පරිශීලක:රාජු/ගොනු උඩුගතකිරීමේ ගැටළු

විකිපීඩියා වෙතින්

බලපත්‍ර හිමිකම් නොදැක්වීමේ අඩුලුහුඬුතාව[සංස්කරණය]

උඩුගතකරන ලද ගොනු වල බලපත්‍ර හිමිකම් නොදැක්වීමේ අඩුලුහුඬුතාවයක් පවතියි.

ගොනුවෙහි එම අඩුපාඩුව නිසා පරිපාලකතුමා විසින් එය මකාදමනු ඇත.

විකිපීඩියාවෙහි ඕනෑම ගොනුවක් සඳහා හිමිකම් බලපත්‍රය දැක්විය යුතුය.

ඉංග්‍රීසි විකියෙන් ගත් ගොනු සදහා වරපත්[සංස්කරණය]

උඩුගතකල බොහෝ ගොනු ඉංග්‍රීසි විකියෙන් ගත් ඒවා විය යුතුයි. නිදසුනක් ලෙස,'-----' යන්න එම නමින්ම ඉංග්‍රීසි විකියෙහි පවතියි. එය උඩුගත කිරීමේදී සාරාංශය නම් කොටුවෙහි ඉංග්‍රීසි ගොනුවෙන් උතහා ගත් සාරාංශය සහ වරපත පිටපත් කලේ නම් ගැටළුවක් ඇති නොවේ.

ඉංග්‍රීසි සාරාංශයෙහි Non-free use rationale නම් සැකිල්ලක් භාවිතා වෙයි. එය සිංහල විකියෙහි නො-නිදහස් භාවිත තාර්කිකත්වය ලෙසින් පවතියි. එය පරිවර්තනය කර, ඉන්පසු අන්තර්ගතය පරිවර්තනය කරන්න.

දැන් වරපත ගත් කල, ඉංග්‍රීසි විකියෙහි Non-free logo නම් සැකිල්ලක් භාවිතා වෙයි. එය නො-නිදහස් ලාංඡනය ලෙසින් සිංහල විකියෙහි පවතියි.

ඉහත පරිදී පරිවර්තනයෙන් පසුව. '-----' වෙත් ගොස් එය සංස්කරණය කරන්න. මෙය සාර්ථකව කළ පසු අනෙක් ගොනු වල අඩුපාඩුද සකස් කරන්න. මින්පසු ගොඩු උඩුගත කරන විටදීම මෙම සාරාංශය කොටුව සුදුසු පරිදී සම්පූර්ණ කරන්න.

අදහස දුන්නේ --- Shwetha , 31 ඔක්තොම්බර් 2014