පරිශීලක සාකච්ඡාව:Bckurera

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Bckurera, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 09:39, 11 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

FOSS User සඟරාව හා බැඳි කතාව[සංස්කරණය]

බුද්ධික, ඉස්සරලාම කියන්න ඕනැ විකියට සහභාගී වෙන්නේ තනි තනි පුදගලයින් විදියට විතරයි. සමාජයක් හෝ ආයතනයක් විදියට ගිණුම් හදන්න බැ. කලින් ෆෙලිඩේ කියලා ආයතනයක් ලිපි පරිවර්තනය කරන්න ගත්තා. නමුත් ඒ ගිණුම වාරණයට ලක් උනා. ඒක හින්දා විකියේදී ඉන්නේ තනි පුදලයින්. කරන කියන දේවල හොඳ නරක දෙකම භාර ගන්න ඕනැ. ඒක නිසා අපේ සමාජය කියලා අමතන්නේ නැතුව පරිශීලක නාමයන් එක්ක කතා කරන්න ගන්න. ඒ කියන්නේ ඔයාලගේ සමාජයේ ඉන්න අයට කියන්න වෙන වෙනම ගිණුම් හදන්න කියලා විකියේ. තම තම කරන වැඩේ අදාල වෙන්නේ එත කොට ඒ ගිණුම් හිමියට. නැතුව ඔයාගේ ගිණුම භාවිතා කරන්න දෙන්න එපා. ඒක වැරදි වැඩක්.

මම කියන්නද හොඳ වැඩක්. ඔයා කියන විදියට සහය දෙන්න හදනවානම් ඉස්සරලාම ඔයාගේ සාමජිකයින්ට තමන්ගේම ගිණුමක් හදන්න කියන්න. විකිපීඩියා:ගිණුමක් තනන්නේ ඇයි? මේක බලන්න. එතනින් අරඹන්න. එයාලට විකියට සම්බන්ද වෙන්න කියන්න. විකිය ඇතුලේ ඔයාලා සංවිදානයක් විදියට නෙමෙයි. නමුත් එලියෙදී ඒකේ ගැටලුවක් නැ. මේවා කියන්නේ ඔයා/ඔයාලා අතින් වැරැද්දක් වෙන්න කලින් ගොඩ දාගන්න. එල. එහෙනම් ජය! -- බිඟුවා සාකච්ඡාව 11:08, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පිලිගැනීමට හා අවවාදයට තුති . . සමාජයක් ලෙස ලිපි එක්කිරීමක් සිදු නොවන අතර අප විසින් ප්‍රචාරක සහාය පමණක් ලබාදෙනු ලබනවා. මීට අමතරව දැනුවත් කිරීම් පමණකි, මේ මාගේ පුද්ගලික ගිණුමයි, සිංහල විකියට සහාය දීම ආරම්භ කලේ 2010 නොවැම්බර්. හැකි පමණින් සහාය ලබා දෙන්නම්. --Bckurera (talk) 11:35, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

එල එල. ප්‍රචාරක සහාය අපිට අවැසිම කරුණක්. හරියට කරන ඕනැම දෙයක් හරියනවනේ. ජය! -- බිඟුවා සාකච්ඡාව 12:04, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Bckurera&oldid=140833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි