පරිශීලක:Kapila 21

විකිපීඩියා වෙතින්


වීදිය බණ්ඩාර කුමාරය[සංස්කරණය]

අපේ රටේ සිද්ද වෙච්චි

ඇත්තම ඇත්ත කතාවක්...

අපේ සිංහල කාන්තාවන්ගෙ දහිරිය ගැන කතාවක්..

අහල තියෙනවද වීදිය බණ්ඩාර කුමාරය ගැන...? 

කාටවත් දෙවෙනි නොවුන හටන් සූරයෙක්..

පරංගින්ට උණ ගන්නපු කුමාරයෙක්..

පරංගි වීදිය බන්ඩාර කුමාරයට කිව්වෙ "කෝට්ටෙ ව්‍යාග්‍රයා" කියල...

පරංගින්ට ඒ තරම් දරුණු විදිහට බැට දුන්නා මේ කුමාරයා ..

කුමාරය උන්නෙ කෝට්ටෙ රාජධානියෙ..

ඒ කාලෙ කෝට්ටෙ රාජධානිය සීතාවක රාජධානියයි අතරත් හටන් තිබ්බ...

සීතාවක උන්නෙ මායාදුන්නෙ රජතුමා..

එක වතාවක් වීදිය බණ්ඩාර කුමාරයා සීතාවක හමුදාව එක්ක හටනකට ඇවිදින් හිතපු නැති වෙලාවක ටිකිරි කුමාරයට පැරදුනා...

යටත් වෙන්ට සිද්ද උනා...

ඉතිං වීදිය බණ්ඩාර කුමාරයට සීතාවක හිර කාරයෙක් වෙන්ටත් සිද්ද උනා...

වීදිය බණ්ඩාර කුමාරයව හිර කලේ ගලින්ම බැදපු හිර කුටියක..

කාටවත් කුමාරයව මුණ ගැහෙන්ට අවසර තිබුනෙ නෑ..

මායාදුන්නෙ රජතුමාට උන්නා දූ කුමරියක්...

කුමාරිගෙ නම සූර්ය දේවිය..

සූරිය දේවියට ආරංචි උනා මේ හටන් සූරයා තමන්ගෙ රාජධානියේ හිර කාරයෙක් වෙලා කියල..

කුමාරි පිය රජතුමා ලගට ගිහින් අවසරයක් ඉල්ලුවා..

"පිය රජතුමනි, ඒ කුමාරයත් අපි වගේම පරංගින්ට විරුද්දව හටන් කරපු කුමාරයෙක්නෙ... මට වීදිය බන්ඩාර කුමාරයත් එක්ක ටිකක් කතා කරන්ට අවසර දෙන්ට.." කියල...

කුමාරි බොහෝම පෙරැත්ත කරාට පස්සෙ පිය රජතුමාගෙ අවසරේ ලැබෙනව...

කුමාරි යනව වීදිය බණ්ඩාර කුමාරයගෙ හිර කුටිය ලගට.. කුමාරයත් එක්ක කතා කරන්ට ..

කුමාරයගෙ වීර කමට සුර්ය දේවි කුමරියගෙ හිත බැදෙනව..

දෙන්න අතරෙ ආලවන්ත කමක් ඇති වෙනව...

දවසක් දා රෑ....

වීදිය බණ්ඩාර කුමාරයගෙ හිර කුටියට ආපු සූර්ය දේවි කුමාරයට පැනල යන්ට ඉඩ හදල දෙනවා...

කුමාරයා හිරෙන් පැනල ආපහු කෝට්ටෙ රාජධානියට ගියා...

ඊට පස්සෙ චර පුරුෂයො යවල හොරෙන්ම සූර්ය දේවිව කෝට්ටෙ රාජධානියට ගෙන්නගෙන සරණ පාවා ගත්තා..

ඊට කාලෙකට පස්සෙ

පරංගිත් එක්ක ඇති වෙච්චි හටනකදි..

වීදිය බණ්ඩාර කුමාරය පරංගින්ට අහු වෙනව....

පරංගි කුමාරයව කොලඹ කොටුවට ගෙනියනව.. කොලඹ පරංගි කොටුව ඇතුලෙ හිර කුටියක වීදිය බණ්ඩාර කුමාරයා හිර කාරයෙක් වෙනවා..

තමන්ට මෙච්චර කාලයක් දරුණු තර්ජනයක් වෙච්චි "කෝට්ටේ ව්‍යාග්‍රයා"ට තමන් අතින්ම දඩුවමක් දෙන්ට පරංගි රජුට ඕන උනා...

ඒ නිසා කුමාරයාව පෘතුගාලෙ ගෝවේ නුවරට ගෙනියන්ට තීන්දු උනා...

වීදිය බණ්ඩාර කුමාරයගෙ බිසව... ඒ කියන්නෙ අපේ සූර්ය දේවි කුමාරි..

හරි සූර මොලේ ඇති කුමාරිකාවක්...

චර පුරුෂයො පරංගි කොටුව ඇතුලට යවල මේ හැම කාරණාවක්ම හොයා ගන්නව...

ඊට පස්සෙ පරංගි බලකොටුව ඇතුලෙ සිතියමකුත් හදා ගන්නව....

වීදිය බණ්ඩාර කුමාරයව ගෝවෙට යවන්ට සූදානම් කරන්ට කලියෙන් සූර්ය දේවි තමන්ගෙ සැලසුම ක්‍රියාත්මක කරන්ට පටන් ගන්නව....

පල්ලර කුලේ උමං කණින්න දක්ෂ මිනිස්සු ටිකකුත් හොයාගෙන 

පරංගි බලකොටුවෙ හිර කුටිය වෙනකල් දෝනාවක් කපනවා...

මේ දෝනාව හාරගෙන ගොහින් වීදිය බණ්ඩාර කුමාරයව බේර ගෙන රයිගමට පැනලා යනවා...

වීදිය බණ්ඩාර කුමාරයට ඉන් පස්සෙත් පරංගිත් එක්ක හටන් කරන්ට ඇහැකි වෙන්නෙ ඒ හින්ද

නිම්මි මුදිතා සොයුරියගේ ලිපියක් ඇසුරින් සකස්කරන ලදී

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kapila_21&oldid=371897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි