පරිගණක වල ඉදිරිපස බසය

විකිපීඩියා වෙතින්
දර්ශිය උතුරු/ දකුනු සේතු සැලැස්මක්

පුද්ගලික පරිගණක වල ඉදිරිපස බසය වනාහි මව් පුවරුවේ northbridge හා මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හරහා තොරතුරු රැගෙන යාමට ඉවහල් වන දත්ත හුවමාරු කිරීමේ බසයයි.

සමහරක් පරිගණක සතුව පසුපස බසයක් ඇති අතර ඒවා මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හා මතක හැඹිලිය අතර සම්බන්ධය ඇති කිරීමට ක්‍රියා කරයි. මෙම බසය හා එයට සබැඳි හැඹිලි මතකය, ඉදිරිපස බසය හරහා RAM පද්ධතියට ප්‍රවේශ වීමට වඩා වේගවත්ව ක්‍රියා කරයි.

ඉදිරිපස බසයේ කලාප, පළල හෙවත් උපරිම සෛද්ධාන්තික අගය තීරණය කරනු ලබන්නේ එහි දත්ත පථයේ පළල, ස්පන්දක සංඛ්‍යාතය හා එක් කාල වක්‍රයක් තුල දී එමඟින් සිදුකරන දත්ත මාරු කිරීමේ සංඛ්‍යාව අතර ගුණිතයෙනි. උදාහරණයක් ලෙස බිටු 32 (බයිට්-4) ක් පළලැති එක් කාල වක්‍රයක් තුල දී දත්ත මාරු කිරීම් 4 ක් සිදුකරන 100 MHz(මෙගා හර්ට්ස් ) සංඛ්‍යාතයකින් ක්‍රියාත්මක වන ඉදිරිපස බසයක් සතුව 1600MB/s (තත්පරයට මෙගාබයිට) වන කලාප පළලක් ඇත.

එක් කාල වක්‍රයක් තුල දී සිදුවන දත්ත හුවමාරු සංඛ්‍යාව රඳා පවතින්නේ භාවිතා කරනු ලබන තාක්ෂණය අනුවය. GTL+ තාක්ෂණය මඟින් එක් කාල වක්‍රයකදී දත්ත හුවමාරු 1 ක් (1transfer/tick) ද, EV6 ක්‍රමවේදය මඟින් එක් කාල වක්‍රයකදී දත්ත හුවමාරු 2 ක් (2 transfers/tick) ද, AGTL+ මඟින් එක් කාල වක්‍රයකදී දත්ත හුවමාරු 4 ( 4 tranfers/tick) ක් ද සිදු කිරීමේ ක්‍රමය සඳහා Intel ආයතනය විසින් භාවිතා කරන්නේ සිවුබිඩි කැවීම (Quad Pumping) යන නාමය වේ.

බොහෝමයක් නිෂ්පාදකයන් ඉදිරිපස බසයේ ‘වේගය’ පත් කරන්නේ තත්පරයකදී සිදුවන ‘මෙගා හුවමාරු’ සංඛ්‍යාව (MT/s) මත විනා ඉදිරිපස බසයේ ස්පන්දක වේගය (මෙගා හර්ට්ස් (MHz) ) මත නොවන බව සඳහන් කිරීම වටී. MT/s අනුපාතය රඳා පවතින්නේ එක් කාල වක්‍රයකදී සිදු කරන දත්ත හුවමාරු සංඛ්‍යාව මත පමණි. උදාහරණයක් ලෙස ස්පන්දක වේගය 266 Mhz වන ඉදිරිපස බසයක් සහිත මව් පුවරුවක තත්පරයකදී දත්ත හුවමාරු 4 ක් සිදු කරයි නම්, එම බසය 1066 MT/s වන එකක් ලෙස ප්‍රමත කරනු ලැබේ. මෙය වනාහි සමහරක් නිෂ්පාදකයන් ඉදිරිපස බසයේ වේගය ලෙස ප්‍රකාශ කරන අගය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_වල_ඉදිරිපස_බසය&oldid=471469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි