්ලන දෙයක් චන්ද්‍රිකා හෝ මහින්ද නොදී සිටින්නේ නැත.රනිල් ගේ සිරිකොත වටලා ඔහුට පහර දීමට ඔහුගේම පාක්ෂිකයන් වරක් උත්සාහ කරද්දී හදිසියේම මහින්ද රාජපක්ෂට සිරිකොත හරහා යන මාර්ගයක් අලුත් වැඩියා කිරීමට එදාම සිතෙන්නේ හුදු අහම්බයකින් නොවේ.
එසේ එදා සිරිකොත හරහා යන පාර එදාම අලුත් වැඩියා කිරීමට මහින්දට සිතුණා නම් රනිල් නිකමට දුරකතන ඇමැතුමක් දුන්නා නම් රනිල්ට ජානකව රැක ගැනීමට අවංක වුවමනාවක් තිබුණා නම් මහින්ද එදා සිරිකොත පාර අලුත්වැඩියා කළාක් මෙන් ජානක වෙනුවෙන් නැතත් ඔහු යන තැන් වලටවත් හදිසි ආරක්ෂක මුරයක් දමනවා නොවේද...?නමුත් ඒ කිසිවක් එසේ සිදුවූයේ නැත.
ඉන් පැහැදිලි වන්නේ රනිල්ට වුවමනා වූයේ ජානක පෙරේරාව රැක ගැනීමට නොව ඔහුගේ මිණිය හෝඅ පාවිච්චි කර තමන් ගේ බල අරමුණු මුදුන්පත් කරගැනීමට ම පමණක් බැව් නොවන්නේද...?කොටින් ම කිවහොත් රනිල්ට වඩාත් වටින්නේ ජීවත්වන ජානක පෙරේරා නොව මරා දැමූ ජානක් පෙරේරා කෙනෙක්ය.එවන් රනිල්ට හෝ ඔහුගේ හෙංචයියන්ට ජානක ගේ මරණය වෙනුවෙන් කිඹුල් කදුළු හෙලීමට කිසිම අයිතියක් නැත.රනිල් ඊට පෙර ලක්ෂමන් අල්ගම හෙවත් ලකී අල්ගමට කළේද මෙයමය කවදා හෝ සරත් ෆොන්සේකාට කරන්නේද එයමය.
අද රනිල් සමග එකතු වී ඇමැති කට්ටක් ලබාගෙන සිටින සරත් ෆොන්සේකාද කීප තැනකදී ජානක පෙරේරා ගේ මරණය ගැන යම් යම් ප්‍රකාශ කර තිබෙනු පෙනුනි.ඔහු මහින්ද ගෝඨා සංධානය තුළ හමුදාධිපති ලෙස සිටිද්දී ජානක ගේ ආරක්ෂාව අරභයා ක්‍රියා කළ ආකාරය ඉහතින් ලියා ඇත.එහෙව් ෆොන්සේකා අද කිසිවක් නොදන්නා තොත්ත බබෙක් ලෙස දොඩන "බබා උක්කුං" බස් විකාරය.එදා ජානක පෙරේරා අවසන් වශයෙන් තමාගේ ආරක්ෂාවට හිටපු හමුදා නිලධාරියෙක් ලෙස පිස්තෝලයක් වත් දෙන ලෙස ඉල්ලද්දී චීනයෙන් තොග පිටින් ආයුධ සතියෙන් සතියට ගෙනවිත් පුරවා තිබූ ෆොන්සේකා ගේ ආයුධ ගබඩාවේ කුඩා පිස්තෝලයක් වත් තිබුණේ නැත.අදෝමැයි...!.
එදා එසේ කටයුතු කළ ෆොන්සේකාට ඉන් වසර දෙකක් ගත වීමටත් පෙරම තමාගේ ආරක්ෂාව පතා විශාල අරගලයක් කිරීමට සිදු වීම කොතරම් නම් ඛේදවාචකයක්ද...?එදා ඔවුන් එකතු වී ජානක පෙරේරාට දමා ගැසූ පිළිතුරු වලින්ම මහින්දලා ෆොන්සේකාට දමා ගසද්දී ඔහුට සිය අතීතය සිහිපත් වූවාට සැකයක් නැත.ලාංකීය කාඩ දේශපාලනයේ යතාර්ථය එයයි.වරක ඉත්තා වෙන කෙනාම නැවත බිල්ලක් බවට පත්වේ.
ජ.වි.පෙ භූමිකාව.
==
ජ.වි.පෙ ට ලංකාවේ අනිකුත් බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙන්ම ජානක පෙරේරා අරභයාද තිබුණේ කලින් කලට පලින් පල කියන්නා සේ ඔවුන්ගේ වාසියට වරින් වර වෙනස් කර ගන්නා විග්‍රහයක් හා මැදිහත් වීමකි.ඔහුගේ මූලිකත්වයෙන් දකුණේ ත්‍රස්තවාදියා විජේවීර අත් අඩංගුවට ගනිද්දී ඔහු "විප්ලවයට එරෙහි වූ මර්ධනකාමී ද්‍රෝහියෙකි යූඑන්පී හෙංචයියෙකි",ඔහුම වැලිඔයේදී දෙමළ ත්‍රස්තවාදීන් 500 ක් පමණ විනාශ කර ඉන් පසුව රිවිරැස ආදී මෙහෙයුම් හරහා සිංහල සමාජය තුළ ජනප්‍රිය වෙද්දී ඔහු "රට රැක ගත් වීරයාය".ඒ ආදී වශයෙන් ජ.වි.පෙ ස්ථාවරය අවස්තාවාදීව වෙනස් වූ එකකි.මුලින් විජේවීර මැරුවේ ජානක යැයි චෝදනා කළ උන්ම පසුව ජානකගේ ප්‍රතිරූපය විශාල ලෙස ඉහල යද්දී එම චෝදනාව වෙනස් කර ගත්තේද එම සන්දර්භය තුළය.ජානක පෙරේරා පිළිබදව පමණක් නොව සමස්ත ජනවාර්ගික ප්‍රශ්නය පිළිබදවම ඔවුන්ගේ ප්‍රතිපත්තිය එසේම විය."කන්න හිතුනාම කබරයා තළගොයා" නියාය ලෙස එය හැදින්විය හැකිය.
සමාප්ති සටහන.
==
සමස්තයක් ලෙස ගත් කල අවසන් වශයෙන් නිගමනය කළ හැක්කේ එල්.ටී.ටී.ඊ සංවිධානය හැර වෙනත් කිසිම ලාංකීය දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ජානක පෙරේරා ව නිවැරැදිව හදුනා ගත්තේ නැති බවයි."කොටි" සංවිධානය නිවැරැදිව ජානක පෙරේරා ව හදුනා ගත් බැවින් දීර්ග කාලීනව සැළසුම් කර ඔහුව කරළියෙන් ඉවත් කළේය.
"කොටින්ට" ජානක පෙරේරා පිළිබදව සැමදාමත් තිබුණේ වෙනස් නොවූ ස්ථීරසාර ප්‍රතිපත්තියකි.නමුත් "සිංහයන්" යැයි කියා ගන්නා දකුණේ නිවටයන් ට එවන් ස්ථීර දැක්මක් කිසිදාක තිබුණේ නැත.උන්ට අනුව ප්‍රභාකරන් ටත් වඩා හතුරා වූයේ ජානක පෙරේරාය.ප්‍රභාකරන් උතුර නැගෙනහිර අල්ලා ගත්තත් උන්ට කම් නැත ජානක පෙරේරා මහ ඇමැති නොවී යන්න උන්ගේ අදහස විය.
මෙහිදී ප්‍රභාකරන් ට දොස් කියා පලක් නැත මක් නිසාද යත් සතුරා ගේ ඉලක්කය වන්නේ නිතරම වැදගත් පුද්ගලයන් විනාශ කිරීම වන බැවිනි යුද්ධයේ සොබාවය එයයි.වරද කරේ සතුරා නිවැරැදිව හදුනා ගත් ඉලක්කය ආරක්ෂා කර ගැනීමට දකුනේ දේශපාලුවන්ට වුවමනාවක් නොතිබීමයි.උන්ට රටට වඩා වැදගත් වූයේ උන්ගේ බලය හා පක්ෂයයි.
ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන් සෑම සියළු පංතියක් තුළම එකසේ ජනප්‍රිය වෙද්දී එය නොරිස්සූ හීනමාන කාරයින් ඔහුගෙන් පළි ගත්තේ ඔහුත් සමග තවත් එවැනිම වටිනා සෙම්පතියෙක් වූ විජය විමලරත්න මෙන්ම ජයමහ,පලිපාන,ලංකාතිලක වැනි සෙන්පති වරුන් රාශියක් එක වාහනයක් තුළම අමු අමුවේ මරා දමමිනි එය "කොටි" කළාද...? "අලි" කළාද ...?එසේත් නැති නම් "නරි" කළාද...?කියා අදටත් ඒක මතියක් නැත.
ඉන් පසුව වඩාත් කතා බහට ලක් වූ හා ජනප්‍රිය වූ හමුදා චරිතය ලෙස අවිවාදයෙන් හදුන්වා දිය හැකි සෙන්පති ජානක පෙරේරාට ද අත් වූයේ කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට අත් වූ ඉරණමම වේ.
මෙහිදී අහිමි වූයේ කොබ්බෑකඩුව කෙනෙක් ද...?
විමලරත්න කෙනෙක්ද...?පෙරේරා කෙනෙක්ද...?යන්න නොව ඔවුන් කෙතරම් මේ රටට ජාතියට වැදගත් සේවයක් කළේද...?කළ හැකිව තිබුණාද...?යන්නයි වඩා වැදගත් වන්නේ-අප්පුහාමිද...?හරමානිස්ද...?පොන්නසාමිද...?මොහොමඩ්ද...?උඩ රටද...?,පහත රටද...?,සිංහලද...?,දෙමළද...?,මුස්ලිම්ද...? යන්න නොව මේ රටට ජාතියට තිබෙන වැදගත් කම කුමක්ද...? යන්නයි.නමුත් කරුමේට අපේ උන් බලන්නේ ඌ "යූඑන්පීද"...?,"ශ්‍රීලංකාද"...?."ජේවීපීද"...? කියා මිස සමස්තයක් ලෙස රටේ අනාගතය නොවේ.
කොබ්බෑකඩුවෙලා,විමලරත්නලා,පෙරේරලා,ලෆීර්ලා,කදිරගාමර්ලා ආදී සියලු වටිනා කම් සහිත චරිත රැක ගැනීමට මේ රටට නොහැකි වූයේ එම තුටු දෙකේ ජරා දේශපාලනය නිසාවෙනි.
ඉන්දියාව වැනි රටවල කොතෙක් බෙදීම් තිබුණද ඔවුන්ගේ ජාතිකත්වය දේශපාලන බල අභිලාශ වලට වඩා ඉහලින් ස්තාපිත කර ඇත.එනිසා ඒ රටේ එක් "සිං" කෙනෙක් අගමැතිනිව මරා දැමුවද වෙනත් සුදුසු කම් සැපිරූ "සිං" කෙනෙකුට අගමැති වීමට කිසිම බාධාවක් නැත.ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිව් කොනේ සටන් වදිද්දීත් මුස්ලිම් කෙනෙකුට රටේ ජනාධිපති වීමට පමණක් නොව රටේ තීරණාත්මකම වියාකෘතිය වන පරමාණු අවි වැඩපිළිවෙල මෙහෙය වීමටද කිසිම බාධාවක් නැත.ඒ ඔවුන් මූලිකව සික් වරුන් වත් මුස්ලිම් වරුන් වත් හිංදූන් වත් නොව ඉන්දියානුවන් වන බැවිනි.
නමුත් අපේ....?කොතරම් රටට වටිනා කෙනෙක් වූවත් අනිත් පක්ෂයට ගියහොත් "ඌ ද්‍රෝහියෙකි"."රට වනසන ත්‍රස්තවාදීන් ටත් වඩා ත්‍රස්තවාදියෙකි,එනිසා ත්‍රස්තවාදීන් සමග එකතු වී හෝ ඌව විනාශ කළ යුතුය",ත්‍රස්තවාදීන් ට රටම දුන්නත් ඌට හෝ උගේ පක්ෂයට වාසි අත් වීමට ඉඩ නොදිය යුතුය".කොතරම් තිත්ත වූවත් ඇත්ත එයයි.
අවසන් වශයෙන් ලිවිය යුත්තේ ලංකාවේ "දේශපාලනයට" යම් වැදගත්,දැනුමක්,බුද්ධියක්,හැකියාවක් ඇති අවංක කෙනෙක් එනවා නම් එම පුද්ගලයා විසින් නොකළ යුතු මූලිකම දෙය වන්නේ එනම් "දේශපාලනයට" පැමිණීමේදී කරන මුල්ම වැරැද්ද වන්නේ-:"දේශපාලනයට" පැමිණීමයි.(Y.W.B).