පරිශීලක:රුචිර එස්. ලොරෙන්සුහේවා

විකිපීඩියා වෙතින්

ඔබ ඔබේ රටට ආදරය කරන්න... එවිට ඔබ සැබෑ මිනිසෙකු බවට හෘද සාක්ෂිය ඔබව පිළිගනු ඇත.

බොරුවට ලෝකෙට පේන්න සිල් ගන්න එපා.... ඉන් හානිය ඔබටම බව තේරුම් ගන්න.

ඔබ රජයේ සේවකයෙක් නම් .... ඔබගේ සේවාව ලබා ගැනීමට පැමිණෙන අහිංසක ජනතාවගෙන් පගාව ගන්න එපා. ඒ වෙලාවේම කරලා දෙන්න පුළුවන් වැඩක් නම් නොපමාව එය කර දෙන්න.... අපි ඔක්කොම කාර්ය බහුල බව සිහි තබා ගන්න.... නිකරුණේ රස්තියාදු නොකරන්න.... එවිට ඔවුන් ඔබට සහ ඔබ දෙමව්පියන්ට, අඹු දරුවන්ට ආශිර්වාදයක් වනු නිසැකයි.

ඔබ යම් තැනැත්තෙකුගෙන් සේවාවක් ලබා ගන්නේ නම්.... ඔහුට ගරු කරන්න.... එම සේවාව ඔබට බැරි නිසාවෙන්ම ඔහුගේ සහය ලබා ගත් බව සිහියට ගන්න ... ඔහුට ගාස්තු ගෙවිය යුතු නම් නොපමාව එය සිදු කරන්න... අද දිය යුතු දෙය තව දින-සති-මාස ගණනකින් ලබා ධීමෙන් වැඩක් නැත.... එවිට ඔබට සේවාව ලබා දුන් අය දහස් වාරයක් සිත් වේදනා විඳින්නේ ඔබේ වරදින්මයි.. ඒ ගැනත් සිතන්න...... ගාස්තු ලබා නොදෙන... උදාහරණයක් ලෙස රජයේ ආයතනයකින් ලබා ගන්නා සේවාවක් නම් අඩුම තරමේ සේවාව ලබා දුන් අයට ස්තූතියි යැයි පවසන්න....

සැම විටම අවශ්‍ය තැනට අවශ්‍ය සත්‍ය විස්තර අවශ්‍ය ප්‍රමාණයට සපයන්න... එවිට වාසිය ඔබටමයි...

දෙමාපියන් කුමන වරදක් කලත් ඔබ දෙමාපියන්ට දඬුවම් දෙන්න යන්න එපා.... හැකිනම් පහදා දෙන්න උත්සහ කරන්න... නැතිනම් සමාව දෙන්න සහ උපරිමයකට යටත් නොවී ඉවසන්න..... සැනසීම ලැබිය හැකි වේ.

ඔබ දන්න දේ හැම විටම අන් අයට කියා දෙන්න. ඔවුන් ඔබ කියා දුන් දෙයින් ජීවත් වුනොත් ඔබට මහත් සතුටක් ලැබේ. අනික ඔබ කියා දුන් දෙය ඔවුන් අවබෝධ කරගෙන ඔබේ මට්ටමට එන කොට ඔබ තව දුර ගිහින්.... ඒ නිසා සරලම විදියට කියනවා නම් ඔවුන්ට ඔබට බඩේ පාර ගහන්න බෑ....

කුඩා ළමුන්ට ගරු කරන්න.සැම විටම ඔවුන්ගේ ළමා කාලය ලබා දෙන්න උත්සහ කරන්න. ඔවුන්ට ආදර්ශයක් ලබා ගත හැකි විදියට හැසිරෙන්න.....

ඔබ ගුරු වෘත්තියේ නම් පෙර සූදානමකින් පාඩම් කියා දෙන්න. දන්නේ නැති දෙය දන්නේ නැති බව පැවසීමට තරම් නිහතමානි වෙන්න...... ඒ වගේම නොදන්න දේ අහලා දැන ගන්නත් නිහතමානි වෙන්න..... එසේ දැන ගත් දැනුම බෙදා දෙන්නත් නිහතමානි වුනොත් තමයි හොඳටම හොඳ....... අතිරේක පන්ති කලාට නම් කමක් නෑ...... හැබැයි තමන්ගේ පන්තියේ ළමයි අතිරේක පන්ති යනවා කියන්නේ තමන් හරියට වැඩේ කරලා නෑ කියලා ඔප්පු වීමක් බව සිහ තබා ගන්න.......

ඔබ පළාත් පාලන ආයතනයක සේවය කරන තාක්ෂණ නිලධාරි හෝ ඒ ආශ්‍රිත සේවයක යෙදෙන අයෙක් නම්.... නිවාස සැලසුම් අනුමත කර ගැනීමට පැමිණි අයගෙන්, කිසිදු රස්තියාදුවක් නොකර වැඩේ කරලා දුන්න කී දෙනෙක් ඉන්නවාද බලන්න..... සෑහීමකට පත් වෙන්න බැරි නම් පසුතැවෙන්නේ නැතිව අද ඉදලා හරියට සේවය කරන්න..... පිටින් ඇඳගෙන එන සැලසුම් වල අඩුපාඩු තියනවානම් ඔක්කොම එකවර කොළයක ලියලා දෙන්න.... ඔබටම හදන්න පුළුවන් දෙයක් නම් ඇයි එහෙම නොකර ආපසු යවන්නේ.... බලන්න ඒ අන අයට කොච්චර වැඩද කියලා....... සමහර අය බැනලත් ඇති නේද ? ඒක තමා... ජනතාව තුල ඔබ ගැන තියන වැරදි වැටහීම්නැති කරන්න වෙන්නේ ඔබටම තමා... ඒ හරියට වැඩ කරලා... හරියට කියන්නේ අකුරට නොවෙයි..... සාධාරණව... සමහර විට ගැටුම් ඇතිවන නීති රීති ගැන ඔබට සාධාරණ තීන්දු ගන්න පුළුවන් වෙන්න ඕන....

අකුරු - - ව්‍යාකරණ වැරදි ඇත්නම් සමාවෙන්න. හැකිනම් නිවැරදි කරන්න.

කියව්වාට ස්තූතියි...

අදහස හොඳයි නම් මටත් කියන්න...

තව අදහස් පස්සේ.........

රුචිර.....පිළිමතලාව. 0777-529468