පරිශීලක සාකච්ඡාව:!Ideas

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය[සංස්කරණය]

කොළඹ ගාලු පාරේ අම්බලන්ගොඩ නගරයේ මහා අම්බලන්ගොඩ ප්‍රදේශය වෙත පැමිණෙන ඕනෑම කෙනෙකුට අපුරු හා අයිතිහාසික වටිකමකින් යුත් කවුතුකාගාරයක් හමුවන්නේය.අම්බලන්ගොඩ ප්‍රදේශයට නෑකම් කියන කෝලම් වෙස්මුහුණු හා නැටුම් සංරක්ෂණය සඳහා පිහිටුවා ඇති මෙය ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රයයි.

වසර 250 වඩා දිගු ඉතිහාසයක් ඇති සාම්ප්‍රදායික කෝලම් වෙස්මුහුණු සහ නැටුම් කලාවකට උරුමකම් කියන අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඇති එකම සංරක්ෂණ කේන්ද්‍රය වන ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය වෙත පැමිණෙන ඔබට සාම්ප්‍රදායික කෝලම් වෙස්මුහුණු සහ නැටුම් පිළිබඳව නිවැරදි ප්‍රභවයන්ගෙන් තොරතුරු ලබා ගත හැකිවන පරිදි සියලු පහසුකම් සපයා ඇත.

කොළඹ ජාතික කවුතුකාගාරයේ තැන්පත් කර ඇති ටුක්කාවඩු පරපුරට අයත් වසර 250කට වඩා පැරණි කෝලම් වෙස්මුහුණු එකතුවේ ප්‍රතිනිර්මාණයක් මෙහිදී දැක ගත හැකි අතර මුල් නිර්මාණයේ ප්‍රමාණය ඒවාට යොදාගෙන ඇති ස්වාභාවික වර්ණ මෙන්ම හැඩතල ඒ ආකාරයෙන්ම මෙකි ප්‍රතිනිර්මාණි වෙස්මුහුණු එකතුවේද අන්තර්ගතය.

කෝලම් වෙස්මුහුණු සහ නැටුම් පිළිබදව නිවැරදි දත්තයන් හා තොරතුරු ලබාගතහැකි දත්ත එකතුවකින්ද සමන්විතවන බැවින් කෝලම් වෙස්මුහුණු හා කෝලම් නැටුම් පිලිබඳ අධ්‍යන කිරීම සඳහා දෙස් විදෙස් සිසුහු විද්‍යාර්ථින් හා ආචාර්ය මහාචාර්යවරු ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය වෙත නිරන්තර පැමිණෙති.අවශ්‍ය අවස්ථාවලදී කෙටි විඩියෝ දර්ශන පුහුණු සැසි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් අධ්‍යන කටයුතු පහසුකරගැනීම සඳහා පහසුකම් සපයා ඇත.

එසේම දෙස් විදෙස් කෝලම් වෙස්මුහුණු හා නැටුම් සංදර්ශන පැවැත්වීමද ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය මගින් සිදු කරනු ලබයි. කෝලම් වෙස්මුහුණු සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින් කෝලම් වෙස්මුහුණු සංරක්ෂණය කිරීමෙහිලා කැපවන ඕනෑම ආයතනයක් සංවිධානයක් කවුතුකාගාරයක් වෙත වෙස්මුහුණු කට්ටල ලබාදීමද ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය මගින් සිදුකරන්නේය

ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:!Ideas&oldid=433820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි