පරිශීලක:Angampora

විකිපීඩියා වෙතින්


කොරතොට අංගම්පොර සම්ප්‍රදාය


http://www.angampora.info කොරතොට අංගම් මඩුව
මෙම පරිශීලකයා බෞද්ධයෙකි
මෙම පරිශීලකයාට වියුණු සටහනක් ඇත.
මෙම පරිශීලකයා ලාංකික දේශප්‍රේමීයෙකි
මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.

ශ්‍රී ලාකාවේ අතීතයේ සටන් පරම්පරා කිහිපයක් පැවති අතර මේ වන විට ඒවා බහෝ දුරට අභාවයට ගොස් ඇති බවද නොරහසකි. ඉතිහා‍සයේ පටන් අප සටන් පරම්පරාව හැඳින්වූයේ කොරතොට ආරච්චි පරපුර ලෙස ය. අප සටන් කලාව කඩුවෙල කොරතොට ග්‍රාමය කේන්ද්‍ර කරගෙන ජීවත් වූ ප්‍රභල සටන් පරපුරකි. ග්‍රාම නාමය පවා නිර්මාණය වූයේ එලෙසිනි. රණකෙලියට ප්‍රකට වූ නිසා කෙලි තොට වී පසුව එය ජන වහරෙන් කොරතොට වී ඇත. කොරතොට කඳු ශිකරය අතීත රාවණ රජුගේ යුධ බලකොටුවක් ලෙසද පසු කාලීනය වලගම්භා රජුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද පසුව ටිකිරි කුමරැගේ ප්‍රධාන අංගං සටන් මධ්‍යස්ථානය ලෙසට ද පැවත ඇත. මේ කරැණු එයි ලියැවී ඇති සෙල්ලිපි වලින් පවා සනාථ වේ. ටිකිරි කුමරුන් සමඟ මුල්ලේරියා මහා සංග්‍රාමයට එක්වී එය ජයග්‍රහනය කිරීමේ භාග්‍ය අප පරම්පරාවට හිමි වේ. අප අදටද ජීවත් වනුයේ සටන් විජයග්‍රහනය ලැබූ හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ ය. ඒ සාක්ෂිද අදටත් ජීවමාන ය.

කොරතොට රජමහා විහාරය, රන් කඩු පත්තිනි දේවලය, නවගමු පත්තිනි දේවාලය, කැළණි විහාරය අප ශිල්පීන්ගේ ප්‍රධාන දිවිරුම් මධ්‍යස්ථානයන් ය. කොරතොට කරුප්පු ආරච්චි, කොරතොට සෝභිත හිමි, මුල්ලේගම සෙනෙවි, නවරත්න මැණිකේ අප සටන් පරම්පරාවේ මුතුන් මිත්තන් ය. අතීතයේ පටන් සටන් පුහුණු කළ කොරතොට ආරච්චිවරුන් 18 දෙනාගෙන් ප්‍රධාන වූ අප පරම්පරාව මහන්ත ආරච්චි පරම්පරාවයි. අදට ද පුරාතන අංගම් මඩු තුළ අප නිර්මල ශාස්ත්‍රය පුහුණු කරමින් සිටියි.

www.angampora.info


"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Angampora&oldid=277080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි