පරිශීලක:Nelliwinne

විකිපීඩියා වෙතින්
NMP Nelliwinne
මෙම පරිශීලකයා බෞද්ධයෙකි

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධි ධාරියෙකු වන මම වෘත්තීමය වශයෙන් වෙබ් ඩිවලොපර් කෙනෙක් වෙමි.


මා ගැන:

මා 'පරිගණක' යන වචනය දැනගත්තේ මා විසින් මගේ උපන් නගරය වන පදියතලාවේ (අම්පාර දිස්ත්‍රීක්කය) දී අ.පො.ස. (උ.පේළ) කරන කාලයේ දී ය. මෙම ප්‍රදේශයේ ඒ වන විට තොරතුරු තාක්ෂයෙන් ඉතාමත් අඩු මට්ටමක් පැවතුණ අතර මා හට අ.පො.ස. (සා. පේළ) සඳහා ගණිතය ඉගැන්වූ ගරු ලක්ෂ්මන් කුමාරසිරි නම් මගේ ගුරුතුමන් විසින් ප්‍රදේශයට පළමු පරිගණකය රැගෙන එන ලදී. බිබිල ප්‍රදේශයෙන් සමන් නැමති ගුරුවරයෙකු යොදාගෙන පරිගණක මූලික පාඨමාලා ආරම්භ කළ එතුමාගේ මෙම පාඨමාලාවට යාමට මා හටද වාසනාව උදාවිය. නමුත් මා විසින් ඒ වන විටත් කලා මාධ්‍යයෙන් උසස් පෙල හදාරමින් සිටි නිසා ඇතැම් අයගේ අදහස වූයේ මා හට එය සිදු කළ නොහැක්කක් බවත් ගණිත විෂයයන් හදාරන්නෙකුට පමණක් පහසුවෙන් සිදු කළ හැක්කක් බවයි.


පසුව මගේ ගණිත ගුරුතුමන් බදුල්ල හාලිඇල ප්‍රදේශයේ නිවාඩුවක් සඳහා යන නිසා මා හට ගේ දොර බලාගෙන සිටින ලෙසත් ප්‍රකාශ කළ අතර "ඔයාට අවශ්‍යනම් කොම්පියුටර් එක පාවිච්චි කරන්න" යයි ද කීවේ ය.


මා විසින් පරිගණක ක්‍රීඩා කරමින් කාලය ගත කරමින් සිටින විට මගේ එක් යහළුවෙක් ඉතාමත් හදිස්සි ලිපියක් සකස් කර ගැනීමට අවශ්‍ය බවත් එක කෙසේ හෝ කර දෙන ලෙසත් ප්‍රකාශ කලේ ය. වචන 30කට ආසන්න එම ලිපිය වර්ඩ් මෘදුකංගය භාවිතා කොට සකස් කිරීමට පැය ‍2කට අධික කාලයක් මා හට ගත විය.


මගේ මිතුරා නික්ම යාමෙන් පසුව මා කොතරම් දුර්වල දැයි මා විසින්ම සිතන්නට විය. මා පරිගණක පාඨමාලාවක් සම්පූර්ණ කළද කුඩා ලිපියක් සකස් කිරීමට පවා මා හට පැය ගණනක් යන්නේ නම් පරිගණකයේ අරමුණ සාර්ථක නොවනු ඇත. එමනිසා පරිගණක ක්‍රීඩා කරන එක නවතා වර්ඩ් මෘදුකාංගයේ ලිපි සකස් කිරීමට පුහුණු වීමි. දින කිහිපයකට පසුව එවන් ලිපියක් පැයකින් අවසන් කිරීමේ හැකියාව මා හට ඇති විය....

පුද්ගලික වෙබ් අඩවිය

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Nelliwinne&oldid=487410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි