පරිගණක ප‍්‍රක‍්‍රමණය

විකිපීඩියා වෙතින්

පරිගණක ප‍්‍රක‍්‍රමණය (ක්‍රමලේඛනය ලෙසින්ද හැඳින්වෙයි) යනු, පරිගණන ගැටළුවක මූල සූත්‍රකරණයක් වෙතින් ඇරඹී, විධානීය පරිගණක ක්‍රමලේඛයක් නිමවාගැනීමේ ක්‍රියාවලියකි. විශ්ලේෂණය, අවබෝධය ප්‍රවර්ධනය කිරීම, ඇල්ගොරිතමයන් ජනනය කිරීම, ඒවායේ නිවැරැදි භාවය සහ ඒවා විසින් සම්පත් පරිභෝජනය කරන ආකාරය ආදියද ඇතුළු ඇල්ගොරිතමයන්ගේ අවශ්‍යතා සත්‍යාපනය කිරීම සහ, ඉලක්කගත ක්‍රමලේඛන භාෂාවක් භාවිතයෙන් ඇල්ගොරිතම ක්‍රියාත්මක කිරීම (කේතීකරණය ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙයි[1][2]) යනාදි ක්‍රියාකාරකම්, ක්‍රමලේඛනය හා වෙළී ඇත. ප්‍රභව කේතය ලියනු ලබන්නේ ක්‍රමලේඛන භාෂාවන් එකක් හෝ කිහිපයක් හෝ භාවිතා කරමිනි.

  1. ෂොන් බෙබිංටන් (2014). "වට් ඊස් කෝඩිං". සම්ප්‍රවේශය 2014-03-03.
  2. ෂොන් බෙබිංටන් (2014). "වට් ඊස් ප්‍රොග්‍රෑමිං". සම්ප්‍රවේශය 2014-03-03.
"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_ප‍්‍රක‍්‍රමණය&oldid=381939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි