පරිශීලක:Priyantha

විකිපීඩියා වෙතින්


උප්පලවණ්ණා තෙරණිය ගේ ගාථා.

224. අපි දෙන්න අම්මයි‍, දුවයි. එකම ස්වාමිය ගේ භාර්යාවන් වෙලා හිටිය. මේ සිදුවීම මගේ ජීවිතේ අද්භූත වූත් ලොමු දහ ගැන්වෙන සිදුවීමක් වුණා.

225. මේ කාමයන් ට නින්දා වේවා. මේ කාමයන් ඇත්තෙන් ම අපිරිසිදු යි. ගඳයි. ගොඩාක් කරදර ඇති කරවනව. මේ කාමයන් නිසාම යි අම්මට යි, දූට යි එකම ස්වාමියා ගේ භාර්යාවන් වෙන්ට සිදු වුණේ.

226. මං මේ කාමයේ ආදීනව දැක්ක. කාමයන්ගෙන් නිදහස් වීම කෙම් බිමක් වශයෙනුත් දැක්ක. ඊට පස්සෙ ඈ රජගහනුවර දි මහණ වුණා.

227. මං දැන් පුබ්බේනිවාස ඤාණයත් ලබා ගත්ත. දිවැස් නුවණත් පිරිසිදු කර ගත්ත. අනුන් ගේ සිත් දැනීමේ නුවණත් ලබා ගත්ත. දිව්‍ය කණත් පිරිසිදු කරගත්ත.

228. ඉරිධි බලයත් ලබාගත්ත. අරහත්වයට ත් පත්වුණා. මං මේ අභිඤ්ඤා හය ම ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කර ගත්ත.

229. මං ඉර්ධි බලයෙන් අශ්ව කරත්ත හතරක් මවා ගත්ත. ලෝක නාථ වූ අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් බැහැ දක්නට ගියා. ඒ සිරිපා කමල් වැඳ පුදා ගත්ත.

230. (මාරයා) ඔයා ඔය තනියම ඉන්නෙ, අතු අග පටන් පිපී ගිය මල් තියෙන සල් ගහක් සෙවනෙ. ළඟපාතක වෙන කව්රුවත් නෑ. ඒයි මෝඩ කාන්තාව, සල්ලාලයන් ගැන ඔයාට බයක් නැද්ද?

231. (ඒයි මාරය) ඔය සල්ලාල ජනයා සිය දහස් ගණනක් ආව ත් මගේ ඇඟේ එක ලොම් ගහක් වත් බයෙන් සැලෙන්නෙ නෑ. කම්පා වෙනනෙ නෑ. මාරය, මං හුඳෙකලාවේ සිටීම ගැන උඔට මොකට ද?

232. මාරය, මට උඔ ඉදිරියේ අතුරුදහන් වෙන්ට පුළුවන්. උඔටත් හොරෙන් උ‍ඹේ කුසට රිංගන්ට පුළුවන්. ඇහි බැම දෙක අතරේ ඉන්ට පුළුවන්. මං එහෙම ඉන්නකොට මාව දැකගන්ට උඹට හැකියාවක් නෑ.

233. මට තියෙන්න දමනය කරපු හිතක්. මම ඉර්ධිපාද වඩපු කෙනෙක් මං අභිඤ්ඤා හය ම සාක්‍ෂාත් කරල ඉන්නෙ. මං බුදු සසුන සම්පූර්ණ කරගත්ත.

234. කාමයන් කියන්නෙ විස පොවාපු ආයුධ ‍‍වගේ දෙයක්. උපාදානස්කන්ධ කියනනෙ මස් වැලි වගේ දෙයක්. උඹ ඔය කියන කාමරතිය මට දැන් අරතියක්.

235. මං හැම දෙයක් ගැනම තිබුණ තණ්හාව නැති කළා. අවිද්‍යා අන්ධකාරය බිඳල දැම්ම. මාරය, ඔන්න ඔය විදියට යි ඔය කරුණ තේරුම් ගත යුත්තේ. මාරය, ඔය කරුණෙ දි නැසුනේ ඔබමයි.

       මේ වනාහී උප්පලවණ්ණා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Priyantha&oldid=68645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි